Showing posts with label හොල්මන් කතා.. Show all posts
Showing posts with label හොල්මන් කතා.. Show all posts

Aug 14, 2014

මේක මම උපුටා ගත්තු එකක්. 2012 සැප්තැම්බර් මාසේ භාවනා පත්තරේ තමයි මේ කතාව තිබුනෙ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් සුජීව ප්‍රසන්න ආරච්චි ලියල තියෙනව කියල තිබුන. ඇත්තද බොරුද මම දන්නෙ නෑ. මම හොල්මන් ගැන ටිකක් හොයනවා කියල දන්න හින්දදෝ දන්නෙ නෑ අපේ අම්ම මේක මට පෙන්නුව. වැඩි කතා ඕනේ නෑ පත්තරේ තිබ්බ විදිහටම මම කතාව කියන්නම්. ටයිප් කොරන්න ගියාම තමා එපා වෙන්නෙ. නම් ගම් මන:කල්පිතයි කියල ඒකෙ තිබුන.

සමින්දිගේ අම්මා තාත්තා නැතිවුණේ ඇය පුංචි කාලයේදීමය. ඉන් පසුව සමින්දි හැදී වැඩුණේ ඇගේ මාමා කෙනෙක් ළගය. අම්මා තාත්තා නැති වුවද හොදින් ඉගෙන ගත් සමින්දි උසස් පෙළින් පසුව කොළඹ රැකියාවකට ආවාය. ඇයට පෞද්ගලික ආයතනයක ලිපිකාරිණියක් ලෙස රැකියාවක් ලැබිණි. පළමු පඩිපත ලැබනු දා සිටම ඒ මුදල් අරපරිස්සමින් ඉතුරු කළ සමින්දි ඒක ඇගේ බැංකු පොතේ දැමුවාය.
සමින්දිට සපුමල්ව මුනගැසුනේ ඔය කාලයේදීය. සපුමල් පෞද්ගලික ආයතනයක සේල්ස්මන් කෙනෙක් ලෙස රැකියාව කළේය. දෙදෙනා මුනගැසුනේ සපුමල් සමින්දිගේ කාර්යාලයට ආ ගිය විටය.

“මට සපුමල්ගේ මොබයිල් නම්බර් එක දෙන්නකෝ... මම ක්ලේම් එක ඇපෘ වෙච්ච ගමන් සපුමල්ට කෝල් එකක් දෙන්නම්...“
“අනේ මිස් කොහොම හරි වාහනේ හදන ගාණ මට ක්ලේම් එක දාල දෙන්න නැත්නම් ඉතුරු ගාණ මගේ පඩියෙන් කැපෙන්නේ...“
“ වාහන හප්පගත්ත නම් එහෙම තමා...“
යාළුකම පටන් ගත්තේ එහෙමය
“ මිස්ට පින් ක්ලේම් එක හදල දුන්නට...“
“ දැන් මට පින් තියන්න තැනක් නැතිවෙලා ඉන්නේ...“
“ මං මිස්ට දෙන්න අපි සේල්ස් කරන ෂැම්පූ එකක් අරන් තියාගෙන ඉන්නෙ... ඔෆිස් එකට ගේන්න හොද නැති නිසා ආවේ නැත්තේ...“
සපුමල් කිවේය.
“අනේ මට මොකටද ඒවා... මං විහිළුවට කිව්වෙ සපුමල්...“
“ බස් එක ගන්නේ ටවුන්හෝල් එකෙන් නේද... හවසට මං ගෙනත් දෙන්නද...“
“ ඒවා ගාල අපේ කොණ්ඩෙ යයිද දන්නෑ...“
කෙල්ල සිනාසී කිවාය
“මිස්ගේ කොණ්ඩෙට නම් ෂැම්පු ගාන්න ඕන නෑ... ලස්සනට තියෙනවා...“
“ ඒ පාර මුරුංගා අත්තෙත් මාව තියනවා...“
එදා හවස සපුමල් ආවේය. ඉන් පසුවද දෙන්නා නිතර නිතර හමු විය. අවසානයේ ලස්සනය. සමින්දිත් සපුමලුත් ආදරවන්තයන් විය.
“ මං හිතුවා මට ෂැම්පු උස්සන් එනකොට මොකක් හරි තමා කියලා...“
සමින්දි ඒ දවස්වල සිනාබරව කීවාය. ඔහු බලා උන්නේ ඒ ලස්සන අහිංසක මුහුණ දෙසය.
“ කියල කෙනත් අපි එනකං උන්නේ...“
“ මං උ...න්..නා..“
“ නැතුව... බස් එනවා යන්නෑ අපි බලන් ඉන්නේ...,
“ මොඩයෙක්ම තමා...“
ඒ දවස් ඇත්තටම ලස්සනය. සපුමල් හැමදාම පහ වෙද්දී බයිසිකලයත් තියාගෙන ටවුන්හෝල් එකේ බලා හිදියි. සමින්දි එන්නේ ඒ වත බදාගන්නට බලාගෙනය.
“ අද කොහෙද යන්නේ සපූ...“
“ ම් ගොල්ෆේස් ගහින් රෑ වෙනකල් ඉමුද... පරාට කාලා...“
“ හා මට ඉස්සො වඩෙත් අරන් දෙන්න...“
කතාව ගලා ගියේ එහෙමය.
“ මෙහෙම ඉන්න එකේ තේරුමක් නෑ...“
“ කොහොම ඉන්න එකද...“
“ ඔයා එක බෝඩිමක මං තව බෝඩිමක...“
“ ඒකනේ...“
“ අපි ඉක්මනට බදිමු... මං පොඩි ගේ කෑල්ලක් බලන්නම්... අස්ස ගණන් ඉල්ලන්නේ සමී ඇඩ්වාන්ස් වලට...“
“ ඒකනේ නේද...“
“ පොඩි වෑන් කට්ටක් තියෙනවා... ඒක ගත්තනම් මං මගේම සේල්ස් වැඩක් කරනවා... එහෙම කළාම හොද ලාබ සමි...“
“ ඉතින් අපි කරමුකෝ...“
“ එකහමාරක් විතර තියෙනවා ඉතුරු කරගත්ත... ඒක මදි...“
“ කීයක් මදිද...“
තව දෙකක්වත් ඕන... ඉතුරු ගාන නම් ලීසිං දාගන්න පුළුවන්...“
සමින්දි සපුමල් දෙස බලාගෙනම උන්නාය.
“ මං දෙන්නම් මං ගාව ඉතුරු කරගත්ත සල්ලි ටිකක් තියෙනවා... හැබැයි රත්තරන් ඒ මගේ සන්තිකේම තමා...“
“ එපා සමී... ඔයා රත්තරන් බඩුවක් වත් හදා ගන්නේ නැතුව ඉතුරු කරපු සල්ලි... මං දන්නවනේ ඒවා ඉතුරු කරපු හැටි...“
සපුමල් ආදරයෙන් කීවේය.
“ ඒවා ඉතුරු කලේ රත්තරන් බඩු ගන්න නෙමේ... කවදහරි අපිටමකියල ජීවිතයක් පටන් ගන්නනේ...“
“ ඉඩම් කෑල්ලක් ගන්න ඕන පොඩියට හරි කාමරයක් ගහගන්න ඕන... කොච්චර වැඩ තියෙනවද...“
“ චූටි පැටියෙක් හදන්නත් එපැයි...“
සමින්දි ඔහුගේ උරතලයට බරවී එය සිපගෙන කීවාය.
“ දෙසැම්බර් ඉවර වෙද්දිම බදිමු... ඔයා කරන දේකට මට සපෝට් එක දෙන්නත් පුළුවන්... අපි ඉරිදට අපි සේල්ස් යන්... මාත් එන්නම්...“
“ එහෙම කරමු...“
ඉරිදා රෑ සමින්දි සපුමල්ට ගත්තාය.
“ මොනාද කරන්නේ සපූ...“
“ මං බබා ගණන් වගයක් හැදුවා...“
“ හෙට අර සල්ලි ටික ගන්න පුළුවන් දෙන්නම යමු...“
“ කමක් නැද්ද...“
“ ඔය ඉතින් කෑවද...“
“ නෑ...“
“ මොනාද කන්න තියෙන්නෙ...“
ඇය ආදරයෙන් ඇසුවාය
“ දැන් දෙසැම්බර් වලින් පස්සෙ නෝන මගේ ලගනේ එතකොට කනවා...“
“ මං ඇත්තටම හදල දෙන්නම්... එහෙනම් උදේ නමයට පීපලස් බෑන්ක් එක ලගට එනවද සුදූ...“
“ හා එත් මට දුකයි...“
“ සපු...“
“ හරි හරි මං එනවා... නෝනා සැරයි...“
“ මං සැර තමා...“
හීන් පොදයක් සහිත කලබල සදුදාවක් උදා විය. සපුමල්ට දුකය. කෙල්ල ඔය සල්ලි ටික තමාට අරන් දෙන්නේ කොතරම් ආශාවකින්දැයි ඔහු දනී. ඇය ඔය ටික ඉතුරු කලේ බඩට නොකාය. වතට නොඇදය. සමහර දවස්වල කෙල්ලගේ බත් මුලේ තිබ්බේ සෝයා මීට් බැදුමකුත් පොල් සම්බෝල ටිකකුත් පමණී. එහෙම ඉතුරු කළ මුදල් ටික තමාට අරන් දෙන්නේ පුදුමාකාර පිරිසිදු සිතිනි.
ඒත් දැන් කරන්නට දෙයක් නැත. ජීවිතය ඉක්මනට පටන් ගත යුතුය. සපුමල් උදේ නමයට බැංකුව ළගට ගියේය. ඔයු ටික වේලාවක් බැංකුව ළගට වී උන්නේය. ලා දම් පාට සාරියක් ඇද සමින්දි ආවේ නොහිතූ ලෙසිනි.
“ කොහෙන්ද අවේ සමී...“
“ මේ පැත්තෙන්...“
“ මං බලාගෙනමනේ උන්නේ...“
“ මං ආවා යන්...“
සමින්දි සපුමල්ගේ අතට අත තිබ්බාය.
“ අතේ සීතල...“
“ දැන් නෑවේ සපූ යන්...“
බැංකුවට ඇතුල් වෙද්දීත් සපුමල් සමින්දි දෙස බැලුවේය. ඒ මුහුණ අද අමුතුය.
“ සනීප නැද්ද බබා...“
“ න්.. නෑ... මේකෙ පොලිය කීයක් තියෙනවද බලමු...“
පොලියත් සමග බැංකු පොතේ රුපියල් දෙලක්ෂ විසිතුන්දාහක් තිබුනි.
“ මං බාගයක් ගන්නම්...“
“ පිස්සු නටන්නෙ නැතුව ඉන්න... තියෙන ගාණම ගන්න... මේ ස්ලිප් එක ලියන්න සපූ...“
බැංකු පොතේ මුළු ගාණටම ස්ලිප් එක ලියද්දී නැවත වතාවක් සපුමල් හැරී ඇය දෙස බැලුවේය.
“ ලියන්න ලමයෝ...“
“ අපරාදේ සමී...“
“ දැන් වැඩක් නෑ රත්තරන්...“
“ ඇයි...“
“ වැඩක් නෑ ගන්නකෝ...“
ඒ මොහොතේ ඒ දෑස්වල තෙතමනයක් විය. හරියටම දෙලක්ෂ විසිතුන්දහසක් බැංකුවෙන් ගත් සමින්දි බැංකුව සල්ලි දමා දුන් කවරය පිටින්ම එය ඔහු අතේ තිබ්බාය.
“ මං යන්නම් එහෙනම් සපූ පරක්කු වෙනවා රත්තරන්...“
ඇය කීවේ එපමණය
“ ඉන්න සමී...“
නැත ඇය නැවතුනේ නැත. බැංකුවේ දොරකඩට දුවගෙන යද්දී සපුමල් දුටුවේ තල එළියක් එකවට එතනින් දෑසට වැටුණාක් මෙනි.
“ සමී...“
සපුමල් කෑ ගැසුවේහ. ඇය පෙනෙන්නට උන්නෙ නැත. ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් අවේ ඒ මොහොතේය. සපුමල් ඇමතුම ගත්තේද පාර දෙස බලමිනි. මේ ඉක්මනට ඇය කොහේ ගියාදැයි ඔහු සිතුවේය.
“ හෙලෝ...“
“ හෙලෝ සපුමල් අයියේ... මං රුවන්ති කතා කරන්නෙ...“
“ කියන්න නංගි ඇයි අඩන්නේ...“
රුවන්ති කතා කලේ අඩමිනි. ඇය සමින්දිගේ හොදම යෙහෙලියයි.
“ ඔ.. ඔයාගේ ර..ත්..ත..ර..න් සමී ඔයාව දාල ගියා අයියේ...“
රුවන්ති කියූ දේ අදහ ගන්නට ඔහුට නොහැකි විය.
“ සමී... නංගිට පිස්සුද... දැන් මේ මාත් එකක් බැංකුවට ආවනේ...“
“ නෑ... අද උදේ අපි දෙන්නා කුරුණෑගල ඉදලා එද්දී අඹේපුස්සේදි බස් එක කන්ටේනර් එකක
හැප්පුණා... මට තුවාලයි... සමී... අපිව දාල ගිහින්...“
සපුමල්ට එතනම ඉන්දවිනි. ඔහුට කිසිවක් සිතාගන්නට නොහැක විය. අඹේපුස්සේදී ඇය හදිසි අනතුරක ලක්ව මිය ගියානම් බැංකුවට තමා සමග අවේ කවුද... සපුමල්ට බැලුනේ අත තිබූ සල්ලි දෙසය. කදුළක් වේගයෙන් ගලා විත් මුදල් පැකැට්ටුවට වැටුනි.
සපුමල්ට බැංකුවෙන් මුදල් අරගෙන දෙන්නට අවේ සමින්ද නොවේ. මිය ගිය සමින්දගේ ආත්මයයි. මිය ගිය මොහොතේදීත් ඇය ආදරය වෙනුවෙන් කළ යුතු හොදම යුතුකම කළාය. ඇය ගියේ ඇය අමාරුවෙන් ඉතිරි කළ මුදල් ඇගේ දයාබර පෙම්වතාට රැගෙන දීය. ආදරය කොතරම් පුදුමාකර දෙයක්ද

එක භයානක යකෙක්!
ඒ 1926 අවුරුද්ද! ඈත ගම්මානෙක ගුරුකම්වලට, පළාතකම ප්‍රසිද්ධ, තරුණ ගුරුන්නාන්සේ කෙනක් හිටියා… නමින් මොහු විමලසේන! වෙනත් පළාත්වලින් ගුරුන්නාන්සේව හොයාගෙන එන අයටත්, වෙහෙස නොබලා ගුරුකම් කරලා දුන්න මොහු, කල්‍යාණි නමැත්තිය සමග ඇති වූ විවාහ බන්දනයෙන් පසුව,ඈත පළාත් වලට ගිහින් ගුරුකම් කිරීම නැවත නවතා දැමුවේ, පළමුව තම බිරිදගේ රැකවරණයට කැප විය යුතු නිසයි!

එත් එක දවසක්….,.

“ගුරුනාන්සේ... !ගුරුනාන්සේ....!”

මිදුලේ ඉදන් කතා කරන කෙනෙක්ගේ කටහඩ අනුව, ගේ හරහා ආපු විමලසේන,සාලෙට සේන්දු උනේ, මල්ලක් එල්ලාගෙන, දාඩියෙන් නාලා, අමාරුවෙන් හිටන් ඉන්න තරුණ අමුත්තාට, ඉදගන්නයි අතින් සන්කරමින්! හුස්මක් හෙලමින්ම,පුටුවකට වැටුණු අමුත්තා දිහා බලමින්, විමලසේනත් ඉදගත්තේ

“සැහෙන්න දුරක් ගෙවන් ආව හැඩයි” කියමින්!

“අනේ ඔව් ගුරුන්නාන්සේ, ගම් හතරකට එහා ඉදන් මේ එන්නේ!” යි

කියමින් විමලසේන ගුරුන්නාන්සේගේ බිරිද, සංග්‍රහ කල වතුර වීදුරුවෙන්,වෙහෙස ටිකක් දිය කරපු අමුත්තා, තමාව ‘සරත්’යන නමින් හදුන්වා දුන්නා!

“කියමු බලන්න කාරණේ!”

කියමින් බුලත් හෙප්පුව අමුත්තාට දික් කරමින්, හරි බැරි ගැහි වාඩි උන විමලසේන, අමුත්තා කට අරිනකම්, ඇස් වෙහෙසේවුවේ, හිතේ මානෙට, බාහිර පෙනුමෙන්, මොහුගේ ප්‍රශ්නේ මැනගන්න!

“මම මේ ගුරුන්නාන්සේවම හොයාගෙන අවේ,ගුරුන්නාන්සේට කියලා ගුරුකමක් කරගන්න කියලයි! මේ වැඩේට ඔබතුමා ඇර, වෙන කෙනෙක් නැ කියලා රෙකමදාරු කලේ සිරිපාල ගුරුන්නාන්සේ!උන්දැ, දැන් වයසයි නිසා, මේ වැඩ කරන්න බැහැ කියලා තමයි කියන්නේ!” යි සරත් කියද්දී,

“හ්ම්ම් හොදයි! දැන් මොකද්ද, කරගන්න තියෙන ගුරුකම!” යි විමලසේන ඇහුවේ,තව මේ මාසෙට බාර ගත්තු වැඩ කියක්, ඉවර කරන්න තියෙනවද කියලා, හිතෙන් හිතමින්, මේ වැඩේ බාර නොගෙන ඉන්නවා, කියලා හිතට කියමින්!

“මගේ බිරිද මාලනීට, පෙරේත බැල්මක් වැටිලා තිබිලා, කාලෙකට ඉහතදී තොවිලයක් කරලා, සිරිපාල ගුරුන්නාන්සේ, ඒක අයින් කරලා දුන්නා! එත් දැන් දැන් අයෙත් පෙරේත දිෂ්ඨියක් ඇග වැටිලා වගේ, හැසිරෙනවාගුරුන්නාන්සේ…."

"එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා… ඒ නිසා ඉක්මනින්ම, මේක අහවර කරගන්න කියලා තමයි, සිරිපාල ගුරුන්නාන්සේ කිවුවේ…. ඒකයි මම, වෙහෙස නොබලා, ඔබතුමා හමුවෙන්න මේ අවේ!"

‘අපොයි! ගැබ්බර කෙනෙක් නම්, ටිකක් භයානකයි! අනිත් වැඩ, එකක් දෙකක් එහාට මෙහාට කරලා, මේක කරලා දෙන්න ඕනේ’ යි කියල හිතෙන්ම හිතමින්,විමලසේන කටහඩ අවදි කලේ,

“වැඩත් ගොඩ වෙලා තියෙන්නේ මටත් මේ, හ්ම්ම්…. හොදයි එහෙමනම්, මගෙත් ගුරුවරයෙක් වෙච්ච, සිරිපාල ගුරුන්නාන්සේගේ කීමට, ගරු කිරීමක් හැටියට, මම මේ වැඩේ කරලා දෙන්නම්කෝ!” යි කියද්දී,

“පින් සිද්ද වෙනවා ගුරුන්නාන්සේට, මේ ලැබෙන්න ඉන්නේ අපේ දෙවෙනි දරුවා... එක දරුවෙක් කුසේදීම, නැති උනා කලින්!” යි සරත් කිවුවේ දෙනෙත් වලට ආ කදුළු හංගන්න එළිය දිහාව බලමින්….

“හ්ම් හොදයි! එහෙනම් මම ලෑස්ති වෙලා එනකන් ඔහොම ඉන්න...!”

කියමින් ගෙතුලට වැදුණු විමලසේන ගුරුන්නාන්සේ, හාමිනේටත් විස්තරේ කියා,දවස් කීපයක ගමනට අවැසි දේවල් ලෑස්ති කරගෙන, හාමිනේගේ ආරක්ෂාවට,එහා ගමේ ඉන්න, හමිනේගේම දෙමවුපියන්ගේ ගෙදරට, ඇයව ඇරලලා, සරත් එක්ක ඔහුගේ ගමට, යන්න පිටත් උනා! වෙහෙසකාරී, දවස් එකහමාරක ගමනෙන් පස්සේ, සරත්ගේ ගෙට ගොඩ උන පයින්ම, ඇග දැවටුණු අහිතකර ශක්තිය නිසා,එළියට ආපු විමලසේන ගුරුන්නාන්සේ, එළියේ ගහක් මුලෙන් වාඩි වෙලා, විවේක ගත්තේ, ගේ ඇතුලෙදි තමන්ට දැනුනු ඒ බලවේගේ තරම, හිතෙන් මැන ගනිමින්!

‘හ්ම්ම් ටිකක් දරුණු කාරණයක් වගේ! පෙරේතයෙකුත් නෙවෙයි!’ සිතමින්ම තමන්ලගින්ම වාඩි වෙලා ඉන්න, සරත්ගෙන් ඇහුවේ, “කොයි කලේද මේ සිද්ධිය පටන් ගත්තේ? මොකද්ද උනේ කියලා සම්පුර්ණ විස්තරේ මට කියන්න” කියලයි!

“ගුරුන්නාන්සේ, අපි බැදපු අලුතම, පහල ගග කිට්ටුව තමයි පැල අටවා ගත්තේ!දවසක් හවස් යාමේ, මාලනී ගගට ගිහිල්ලා ඇගපත දොවාගෙන එන්න! මමගෙදරට එනකොට, එයා කොන්ඩෙත් කඩාගෙන,ගෙයි මුල්ලකට වෙලා, දිය රෙද්ද පිටින්ම,වාඩි වෙලා හිටියා, බය වෙලා!”

“මම වද කරලා අහද්දී, තමයි කිවුවේ උන දේ! ….එවෙලේ නම් මම, හිනා වෙලා නිකන් හිටියා ගුරුන්නාන්සේ, මේ ගැනි, කරුවලේ විකාරයක් දකින්න ඇති කියලා! ඒ උනාට දවසෙන් දෙකෙන්, අමුතු දේවල් වෙන්න ගත්ත ගේ ඇතුලේ,වත්තේ එහෙම!….”

“හරි මට කියන්න මාලනී කිවුවද, එයා දැක්කේ මොනාද කියලා?”…. “ඔව් කිවුවා ගුරුන්නාන්සේ, එයා කිවුවේ, මුණ හිටන් කලුපාට රෝම වලින් වැහුණු මිනිහෙක්, ගගෙ එහා පැත්තේ කැලේ ඉදලා, එයා හිටපු පැත්තට,වතුරේ බැහැලා ආවා දැක්ක කියලා!”

සරත්, කතාව නවත්තලා,ටිකක් කල්පනා කරමින්, ගුරුන්නාන්සේ දිහා බලලා කිවුවේ “ඒ මිනිහා, ගග මැද ගැබුරට එද්දි, ටික ටික උස යනවා මාලනී දැක්කලු!අ… ගුරුන්නාන්සේ! යක්කු එනවද එහෙම පේන්න! මම නම් මුලින් මුලින්, මේ ගැනිගේ කතාව විස්වාස කළෙම නැහැ! එත් එදා රෑ ජාමෙ, පොළව හොල්ලගෙන,ගේ වටේ දුවන සද්දයක් ඇහෙන්න ගත්තා!”

“මම බය නැතිව, එළියට බැහැලා බැලුවා ගුරුන්නාන්සේ, මොකටද බොරු කියන්නේ... මම ඉස්තොප්පුවෙන් එළියට බහින කොට, ගේ පිටි පස්සෙන් දුවනවා ඇහෙනවා... මම පිටිපස්සට දුවන කොට, ගේ ඉස්සරහින් දුවනවා ඇහෙනවා!පස්සේ ටිකක් මගේ හිතත් ගැස්සුනා!

එත් මම, ඉස්සරහ කෑල්ලේ නැවතිලා බලන් හිටියා, දුවන එකා කොයි වෙලාවේ හරි, ඉස්සරහින් දුවයි නේ කියලා!” …. “ටික වෙලාවකින් සද්දේ නැවතුනා!….මමත් ‘දොර ලෑල්ල’ දාලා, ගෙට වෙලා හිටියා, බිමට එළිය ටිකක් වැටෙනකන්!යාන්තමට වගේ, එළිය වැටීගෙන එනකොට, මම එලියට බැහැලා බැලුවා ගුරුන්නාන්සේ, මගේ ඇස් දෙක, විස්වාස නැති උනා මට එවෙලේ!”

“ගේ වටේම බිම, ඌරො හාරලා වගේ, වලවල් හැදිලා තිබුනා! වටේම තියෙන ගස් වල පොඩි ඇති පතු, ගේ මිදුලේ හැම දිහාවේම වැටිලා, හරියට සුලියක් මිදුලේ කැරකිලා වගේ! දෙවෙනි දවසේ, දුවන සද්දේ ඇහුනේ නැහැ! ඒ උනාට වහලේ, පොල් අතු උඩ ඇවිදිනවා, ඇහෙන්න ගත්තා රෑ පුරාම! මම හිතුවේ වහලේ, කඩන් වැටෙයි කියලා…. අලියෙක් වහලේ උඩ ඇවිද්දා වගේ”

“එවෙලේ නිකමට වගේ හිතිලා, හොද තිත්ත කුණුහරුපෙන්, කෑගහල බැන්නාමම... ටික වෙලාවකින් සද්දේ නැවතුනා! යන්න ඇති මොකා උනත් කියලා,හිතලා අනිත් පැත්ත හැරෙන්න උනේ නැහැ, ගේ ලගටම වෙන්න තිබුන කොස් ගහේ, මහා විසාල අත්තක්, ඒ පැත්තේ වහලෙයි බිත්තියයි, කඩාගෙන ගේ ඇතුලට වැටුනා!”

“අපි ඇදී රෙදි පිටින්ම දිවුවා, එහා වත්තේ ගෙදරට! අටවා ගත්තු ගේ,පැත්තක්ම බිදිලා ගිහිල්ලා තිබුන, උදේ ඇවිත් බලද්දී! මාලනිව එයාලගේ අම්මලාගේ ගෙදර නවත්තල, මම ගියා, සිරිපාල ගුරුන්නාන්සේ හම්බවෙන්න!ගුරුන්නන්සේව එක්කන් ගෙදර එන කොට තමයි, මම දැනගත්තේ, මාලනීට දරුවෙක් ලැබෙන්න ඉදලා, ඒ දරුවා උදේ, නැති වෙලා ගියා කියලා!”

“නැන්දම්මා කිවුවේ මාස තුනක් වගේ, වෙන්න ඇති කියලා ඒ දරුවට! සිරිපාල ගුරුන්නාන්සේ තොවිලයක් නටලා, සෙත් ශාන්තියක් කරලා කිවුවේත්, ආයෙත් මේ යකා එන්න ඉඩ තියෙනවා,ඒ නිසා පරිස්සමෙන්, ජිවත් වෙන්න කියලයි! ඒ කිවුවත් වගේ, දැන් දෙවෙනි දරුවා ලැබෙන්න මාස 4 ක් තියා, අයෙත් මේ කරදරේ පටන් ගත්තා නේ, ගුරුන්නාන්සේ!”

යි කියමින්, සුසුමක් හෙලමින්, කතාව අවසන් කරපු සරත් දිහා, බලන් ඉදපු විමලසේන ගුරුන්නාන්සේ, ටිකක් වෙලා නිහඩවම කල්පනා කළේ, මේක නිකන් පෙරේත බැල්මක් නොවෙන එකේ, අගක් මුලක් නොදැන, වැඩේට අත ගහන එක,එක භයානකයි කියලයි!

“සිරිපාල ගුරුන්නාන්සේ, පණිවිඩයක් එවලා තියෙනවා, ඇවිල්ලා හම්බ වෙන්න කියලා, විමලසේන ගුරුන්නාන්සේට!” යි

සරත්ගේ නෑදෑ කෙනෙක් කියද්දී, විමලසේනට හිතුනේ, කෝකටත් කල යුතු දේ පිලිබදව, අවසන් නිගමනයකට පැමින්නෙන්න, සිරිපාල ගුරුන්නාන්සේගේත් අදහස දැනගැනීම, වටිනවා මෙතනදි කියලායි

“හොදයි! එහෙනම්, මම කියන බඩු ටික ලෑස්ති කරලා තියන්න, මම ගිහින් සිරිපාල ගුරුන්නාන්සේව හම්බ වෙලා එන්නම්!”

කියමින්, තොවිලෙට එකතු කරගත යුතු බඩු, විස්තර කරලා, සරත් විසින් ලෑස්ති කර දුන් ගොන් කරත්තෙට, නැග ගත්තු විමලසේන, වෙහෙස නොබලා, එහා ගමේ ඉන්න, සිරිපාල ගුරුන්නාන්සේව මුණ ගැහෙන්න ගියේ, තමාට වැඩි අත්දැකීම් ඇති, සිරිපාල ගුරුන්නාන්සේටත්, බැරි උන වැඩේ, තමා කරන්නේ කොහොමද කියලා කල්පනා කරමින්!

පැය දෙකක පමණ ගමනකින් පසු, සිරිපාල ගුරුන්නාන්සේගේ, ගේ පැත්තට, කරත්තේ හැරෙද්දීම, ඉස්තෝප්පුවේ, හාන්සි පුටුවේ, දිග ඇදිලා ඉන්න,සිරිපාල ගුරුන්නාන්සේව දැකපු විමලසේනට, හිතුනේ මිට අවුරුද්දකට පෙර,තමාගේ විවාහ මංගල්ලෙට සහභාගී වෙද්දී, හිටියට වඩා, දෙගුණයක් විතර, සිරිපාල ගුරුන්නාන්සේ, දැන් වයසට ගිහින් ඇති බවයි!

බාගෙට එක් තැන් වෙලා ඉන්න, සිරිපාල ගුරුන්නාන්සේගේ දැනුමෙන්, විශාල ප්‍රමාණයක් විමලසේනට තෑගි කරපු ගුරුන්නාන්සේ…ගුරු හරුකම් අතරින්,නිතරම කිවුවේ,

“මේ වැඩේ තනියම කරන්න වුනොත්, නොකර අත අරින්න,වෙන දේවල් හිතන්න එපා! සමහර දෝෂ කර්මනුකුලවයි සිද්ද වෙන්නේ!”

“ඒවා වලක්වන්න ලේසි නැහැ! ඉතින් මේකට හවුල් කරගන්න කෙනෙක් නැති උනොත්, ශාන්ති කර්මයක් කරලා අයින් වෙන්න!”

උපදෙස් වලට වඩා, අවවාද ලබපු විමලසේන ගුරුන්නසේ, එතනින් එන්න පිටත් උනේ, හිතේ බරක් එක්ක!

“අහවල් ගමේ ඉන්න ගුරාව, අඩගහ ගන්න බලන්න!” තනියම නම්, කරන්න එපා ළමයෝ තෙරුනානේ!” යි

සිරිපාල ගුරුනන්න්සේ අවසානේටත් කියපු නිසාම, ඒ ගමටත් ගිය විමලසේන ගුරුන්නන්සේ, ඒ ගමේ ගුරුන්නසේගෙන් මේ වැඩේට, දායකත්වය ඉල්ලු සැනින් ඔහු කිවේ,

“අපෝ ඔය වැඩේනම් මට බාරගන්න බැහැ! ඕක නුලෙන් ගැස්සුනොත්, මගේ බෙල්ල තමයි, දෙන්න වෙන්නේ යකාට!” කියලයි…

බඩ දරු අම්මා කෙනෙක්ව, අනතුරේ දාලා, අහක බලාගෙන යන එක හරිද? තමාගේ බුද්ධිත් එක්ක, මනුස්සකම ගැටෙද්දී, බුද්ධියට වඩා මනුස්සකම ගැන හිතපු විමලසේන ගුරුන්නසේ, තනියම හරි, මේක හැකි පමණින්, ඉවරකල යුතුයි කියලා, අවසානයේ, අවාසනාවන්ත, අවසන් නිගමනයකට ආවා!

දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවකගේ ඇගට, යකෙක් ගෙන්වීම, ඉතාම භයානක දෙයක් වගේම, දරුවා ලැබෙනකන්, වැඩේ කල් දැම්මොත්, යකා දෙවෙනි බිල්ලත් ගන්නවා නිසැක බව, සිරිපාල ගුරුන්නසේ කියූ හැටියෙන්, දැනගත් විමලසෙන ගුරුන්නාන්සේ, කලයුතු වත් පිළිවෙත් ධාරණය කරගෙන, හිතේ හයියෙන්,තොවිලේ පටන් ගත්තා!

රෑ මදියමේදී, ගුරුන්නසේ දන්නා ශිල්ප යොදා, යකාව, මාලනිගේ ඇගට ගෙන්න ගත්තේ, දරුවටවත් ආතුරයටවත්, හානියක් කල නොහැකි වෙන්න පුටුවකට තියලා බැදලා, ඒ පුටුවත් හොලවන්න බැරි වෙන්න පොළවට තියලා බැදලායි!

මන්තර ජප කරලා යකා ගෙන්නුවත්, මාලනිගේ ශරීරයට, යකා ආ බව දැන ගැනීමට, කිසිම හෝඩුවාවක් නොපෙන්වා, මාලනී ඉතාම නිශ්ශබ්ධව ඉදගෙන ඉදීමෙන්, මේ යකා, වෙන යක්කු වගේ මෝඩයෙක් නොවන බවත්, කලබල කාරයෙක් නොවුනත්, ඉතාම භයානකම, වර්ගයේ එකෙක්, විය හැකි බවත්, එ මොහොතෙ විදුලියක් වගේ, විමලසේන ගුරුන්නාන්සේගේ ඔලුව හරහා ගියේ,ඔහුගේ හිත ටිකක් ගැස්සේද්දියි!

නර බිල්ලක්ම හැර, උබලගේ ලේ නැති කුකුල්ලු මට එපා!








‘හොදයි! එහෙනම් බලමුකෝ, උබේ රගපෑම කෙලවර වෙන තැන!’ යි හිතමින්,ගුරුන්නාන්සේ විවිධ මන්තර භාවිතා කරමින්, කිහිප වරක්ම,යකාට කතා කරන්න අණ කලා! ඒත්, කිසිම හැල හොලමනක් නැතිව, ගුරුන්නාන්සේව සතපහකට මායිම් නොකර ඉන්න, මේ යකා දැකලා, විමලසේනගුරුන්නාන්සේට, කෙන්තියකටත් වඩා ඇති උනේ විස්මයක්! ‘මේකා නම්,පොඩි පහේ යකෙක් නවෙයි!'....

හොදයි බලමු එහෙනම්, උබට මම, පරාද වෙයිද කියලා අද!’ යි සිතමින්, වඩා බලගතු මන්තරයක්, වතුරට ජප කරලා, පොල් මල් කිනිත්තකින්, මාලනිගේ ඇගට ඉස්සෙ,“දැන් උබේ කටේ, අගුලු ඇරෙයි නේ” කියමින්! ඒ කිවුවත් වගේම ඇගට, මන්තර වතුර වැටෙත්ම, අමාරුවෙන් ඇබරුණ මාලනී, ඔලුව උස්සල, එක එල්ලේ ගුරුන්නාන්සේ දිහා බැලුවේ, බැල්මෙන් තර්ජනය කරමින්!

මන්තර හැසිරවීම ගැන, හොද අවබෝධයකින් වගේම, මන්තර පාවිච්චි කරලා,අත්භූත බලවේග පාලනය කිරීම ගැන, රටේ නම ගිය කෙනෙක් උන, විමලසේන ගුරුන්නාන්සේ වචනයක් වත් නොකියා, ඒ බැල්ම ගණනකටවත් නොගෙන,තවත් සැරයක් පොල් මල් කිනිත්තෙන්, වතුර ටිකක් ඉහළා... බැමි ලිහුවොත්,පැනලා ඇවිත්, තමන්ව මරන්න තරම් කේන්තියක් ලියවිලා තිබුන, මාලනිගේ ඒ බොර පාට ඇස් දිහා බලාගෙනම, තවත් බලගතු මන්තරයක්, වතුර කෝප්පෙට මතුරන්න ගත්තේ, ‘උබ බය කරන්න, වෙන කෙනෙක් හොයාගනින්’ කියන්නා වගේ!


ටිකක් දුරට මන්තරේ මතුරද්දී, ඒ බලගතු මන්තරේට මෙල්ල උන යකා,ඉතාමත් ගැබුරු ස්වරයකින්,…. “මම, කල්ප කාලාන්තරයක් බලන් ඉදලයි,වරයක් ගත්තේ, නර බිල්ලක් ගන්න! එක නොගෙන මම යන්නේ නැහැ!”යි කිවුවත්, ගුරුන්නාන්සේ ඇහුනේ නැ වගේ, තමන්ගේ පාඩුවේ මන්තරේ මතුරද්දී, නැවතත් යකා කතා කලා! “මට මේ බිල්ල ගන්න නොලැබුනත්, වෙන නරයෙක්ව හරි බිලි ගන්නවා!

උබ මාව මේ ශරීරයෙන් එලෙවුවට, උබේ මන්තර වලට බැහැ, මම බිල්ලක් ගන්න එක නවත්තන්න! යි කියමින්, පුටුවට තියලා බැදපු බැමි වලින්,ගැලවෙන්න දගලන්න ගත්තයින්, නැවතත් මන්තර වතුර ටිකක් ඉහළා යකාව,යටත් කරගත්තු ගුරුන්නාන්සේ, “ඉතින් උබ එක බිල්ලක් ගත්ත නේද! දැන් උබේ වරය ඉවරයි නේ! මොකටද තවත් මෙතන ලගින්නේ” යි සැරෙන් අහද්දී, “මම ගත්තු බිල්ලක් නැහැ...මමබිල්ලක් නොගෙන යන්නෙත් නැහැ” යි යකා නැවතත් කිවුවා!

මුගේ බය නැති කම මදිවට පොළව පැලෙන බොරුත් කියනවනේ! යි හිතමින් ගුරුන්නාන්සේ,….“එතකොට මේ අතුරයාගේ, පලවෙනි දරුවා, බිලි ගත්තේ,උබේ සනුහුරේ වෙන එකෙක්ද!” යි අහද්දී, නිහඩව බලන් ඉදපු යකා, ඉදිරියට නැමීගෙන, මහා හයියෙන් කෑගහලා කිවුවේ… “මම ගත්තු බිල්ලක් නැහැ!බිල්ලක් නොගෙන මම යන්නේත් නැහැ!” කියලයි! ඒ වෙලාවේ,ගුරුන්නාන්සේට හිතුනේ, ‘සමහර විට කලින් දරුවා, ස්වභාවික විදියට නැතිඋනාද දන්නේ නැහැ, නැත්තන් මු, මේ හැටිම, මැරෙන්න හදන්නේ නැහැනේ’කියලයි!

‘පෙරේත ආත්මයක්’, ‘යකෙක්’ බවට පත් වෙන්නේ, කල්ප කාලාන්තරයක්, දුක් විදීමෙන් බව, විමලසේන ගුරුන්නාන්සේ දැනගෙන හිටියා! ඊටත් වඩාකාලයක්, වරයක් ලබා ගන්න, දුක් විදිය යුතු බව, සිරිසේන ගුරුන්නාන්සේගේ වචනෙන්, දැනගත්තු විමලසේන, මෙහෙම දුක් විදපු යකෙක්ව, ලේසියෙන් එළවන්න නොහැකි බවත්, රවට්ටලා වචනෙට බඳවා ගත්තත්, යකෙක් තියා මිනිහෙක් වත්, පොරොන්න්දු ඉටු කරන්නේ නැති නිසාම, ගුරුනන්න්සේ තීරණය කෙරුවේ, කාලයක් යනකන් බිල්ලක් ගන්න බැරි වෙන්න, යකාව මන්තර වලින් බැඳීමටයි!

එත් සිරිපාල ගුරුන්නසේගේ, දැඩි අවවාදය උනේ, ‘බිල්ල ගැනීම පහු කරවල,මන්තර වලින් බැදවිමක් කරන්න එපා’, කියන එක බව විමලසේනට මතක් උනේ, “ළමයෝ මන්තර වලින් හිර කලාම, උන් වයිර බැදගන්නවා... ඔය ළමයත් ඉස්සරහට, පවුල් පන්සල් වෙන්න එපැයි! ඒ ගැනත් හිතන්න! මු වරයක් ගත්තු එකෙක්! එහෙම එකෙක්, වැඩි කාලයකට බන්දන්නත් බැරි එකේ, බිල්ලක් ගන්නකන්, උබේ පස්සෙන්, ජිවිත කාලෙම පන්නයි!එකේ දෙකක් නැහැ අයේ!”

“කර්මයක් වෙනස් කරන්න, උබටයි මටයි, කරන්න දෙයක් නැහැ! දෙවි කෙනෙක්ගෙන් වත් උදවුවක් නැත්තේ එකයි! ඒ නිසා උබ, සෙත් ශාන්තියක් කරලා, ඒ ගැනිට ආරක්ෂාවක් කරපන්! ඔය බඩ දරු අම්මව බේරන්න නම්,උබට ඌව මන්තර වලින් බන්දන්නම වෙනවා! ඒ කියන්නේ ඌ වැටෙනවාඋබේ පස්සෙන්! මම හිතන්නේ නැහැ, ඌව රවට්ටලා නම්, එලවගන්න පුළුවන් වෙයි කියලා!

අනුන්ගේ දානෙට උබ අත ගහලා, විහින් මැරෙන්නයි වෙන්නේ උබට! මතකතියාගනින් විමලසේන, ‘උබට කවද හරි, පසු තැවෙන්න වෙයි, උබ මුව බැන්දුවොත්!” සිරිසේන ගුරුන්නසේ, කියූ වදන්, ඔලුවේ කැරකෙද්දී,විමලසේන හිතුවේ, කර්මයක් කියලා, ජිවිත දෙකක්, නැති වෙනකන් බලන් ඉන්න බැරි නිසාත්, තමන්ට බේරෙන්න නම්, තමන් දන්නා මන්තර, හොදටම ඇති බව දන්නා නිසාත්, අනිත් කාරණා අමතක කල ගුරුන්නාන්සේ, යකා එක්ක ගනුදෙනුවට ලෑස්ති උනා!

“හරි! උබට ප්‍රාණියෙක් නේ ඕනේ, මම උබට, දෙන්නම් ප්‍රාණියෙක්!, එකා අරගෙන මේ අතුරයව නිදහස් කරපන්, මම උබට දැඩි දඩුවම් කරන්න කලින්!උබට කැප කරන ඒ ප්‍රාණියව අරගෙන, නැවත කරදර කරන්න, එන්නේ නැහැ කියලා, සතර වරම් දෙවි රජවරුන්ගේ නමින් දිවුරලා, මේ ආතුරයාව, නිදහස් කරලා යන්න ඕනේ!මේක උබට දෙන, අවසාන අවස්ථාව!”

යි ගුරුන්නාන්සේ කිවුවේ, මෙහෙම යකෙක්ව, එලවන්න, දඩුවම් දෙන්න,ඇරුණම බිලි ගැනීම නවත්තන්න මන්තර තියා, මන්තර මාත්‍රයක්වත් තමන් දැන නොසිටියත්, යකා බය කරලා, රවට්ටලා, එළවීම ගොඩක් වෙලාවට,සාර්ථක ක්‍රමයක් වීම නිසාත්, ගොඩක් යක්කු මේ ආකාරයේ ගණුදෙනුවට,අවසානයේ කැමති වෙන නිසාත්ය! ගුරුන්නාන්සේගේ හිතේ තියෙන දේ,ඉවෙන් වගේ දැනගත්තු යකා, පෙරටත් වඩා හයියෙන් දගලමින්, කෑගහමින්“මට එපා උබලගේ ලේ නැති කුකුල්ලු!”

“මම ගන්නේ මනුස්ස ප්‍රාණියෙක්ව විතරයි! උබට පුළුවන්, මාව මේ පුටුවටම තියලා, හැමදාම බැදලා තියන්න! හැබැයි මම ගැලවුන දාට, බොට වෙන්නේ මැරෙන්නයි!” යි කියද්දී, විමලසේන ගුරුන්නාන්සේගේ, ඉවසීමේ සිමාව පැන්නයින්, දුම්මල සහ හුළු අත්තක් අරගෙන, මාලනී දිහාවට, යමින් ගමන් කිවුවේ “නැ උබට මම, කිසිම ප්‍රාණියෙක් කැප කැරෙන්නේ නැ! උබ දැන්, මේ දැන්, මේ ශරීරෙ ඇත ඇරලා යන්න ඕනේ!”

“නොගියොත් උබට මම කරන දේ දැනගන්! “බල සම්පන්න, ‘වෙසමුණි රජුන්’,අපේ මහා කාරුණික, ‘බුදු පියාණන්ට’ කිවා වගේ, පේවෙලා ඉන්න, මේ උපාසිකාවට වගේම, ජිවිත කාලයක්ම, මස්මාංශ අනුභාවයෙන් තොර වෙලා,පන්සිල් රැකගෙන, ජිවත් වෙන මගේ, කීමට ගරු නොකර, උබ මේ කරන කරදරය, මම කියනවා..... උබේ ‘යක්ෂ ස්වාමියන්ට’, දහස්ගණන් ‘යක්ෂ සේනාධිපතියන්ට’.... උබට අයිති නැති, පරාණයක් ගන්න, තවත් තැත් කලොත්, ‘යක්ෂ සෙන්පතියෙක්ව’ ගෙන්නලා, උබේ ඔලුව හත් කඩකට පලවනවා මම දැනගන්!”

“එතනිනුත් නොනැවතී, මම මේ කරදරය කියනවා, ‘හතළිහක් වෙන මහා යකුන්ට’.... ‘සතරවරම් දෙවියන්නට’….! ගම් හතක් ඇතුලත, කවදා හරි දවසක,උබ ගැන මට දකින්න, දැනගන්න, අහන්න, ලැබුනොත්, කලින් කි දඩුවම, උබට ලබා දෙනවා, මම සහතිකෙන්ම!” යි මහා හඩින්, වේගෙන් කියාගෙන යද්දී,මාලනී ඔලුව පහත් කරගෙන නිහඩ උනායින්, ගුරුන්නාන්සේ හිතුවේ, යකා යටත් වූ බවයි!

නමුත් ඔහු දැනගෙන හිටියේ නැහැ, ඔහු විශ්වාස කලේ නැහැ, සතරවරම් දෙවියන්ටවත් කීකරු නොවී, මේ යකා, කල්ප කාලාන්තරයක්, පෙරුම් පුරලා බලාපොරොත්තු උන, නර ප්‍රාණයක් අරගෙන මිසක්, හිස් අතින්, පිටමන්වෙන්නේ නැති වෙයි කියලා! යකා නිහඩ උනේ, අවස්ථානුකුලව පමණයි කියලා, ගුරුන්නාන්සේ දැනගනිද්දී, වෙන්න ඕනේ හැම දෙයක්ම වෙලා ඉවරයි කියලා, යකා නම්, එදා දැනගෙන ඉන්න ඇති!

වචනෙන්, වචනේ, බලෙන් වගේ කියවගෙන, යකාගෙන් පොරොන්දුවක් ගත්තේ, නැවතත් මේ ආතුරයාට, එයාගේ දරුවන්ට, කරදරයක් නොකරන බවටයි! යකා එහෙම වචනයකින්,පොරොන්දුවක් උනාට පස්සේ තවත්, බලගතු මන්තර කිහිපයකින්ම, යකාගේ නිදහස සිමාකරවලා, යන එන තැන් සිමා කරවලා, යකාව නිදහස් කරපු ගුරුන්නාන්සේගේ, මුණ දිහා, ටිකක් වෙලායනකන් බලන් ඉදපු යකා, මාලනිගේ ඇගෙන් පිට උනා!

තොවිලේ ඉවර කරලා, සෙත් ශාන්තියකුත් කරපු ගුරුන්නාන්සේ, වැඩි හොදට,ආරක්ෂාවකුත්, ගේ හතර කොනට කරලා, හැකි තරම් මස් මාංශයෙන්, තොර වෙලා පන්සිල් වලට ලං වෙලා, ජිවත් වෙන්න, මාලනීට සහ සරත්ට, දැඩි ලෙස අවවාද කරලා, ගෙදර එන්න පිටත් උනේ, යමින් ගමන්, සිරිපාලගුරුන්නාන්සේවත් හම්බ වෙලා, යන්න හිතා ගෙනයි!

සිරිපාල ගුරුන්නාන්සේගේ, අසනීපය වැඩි වෙලා, කලින්දා හවස, එයාගේ පුතා,තම ගෙදරට, ගුරුන්නාන්සේව රැගෙන ගිය බව, ගමේ කෙනක්ගෙන් දැනගත්විමලසේන, කෙලින්ම ගෙදර බලා එන්න, පිටත් උනා!එමින් ගමන්, තමන්ගේ බිරිදවත්, ඇගේ මහා ගෙදරින්, එකතු කරගත්තු විමලසේන ගුරුන්නාන්සේ, ගෙදරට ආ පයින්ම කලේ, කිසිම මළගිය ප්‍රාණියෙකුට, ඇතුල් විය නොහැකි ලෙස, වත්තේ හතර කොන, ප්‍රබල මන්තර යොදලා, ආරක්ෂාව තර කිරීම සහ,ගේ හතර කොනත්, එවැනිම මන්තර වලින් ආරක්ෂා කිරීමයි!

ඉන් පසුව, කිසිම හැල හොල්මනක්, කරදරයක්, විශේෂ සිදුවීමක්, සිදු නොවී,බොහොම නිශ්ශබ්ධ, මාස කිහිපයක් ගෙවුනත්, විමලසේන ‘ඒ භයානක යකා’ගැන තම අවධානය අඩු කලේ නැහැ!කාලයක්ම, කිසිම කරදරයක් නැතිව,ජිවත් උන විමලසේනට, හෙනහුරා ලැබුවේ, තම බිරිදට දරුවෙක් ලැබෙන්න මාස අටකුත් නික්මෙද්දියි! තම බිරිද ඉන්න තත්වෙන්, ඇයව තනි කරලා,ගමෙන් පිට නොවෙන්න, විමලසේන ගුරුන්නාන්සේ, තදින් හිතාගෙන හිටිය නිසාම, ඔහු ගමේ වැඩ වලට ඇරුනම, ගමෙන් පිට කිසිම වැඩකට නොගිහින් හිටියා!

එක දවසක්, රෑ ජාමේ, දොරට ගහන සද්දයක් ඇහුනු විමලසේන, වහාම ගොස්දොර ඇරියේ, මේ වෙලාවට, ගෙදරට එන්නේ, ගමේ අයෙක් බව දැනගෙනයි!ඒ හිතුවත් වගේ, ‘ගමේ ගැණු කෙනෙකුට යකෙක් වැහිලා, ළිදට පනින්නදගලනවා’ යි ආ අය පැවසුවත්, විමලසේන කිවුවේ, “මට මේ රෑ එන්න හැටියක්නැහැ! ආතුරයාව රෙද්දකින් ඔතලා, පුටුවකට තියලා බදින්න! මම උදෙන්ම එන්නම්” කියලයි!

එළි උන හැටියේම, පණිවිඩ කරුවෙක් යවලා, බිරිදගේ මව, ගෙදරට ගෙන්වා ගත්තු විමලසේන, ගේ වටේ ආරක්ෂාවන් තර කරලා, “මම එනකන්, කිසිම කෙනෙකුට, දොර අරින්න එපා!” යයි තදින් අවවාද කරලා, රෑ වෙන්න කලින්,එන්න බලාගෙන, ගමේ කෙළවරක තියෙන, අවේස උන ආතුරයාගේ, ගෙදරට ගියා!

ඒ ගියත්, විමලසේන ගුරුන්නාන්සේට, සැරෙන් සැරේ, අමුතුම හැගීමක්, අමුතු සංකාවක්, හිතට එබෙමින් තිබුන, බව දැනුනත්, හිතට වෙර අරන්, තොවිලය කරලා අතුරයව නිදහස් කරවලා, සෙත් ශාන්තියක් කරලා, එන්න පිටත් වෙද්දී ඉරත් බැහැලා ගිහින්! වත්තට ඇතුළු වෙද්දී, පළමුව වත්තේ හතර කොන,පරික්ෂා කිරීම, විමලසේනගේ දින චර්යාවේ කොටසක්!

වත්ත වටේම ගිහින්, ආරක්ෂාවට හානියක් නැති බව ස්ථිර කරගෙන, ගේදොර ලගට ගිහින්, බිරිදගේ නම කියමින්, දොරට තට්ටු කලා, කිහිප වරක්ම!බිරිදගේ මවටත් කතා කරමින්, දොරට තට්ටු කලත්, ගේ ඇතුලෙන් හිනීයටවත්,හඩක් නැති නිසා, ඔලුව පුරා නැගෙන, භයංකර සිතුවිලිත් එක්ක, වේගෙන් දොරේ වැදෙමින්, ඔහු දොර කඩාගෙන, ගේ ඇතුලට ගියේ, බිරිදගේ නම කියලා කෑගහමින්!

හොල්මන් වගේ නැගී සිටින, පුටු මේස අස්සෙන්,රෑ අදුර ගලන, බිරිදගේ කාමරේට, ඔහු දිවුවේ අවසිහියෙන් වගේ! ඒ අඩ අදුරින් ඔහු දැක්කේ, හොද සිහියෙන් මනුස්සයෙකුට, බැලිය නොහැකි දසුනක්! ‘බිරිදගේ දෙකඩ උනශරීරය, ඇදේ පැත්තක, ලේ ගංගාවක් මැද, වැටිලා තියෙද්දී... ඊට එහායින්,බිරිදගේ මවගේ, ඔලුව නැති ශරීරය, වැටිලා තියෙනවයි!’

ගිය සැනින්, දැතින් හිස බදාගෙන, එළියට ආපු ගුරුන්නාන්සේ, මහා හඩින් කෑගහමින්, මිදුලේ වැටිලා ඇඩුවේ, ගමේ මිනිස්සු, රෑන් පිටින්, ගේ ඇතුලේ පිරෙද්දියි! වෙනත් අයගේ උදවුවෙන්, මළ ගෙදර වැඩ කටයුතු කෙරෙද්දී, කතා බහක් නැතිව, බිම ඉදගෙන, ඇත බලන් ගුරුන්නාන්සේ, කල්පනා කළේ,කොහොමද මේක උනේ කියලයි!

‘මැරුණු, කුරුල්ලෙක්ට වත්’ වත්ත උඩින්, පියාබන්න බැරි තැනට, ආරක්ෂාවන් කරලත්, කොහොමද, යකෙක් මගේ වත්තට රිංගුවේ! ඔහුට දැනුනේ, ඔහුගේ ඔලුව විකාරයක් වේගෙන එනවා වගෙයි! මළ ගෙදරට ආපු, සිරිසේන ගුරුන්නාන්සේ, වෙනත් කෙනෙකුගේ වාරුවෙන්, විමලසේන ලගට අවේ,“මෙහෙට වරෙන්, උබට යමක් පෙන්නන්න” කියමිනුයි!

අවසිහියෙන්ම, නැගිට ගත්තු විමලසේන, සිරිසේන ගුරුන්නාන්සේ එක්ක ගියේ, ගෙදර වම් පැත්තේ, බිත්තිය ලගටයි! “අර බලපන්!” කියමින්, උඩ අතට ඇගිල්ලක්, දික් කරපු සිරිසේන ගුරුන්නාන්සේගේ අත අනුව ගොස්, ඒ දිශාව,බලපු විමලසේන දැක්කේ, අල්ලපු වත්තේ පොල් ගසක අත්තක්, ලාවට වගේ,තමන්ගේ ගෙදර වහලෙට, නැමිලා තියෙන බවයි! මිනීමැරුමේ, සියලු කාරණා පැහැදිලි වෙද්දී, විමලසේනට මතක් උනේ, සිරිසේන ගුරුන්නාන්සේ, කලින් දාක, කියපු දෙයයි!

“මතක තියාගනින් විමලසේන, ‘උබට කවද හරි, පසු තැවෙන්න වෙයි’, උබ මුව බැන්දුවොත්!


Aug 3, 2014



කවුද කියන්නේ හොල්මන් බොරු කියලා. විශ්වාශ නොකරන අයට මෙන්න වීඩියෝ එක්කම. අද ලෝකේ වෙන සමහර දේවල් තවමත් අපට අදහගන්නත් බෑ. නොයෙකුත් අද්භූත බලවේග ලෝකය තුල සැරිසරන බවට කදිම නිදසුනක් මේ. 

පහතින් වීඩියෝව නරබන්න.



Aug 2, 2014



කැසට් රෙකොඩරයක්
මයික් එකක්
නිශ්ශබ්ධ කාමරයක් (හොල්මං තිබේ යැයි ප්‍රසිද්ධ ස්තානයක් වඩාත් සුදුසුයි , ඒ නැතත් කමක් නෑ)

රෙකෝඩරේ වෙනුවට ෆෝන් එක උනත් අවුලක් නෑ නැත්ත කොම් එක හරි .ඒත් කැසට් රෙකොඩරයක් ගන්න විෂේශ හේතුවක් තියනව ඒව පස්සට කත කරමු . ක්‍රමේ මෙහෙමයි මුලින්ම රෙකොර් ඩ් ඔන් කරලා දිනෙයි වෙලාවයි කියල පටන් ගන්න ඕනෙ වෙන දේකට නෙවෙයි පස්සෙ පැටලෙන නිසා .

මෙහෙමයි ,
මුලින්ම ආගම අදහල තමන්ගෙ ආගම බෞද්ධ නන් පන්සිල් අරගෙන මලගිය ප්‍රාන කාරයින්ට පින් දීලා . ආරාධනාවක් කරන්න ඕනෙ

''සුභ රාත්‍රියක් මිත්‍රවරුනි .ඔබට මා පවසන දේ ඇසෙනවා නම් පිලිතුරු දෙන්න "

කියල විනාඩියක් විතර නිශ්ශබ්ධව ඉන්න ඕනෙ . කිසිම ශබ්දයක් ඇහුනෙ නැති උනාට කමක් නෑ රෙකොඩ් ඔන් එකේ තියගන්න මතක ඇතුව . ඊට පස්සෙ

"කරුනාකරලා ඔබලාගේ නම් පවසන්න පුලුවන්ද කියල අහන්න "

හැම ප්‍රශ්නෙකටම පස්සෙ විනඩියත් විනාඩි පහත් අතරෙ නිශ්ශබ්දතාවයක් තියාගන්න
පලවෙනි දවසෙ ඔයටික කරන්න
පලවෙනි දවසෙ ප්‍රතිපල ලැබෙන එකක් නෑ ඒත් දිගටම කරන්න

මෙහෙම දිගටම කරද්දි හොඳ ප්‍රතිපලයක් ලැබුනොත් ඊලඟට කරන්න තියෙන්නෙ තමන්ගේ නම වඩා පැහැදිලිව හා වැඩි ශබ්ධයකින් කියන කෙනාව තෝරගන්න එක .

ගොඩක් වෙලාවට ඇහෙන්නෙ ඇදිලා යන වෙවුලන හඬවල් එ අතරින් හොඳම එක තෝරගන්න ඕනෙ පස්සෙ රෙකෝඩ් කරද්දි
''සුබ රාත්‍රියක් මිත්‍ර වරුනි''
අපි කියමු හොඳටම තමන්ගෙ නම කිව්වෙ ''කලු කුමාරයා '' ය කියල

''අද අපි සාකච්චා කරන්නේ කලුකුමාරයා සමගයි ''
''අනිත් අයට තමන් කැමතිනම් විසිර යා හැකියි ''

කියල සාකච්චාව පටන්ගන්න ඕනෙ පස්සෙ ඔයා ට අවශ්‍ය දෙයක් ඒ කෙනාගෙන් අහන්න පුලුවන් . හැම විමසීමකටම පස්සෙ පිලිතුරු සැපයීමට ප්‍රමානවත් තරම් කාලයක් නිශ්ශබ්ධව ඉන්න ඕනෙ . ඒවගේම අවසානයේ සියල්ලන්ටම විසිරීයන ලෙස කියන්නත් ඕනෙ
. මේ ක්‍රමේ ඒනිසා ගොඩක් අනතුරු අඩුයි

මේක තමයි ගොඩක්ම ලේසියෙන් ආම්පන්න අඩුවෙන්ම පාවිච් කරල කරන්න පුලුවන් එකම විදිහ

කරද්දි හැමතිස්සෙම එකම තැනක් තෝරගන්න
කඩින් කඩ කරන්න යන්න එපා (අද කරා හෙට කරන්නෙ නෑ ආයෙ අනිද්ද කරනව වගේ)
අහන ප්‍රශ්න පැහැදිලිව අහන්න .
පිලිතුරු සපයන්න කාලයක් දෙන්න .

මේක තිබ්බෙ අධිමානසික විද්‍යාව ගැන තිබුනු පොතක මේ ක්‍රමේ කාටවත් කියන්න නෙවෙයි හිටියෙ දැන් කිව්වනෙ ප්‍රතිඵල ලැබුනොත් අපිව දැනුවත් කරන්න

Jul 31, 2014




බේකර් විදියේ ගෙදර බෙල් එක වැදුණේ මහ පාන්දර උදේ දහයට විතර.. නිගමනවලට අනුව හෝම්ස් දන්නවා ආවේ කවුද කියලා.. කොටින්ම ඒ වොට්සන්.. හෝම්ස්මයි උදේම එන්නයි කියලා FB එකට මැසේජ් එකක් දැම්මේ..

" මගේ මිත්‍රයා උදේ පාන්දරම වැඩ වගේ.."

" මොන වැඩද වොට්සන්.. වැඩට යන්න තමයි මේ එන්න කියලා මැසේජ් කලේ.. මේ එන වෙලාවද මනුස්සයෝ.."

" හරි හරි හෝම්ස්, කියන්න මොකද්ද මේ පාර ගැටලුව.. මිනිමැරුමක්ද?"

" නෑ, අතුරුදහන් වීමක්.."

" ඇත්තට, ආරංචියක්වත් ආවේ නෑනේ.."

" එහෙම වෙන්න එපැයි.. මේක ලන්ඩන් වල එකක් නෙමෙයි.."

" එහෙනම්.."

හෝම්ස් හාන්සි පුටුවට වෙලා පයිප්පෙට දුම්කොළ පුරවන ගමන් කතාව කියන්න පටන් ගත්තා..

" ලංකාවේ, සුදු නයෙක් නැති වෙලා.."

" සුදු නයෙක්.. එහෙනම් සෑහෙන වටිනවා ඇති.."

" නෑ වොට්සන්.. සුදුනයි කියන්නේ ඒ තරම් දුර්ලබවත් වටිනාකමින් වැඩි දෙයක්වත් නෙමෙයි.."

" ඔය ඇත්තමද?"

" මාත් දන්නේ නෑ.. එහේ අය තමයි කියන්නේ.. මෙහේ සුදු නයි නැහැනේ.."

" හරි ඉතින් මොකද වෙලා තියෙන්නේ?"

" මේකා මේ සූ එකේ හිටිය නයෙක්.. දැන් සතියකට විතර කලින් අතුරුදහන් වෙලා තියෙන්නේ.. කොටින්ම ප්‍රදර්ශනේට හිටිය එකෙකුත් නෙමෙයි.. අහල පහල කූඬු වල හිටිය අනිත් සත්තූ ඉද්දී මේකා විතරයි අතුරුදහන් වෙලා තියෙන්නේ.."

" එහෙනම් හෝම්ස් අපිට මේ නයා හොයන එක ලේසි වෙන එකක් නෑ.."

" නෑ වොට්සන්, ඒ ගැන කරදරයක් වෙන්න දෙයක් නෑ.. නයා හම්බුවෙලා.."

" මොකක්? කවුද උස්සලා තියෙන්නේ.."

" කවුරුවත් නෑ.. නයාම තමයි ඌ හිටිය කූඬුව ඇරගෙන ඌම එළියට ගිහින් ඒ පැත්තේ වටේ ඇවිදලා ආයෙම බඬගිනි උණාම සූ එකට ඇවිත් තියෙන්න්නේ.."

" මොනවා කවුද එහෙම කියන්නේ?"

" කියන්නේ නයාම තමයි.. ඔය පොලීසියට ප්‍රකාශයක් කරලා තියෙන්නේ?"

" මොකක්, පොලීසියට?"

" ඇයි වොට්සන් අමතක වුනාද.. මීට කාලෙකට කලින් ලන්ඩන් වලම තිබ්බ ලෝකේ හොදම පොලීසිය තෝරන තරගේ දින්නෙත් ලංකාවේ පොලීසියනේ.. ඇයි අර තඩි වලහා පිළිගත්තේ ඌ තමයි හාවා කියලා.."

" අහ් ඔවුමනේ.. මට අමතක වුනා.. දැන් හෝම්ස් ඔච්චර දක්ෂ පොලිසියක් ඉන්න රටේ අපි ගිහින් තවත් මොනවද හොයන්න තියෙන්නේ.. එයාලා අපෙන් මොනවද ඉල්ලන උදවුව.."

" නෑ වොට්සන් එයාලට අපෙන් උදවු නම් ඕන නෑ අපි එයාලගෙන් උදවු ගත්තත්.. මට මේ ඊයේ WWf එකෙන් ඊ මේල් එකක් දාලා තිබ්බා ගිහින් ඒ සතා ගැන වාර්ථාවක් අරන් එන්න කියලා.. ඒකයි මේ බැළුවේ.."

හාන්සි පුටුවේ හොදට දිගා වුන හෝම්ස් නළලත් රැළි කරන් ටිකක් වෙලා කල්පනා කලා..

" මොකද්ද හෝම්ස් ප්‍රශ්ණේ?"

" නෑ මම බැලුවේ ශ්‍රී ලංකන් එකේ ටිකටුත් ගනන්.. ඒත් නොගිහිනුත් බෑ.. මේ මාසේ ගෙවල් කුලී සල්ලි තාම දුන්නේ නෑ අපි එකේන් වත් ගිහින් එමු.."

" හා හෝම්ස්.. වෙන මොනවා කරන්නද?"

පැය නමයක් ගුවන් කාලය හෝම්ස් වොට්සන් දෙන්නට දැනුනේ ගමන පුරාම ගෙදර ඉන්නවා වගේ.. කිරිබත් කෑල්ලක් කන ගමන් එංගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් මැච් එකේ හයිලයිස්ට් ටිකත් බලාගෙනම හෝම්ස් වොට්සන් එක්ක ලංකාවට ආවා.. එයාර්පෝර්ට් එකෙන්ම ටැක්සියක් ගත්ත හෝම්ස් වොට්සන් එක්ක කෙළින්ම ගියේ දෙහිවල සූ එකට.. ගිහින් තමන්ව අදුන්නලා දීලා ආව කාරණාව ගැන හෝම්ස් අධ්‍යක්ෂ ජෙනරාල්ට පැහැදිලි කරලා දුන්නා..

" අහ්, මහත්තුරු ආව එක වටිනවා.. ඒත් දැන් ඒකේ හොයන්න දෙයක් නෑ.. නයා වරද පිළිගත්තා මහ රෑ පැනලා ගියේ ඌමයි කියලා.."

" ඒකනම් අපිත් දන්නවා.. ඒ උනාට අපිට නයාව බලන්න ඕන.. මොකද WWf එකට වාර්ථාවක් දෙන්නත් ඕනනේ.."

" එහෙනම් ඉතින් මෙහේ බලලා වැඩක් නෑ.. ගල්කිස්ස පොළිසියේ ගිහින් බලන්න වෙනවා.."

" ඒ මොකද?"

" වැඩිදුර පරීක්ෂණ වලට අරන් ගියා.."

හෝම්ස් වොට්සන් එක්ක ආයෙම ටැක්සියේ නැගලා ගල්කිස්ස පොලීසියට එන්න ආවා.. විස්තර පැහැදිළි කරාම ඔවුන්ට සුදුනයාව බලන්න විනාඩි පහක් හම්බුනා.. කළුවර කාමරේ හරි මැද පැද්දී පැද්දී තිබුන බල්බ් එකක් යට මේසෙක සුදු නයා දරණේ ගහන් හිටියා.. ඒ පෙනේ "ප" යන්නක් නැති තරම්..

" මොකද ඔය බෙල්ලේ තුවාල.. හරියට කාට හරි ලේ දීලා වගේ.."

හෝම්ස් පුටුවේ වාඩි වෙන ගමන් ඇහුවා.. සුදු නයා යන්තන් ඔළුව උස්සලා බැළුවා.. උගේ මූණේ තිබුනේ සෑහෙන්න මහන්සි පෙනුමක්.. එක අතකට කී දෙනෙක්ට කියලා ප්‍රකාශ නිකුත් කරන්නද..

" මට මතකත් නෑ හරියට මොකද උනේ කියලා.. මම යද්දී නම් මෙහෙම තිබුනේ නෑ.."

" ඇත්තටම තමන්මද කූඬුව ඇරගෙන ගියේ?"

" පිස්සුද මහත්තයෝ.. මම එහෙම කිවුවේ අර උදේ හවස මට කන්න මී පැටියෙක් හරි ගෙනත් දාන මිනිස්සු හතර දෙනාගේ රස්සාවල් ගැන හිතලා.. අර නිදන් හාරපු STF කට්ටියට වගේ තව ටික දවසකින් ඒ ගොල්ලන්වත් ආයෙම වැඩට ගනීවි.. එතකොට මේ ප්‍රශ්ණ ඉවරයි.."

" එහෙනම් මොක්ද තාම බයෙන් වගේ ඉන්නේ?"

" නෑ මහත්තයෝ මම මේ කල්පනා කලේ.. මම ඇවිද්ද තැන් පෙන්නන්න කියලා පොලීසියෙන් මාව ආයෙම එළියට එක්ක යාවිද කියලා.."

Jul 30, 2014





සුරාවට සුදූවට ඇබ්බැහි වූ පුද්ගලයන්ගේ ආශාවන් කෙළවර වන්නේ පිහි පහරකින් හෝ වෙඩි පහරකිනි. බමන මතින් ගම පුරා ඇවිද යන චණ්ඩින්ව කාලි මෑණියන් මෙල්ල කළ අවස්ථා එමට තිබෙන බව හලාවත මහා භද්‍රකාලි අම්මාන් කෝවිලේ මහේන්ද්‍ර සාමි පවසයි. මතට ලොල් වූ පුද්ගලයන් වැඩි වශයෙන් ඇදී යන්නේ සල්ලාල කෙම්බිම්වලටය. මිනිසා නොමිනිසා කරන සුරා සොඬුන්ට වැඩි ආයුෂ නොමැති බව අතීත සිද්ධීන්වලින් හෙළිදරව් වන බව මහේන්ද්‍ර සාමි පවසයි.

එවැනි අන්දමට ගමේ චණ්ඩින්ගෙන් පීඩා විඳින ගමේ සිටින රූමත් තරුණියන් ඔවුන්ගේ උපහාසයට ලක්වෙමින් හදවතින් හඬා වැටෙන විට ඔවුන්ගේ පිහිටට එන්නේ කාලි මෑණියන්ය. පතිවත රැකගෙන නිසොල්මනේ සිටින තරුණියන්ට කාලි මෑණියන්ගේ ආදරය ආරක්ෂාව නිරතුරුවම ලැබේ. එවැනි අන්දමට ගමක තිබූ සුරා තිප්පොළකට එන තරුණයන් දෙදෙනකු ගමේ සිටි සුරූපී තරුණියක පසුපස යමින් ආදර අන්දරයකට හිමිකම් කියන්නට උත්සාහ දැරූ අවස්ථාවකදී කාලි මෑණියන් හරස් වී ඔවුන් දෙදෙනාටම අවසන් ගමන් යන්නට පාර කැපීම පිළිබඳ අතීත සිද්ධියක් ගැන කියන්නට මෙම සතියේත් කටහඬ අවදිකර සිටියේ මහේන්ද්‍ර සාමිය.

"මම මේ කියන සුරූපී තරුණිය කඩුවෙලට නුදුරු ප්‍රදේශයක නැන්දණියක සමඟ ජීවත් වූ තරුණියක්. එයාගේ ඥාති නැන්දණියගේ තනියට ඒ නිවෙසේ ඇයව නතර කළේ ඇයගේම මවුපියන්. එයාගේ නැන්දණිය ගමේ අයගේ පිළිගැනීමක් තිබුණු මැදහත් කාන්තාවක්. ඒ නිසාම ගමේ කිසිවකු ඇයට කිසිදු කරදරයක් කළේ නැහැ. ඒ නැන්දණියත් මේ තරුණිය තමාගේම දරුවකු වගේ රැකබලා ගන්නේ ඇය එයාගේ එකම සහෝදරයාගේ දියණිය නිසා. මේ නැන්දණියත් ඒ දියණියත් නිතර නිතර කාලි කෝවිලට ආ-ගිය දෙන්නෙක්. කාලි කෝවිලට එන්න බැරිවුණු මාසවලදී ඒ අය නවගමුවේ කාලි කෝවිලට යනවා. ඒ තරුණියත් වැඩි වයසක් ඇති තැනැත්තියක් නොවෙයි. ඒත් ඒ කාලෙම ඇයට එයාගේ මිත්තණියගේ බැල්ම තියෙනවා කියලා ගම් පළාතේ දේවාලයක අයෙක් කියා තිබුණා. ඒ නිසාදෝ මේ තරුණිය අපේ කාලි කෝවිලට ආ දවස්වලදී මිත්තණිය එයාගේ ඇඟට ආරූඪ නොවුණත් එයාගේ කතා විලාසය ස්වරූපය වෙනස් වී තිබුණු සේයාවක් මට දකින්නට ලැබුණා. ඒත් එයාට මියගිය මිත්තණිය කරදර කළේ නැහැ. මෙහෙම කාලයක් ගතවෙද්දී අර නැන්දණියගේ ගෙදර ආසන්නයේ තිබුණු සුරා තිප්පොළට ආව අල්ලපු ගමේ තරුණයන් දෙදෙනෙක් සල්ලාලකමට මේ ගෙදර තරුණියට බැල්ම හෙළන්න පටන් ගත්තා.

හැමදාම සවසටත් මේ දෙන්නා බීමත්ව මේ තරුණිය ඉන්න ගේ ළඟ රැඳෙමින් තරුණිය එළිමහනට එනතෙක් බලා සිටියා. ඒත් ඒ තරුණිය නැන්දණියගේ රැකවරණ මත සිටියා මිසක් ගෙයින් පිට ඇවිදින්න ගියේ නැහැ. ඒත් නැන්දණියගේ වුවමනා එපාකම්වලට ඇය ළඟම තියෙන කඩමණ්ඩියට යන වෙලාවල් බලලා ඔවුන් දෙදෙනා මේ තරුණිය පසුපස එමින් උසුළු විසුළු කළා. පාසල් ගමන අවසන් වෙලා රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්න මේ තරුණියට අර සල්ලාලයන් දෙන්නාගෙන් එල්ල වන කරදර අඩුවක් වුණේ නැහැ. ඒ කරදරය දවසින් දවස වැඩිවෙන්නට පටන් ගත්තා. නිතරම බීමත්ව හැසිරෙන මේ චණ්ඩි දෙන්නටම එකම තරුණියකට පෙම්බැඳ වැඩක් නැහැ කියන එකවත් සිතුණේ නැහැ. ඒ අයගේ සල්ලාල මනස ඒ තරම් අවුල් වෙලයි තිබුණේ. ඒ තරුණියගෙන් ආදරය ඉල්ලීම කෙසේ වෙතත් දෙන්නටම වුවමනා වූයේ ඇය තනියම කොටුකරගෙන ඇයට අතවර කරන්න. ඒක ඒ අය ගමේ තරුණයන් කීප දෙනකුටත් කියලා තිබුණු වග මේ තරුණියටත් ආරංචිවෙලයි තිබුණේ. ඒ නිසාම ඇය මේ චණ්ඩිගෙන් අරක්ෂා වෙන්න නොගත් උත්සාහයක් නැහැ.

සමහර දිනවලට බොරුවක් ගොතාගෙන මේ තරුණියගේ ගෙට ගොඩවදින ඒ තරුණයන් දෙන්නා නැන්දණියගෙන් අහල පහළ ඉඩම්වල ගණන් අහමින් වැඩි කාලයක් ගෙයි මිදුලෙ ගතකරන්න උත්සාහ ගත්තා. ඒත් ඒ සියල්ල තේරුම් ගත්ත මේ තරුණිය තමන් තුළ ඒ අය ගැන අබමල් රේණුවක ආදරයක් නොමැති නිසා ඒ කරදර ගැන නැන්දණියට කියන එක පමා කළා. මොකද ඒ වගක් කීවොත් නැන්දණිය බියවෙයි කියලයි ඇය එහෙම කළේ. ටික දිනකදී අර කසිප්පු තිප්පොළට එන චණ්ඩි දෙන්නා එකිනෙකා අතර තිබූ හොඳ හිත නැතිව ගියා. ඒකට හේතු වුණෙත් මේ තරුණිය බෙදාගන්න බැරිකම. ඔවුන් දෙන්නා එකිනෙකාට හොරෙන් කසිප්පු තිප්පොළට ඇවිත් සුරා මතින් තරුණියගේ ගේ ළඟින් ගිහින් ඇය දැකගන්න උත්සාහ කළත් ඒ සියලු උත්සාහයන් බිඳ වැටුණා. දිනක් මේ තරුණිය රෙදි මිලදී ගන්න නිවෙස ආසන්නයේ නගරයේ රෙදි සාප්පුවකට ගිහින් රෙදි තෝරමින් සිටියදීත් මේ දෙන්නා ඇය පසුපස ගිහින් ආදරය ඉල්ලා ඇය ඉදිරියේ කන්නලව් කළා. ඒ වෙලාවේ ඇයට ඇතිවුණේ හරිම බියක්. මේ තරුණිය ඒ දෙන්නගෙන් ගැලවිලා ගෙදර ගියේ බොහොම අමාරුවෙන්. දැන් මේ තරුණියට වෙච්ච දේ ගැන නැන්දණියට නොකියා ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. එයා මේ කරදරය කාලි මෑණියන්ට භාර කළා.

එහෙම කරලා ඒ තරුණිය කාලි මෑණියන් වෙනුවෙන් පහනක් වෙන් කළා. ඔය අතරෙදි එයාගේ පසුපස අදෘශ්‍යමාන සෙවණැල්ලක් මෙන් සිටින මියගිය මිත්තණියගේ ආත්මයේ ආරක්ෂාවත් ඇයට ලැබිලා තිබුණා. ගමේ චණ්ඩි දෙන්නා කොයි මොහොතක හෝ මේ තරුණිය පැහැරගෙන ගිහින් අතවර කරන්න පවා සැලසුම් කළා. ඒක ඒ දෙන්නා මේ තරුණියට උසුළු විසුළු කරමින් පසුපස යන අවස්ථාවකදී ඒ ගැන කියමින් ඇයව බියවැද්දුවා. ඒත් මේ තරුණිය ඒවායින් සැලුණේ නැහැ. එක් අවස්ථාවක මේ තරුණිය මේ චණ්ඩි දෙන්නගේ මුහුණටම කීවේ නොලැබෙන දෙයකට හඬා පලක් නැහැ කියලයි. ඒ වචනය නිසා තව තවත් ඒ දෙන්නා මේ තරුණිය සමඟ වෛර බැඳ සිටියා. මේ සිද්ධීන් මෙහෙම පෙළගැසෙද්දි මේ තරුණියගේ ඥාතියකු මාර්ගයෙන් එයාට ජෝර්දානයේ විදේශ පවුලක් සිටින නිවෙසක විදේශ රැකියාවක් ලැබුණා. ඒත් එහෙ යන්න මේ තරුණිය සූදානම් වෙන බව මේ තරුණිය ගමට පවා වසං කළා. ඒ මොකද ඒක ගමේ චණ්ඩි දෙන්නට ආරංචි වුණොත් මේ තරුණියට අනතුරක් වේවි කියල. ඒ දේ රහසක් ලෙස තියාගත්තේ. කොහොම නමුත් මේ තරුණියගේ ආදරය බලෙන් හරි ගන්න බැරි වුණොත් නැන්දණියගෙන් හරි පළිගන්නවා කියලා මේ චණ්ඩි ගම පුරා ආරංචි පැතිර හැර තිබුණා.

ඒ වගේම මේ චණ්ඩි දෙන්නා එක් අවස්ථාවක මේ තරුණියගේ ගෙදරට ගල්මුල් ප්‍රහාරයක් පවා එල්ල කර තිබුණා. ඒ තරුණියගේ නැන්දණිය මේ චණ්ඩි දෙන්න එයාගේ ඥාති දියණිය පසුපස එමින් ගෙනයන වියරු සිහිනය ගැන හරියට දැනගත්තේ මේ තරුණිය ජෝර්දානය බලා යන්න සතියකට පෙර. ඒත් එයා දෙවියන්ට මෙන්ම ඒ අය අදහන කාලි මෑණියන්ට ඒ අයගේ ආරක්ෂාවත් ජීවිතත් භාරදීලයි තිබුණේ. මේ තරුණිය ජෝර්දානය බලායන්න කලින් ඒ අයගේ ගම ආසන්නයේම තියෙන කාලි දේවාලයට ගිහින් එයත් එයාගේ නැන්දණියත් ආරක්ෂා කරලා දෙන්න කියලා කාලි මෑණියන්ට පඬුරු ගැටගහලා භාර වුණා. තමන්ට කරදර කරන චණ්ඩි දෙන්නගෙනුත් නැන්දණිය ආරක්ෂා කරලා දෙන්න කියලා තරුණිය ගමේ දේවාලෙ පොල් ගහලා ඊට පසුදාම ඇය ජෝර්දානය බලා පිටත්ව ගියා. ඒ වගේම නැන්දණියගේ නිවෙසේ ආරක්ෂාවට එයාගේ සහෝදරයන් දෙන්නෙක් තවත්තලා යන්නත් ඒ තරුණිය අමතක කළේ නැහැ.

මේ තරුණිය ජෝර්දානයට ගිය ආරංචිය මේ චණ්ඩි දෙන්නට ආරංචි වූයේ සති දෙකකට පස්සෙ. ඒ ආරංචියත් සමඟ මේ චණ්ඩි දෙන්න අතර තිබුණු හොඳ හිත බිඳවැටිලා දෙන්නට දෙන්නා නයි පොළොංගු වගේ විරසක වුණා. මේ සේරටම මුල ඒ දෙන්නා කියලා දෙන්නට දෙන්න රණ්ඩු කරන්න වුණා. ඒ විරසකය කෙතරම් දුරට දුරදිග ගියාද කීවොත් දිනක් කසිප්පු තිප්පොළකදීම දෙන්නට දෙන්නා ගුටිබැට හුවමාරු කරගෙන එක්කෙනෙක් අනෙකාට පිහියෙන් ඇන ඝාතනය කළා. අනෙකා බන්ධනාගාරයට පියමං කළා. තහනම් ආදරයක් බලෙන් ලබාගන්න තරුණියන්ට කරදර කරන චණ්ඩින්ට කාලි මෑණියන් දඬුවම් දෙන්න වැඩි කලක් ගතනොවෙන බව මේ සිද්ධියෙන්ම පෙනෙන්නට තියෙන දෙයක්."
මහේන්ද්‍රසාමි කතාව අවසන් කළේය



මෙම සිදුවීම 1998 වසරේ සිදුවූවකි! සිදුවූයේ වෙනදා මෙන්ම මගේ බාප්පා කෙනෙකුටය. කණගාටුවට කරැන නම් මේ ගැන වැඩිදුර අසා දැනගැනීමට නන්දලාල් බාප්පා අද ජීවතුන් අතර නැති වීමයි. මේ කතාව මට කියන්නෙ උවිඳු මල්ලී බවද මතක් කල යුතුමය.

සිදුවීම සිදුව ඇත්තේ 1998 වසරේ දෙසැම්බර් මසය.කළුතර නගරයේය. එදින පවුලේ සියලු දෙනාම විනෝද චාරිකාවක් ගොස් නිවසට පැමිනෙන විට රාත්‍රී දොලහද පසුවී තිබුනි. උවිඳු මල්ලිව නංගිව සහ පුන්චි අම්මාව පැමිණි වෑන් රියේම නිවසට පිටත් කර හැරි බාප්පා මගින් රියෙන් බැස ඇත්තේ සිය සහෝදරයාගේ නිවසෙහි දමා ආ යතුරැ පැදිය ගෙන යාමේ අදහසිනි. යතුරැපැදිය ගෙන ආපසු එන විට රාත්‍රී එකද පසුවී තිබුණි එන මග වැටී තිබුනේ  කියු පරිදි නම් හිමිදිරියාව කනත්ත ඉදිරිපිටිනි.

හිමිදිරියාව සොහොන් බිම දිවා කාලයේ මනරම් දසුනකි එක් පසෙක වෙල්යායත් ඉහලට දිවෙන රබර් වතුයායත් නිසාවෙන් එහි කුඩා ගුප්ත බවක්ද නැතුවාම නොවේ. බාප්පා කනත්ත ඉදිරියට එනවාත් සමගම වාගේ කනත්තයේ තාප්පයෙන් පිටට පැනගත් මිනිසෙකු පාර හරහා දිව යනු දැක ඇත. ඔහු තිගැස්සී ඇත්තේ මෙම මිනිසා යතුරැපැදි ලාම්පු එලියට හසුවූ විගස අතුරැදන්ව ගොස් නැවත ලාම්පු එලිය නැති පාරේ අනෙක් කොනින් මතුවී සිටි බැවිනි එතැනින්ද නොනැවතී මේ මිනිසා අනෙක් පස වූ වෙල් යායට පැන ඒ දිගේ ද දිවයන්නට විය. දුටු දෙයින් බාප්පා තවත් බියට පත්වී ඇත. වෙල්යාය හරහා දිව යන මිනිසාගේ පය වදින තැන ගොයම් ගසක්වත් නොසෙල්වෙයි. කොටින්ම මිනිසාට තවදුරටත් පාද ඇති බවක් වත් නොපෙනෙයි. එපමනක්ද නොව තවත් පුදුමයක් නම් මිනිසා කෙතරම් ඈතට දිව ගියද ඔහුගේ සිරැරේ ප්‍රමානය කුඩා වී නොපෙනීමයි .

කෙසේ හෝ වෙල් යාය හරහා රබර් වතු දෙසට දිව යන මිනිසා දෙස කෙලින් බැලීමට පවා බියවූ බාප්පා ඒ දෙස හොරැහින බලමින් කෙලින්ම ගොස් ඇත්තෙ සිය මහ ගෙදර වෙතය.
එහිදී සීයා හමුවේ සිදුවූ සියල්ල හෙලිකර නැවත සීයාවද යතුරැපැදියේ නංවාගත් බාප්පා වැඩිදුර පරිකෂාකර බැලීමට නැවතත් කනත්ත වෙත හා උඩහ රබර් වතු වෙතද ගොස් සොයා ඇත නමුත් මිනිසෙකු ගැන කිසිඳු හෝඩුවාවක් නොවූ බැවින් ඔවුන් නැවත නිවසට එන විට උදෑසන දෙකද පසුවී තිබුනිලු.

ඒවගේම කියවල කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා ............!

Jul 18, 2014




හැමෝගෙම කතා කියවන එකේ ඕන් ඉතින් මමත් හිතුව මගේ අත්දැකීමුත් එකතු කරන්න. මේක උනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. අපේ මල්ලි ගෙයක් කුලියට ගත්ත එයාගේ ගාර්මන්ට් ෆැක්ටරි එක දාන්ඩ කියල. ඕක ටිකක් පරණ පහේ ගෙයක්. මෙය වැඩේ පටන් ගන්නකම් මම කිව්වා මම එහෙ නවතින්නම් කියල. මොකොද එක මම අමතර පන්ති කරපු තැනට බොහොම ළඟ නිසා රෑට උනත් යන එන එක පහසු නිසා. මේ ගේ වත්ත ගැන ටිකක් කියන්න ඕනේ. ගේ පිටිපස්සේ වත්ත කෙලවරේම තමා ලිඳ තිබ්බේ. එතන තිබ්බ තව කෙසෙල් ගස් ගොන්නකුත්. ඉතින් ඔය ටික එකතු උනාම ගොම්මන් වෙලාවට ඔතන ටිකක් පාලු මුසල ගතියක් තිබ්බ. මම ගිහින් පලවෙනි දවසෙම මම හවස පන්ති ඇරිලා ඇවිත් කුස්සිය පැත්තේ දොර ඇරියම එක පාරට මහා අමුතු ගඳක් අවා. හරියට කුකුල් කොටුවක ගඳක් වගේ. මට අමුත්තක් දැනුන නිසා මම දොර වහල කාමරේට ගියා. මම හිටපු කාමරේට යන්න තියෙන්නේ කෑම කාමරේ පහු කරගෙන සාලය හරහා ගිහින්. මම කාමරේට යනකොට අර ගඳ කාමරේ. මට එක කෑම කමරේදී වත් සලේදී වත් අවේ නැහැ. පොඩ්ඩක් විතර හිතට අමුතු නිසා මම කෝකටත් කියල පිරිත් කියල පන්සිල් අරගෙන නිදා ගත්ත. පහු වෙනිදා නැගිටලා මගේ ඔ ලෙවල් පන්තිය උදෙන්ම තිබ්බ නිසා පන්ති ගිය. ආයේ ඕක මතක් උනේ නැහැ.එදා දවසෙම පන්ති. ඉවර වෙනකොට 7 විතර උන. ඉතින් හරිම මහන්සියෙන් ගෙදර ඇවිත් කලුවරේම දොරත් අරගෙන සාලේ ලයිට් දල කුස්සියට ගිහින් එකේ ලයිට් එකත් දැම්ම. දැම්ම ගමන් ලයිට් එක ගස්සෙන්න ගත්ත. හරිම අමුතු සද්දෙකුත් එක්ක. බලපු හොල්මන් ෆිල්ම් එකක් වගේ. මට තේරුණා ඉතින් වැඩේ. මේ කවුරු හරි අයිති කාරයෙක් ඉන්නවා කියල. ඉතින් මම කතාකරල කිව්වා මේ ගේ ඔයාගේ මට එපා. මම ඉන්නේ ටික කාලයයි. ඒ ඉන්න ටිකේ මට ඉන්න දෙන්න මම බන භාවනා කරන කෙනෙක් ඔයාට පින් දෙන්නම් කියල. එහෙම කියල ලයිට් එක ඔෆ් කරලා ආයේ දැම්ම. කිසි අවුලක් නැහැ. වැඩ. මම ඉතින් එදා ඉඳන් හැමදාම හවස කොයිතරම් මහන්සිවෙලා අවත පහන තියල මෛත්‍රී භාවනා කරලා පිරිත් කියල පින් දෙනවා. මට එයින් පස්සේ කිසිම කරදරයක් උනේ නැහැ. හැබැයි මම හවස ලිඳ පැත්තට යන එක නම් නැවැත්තුව. එකටත් හේතුවක් තියනවා. ඒකයි මගේ මලය ඔතන ෆැක්ටරිය පටන් ගන්න ගිහින් උන දේයි ආයේ දවසක කියන්නම්.



මේ කියන කතාව උනේ මාතර කඹුරුපිටිය පැත්තේ. කට්ටිය දන්නවනේ ඒ පැත්ත ගුරුකම් වලට ප්‍රසිද්ද පැත්තක් කියල. ඔය පැත්තේ ගමක හිටියලු කට්ටඩියෝ දෙන්නෙක්. මෙයාල තාත්ත - පුතා වෙන්නේ නෑකමින්. මෙයාල දෙන්නම නම් දරපු දක්ෂ කට්ටඩියෝ. නමුත් මෙයාලගෙන් වැඩිමල් කට්ටඩිය ඒ කියන්නේ තාත්ත කොඩිවින අනවින වගේ නපුරුදේවල් කරනවා . පුතා එවගේව කරන්නේ නැහැ. එය හොඳ දේවල් විතරි කරන්නේ.
දවසක් මේ පුතා ලඟට ආවලු ඒ එහා පැත්තේ ගමක පව්ලක් ඒගොල්ලෝ ගේ පවලට කව්ද මන්ද කොඩිවිනයක් කරලා ඒ පව්ලේ 1 කෙනෙක් මේවෙනකොටත් මැරිලා ඉතින් මේ මිනිස්සු තොවිල් වගේ ඒවත් ඇති පාඩම් කරලා කරලා මේවෙනකොට බංකොලොත් වෙලා. ඉතින් මෙයාල ආපුගමන් කට්ටඩි පුතාට මේ බව තේරුනාලු. එයා එබැව දැකල නිමිති බැලුවම දැක්කලු මේ පව්ලට කරලා තියෙන්නේ එසේ මෙසේ බන්දනයක් නොවන බව. ඒ බන්දනයේ හැටියට පව්ලේ කට්ටිය මැරෙනවා මැරෙන මැරෙන එක්කෙනා පෙරේතයෝ යක්කු වෙලා ඒ පව්ලේ යම වනසනවා . හිතන්න එන්න එන්න මේ කොඩිවිනය දරුණු වෙන 1 ඉ වෙන්නේ . ඉතින් මේ කට්ටඩිය (පුතා) ට මේ අය ගැන අනුකම්පා හිතිලා කිව්වා මේක දරුණු බන්දනයක් ,එයා මේක කපන්නම් එයට මේකට සල්ලිත් එපා. හැබිය් මේක කපල පැය 24 ක් යන්න කලින් මේක කරපු කට්ටඩිය මැරෙනවා. කියල , මොනවා කරන්නද ඒමිනිස්සුත් වැඩේට කැමති උනා.
දැන් තොවිලේ අර මිනිස්සුන්ගේ ගෙදර කෙරීගන යනකොට අන්තිමට ගෙඉ මුලිකය පැදුරක හන්සිකරවල බඩ උඩ පුළුල් ගෙඩිය තියල මතුරන ගමන් පුහුල කැපුවා. කපනවත් එක්කම ලේ ගොඩ ගොඩ දල පුහුලෙන් ගියා.කට්ටඩිය සිහිනතුව වැටුන . ගෙදර මිනිස්සුත් හිතුවේ මුලිකය මැරුණම තම කියල. නමුත් ඒ මනුස්සයට කිසිම කරදරයක් නැහැ. පස්සේ කට්ටඩියට සිහිය අවට පස්සේ එයා උදේ තේ 1 වත් නොබී ගෙදර ගියේ අමුත්තක් දැනුන නිසා.
ගෙදර යනකොට කට්ටියක් වටවෙලා ගෙදර ට
මෙය ගෙදර යනකොට එයාගේ තාත්ත පන අදිනවා නාහෙන් කටින් ලේ යනවා සෙම වැක්කෙරෙනවා. නමුත් එයාට හොඳ සිහිය තියනවා. පුතා ආව බව දන ගත ගමන් එයා පුතාගෙන් ඇහුවලු "පුතේ උඹ අහවල් ගමේ කොඩිවිනයක් කැපුවද කියල " එයා ඔව් කිව්වම අර මනුස්සය "එහෙනම් පුතේ මම ඉවරි උඹ අම්මව හොඳින් බලාගනින් " කියල ලේ පෙරගෙනම මැරුණා. අනේ මක මම කෙටුවේ හරිම අමාරුවෙන්. කව්රුහරි උපුටා ගන්නවානම් මගේ නම දන්නා අමතක කරන්න එපා හොඳේ.

Mar 28, 2014


ජිනදාස උත්සහවන්ත මෙන්ම කඩිසර ගොවියෙකි. උදෑසනම නැඟිට කුඹුරට යන ඔහු පොළොවට කළුවර වැටෙන තෙක්ම කැත්ත, උදැල්ල සමග වෙහෙසෙන්නේ අක්කරයකට ආසන්න කුඹුරේ සියලූ වැඩ කටයුතු සිදුවූයේ ඔහුගේ තනි මහන්සියෙන් වූ නිසාය. දරුවන් තිදෙනකුගේ පියකු වූ ජිනදාස මැදිවිය ඉක්මවා සිටියද පිරිපුන් ශරීරයකින් යුතු පුද්ගලයෙකි. සමනළගිර පෙනෙන මානයේ ගමක පදිංචිව සිටි ඔහු අවාරයේදී වැටෙන වැසි සමගම ඇළ අමුණු ප‍්‍රචණ්ඩ වන අයුරු පිළිබඳ හොඳින් දැන සිටියේය. තම ශ‍්‍රමය මෙන්ම තම ජීවිතය බඳු වූ කුඹුරුයාය රැුකගැනීම මෙවන් වකවානුවකදී දැඩි වෙහෙසක් දැරිය යුතුය. ඒ නිසාම රාත‍්‍රී නින්දට පෙර නියරවල් කැඞී බිඳී ගොස් ඇතිදැයි කියා බැලීම ඔහු පුරුද්දක් ලෙසින් කළ කාර්යයකි. එදිනද ජිනාදාස රාත‍්‍රී නමයට පමණ කෑලි හතරේ විදුලි පන්දමද ගෙන කුඹුර දෙසට ගමන් කරන්නට විය.සිහින් සිරිපොදයක් සමඟම පැතිර තිබූ තරමක මිහිදුම, පරිසරයේ ඇති කළේ ගුප්ත බවකි. පොහොය ආසන්නව පැවතියද වැහි වලාකුළු වසාගෙන සඳ කිරණ පොළොවට පතිත වූයේ මළානිකවය. ඔහු සෙමෙන් සෙමෙන් කුඹුර දෙසට ගමන් කරන්නට විය. විදුලි පන්දමක් අත තිබුණද එය දල්වාගෙන යෑමේ පුරුද්දක් ඔහුට නොවුණි. ඔහුට ඒ පාර එතරම්ම හොඳට හුරුපුරුදුය. නිවසේ සිට මීටර් පනහක් පමණ දුරින් කුඹුර පිහිටා ඇත. අඩිපාර නිමවනුයේ මිල්ල ගහ අසල ඒදණ්ඩෙනි. ඒදණ්ඩෙන් එගොඩවත්ම ලියදි දෙකකට පමණ එපිටින් මඩකර වතුර බැඳ ඇති කුඹුරේ නියර මත අඩි දෙක තුනක් උසට කළු පැහැති යමක් ඇතිබව ඔහු ඈතටම දුටුවේය.ඒ ‘වන සතෙක් විය යුතු යැයි සිතූ ජිනදාස ඒදණ්ඩ අසල නැවතී ශබ්ද නොකර මොහොතක් බලා සිටියේය. සිරිපොද අතරින් වේගයෙන් හමාගිය සුළං පහර කඳු අතර වැදීමෙන් මතු වූ ගුප්ත දෝංකාරයත් සමග ඈතින් ඇසෙන උලමෙකුගේ කෑ ගැසීම පරිසරයේ ගුප්ත බව තව තවත් වැඩි කළේය.මලානික සඳ කිරණින් නියර මත සිටින්නේ වන සතකු නොවන බව තේරුම්ගැනීමට ජිනදාසට වැඩිවේලාවක් ගතවූයේ නැත. ඒ මිනිස් රුවකට සමාන රුවකි. ඒ රුව නියරේ වාඩිවී යම් දෙයක් අත්දෙකින්ම අල්ලාගෙන කන බවක් ඔහුට තේරුණි. සුළු මොහොතක් ඒ දෙස බලාගෙන සිටි ජිනදාස විදුලි පන්දම දල්වා ඒ දෙසට එල්ල කළේය.විදුලි පන්දමේ ආලෝකය වැදීමත් සමගම නියරේ වාඩිවී සිටි රුව නැඟී සිටියේය. එසැණින් ජිනදාසගේ සරුවාංගයම සීතල වී ගියේය. ඒ ඔහු ජීවිත කාලයටම දුටු බියජනකම දසුන වූ නිසාය. අවලස්සන ශරීරයක් සහිත විකෘති වී ගිය මිනිසකු වැනි සත්වයකු ඔහු දෙස බලා සිටියේය. විදුලි පන්දමේ ආලෝකයට ඒ අද්භූත මිනිසාගේ ඇස් විශාල වී දිලිසෙන්නට විය. කට අවට රත් පැහැ අමු ලේ බේරෙමින් ඇති අතරම ඔහුගේ අතේ හාවකු හෝ මීමින්නකු වැනි සත්වයකුගේ ශරීරයක කා ඉතිරි වූ අඩක් එල්ලෙමින් පවතියි.ඇඳුමක් හෝ කිසිදු දෙයකින් ශරීරය ආවරණය කරගෙන නොසිටි මේ අද්භූත සත්වයා එක්වනම යළි හැරී ටික දුරක් දිව ගියේය. ජිනදාසගේ විදුලි පන්දමේ සීමාවෙන් මිදුණු පසු යළි ඔහු දක්නට නොලැබිණි. ජිනදාසගේ සියොළඟම වෙව්ලන්නට විය. තමා දුටුවේ කුමක්ද?මිනිසෙක්ද? යකෙක්ද? කුඹුරට යෑම පසෙක දැමූ ඔහු යළි හැරී නිවසට පැමිණියේය. නිවසට පැමිණෙන විට ටිකින් ටික ඔහුගේ ශරීරය අප‍්‍රාණික වනබව ඔහුට දැනෙන්නට විය. නිවසට මඳක් ඈතදීම තම බිරිඳට කෑගැසුවේය.‘මැණිකේ... ඔහුට මතක එපමණය.ජිනදාසගේ කෑගැසීමට දිව ආ මැණිකේට දැකගත හැකිවූයේ කඩුල්ල ළඟ ඇඳවැටුණු තම සැමියාය. ඔහුව නිවසට ඔසවාගෙන පැමිණි ගමේ පිරිස සමග ජිනදාසව රෝහලට රැුගෙන ගියේය. වෛද්‍යවරුන්ගේ නිගමනය වූයේ ඔහු ක්ෂණිකව මතු වූ අංශභාග තත්ත්වයකට ගොදුරුවී ඇති බවය. දිගින් දිගටම මාස කිහිපයක් වෙදකම් කළද ජිනදාසට සුවයක් ලැබෙන බවක් පෙනෙන්නට නැත. අවසානයේදී නිවැසියෝ තොවිලයක් නැටීමට තීරණය කළහ.යකඳුරාගේ නිගමනය වූයේ ජිනදාසට සන්නියකු හදිකර ඇති බවය. විවිධ ලෙඩ ගෙනෙන සන්නියකුන් දහ අටක් වෙයි. රාත‍්‍රිය උදාවිය. ජිනදාසගේ නිවස ඉදිරිපිට තොරණ් හතක් ඉදිකර ඇත. ඉන් සතරක් දෙවියන් උදෙසාය මංගු, දොළ පත්තිනි, අලූත් පත්තිනි හා සිද්ධි පෙළ දේව සමාගම උදෙසා වූ තොරණින් වෙන්ව ඇති අනෙක් තොරණ යක් තොරණය.ප‍්‍රධාන කපුමහතා හා තවත් කිහිපදෙනකු ආතුරයා වූ ජිනදාසව ඔසවාගෙන පැමිණ තොරණ්වලට එපිටින් එලා තිබූ ආතුර පන්දල ලෙස හඳුන්වන පැදුරේ තැබීය. ආතුරයාගේ දෙපයට මෝල් ගසක් හා පොල් ගෙඩියක් තැබීම දහ අට සන්නිය නැටීමේදී කරනු ලබන්නකි.එකකට එකක් වෙනස් මුහුණු පැළඳගෙන යකුන් දහ අට දෙනකුගේ සන්නි නැටවීම නිමවන විට හිරු එළිය පොළොවට පතිත වෙමින් පැවතුණි. භූත, අභූත, අමුක්කු, ගෝත, කෝල ආදී ලෙසින් වූ සන්නි යකුන් ආතුරයාගේ අතින් දොළ ගෙන පිටව යති. හිරු එළිය පතිතවත්ම සිරස පාද කවි යකඳුරාගේ මුවින් පිටවුයේ ශාන්ති කර්මය අවසන්වන බව දැනුම්දීමටය.‘වරු තුනක් ආතුරයව තනි කරන්ඩ එපා. වරුතුනක් තොරණවල පහන් දල්වන්න ඕනේ. වරුතුනෙන් ලෙඩා නැගිටියි’ එසේ පැවසූ යකඳුරෝ පිටව ගියහ. මසකට අධික කාලයක් ප‍්‍රතිකාර කළද සුව නොවූ අංශ භාගය දින තුනකදී සුව වූ ජිනදාස අමාරුවෙන් යළි නැගී සිටියේය. එදා වෙලේදී සිදු වූ සිදුවීම ඔහු ගොතගසමින් පැවසුවේ ඉන් අනතුරුවය.

පහලින් comment එකක් දාගෙනම යන්නකෝ ..

May 16, 2013

මෙන් තව කතාවක්... මෙ කතාවත් කැගල්ල පැත්තේ සිද්ද වෙච්චි ඇත්ත කතාවක් අදටත් මෙ තැන මෙ වගේ දෙවල් සිද්ද වෙනවා.

ස්තානය කොළඹ නුවර පරේ අන්නාසිගල හන්දිය. මෙතන පොඩි තුම්මන් හන්දියක්. ප්‍රධාන පාරේන් විහිදිගිය අතුරු පාරක් තියනවා බොලගම පැත්තට යන්න. මෙ හන්දිය දවාලටනම් මිනිස්සු නිතරම යන එන ජනාකිර්න තැනක්. මෙතන තියෙනවා පෙඩි තේ කඩයක්, පාරේන් අනික් පැත්තේ එක ගොඩනැගිල්ලක තියෙනවා පොඩි සිල්ලර කඩයක් හා සමුපාකාර ප්‍රදේශිකයක්, එ වගේම තවත් පොඩි ගොඩනැගිල්ලක තියෙනවා දැල් ගහපු පොඩි සිල්ලර කඩයක්, එතන තමයි බස් හොල්ට් එක තියෙන්නේ එක පොඩියි. වැස්සට එහෙම ඉන්න බැ. අර දැල් ගහපු සිල්ලර කඩේ වහපු වෙලාවටත් එක ඉස්සරහා තියෙන ඉඩහි කිහිප දෙනෙකුට උනත් නොතෙමි ඉන්න පුලුවන්...

කතාව පටන් ගන්නේ මෙහෙමයි. මම අදුරන යහලුවෙක් දන්න කියන අන්කල් කෙනෙකුට තමයි මේ සිදුවිමට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙන්නේ. මේ අන්කල් දවසක්දා රැ පාන්දර 1ට විතර තමන්ගේ පුතාව ගමනක් පිටත් කරන්න තමන්ගේ මොටර් සයිකල් එකේන් අන්නාසිගල හන්දියට එක්කන් ඇවිදින් කොළඹට යන බස් එකක් අල්ලාගන්න. මේ වෙලාවෙ ටිකක් වැස්ස ගතියකුත් තිබිලා. ටික වෙලාවක් යනකොට බස් එකක් ඇවිදින් අර අන්කල් තමන්ගේ පුතාව බස් එකට නග්ගලා. එ නංගනකොටම බස් එකේ අනික් දොරේන් මනුස්සයෙක් බැහැලා. එ මනුස්සයා අන්කල් දිහා බලලා බස් එක ගියාට පස්සේ පාර මාරු වෙලා අර බොලගම පැත්තට යන්න තියෙන පාරේන් යන්න ගිහින්. එත් මේ අන්කල් වැස්ස අඩු වෙනකම් කියලා එතනටම වෙලා ඉදලා. මේ අන්කල්ට අර මනුස්සයා ගැන අමුත්තක් දැනිලා බලපු වෙලාවෙම.

මෙහෙම විනාඩි කිහිපයක් ඉන්නකොට අර මනුස්සයා අයෙත් අපහු ඇවිදින් හදිස්සියෙන් වගේ ඇවිදින් අන්කල්ට කිවාලු වැස්සට කලින් යන්න බැලුවෙ එක් වැස්ස වැඩි නිසා අපහු අවා කියලා. අන්කලුත් හිනාවෙලා ටිකක් කතා කර කරා ඉදලා ඔය අනම් මනන් ටිකක් රැ තනියෙන් ඉන්නවාට වඩා කවුරු හරි එක්ක ඉන්න එක හොදයිනේ කියලා. මේ කතාව අතර තමයි අන්කල් දැකලා තියෙන්නේ අර මනුස්සයා අත් දෙකට සුදු පාට අත් මෙස් දෙකක් දාගෙන කියලා. අන්කලුත් හිතලා. වැස්ස නිසා වෙන්න ඇති කියලා. ටික වෙලාවකින් අර මනුස්සයා අර අත් මෙස් දෙක ගලවලා අර දැල් කඩේ දැලක එල්ලලා. විනාඩි 20ක් විතර යනකොට වැස්ස පායලා. අන්කල් කඩ පිලෙන් එලියට ඇවිදින් බයික් එක ලගට ගිහිල්ලා අර මනුස්සයාවත් දාගෙන යන්න කියලා හිතලා අපහු හැරිලා බලලා එතකොට අර මනුස්සයා එතන ඉදලා නැ. කතාකර කර ඉදලා විනාඩියක් වත් යන්න කලින් අතුරුදහන් වෙලා. එච්චර වෙලාවක් අර දැලක එල්ලලා තිවුන අත් මෙස් දෙකත් නැහැ. අන්කල් ටිකක් බය වෙලා. එහෙම්ම බයික් එකේ නැගලා එක හුස්මට බයික් එකේ ගෙදර ඇවිදින්.
එකකොටත් දැනුනලු බයික් එකේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ එත් නොබලාම ගෙදර ඇවිදින්. මගදි කනත්තක් හම්බ වෙලා එ කනත්ත ලගදි බයික්එකේ බර අඩු වුනාලු පස්සෙන් කවුරු හරි ඉදලා බැහැලා ගියා වගේ.

අන්කල් ගෙර යනකොට හොදටොම උන ගැනිලා. පස්සේ බොධිපුජාවක් එහෙම කරනකොට අන්කල්ට සනිප වෙලා. ටික දවසක් ගියපුවාහාම අන්කල් දවල් වරුවක අර දැල් කඩේ ගාවට ඇවිදින් එ කඩේ මුදලාලිට විස්තරේ කියලා. පස්සේ ඒ මුදලාලි කියුවාලු එ කඩේ ලග රැට ඔය වගේ දෙවල් වෙනවා. කඩේ හවසට පිරිත්වත් දාන්න බැ කියලා. පිරිත් සි ඩි එකක් දාලා ගියොත් එලි වෙනකොට එ සිඩි එක වෙන තැනක විසික්කරලා තියනවාලු. හැබැයි කාටවත් තාම කරදරයක් නම් වෙලා නැ. බය වෙන එක හැරෙන්න.

මේ කථාව ටිකක් පරණ කථාවක්, අපේ මාම කෙනෙක් තමයි මේ කථාව මට කිව්වේ...

ඔන්න දවසක් මාමගෙ යාළුවො දෙන්නෙක් පාටි එකකට ගිහිල්ල රෑ 12ට විතර ආපහු තමන්ගෙ නවාතැනට පයින් එමින් හිටියලු. ඒ දවස් වල රෑට වැඩිය වාහන නැතිලු. මේ ගොල්ලො එච්චර හොල්මං විස්වාස කරන්නෙ නැති කට්ටියලු. මේ දෙන්න බොරැල්ල කනත්ත කිට්ටුවෙන් යනකොට වයසක සීය කෙනෙක් මේ දෙන්නට ඉස්සරහට හම්බ වේලා මේ දෙන්නගෙන් දැන් වෙලාව කීයද කියල අහල තියනවා. එක පොඩ්ඩක් වැඩි වෙලා හිටපු එක්කෙනක් "දැන් 12 පහු උනා විතරයි" කිව්වලු. අනිත් කෙනා සැර බීම බොන්නෙ නැති කෙනෙක්ලු. වෙලාව 12 කියපු ගමන් සීයාට පොඩ්ඩක් මළ පැන්න වගේ "මොනව 12 පහු වෙලා" කියල මේ දෙන්න දීහා කන්න වගෙ බලන්න ගත්තලු. අර හොඳ සිහියෙන් හිටපු යාළුවා දැක්කලු මේ සීයාගෙ මූණ එහම මහ භයානක විදිහට වෙනස් වීගෙන යන බව. ඒක නිසා ඒයා පැනපු ගමන් කිව්වලු. "මෙයාගෙ ඔරලෝසුවෙ වෙලාව වැරදියි 12ට තව වෙලා තියනව" කියල. ඊට පස්සෙ ඒ සීයා බොහොම සාමාන්‍යය විදිටහ "ආ.. ඇත්තද" කියල යන්න ගියාලු.

පස්සේ දවසක දවල් වෙලාව අර යාළුවො දෙන්න කනත්ත ලඟ කඩේකින් තැඹිලි බොන ගමන් එදා සිද්දිය ගැන ඒ දෙන්න කථා වෙලා තියනවා. ඒ කථාව අහගෙන හිටිය තැඹිලි කාරය කිව්වලු "මහත්තයල මොළේ පාවිච්චි කරල වැඩ කරල තියන නිසා නූලෙන් බේරිලා තියෙන්නෙ. මහත්තයලට ඔය හම්බ වෙලා තියෙන්නෙ හොල්මනක්. ඒ හොල්මන රෑ 12 න් පස්සෙ හම්බවෙන හැමෝමව මරල දානවා. මීට කලින් මිනිස්සු 5 දෙනෙක් ඔය හොල්මනට අහුවෙලා මැරිල තියනවා." කියල.
ඒක අහපු මේ දෙන්න තැඹිලි බොන එක පැත්තක තියල එන්න ඇවිල්ල තියනවා, තැඹිලි කාරයට සල්ලිත් දෙන්න අමතක වෙලා. තැඹිලි කාරය පස්සෙන් ඇවිල්ලලු සල්ලි ඉල්ලගෙන තියෙන්නෙත්.

තව අහගත්ත කථා තියනවා හෙමිහිට ඒවත් දාන්නම්...
ඔයගොල්ලොත් දන්න කථා තියනවනම් දාන්න....

සමහර කොඩිවින කපද්දි, කොඩිවිනය කපන්න වෙනමම තැනක් ඒක පටන් ගන්න කලින් හදනවලු. ඒකට කියන්නේ "පුරාලය" (වගේ නමක්) කියලලු. ඒක කොහෙද හදන්නේ කියල යකදුරාට කියන්නෙ නැතිලු. යකදුරා මතුරල ආවේස වෙලා පුරාලය තියන තැන හොයාගෙන එනවලු.
ඉතින් මේ වගෙ කොඩිවිනයක් කපන්න ලෑස්ති උන වෙලාවක පුරාලය හදන වැඩේ බාර දුන්නලු කොල්ලො සෙට් එකකට. මෙතන හිටියලු වැඩිය ඕව ගැන විශ්වාස කරන්නෙ නැති කොල්ලො කීපදෙනෙකුත්. ඉතින් මේ යකදුරා පුරාලය හොයාගෙන එන කථාව මුන් විශ්වාස කරන්නෙම නැතිලු. මුන් කියන්නෙ යකදුරාට කවුරු හරි පුරාලය තැන කියනව කියලමලු.
මෙහෙම කට්ටය වාද කරන අතරෙ මෙතන හිටපු එකෙක් මරු අදහසක් දුන්නලු. මේ කට්ටිය පුරාලය හදන්න ඉඳල් තියෙන්නෙ ගඟක් අයිනෙ. මෙ ගඟ මැද පොඩි දූපතක් තියනවලු. මේ ගොල්ලො කාටවත් කියන්නෙ නැතුව පුරාලය දූපතෙ හදන්නතීරණය කරාලු. ඔන්න දැන් පුරාලය හැදුවෙ දූපතේලු. මේ දුපතට ගං ඉවුර ඉඳල වැඩි දුරක් නැති උනාට පීනගෙන යන්න වෙන තරම් පොඩ්ඩක් ගැඹුරුයිලු. පුරාලය ගඟ ලඟ හැදුව කියල ඔන්න දැන් පනිවිඩයකුත් යැව්වලු.
‍යකදුරා ඔන්න දැන් මතුරල ආවේස වෙලා පුරාලය හොයාගෙන එනවලු. යක්දුරාගෙ පස්සෙන් අනිත් මිනිස්සුත් එනවලු. අර කොල්ලො ටික දැන් හැංගිලා මොකද වෙන්නෙ කියල බලාගෙන ඉන්නවලු. ඔන්න දැන් යකදුරා ගඟ ලඟට ආවලු. වට පිට බැලුවලු. අර කොල්ලො ටික දැන් කවටල් තදකරගෙන හිනාවෙනවලු. පස්සෙන් ආපු මිනිස්සු ටික දැන් අර කොල්ලොන්ව හොය හොය උන්ගෙ පරම්පරාව මතක් කරනවලු.
පොඩ්ඩක් වටපිට බලපු යකදුරා අර දූපත් දිහා බලාගෙන ගඟ පැත්තට ඇවිදගෙන ගියාලු. ඔන්න දැන් ගං ඉවුරටම ආවලු.
මෙන්න ඒපාර අර යකදුරා නවතින්නෙ නැතුව වතුර උඩින් ඇවිදගෙන පුරාලෙට ගියාලු හරියට පොළවෙ ඇවිදිනව වගේම. එතන හිටපු හැමොම මේක දැකල තියනවා.
කොහොම හරි අර කොල්ලො ටික එදා ඉඳල නම් ඔය යන්ත්‍ර මන්ත්‍ර ගැන විශ්වාස කරන්න ගත්තලු.

මට මේ කතාව කිව්වෙත් එතන හිටිය (ඒ කාලෙ ) කොල්ලෙක් තමයි. මටත් විශ්වාස කරන්න නම් අමාරුයි. ඒත් ඒ කතාව ඇත්ත කියල මට මේ කතාව කියන වෙලාවෙ එතන හිටපු තව කට්ටිය ස්ථිර කරා.....!!!

May 12, 2013

කැම්පස් හොස්ටල් වල සාමාන්‍යයෙන් 3-4 ක් විතර එක රූම් එකක ඉන්නවා (ඕක කොයි හොස්ටල් එකෙත් එකයි මයෙ හිතේ ). ඉතින් මේ කියන හොස්ටල් රූම් එකෙත් හිටියා 3න් දෙනෙක්. කිව්වම කෙල්ලො තුන් දෙනෙක් තමා හිටියේ. තුන් දෙනාම කොලඹින් දුර බැහැර පදිංචි කට්ටිය. දැනට අපි මේ තුන් දෙනාට ගයනි, සඳුනි, අරුණි කියමු. සති අග දිග නිවාඩුවක් ලැබුනොත් කවුරුත් ආස ගෙදර දුවලා එන්න කොච්චර දුර උනත්. කොහොමත් කොහෙ උනත් හොස්ටල් ලයිෆ් එක ඒ හැටි රසවත් එකකුත් නෙමෙයිනෙ. ඒ නිසා නිවාඩුවක් ලැබුනොත් ටුක් ගාල ගෙදර දුවන එක ඒකෙ හැටි.

මේ කියන දවස් වෙනකොට කැලැන්ඩර් නිවාඩුවකුත් එක්ක ටිකක් සති අග දිග නිවාඩුවක් වැටිලා තිබ්බා. ගයනිට ගමේ යන්න හිතුනත් මුදල් ප්‍රශ්න නිසා අනිත් දෙන්න නිවාඩුව තිබ්බත් ගෙදර නොයා ඉන්න හිතුවා. යාලුවො දෙන්නත් නොයන නිසා ගයනි සිකුරාදා රෑම ගමේ යන්න පිටත් වුනා. රෑ 12ට පිටකොටුවෙන් පිටත් වෙන දුර ගමන් සේවා බස් රථයක් අල්ලගන්න බලාපොරොත්තුවෙන් ගයනි පිටත් වුනේ. අනිත් දෙන්න ගයනිව පිටකොටුවට යන්න බස් එකකට ඇරලවලා ආයෙත් හොස්ටල් රූම් එකට ගිහින් පාඩම් කටයුතු වල යෙදුනා.

එදා දවසෙ කාලය ගෙවිලා දෙන්නා නිදාගත්තටත් පස්සෙ පාන්දර එකට විතර හොස්ටල් රූම් එකෙ දොරට ගහන සද්දයක් ආවා. විෂේශයෙන්ම කාන්තා නේවාසිකාගාරයකට කාටවත් අනවසරයෙන් ඇතුල් වෙන්න ලේසි නැති නිසාත් තවත් අහල පහළ රූම් වල ඕන තරම් කට්ටිය ඉන්න නිසාත් සද්ද්දෙට ඇහරිච්ච අරුණි

“කවුද ඔය …”

කියලා අහගෙනම දොර ලඟට ගියා.

“මේ ගයනි… බස් එක මිස් වුනා බං.. මං ආයෙත් ආවා……”

මෙහෙම කියාගෙන ගයනි රූම් එක ඇතුලට ආවා. ඒත් මූන ටිකක් සුදුමැලි වෙලා තිබ්බා.

“ඕකනෙ උඹට කීවෙ හෙට පලයං කියලා.. හොඳටම මහන්සි පාටයි ඒ නිසා අපි තේ ටිකක් බොමු……..”

කියලා උනුවතුර බෝතලේට දාල තිබ්බ තේ ටිකක් කෝප්ප වලට වත් කරපු අනික් යාලුවා.. දෙන්නට දීලා කතාවට වැටුනා.

තේ ටික බොන ගමන් තවත් ටික වෙලාවක් තුන් දෙනා කතාවට වැටිලා හිටියා. රූම් එකේ පුටු කියලා ජාතියක් නැති නිසා කට්ටිය ඇඳවල් මත වාඩිවෙලා තමයි කතාව දාගෙන හිටියෙ. “දැන් ඉතින් හෙට උදේ ආයෙ යන්නත් ඕන නිසා නිදියගනින් බං ” කියලා තේ බීපු කෝප්ප තුන අරගෙන සෝදල තමන්ගෙ ඇඳට ආපු සඳුනි, නිදියන රෙද්ද පොරවගන්න ගමන් ගයනිට ලයිට් එක නිවාදාන්න කිව්වා.

මේත් එක්කම ගයනිගෙ ස්පරූපය වෙනස් වෙන්න ගත්තා. තවත් සුදුමැලි වෙච්ච ගයනි යාලුවො දෙන්න දිහා අමුතු විදියට බෙල්ල කරකවලා දෙතුන් විටක් බලලා එක පාරට ඇඳේ ඉඳන්ම ලයිට් එකේ ස්විච් එකට තමන්ගෙ දිව දික් කරලා නිවා දැම්මා… !

මේක දැක්ක දෙන්නා හූ තියාගෙන කලන්ත වෙලා වැටුනා. සද්දෙට දුවගෙන ආපු අහල පහල රූම් වල අයයි ආරක්ෂක නිලධාරියොයි දෙන්නව රූම් එකෙන් එලියට අරන් අවශ්‍ය ප්‍රතිකාර දුන්නා. ඒත් තුන් වෙනියෙක් රූම් එකේ හිටියෙ නෑ. මේ කටයුතු වෙද්දි කට්ටියට ආරංචිය ලැබුනා, රෑ ගෙදර ගිය ගයනි පාන්දර 1ට විතර ලොරියකට හැප්පිලා අන්තරා වුනු බව. අනතුරින් කම්පනයට පත් ගයනිගෙ දිව කටින් එලියට ඇවිල්ලා තිබුනලු !


තොණ්ඩුවක් අතින් ගත් අද්භුත විනිශ්චයකාරයෙක්..!!!

බ්‍රිතාන්‍යයේ පාළු නිසසල ගමිමානයක සුවිසල් නිවසකි."විනිශ්චයකරුවන්ගේ නිවස" යනුවෙන් ගැමියන් අතර ප්‍රචලිතර මේ සුවිසල් මැදුර බොහෝ කලක් තිස්සේ වසා තැබීම නිසාදෝ දැඩි පාළු පෙනුමක් උසුලයි. නමුත් මේ කියන දිනවල දිවා කාලයන්හි එහි දොර ජනෙල් ඇර තිබෙණු රාත්‍රී කාලයන්හි පහන් දැල්වෙනුද පෙනෙයි. ඊට හේතුව තරුණ ලේඛකයෙකු වන "මැල්කමි" තම නවතම ග්‍රන්ථයක් ලියා නිම කිරීම පිණිස තෙමසකට මෙම නිවස භාරකරුගෙන් කුලියට ගැනීමය.
කලකදී වැරදි කරුවන්ට දරුණු දඩුවමි දීම පිළිබදව ප්‍රසිද්ධව සිටි විනිශ්චයකරුවකු ගේ නිවස වු මෙහි හොල්මන් අවතාර බහුලව ඇතැයි සැක කරන ගමිමුන් දිවා කාලයන්හි හෝ මේ නිවස පසුකර යාමට මැලි වන අතර "මැල්කමි: ටද ඒ පිළිබද අනතුරු ඇගවීමට උත්සුක වුහ. නමුත් හොල්මන් අවතාර පිළිබද මත තරයේ ප්‍රතික්ෂේප කළ මැල්කමි තම කාර්යය බාධා කිරීමකින් තොරව කිරීමට ස්ථානයක් ලැබීම පිළිබදව ප්‍රීතියට පත් වුයේය.


දින කිහිපයක් ගෙවී ගියේය. ඉදහිට රාත්‍රීරයට ඇසෙන මීයන් එහා මෙහා දිවෙන හඩ හැරුණු විට "මැල්කමි" ගේ කාර්යයට බාධා කෙරෙන අන් කිසිවක් නොවීය. විශාල නිවස දැවැන්ත මියන්ගේ පාරාදීසයක් බව නමි මැල්කමි ට වැටහී ගොස් තිබිණ.


ආහාර ගැනීමට අසල වු තානායමට යන මැල්කමි ඉතිරි කාලය ගත කළේ ග්‍රන්ථය ලිවීම පිණිසය. නිවස පිරිසිදු කරදීම පිණිස දිනපතාම උදය වරුවේ පැමිණෙන කාන්තාවද එසේ පැමිණෙන්නේ තමා විසින් ගෙවනු ලබන වැඩි වැටුප නිසා මිද කැමැත්තකින් නොවන බවද මේ වන විට "මැල්කමි" ට පැහැදිලිව වැටහී ගොස් තිබිණ.


වැසි බර රැයක් ආරමිභ විය. දැඩි සුළගක් හමා ගියේ ගත කිලි පොලා යන සීතලයක්ද සමගිනි. "මැල්කමි" තම ග්‍රන්ථය ලිවීමෙහි නිරත වී සිටියද සුළගෙහි හා දැඩි වර්ෂාවෙහි ශබීදය ඹහුට සිත එකග කර ගැනිමට මග අවුරා සිටියේය.
නිවසෙහි විශාල විසිත්ත කාමරයේ පසෙක වු මධ්‍යම ප්‍රමාණයේ කාමරයක වු ජනේලයක් කීප වරක්ම මහ හඩින් ඇරෙනු වැසෙනු ඇසුනු මැල්කමි එම කාමරයට ගියේ ජනේලය වසා දමනු පිණිසය.


දොර වසා තිබු කාමරයේ දොර විවර කොට විදුලි පහන දැල්වු "මැල්කමි" බිත්තියෙහි තැනින් තැන රාමු කර එල්ලු සිතුවමි සහිත කාමරයෙහි ජනේලය තදින් වසා දැමුවේය. ආපසු කාමරයෙන් පිට වන්නට පෙර ඹහුගේ දෙනෙත කාමරයෙහි පසෙක වු සිතුවමක් වෙත එල්ල විය. පැරණි පන්නයේ ඇදුමකින් සැරසී පුටුවක වාඩිවී සිටින ප්‍රභූවරයා දැඩි රළු මුහුණකින් යුතු වු අයෙකි. සිතුවම දෙස බැලු ඹහු දොර අසලට ගියේ කාමරයෙන් පිටවිමටය. දොර අසලදී ආපසු හැරී බැලු ඹහු නෙත ගැටුණු දර්ශනයෙන් විමතියටත් භීතියටත් පත්විය. සිතුවමෙහි වු ප්‍රභූවරයාගේ රුව අතුරුදහන් වී තිබුණු අතර ඒ මත දිස් වුයේ විශාල ලේ පැල්ලමකි.


කර කියා ගත හැකි දෙයක් සිහි නොවු "මැල්කමි" වහා කාමරයෙන් පිටවී හඩ නගා දොර වසා දැමුවේය. ඊ ළග මොහොතේ නෙත ගැටුනු දර්ශනය ඹහුගේ බිය දෙගුණ තෙගුණ කළේය. තම සියොළග වෙවිලනුත් නළලට දහදිය උනනුත් "මැල්කමි" ට දැනිණ.


විසිත්ත කාමරයේ වු කැටයමි සහිත විශාල පුටුව මත සිතුවමෙහි වු ප්‍රභූවරයා වාඩි වී සිටියේ ගිනි පුළිගුවන් වියරු දෙනෙතින් "මැල්කමි" දෙස බලමිනි. දැඩි කුරිරු බවක් රැදුණු ඹහුගේ‍ බැල්මෙන් භීතියෙන් මුසපත් වු "මැල්කමි" ගේ බැල්ම ප්‍රභූවරයාගේ සුරතෙහි වු තොණ්ඩුවක් සහිත රැහැන වෙත යොමු විය.


ඊළග මොහොතේ පියවර කිහිපයක් පිටුපසට තැබු තරුණයා පසු පස නොබලා දිවගොස් නිවසේ ඉදිරිපස දොර විවෘත කර මිදුලට පැන්නේය. ඹහු නැවත නිවස දෙස හැරී බැලුවේ යාර කිහිපයක් දිව ගිය පසුය. ඹහුගේ මහත් සැනසුමට මෙන් ඹහු බලාපොරොත්තු වු පරිදි පිටුපසින් හඹා එන අවතාරයක් නොවීය.


අදුරු පාර දිගේ දිව ගිය "මැල්කමි" නතර වුයේ තානායමේ ආලින්දය තුළය. තම අත්දැකීමි විස්තර කිරීමට තරමි සිහි එළවා ගැනීමට ඹහුට තවත් පැය භාගයක් පමණ ගතවිය. ඹහු සනසවා නිදා ගැනිමට කාමරයක් පිළියෙල කරදුන් තානායමි හිමියාත් ඹහුගේ බිරිදත් සියල්ල විස්තර කළේ පසුදාට පහන් වු පසුවය.


"අපි මහත්තයාට කිවිවනෙ ඹය ගෙදර නතර වෙන්න එපා කියලා. ඹය ගේ මහා භයානක තැනක්. මීට අවුරුදු ගණනාවකට ඉස්සර ඹය ගේ අයිති වෙලා තිබිලා තියෙන දරුණු විනිශ්චයකාරයාගේ රූපෙ තමයි ඒ කාමරේ තියෙන සිතුවමමේ තියෙන්නේ. ඹය මිනිහට බලය තිබුනු දවස් වල සුළු වැරදි වලට පවා එල්ලලා මරන්න නියම කරපු මිනිසුන්ගේ ගණන නිමත් නැහැලු. ඹය වගේ පවිකාර මිනිස්සු ලේ තැවරුණු දෑත් පිටින්ම මැරුණාම උන්ගේ ආත්ම වලටත් නිදහසක් නැහැ මහත්මයා. මරණින් මතුත් පුරුදු පවිකාර ජිවිකයම තමයි උන්ගේ ආත්මය බලාපොරොත්තු වෙන්නේ" තානායමිකරුවා විස්තර කළේය.


මිනුවන්ගොඩ වේයන්ගොඩ පාරේ තියනවා යක්කල කියල ගමක් ඒ ගමේ කනත්ත තියෙන්නේ මේ පාර අයිනෙමයි. ඒ කනත්තේ හොල්මන් තියනවා කියන එක ඒ පැත්තේ කව්රුත් දන්න දෙයක්. මම දන්න කීප දෙනෙකුට එක් එක් අවස්ථාවල වෙච්ච දේවල් තමයි මම කියන්න යන්නේ...

අපේ ගමේම අයියල දෙන්නෙක් දවසක් රැක... රෑ කියන්නේ 1 ට 2 ට විතර යාලුවෙකුත් එක්ක ඒ පාරේ වේයන්ගොඩ පැත්තේ ඉදල මිනුවන්ගොඩ පැත්තට බයික් එකෙන් එනකොට ඔය කියන කනත්ත හරියේදී මග කව්රුහරි ඉන්නාව දැකල බියික් එක නතර කරලා { හරියටම උනේ මොකක්ද කියල දන්නේ නෑ } මේ දෙන්න හොදටම බයවෙලා සිහිය නැතිවෙන විදියට...
කොහොමහරි පාරේ යන වැන් එකක් දැකල දාගන ඇවිල්ල තිබබා {දෙන්නටම කල්පනාව නැති හින්ද වැඩි දෙයක් දන්නේ නෑ}

මේ වගේම තව දවසක වයස 40ක් විතර වෙන නොනයි මහත්තයයි රෑ දොළහට එකට විතර හෝම් කමින් එකකට ගිහින් බයික් එකෙන් අපහු එනකොට මේ කනත්ත හරියේදී දැකල {එතන කනත්තක් තියනවා කියල මෙයාල දැනගන නෑ} තියනවා ගැණු ළමයෙක් ඉන්නාව. කොහොම හරි එතන දීම බයික් එක නතරවෙලා... ඒ මහත්තය බයික් එක ස්ටාර්ට් කරන්න ට්‍රයි කරලා... {එතන හිටපු ගැණු ළමයා ගැන එචර අවදානය යොමු කරලා නෑ } කොහොමහරි එතනින් බස් එකක් ගිහිල්ල... ඒ එක්කම අර ගැණු ළමයා හිටපු තැන නෑ... මේ නෝනා වට පිට බැලුවත් දකින්න ලැබිල නෑ... ඒ වගේම එතනින් යන්න තරං වෙලාවකුත් තිබිල නෑ... බයික් එක ස්ටාර්ට් කරගන සාමාන්‍ය විදියට ගෙදර ඇවිල්ල නිදාගන... පහුවදා අනිත් යට මේ විස්තරේ කිවම තමයි දැනගන තියෙන්නේ එතන හොල්මන් තියනවා කියල

අනිත් කතාව කිව්වේ හයර් යන වැන් ඩ්‍රයිවර් කෙනෙක්... දවසක් මිනුවන්ගොඩ ඉදල නුවරට කෙනෙක්ව ඇරලලා අපහු එනකොට මේක වෙලා තියෙන්නේ. රෑ 2 ට විතර එනකොට පාර අයිනේ ඉස්සරහ ගැණු ළමයෙක් ඉන්නවා දැකල මෙයත් කොල්ලෙක් හින්ද වාහනේ වේගේත් අඩුකරලා හොරු ද කියන සැකේට නතර කරන්නද නොකරන්නද කියල හිත හිත මේ ගැණු ළමයා ලගටම ඇවිල්ල ... වාහනේ අඩි 15 ක් විතර ඒ ගැණු ළමයට ලං වෙනකන් ම හොදට බලගන ඉදලා. ඒ ගැණු ලමයව ලගටම දැක්ක හින්ද විස්තරේ මෙහෙම කිවා.... සුදු පාට හැම් බග් එකක් එල්ලගන, ක්රීම් පාට ඇදුමක් ඇදගන ඉදල තියෙන්නේ... කරාබු දල නැති ක්‍රේල් කොණ්ඩයක් තියන කළු කෙල්ලෙක් ලු... මේ ඩ්‍රයිවර්ට අමුත්තක් තේරිලා වහනේ වේගේ වැඩිකරලා වේගෙන් ඇවිල්ල... පහුවදා අනිත් අයට කිවම දැනගන තියෙන්නේ ඒ කනත්ත ගාව කියල අනික එතන හොල්මන් ගැනත්.

Jan 30, 2013

එනිසා අයෙත් ඇවිත් යන්ට වරෙන් -

ප්‍රාරම්භයට කලින් එළඹුණු අවසානයන් නිසා දුක් විඳින මිනිසුන් ඕන තරම්. ඒත් උන්ට තාමත් සන්තෝස වෙන්න පුළුවන්.ඒ තවමත් උන්ගේ පිටිපස්සෙන් ආත්මීය සාධකයක් විදිහට ඇදෙන සෙවණල්ල නිසා.ඒත්.............සෙවණල්ලක්වත් නැති උන්? උන් මේ අවකාශය තුළ අතරමං වෙලාද? අඩුම තරමේ ...........අඩුම තරමේ තමන්ට අයිතිව තිබුණු මනුෂ්‍යත්වයව පවා අහිමිව!!!

ඒ අසූ ගණන්වල මුල් හරියේ දවසක්. ජා ඇළ කණුවන හන්දියටත් වෙනද වගේම කරුවල වැටුණා. කාලෙකට කලින් හන්දියේ හිටවපු සුදුපාට පිළිමේ හැන්දෑවේ අඳුරින් නැහැවුණේ අහළ පහළ බල්ලන්ගේ උඩු බිරුම් හඬ වැඩිවෙනවාත් එක්කමයි. කඩපිල්වල ලෑලි දොරපළුවලට අගුල් වැටෙද්දි හන්දියෙන් ඒ පැත්තට මේ පැත්තට හරවපු වාහන ගණනත් අඩු වුණා.ඉඳ හිට හරි හන්දිය පහු කරලා යන වාහනයක් වුණත් පිළිමේ ළඟදි ඉගිළුණේ පුළුවන් තරම් වේගය වැඩි කරලා.

විතාරණ කටුනායක ගුවන් තොටුපොළේ නතර කළ ගුවන් යානයෙන් බහිද්දිම වෙලාව රෑ දොළහට විතර ඇති. අවුරුදු ගාණක් පිටරටක රැකියාව කරලා ලංකාවට ආ විතාරණට ඕන වුණේ කාටවත්ම නොකියා ගෙදරට ගිහින් හැමෝම ම පුදුම කරන්න. රෝල දිගේ ආපු ගමන් මළු දෙකත් අරගෙන ගුවන් තොටුපොළෙන් එළියට ඇවිත් ඊළඟට බැලුවේ කුලීරියක් හොයාගන්න. විතාරණ කතා කරන්නත් කලින් ළඟට ආ රියදුරෙක් අතේ තිබුණු බර ගමන් මළු තමන්ගේ දෑතට ගත්තේ සුහදශීලි විදිහට ඔහු දිහා බලලා හිනාවෙන ගමන්. ටිකක් ඔබ්බෙන් නවතලා තිබුණු රථය දිහාට ගිය රියදුරා ගමන් මළු බිම තියලා තමන් ළඟ තිබුණු යතුරකින් කාරෙක පිටි පස්සේ ඩිකිය විවෘත කළා.

"පොඩ්ඩක් ඉන්න. ඕකේ බිඳෙන දෙයක් තියනවා.මම ඒක අතේ තියා ගන්නං"

රියදුරා දෙවැනි ගමන් මල්ල ඩිකියට පටව්න්න යද්දි විතාරණ කියන්න වුණා. ඊළඟට ගමන් මල්ල විවෘත කරලා එළියට ගත්තේ උඩින්ම තිබුණු පාර්සලයක්. රියදුරා දොර හැර දුන් පසු ඉදිරි පස ආසනයේ වාඩිවුණු විතාරණ උකුලේ තබා ගත්තේ තමන්ගේ පෙම්වතියට මිලදී ගත් සුකුරුත්තම් භාණ්ඩ වගයක් සහිත ඒ පාර්සලය .

රියදුරා රථය පණ ගන්වද්දිම ඉදිරි පස ලාම්පු එළිය වැදිලා හාත්පසම එළිය වුණා.ඊළඟට රථය පිවිසුණේ ගුවන් තොටුපොළ පර්යන්තයෙන් මහපාරට.බොහෝ මගීන් කරනවා වගේම විතාරණත් තමන්ගේ වයසෙම වගේ හිටිය රියදුරත් එක්ක කතාවට වැටුණා. රියදුරා - අනිල් කතාවට දක්ෂයෙක් බව තේරුම් ගන්න විතාරණට වැඩි වෙලා ගියේ නෑ. අනිල් වැඩි පුරම කතා කළේ ලංකාවේ දේශපාලනය ගැන. විතාරණ දේශපාලනයට ඒ තරම් කැමැත්තක් නොතිබුණත් මුඛරි රියදුරාගේ කතාවට ඇහුම් කන් දීගෙන හිටියේ ආසාවකින්. වැඩිමනක්ම කතා බහෙන් ඔහුගේ නිදිමත නැතිවෙන නිසා. රාත්‍රී කාලේ වුණු නිසා පාරේ වාහන ඒ තරම් දකින්න ලැබුණේ නැහැ.ඒ නිසාම රියදුරා රථය ධාවනය කළෙත් බොහොම වේගයෙන්.

ඇතින් ගුවන් තොටුපොළේ විදුලි පහන් වල එළිය පෙනෙන්නේ නැතිව යද්දි විතාරණ්ගේ හිත කාංසියකින් පිරෙන්න වුණා.ඒත් නිවස මතක් වෙද්දි ඇස් පවා එළිය වුණේ ආදරණීය හැඟීම් ගොන්නකින්.

"......ඔව්.......දැන් හැමදේම වෙනස් මහත්තයා.කලබල නං අඩුයි. ඒත් ඒක කොච්චර කාලයක් තියෙයිද දන්නේ නෑ.රජයත් ඉස්සරට වඩා හදිස්සියෙන් තැන් තැන්වලින් මතුවෙන එක එක කල්ලි හැමදේම හොයලා බලනවා.අපට නං සෙතක් නෑ..."

රියදුරු අනිල් ඔහේ කියවගෙන යද්දි විතාරණගේ නෙත් යොමුවුණේ ඩෑෂ් බෝඩ් එක උඩ තිබුණු කැසට් පටි කීපයක් දිහාවට.ඉංග්‍රීසි සින්දු සහිත කැසට් පටි අතරේ තිබුණු එකම එක සිංහල කැසට් පටයක් විතාරණ අතට ගත්තා.

"රුක්මණී දේවි මැරෙනකොට මහත්තයා ලංකාවේ හිටියද?"

දේශපාලන කතාව ටිකකට නතර කළ අනිල් ඇහුවේ අනෙක් පස ආසනේ ඉඳගෙන කැසට්පටිය දිහා ඇස් දල්වගෙන බලා හිටි විතාරණගෙන්.

"නෑ........එතකොට මම මෙහේ නෑ.ඒත් මට ඒ ගැන ආරංචි වුණා.....ඉස්සර මම අහන්නෙම රුක්මණී දේවිගෙ සින්දු. ඒත් කාලෙත් එක්කම ඒක අත් ඇරුණා"

".... ඔය පටියත් රට ඉඳන් ආපු මහත්තයෙක් දාලා ගිය එකක්.මට වැඩිපුරම ඇහෙන්නේ ඉංග්‍රීසි සින්දු තමයි.ගොඩක් වෙලාවට මේකට නගින්නෙත් ලංකාවට එන සුද්දොනේ.අනිත් එක මහත්තයා දන්නවද? රුක්මණී දේවි ඇක්සිඩන්ට් වුණෙත් තව ටිකක් ඉස්සරහ.මම යනකොට මහත්තයට පෙන්නන්නම්කො"

රියදුරා තවත් ගියරයක් මාරු කරන ගමන් කියන්න වුණා.

"මම දැනන් හිටියේ ඇක්සිඩන්ට් වෙලා මැරුණා කියලා විතරයි.මේ හරියේ කියලා දැනගෙන හිටියෙ නෑ"

විතාරණ එහෙම කිව්වේ අතේ තිබුණු කැසට් පටිය ඩාෂ්බෝඩ් එක උඩට විසි කරන ගමන්.ඒත් ඉලක්කෙ වැරදුණු නිසාදෝ කැසට් පටිය ප්ලාස්ටික් ආවරණයේ වැදී වැටුණේ විතාරණගේ දෙපතුළ ළඟට. අතේ තිබුණු පාර්සලය නිසා බිම වැටුණු කැසට් පටිය ගන්න විතාරණට අමාරු වුණා.

"කමක් නෑ මහත්තයා. ඕක බැස්සට පස්සේ අහුලලා තියන්න පුළුවන්නේ.මහත්තයා පාර්සලය පොඩි කරගන්නෙ නැතුව ඉන්න"

කළුවරේ බිම අතපත ගාන විතාරණට රියදුරා කිව්වා. අනිල්ගේ හඬින් විතාරණ ආයෙමත් බාගෙට ඇරලා තිබුණු ජනෙල් වීදුරුව තුළින් ඈත් කරුවල දිහා බලාගෙන ඉන්න වුණා. අත් ඔරලෝසුව දෙස බැලූ රියදුරාට පෙනුණේ පාන්දර දෙකට මිනිත්තු කිහිපයකට වඩා නැති බව.

පාර දිගට පිහිටලා තිබුණු උස් පහන් කණුවලින් නිකුත්වුණේ මලානික එළියක්.ඒ ආලෝකය පවා උත්සාහ කළේ හිතේ කාලකන්ණිකමක් ඇති කරන්න.සමහර වෙලාවට අයිනේ තිබුණු රූස්ස ගහක අඳුරු සෙවණැල්ල තාර පාරේ පදාසයක්ම වසාගෙන තිබුණා. රථයේ විදුලි පහන්වලින් වත් අඳුර මකාදමන්න ඒ තරම් සෙතක් ලැබුණේ නෑ.පසු බිමෙන් ඇහුණු මෝටර් රථයේ ශබ්දයත් විතාරණගේ හිතට ගෙන ආවේ කරදරකාරී හැඟීමක්. ඒ නිසාමදෝ හිස ඇල කරලා ජනෙල් වීදුරුවට හිස තියා ගත් විතාරණ නිදා ගන්න උත්සාහ කළා. තමන්ගේ දේශ්පාලන කතා නතර කළ රියදුරා තවත් වේගයෙන් රිය පදවමින් හිටියා.

ජනේලයට හිස තියාගත්තත් බාගෙට ඇරපු වීදුරුව තුළින් පෙරිලා ආ හීතල හුළඟ විතාරණට නිදා ගන්න ඉඩ දුන්නේ නැහැ. පපුව පුරාම හිරිගඩු නැංවුවත් මොකද්දෝ හේතුවකට වීදුරුව වහන්න විතාරණ අකමැති වුණා.ඒ වෙනුවට තමන්ව පහුකරලා වේගයෙන් පසු පසට ඇදිලා යන අඳුරු සෙවණලි දිගා බලාගෙන විතාරණ සුසුම්ලන්න වුණා.තවත් මිනිත්තු කිහිපයක් ගතවෙන්න ඇති.රථය ළංවෙලා තිබුණේ තුඩැල්ල හන්දියට.

"මෙතන තමයි මහත්තයා තැන. අර හරියෙදි තමයි රුක්මණී දේවි ගිය වාහනේ හැප්පිලා තියෙන්නේ"

අනිල් එහෙම කියද්දි විතාරණ බාගෙට පියවෙලා තිබුණු ඇස් ඇරලා බැලුවා.මුලින්ම පෙනුණේ සුදු පාට ගාපු පිළිමයක්.සාරියකින් සැරසිලා තිබුණු පිළිමේ අඩ අඳුරේ දී වුණත් රුක්මණී දේවිගේ බව අඳුර ගන්න විතාරණට අමාරු වුණේ නැහැ.කැරලි කැරලි කොණ්ඩය බෙල්ල දෙපැත්තෙන් වැටෙන විදිහට ස්කස් කරලා තිබුණේ.සෘජු විදිහට ඈත බලා ඉන්න පිළිමේ විතාරණගේ හිතේ ඇති කළේ ගුප්ත හැඟීමක්.තමන්ගේ පාමුල වැටිලා තියන කැසට් පටය ආයෙමත් සැරයක් විතාරණගේ සිහියට නැගුණා. ඒ කැසට් පටයේ කටහඬ හිමි කාරියගේ පිළිමය තමන් ඉස්සරහින්!!! එක මොහොතකට විතාරණගේ ඇස් ගිණිකන වැටුණේ පිළිමේ සිටවපු දිලිසෙන කළුපාට ආධාරකයේ වැදිලා පරාවර්තනය වුණු වාහනේ ම පහන් එළිය ඇස් දෙකට වැටීමෙන්.

ඒත් එක්කම ජා ඇළ ගම්පහ පාරට හරවපු මෝටර් රථය ඉගිලෙන්න වුණා.අනිල් මුකුත්ම කතා නොකට තදින් සුක්කානම අල්ලගන්න හැටි විතාරණ දැක්කා. ඒ හිතේ තමන්ට නොකියවුණු දෙයක් ඇති බව විතාරණට නොදැනුණා නෙමෙයි.

තව වතාවක් හැරී වාහනයේ පිටුපස කවුළුව තුළින් බැලූ විතාරණට පෙනුණේ පසුවී යන නිසොල්මන් පිළිමය .

ලොකු හුස්මක් හෙලා පපුව සැහැල්ලු කරගත් විතාරණ හෙමින් සැරේ ආපසු හැරුණා. ඒත් ...............ඒත් ....එක මොහොතකට දකින්න ලැබුණු දෙයකින් විතාරණ ගල් ගැහුණා.දකුණු පැත්තේ රියදුරු ආසනය මත හිඳ සිටි අනිල්ගේ මුව බාගෙට විවර වී තියෙබ බව දැක්කෙ ඇස් කොණෙන්.දුබල වුණත් වාහනයේ ඉදිරි පස පහන් එළිය වැදී ඇගේ සුදු සාරිය දිලිසුණා.තමන් තත්පර කිහිපයකට කලින් දුටු ප්‍රතිමාවේ රූපයම වාහනයට ඉදිරියෙන් පාර හරහා මාරු වෙන හැටි ඔහුට දකින්න ලැබුණේ එක නිමේෂයකට විතරයි.

ඒත් කැරලි වැටුණු කොණ්ඩය බෙල්ල දෙපැත්තෙන් බේරෙන හැටි, හිස ඔසවා බැලූ සෘජු බැල්ම එකට තදවූ දෙතොල් යුග විතාරණගේ ඇස් වලින් වහන් වුණේ නැහැ.තවත් මොහොතකින් වාහනයට යටවන්නට යන කාන්තා රූපය බේර ගන්න රියදුරු - අනිල් තද කළ තිරිංගවල ප්‍රබලත්වය විතාරණට දැනෙන්න වුණේ මෝටර් රථය පාර පුරා කැරකෙමින් යන්නට වූ නිසා.පාර පුරා ඇතිල්ලුණු ටයර් වල ශබ්දය හිතට ඉඟි කළේ අවිනිශ්චිත මරණය.වාහනයේ හිඳ සිටි ආසනය තදින් අල්ලාගෙන සිටි ඔහුට පෙනුණේ ඒ මේ අත වැටෙන රථයේ ලාම්පුවල එළිය. තවත් තත්පරකිහිපයක් ඇතුළත විතාරණට ඇහුණේ රථය මහ හඬක් නගමින් ගහක වැදුණු ශබ්දය.ඒ එක්කම ඉදිරි වීදුරුවත් බිඳගෙන විසිවුණු ඔහු නතර වුණේ මහ පාර මැද. නළලෙන් ගලා ගිය ලෙයින් තාර තෙත්වෙන බව විතාරණට දැනුණා.ගසේ වැදී නතරවුණු මෝටර් රථයේ පහන් එළිය විතාරණ හිටි තැනට වැටිලා තිබුණු අතර ඒ එළියෙන් දිලිසුණේ පාර පුරා විහිදුණු වීදුරු කැබලි.
විතාරණ උත්සාහ කළේ හෙමින් සැරේ ඔළුව උස්සලා බලන්න.ඒත් ඒක සෑහෙන්න අමාරු බව ඔහුට වැටහුණා. නොනවත්වා ගලා යන රුධිරය නතර කරගන්න අතින් නළල තදකරගත් ඔහුට පිටුපසින් ඇහුණේ කෙනෙක් හෙමින් සැරේ පියවර තියමින් එන හඬ. ඔව්........ඒ පාවහන් වලට බිඳුණු වීදුරු කටු තදවෙලා.......තව තවත් බිඳෙන හැටි ඇහුණා.හිත භීතියට පත් කරමින් පාවහන් හඬ විතාරණගේ පිටුපසින් නැවතුණා.ඒත්..........ඒ කෙනාගේ සෙවණල්ලක් තමන්ගේ ඉස්සරහට වැටිලා තියෙන හැටි නම් විතාරණ දැක්කේ නැහැ.

තාරපාරට තද වෙලා තියන පපුව ඇතුළේ ගැහෙන හදවතේ රිද්මය එන්න එන්නම වැඩිවෙන අතරේ ආයෙත් පියවර හඬ විතාරණ පහු කරමින් ඉදිරියට ඇදෙන්න වුණා _ බොහොම හෙමින්. සිහි විසඥ වෙන්න මොහොතකට කලින් ඒ ඇස්වලට බොඳ වෙවී පෙනුණේ හෙමින් සැරේ ඇදිලා යන කාන්තාවකගේ ඔප දැමූ කළු පැහැ උස් අඩි පාවහන්. හෙමින් හෙමින් ඇදුණු පියවර, පාරේ ඉස්සරහට වෙන්න වැටිලා බිඳිලා ගිහින් තිබුණු තමන්ගේ පෙම්වතියට ගෙනාව පාර්සලය උඩින් යන හැටිත් විතාරණ බලාගෙන හිටියා. ඒ පාවහන් පසුපස බිම දිගේ ඇතිල්ලෙමින් යන සුදු සාරි පොට බොඳවෙමින් පෙනෙන විට විතාරණගේ දෑස් පියවුණේ මුළු ලෝකයම අඳුරු කරමින්.

දවස් කිහිපයකට පස්සේ විතාරණට සිහිය එනවිට රියදුරු අනිල් ජීවතුන් අතර හිටියේ නැහැ.ඔහු අනතුරු සිදුවුණු වෙලාවෙම මිය ගිහින් තිබුණා.අනතුරට හේතුව දැන සිටියේ විතාරණ විතරයි. ඒත් .......... ඊට සමාන මරණීය අනතුරු කිහිපයක් ඒ ඉසව්ව පුරා සිදුවෙනතුරු විතාරණගේ ප්‍රකාශය විශ්වාසකරන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. අනතුරුවලින් ජීවිත බේරාගත් බොහෝ දෙනක්ට දකින්න ලැබිලා තිබුණේ සුදු සාරියකින් සැරසුණු කාන්තාවක්. කාලයක් යනතුරුම සාරියකින් සැරසුණු ඈ රෑ යාමයේ සක්මන් කළා - ප්‍රතිමාව ඉවත් කරන තුරුම.

Aug 2, 2012

.අපේ කලින් හිටපු ගමෙ උන සිදුවිමක්.ගමෙ කෙනෙක් කාලේකට ඉස්සර කොලඹ පදිංචියට ගියා.මෙයා ගමට එන්නේ කාලෙකට වතාවක් අමිමා තාත්තා සහොදරයෝ එහෙම බලලා යන්න.එදා මෙ මනුස්සයා එනකොට ටිකක් රැ වෙලා තියනවා.ගමට එන පාරවල් දෙකක් තියනවා.මෙයා රැ උන හින්දා කෙටි පාරකින් ආවා.ඒ තමයි ජලාසයක් තියනවා එකේ පාලමෙන් ගොඩවෙලා මෙහා පැත්තේ ගමට එන්න ඔන.එදා මෙයා පාලමෙන් තමයි ආවෙ.ගමෙ ප්‍රසිද්ධ කතාවක් තියනවා මෙ ජලාසයට අවුරැද්දකට මනුස්ෂ්‍ය බිලි කීපයක් ගන්නවා කියලා.මෙ කියන කෙනාගේ එක කකුලක් නැ.මෙ මනුස්සයා පාලමෙන් ‍‍ගොඩවෙලා ඉවර වෙලා ජලජසය අයිනෙන්ම ටිකක් දුර ඇවිත් මහන්සියට බිම වාඩි වෙලා ගමට ඇතුල්වෙන ජලාසය අයිනේ තියන පඩිපෙලක් පාමුල.ජලාසයට මිටර් 20 වගේ දුර.වතුර පිරිලා තිබුන කාලේ.වාඩිවෙලා ඉන්න මනුෂ්‍යාට හද එලියට පඩිපෙල දුරට පෙනිලා තියනවා.ඒ දිහා බලාගෙන ඉන්නකොට එක වරම පෙනිලා තියනවා පොලවෙන් කවුදෝ මතු වෙනවා.ඉස්සල්ලම ඔලුව පෙනිලා.ටික ටික උස ගිහින් අඩි 6 ක් විතර වෙනකමිම.ආයෙත් ටික ටික පොලවටම බහිනවා.මෙහෙම තුන් හතර වතාවක්ම වෙලා.ඊ්ට පස්සේ ටික ටික ඔන්න උස වෙවි ල
ගට එනවලු.දුරට යන්තමි අතේ සුදුපාට මොකක්ද එල්ලගෙන ඉන්නවා දැකලා.ලගට එනකොට ලාවට වගේ දැකලා තියනවා ඒක මිනි ඔලුවක් කියලා.මෙයාට එක වරම මතක් වුනා වෙලාව 12 ට ලගයි.ඒ මදිවට ලගදි ජලාසයට කවුරැවක් බිලිවෙලත් නැ.මෙයා බුදු අමිමො යකෙක් බෙර ගනියෝ කියලා කැ ගහලා සිහිය නැති වෙලා වැටිලා.දැන් මොකක්ද මෙතන උනෙ කියලා දන්නවද.මෙයා වාඩිවෙලා හිටිය පඩිපෙලපාර අයිනේ අලුතින් එලවලු කොටුවක් දාලා තිබිනේ.මෙයා ඒ මොනවත් දන්නැ.අයිතිකාරයා ගෙදර ගිහින් කෑම එහෙම කාලා ලබුකැටයකට කිතුල් රා ටිකක් එහෙම අරගෙන රැ වෙනකොට කොටුවට එනවා.කොටු අයිතිකාරයා එදත් පුරැදු විදියටම ආවා.කොටුවට හැරෙන පාර ලග ටිකක් කිටිටුව ලබු කැටෙ බිම තියලා කෝප්පයකට රා අරගෙන බොනවා.කොප්පයට වතකර ගන්නේ බිම ඉදගෙන.ඊට පස්සේ ටිකක් ඇවිද ඇවිද බිලා.රා ටික ඉවර උනාට පස්සේ ලබු කැටෙ අතට අරන් කොටුවට එන්න ආවා.මෙයාට එක වරම ඇහිලා ලගින්ම කවුදො බෙරිහන් දිලා කැ ගහනවා.බලනකොට අර මනුස්සයා සෙම දාගෙන වැටිලා ඉදලා.ඒ වෙලාවෙම ගෙදර උස්සන් ඇවිත්.මිනි ඔලුවක් වගේ දැකලා තියෙන්නේ අර ලබු කැටෙ.යකා තමයි කොටු අයිතිකාරයා.මම මෙකෙන් කියන්නේ මෙ වගේ දේවල් නැ කියලා නෙවෙයි.සමහර වෙලාවට මෙ වගේ වැඩත් වෙනවා කියන එක.මොකද මම හොල්මන් තියන ගෙදරක හිටියා.මම හැරැනම අනිත් හැමෝම යමි යමි දේවල් දැකලා තිබුනා.ඒක පස්සේ වෙලාවක ලියන්නමි.

Jul 15, 2012

ඔන්න දෙන්න යන්නෙ ටිකක් අමුතු දෙයක් මෙකෙ ඉන්න අයගෙන් වෙනස ප්‍රොගැරැම් 1ක බලන උදවිය අත උස්සන්න බලන්න හිහිහිහිහ් ඔන්න දෙන්න යන්නෙ වෙනසෙ ගිය සිරාවටම යකෙක් වැහිචිච කෙනෙක්ගෙන එ යකවා එලව විදිහ ගැනයි බයනම් බලන්න එපා ඔන්න..
මෙක ලන්කවෙ වෙච්ච සිරා සිදුවිමක්

part 1 http://www.youtube.com/watch?v=7MHCXyP1OA8&feature=related
wenasa
part 2 http://www.youtube.com/watch?v=7MHCXyP1OA8&feature=related
wenasa
part 4 http://www.youtube.com/watch?v=RuhphfxCnxo&feature=related
Wenasa
Part5 http://www.youtube.com/watch?v=gBJCLsMdct8&feature=relmfu
Wenasa
Part 6 http://www.youtube.com/watch?v=ArdKftKc0C8&feature=fvwrel
Wenasa
Part 7 http://www.youtube.com/watch?v=ajJQjOSXDco&feature=related
Wenasa
Part 8 http://www.youtube.com/watch?v=HOkMrAKVf1o&feature=related


Jul 13, 2012

මේ සිද්දියත් අපේ ගමේ සීන් එකක්.මගේ යාලුවෙක් ඉන්නවා සම්පත් කියලා..(ගමේ උන් කියන්නේ ගොන්පත කියලා..)මූ කරන්නෙම ඒ වගේ වැඩ..මේකා කවදාවත් ස්කෝලේ ගිහින් නෑ..පොල් කඩනවා..ගස් කපනවා..මාත් ඉතින් සෙට් වෙනවා කුරුම්බා එහෙම බොන්න සෙට් වෙන නිසා...

මේක තමා කතාව...

දවසක් මූ අපේ ගෙදර ඇවිල්ලා මගෙත් එක්ක කතා කරනකොට කිව්වා බ0 චූටි මල්ලී අර ගෙදර ( අපි කියන්නේ හොල්මන් වලව්ව කියලා) සෙට් එකක් කුලියට ඇවිල්ලා ඒ ගෙදර ඉන්න එකක් මට සෙට් උනා කියලා..(හැබැයි මේකා ටික ද්සක ඉදන් හරි අමුතු වෙලා හිටියේ) ම0 හොදටම දන්නවා ඒ ගෙදරත කුලියට තියා අහලකටවත් කවුරුවත් එන්නේ නෑ කියලා.ඒත් කියන්න බෑනේ කියලා ඔන්න දවල් 11 ට විතර අපි දෙන්න ගියා ඒකිව බලන්න.ඉස්සෙල්ලම මුන්ගේ ගෙදර ගියා මුගේ ගේ තියෙන්නෙත් කන්ද උඩ කැලෑව අස්සේ.එහෙම ටිකක් ඉදලා අරකිව බලන්න යන්න හදන්නේ.මට හිතෙන්නෙම නොයා ඉන්න..ඕන දෙයක් කියලා මාත් ගියා මුගේ පස්සෙම.ගිහින් ගෙදරට යන්න බෑනේ අපි දෙන්න කැලේ පැත්තේ ඉදන් විසිල් එකක් දැම්මා.(මූ මීට කලිනුත් ගිහින් මේකිව බලන්න.එතකොට ගෙදර ජනේලයක් ඇරලා මේකි ඔලුව දැම්මා..හැබැයි ගේ පට්ට කරුවලයි.ඊට පස්සේ කුකුලෙකුයි එලුවෙකුයි ඔලුව දැම්මා ජනේලෙන්..ඒකිට කතා කරන්න විදියක් නෑ.කෝමහරි මූ කොටුවක් පනින්න රෑට එනවා කියලා සෙට් කරගෙන.මූ දැන් ගෙදර ආපු වෙලේ ඉදන් මෙත් එක්ක ගේම වරෙන් යන්න තනියට කියලා.කෝමහරි මටත් යන්නම වෙනවා.ඔහොම ඉදලා රෑට කාලා දෙන්නා පොඩි ආතල් එකක් අරන් රෑ10 ට විතර ගියා..ගිහිල්ලා ලොකු අබ ගහක් තියෙනවා.ඔතනට වෙලා බලන් ඉන්නවා.මූ දැන් කියවනවා ආතල් ගන්න හැටි.පැයක් විතර හිටියා.මේකි තාම නෑ.චාටර් කනකොට මල දන්නවානෙ..ම0 දැන් මූට බනිනවා ඒකි දීපු චාටරේට.

ඔහොම ඉද්දී මුගේ මූනේ ලස්සන හිනාවක් ගියා..හැබැයි පට්ට කරුවල..ටෝච් එක තමා එලිය.
'මචන් ඒකි එනවා.මන් වැඩේ කරන් එන්නම් උබ ඔහොම ඇනයක් ගහගෙන ඉදපන්"
"කෝ බ0"
"අර එන්නේ බ0 දොර ගාවින්"
"කොහෙද බ0"
"උබට පේන්නේ නැත්ත0 බම්බු ගහ ගනින් අර ඉන්නේ ගොරකා ගහ යට"
"හරි හරි කර ගන්න මගුලක් ඉක්මනට කරගෙන වරෙන් මදුරුවෝ කනවා ඉන්න බෑ"
"හරි හරි එහෙනම් ම0 ගියා" ඔහොම කියලා මූ ගියා..ම0 ඉති0 මටත් මොකෝ ම0 දැක්කා කියලා වැඩක් තියේයෑ කියලා ම0 එහෙමම හිටියා..කෝම හරි පැය බාගයක් විතර හිටියා.මට ඇහුනා කෙල්ල අඩන සද්දේ.ම0 හිතුවා මූට බොක්කෙන්ම සෙට් වෙලා මේකි අඩනවා කියලා.කොමහරි මූ ආවා.එනකොට මූ පුල් අප්සට් එකේ.ම0 ඉතින් මූට විහිලු කර කර ගේ ලගට ඇවිත් ඇහුවාම කිව්වා කෙල්ලගේ කවුදෝ දොර ඇරගෙන ආවා.ඒ නිසා වැඩේ කර ගන්න බැරි උනා..ඒ උනාට ඒකි මට ඒකිගේ ජීවිතේ හැමදේම කිව්වා කියලා.මටත් අප්සට් මොනා උනත් පවුනේ කියලා...ඊට පස්සේ මූ ගෙදර ගියා මාත් නිදා ගත්තා..නින්ද ගැන කියන්න ඕනේ නෑනේ..දවල්11 ට විතර මූ කාමරේට ඇවිත් පුල් අප්සට් එකේ ඉන්නවා.

"ඇයි බ0 ගෑනි මැරිච්ච මිනිහා වගේ"
"මුකුත් නෑ බ0"
"කියපන්කෝ තෙපර බාන්නේ නැතුව"
"අරකි ගෙදරින් ගිහින් බ0" දැන් මු එකසිය ගානට කියවනවා..මූ හිතාගෙන ඉදලා තියෙන්නේ මුගේ ගෙදර අයට කියලා මේකිව බැදලා ගෙදර ගෙනත් තියා ගන්න..ඒක කියන්න උදේම මූ ගිහින් ඒ ගෙදරට.එතකොට තමා දැනගෙන තියෙන්නේ..දැන් මොනා කරන්නද..කෝමහරි මේකි රෑ ඒකිගේ ගෙදරට යන විදිය කියලා..(අපේ ගමේ ගෙදරට වැඩට ඇවිත් තියෙන්නේ).එහෙන0 හට යමන් කියලා සෙට් උනා..එතකොට තමා ම0 දැක්කේ මුගේ මූනේ එක පැත්තක දම් පාට වෙලා තියෙනවා.ඇයි කියලා ඇහුවාම කිව්වා අර ගොරකා ගහේ වැදුනා කියලා..

කෝම හරි දෙන්න උදේ සෙට් වෙලා බයික් එකේ කෙල්ල හොයාගෙන ගියා..මැනික්හින්න කියන ගමේ..ගිහිල්ලා කිව්ව විදියට මිනිස්සු අපිට පාර කිව්වා..ඒත් එතන හිටිය කොල්ලෙක් කිව්වා මචන් ඉදපන් මාත් එන්නම් කියලා අපිත් එක්ක ඒ ගෙදරට ආවා..ඒ ගෙදර හිටියේ වයසක ජොඩුවක්..අපි ඉතින් කතා කරලා කිව්වා විස්තරේ..හැබැයි රෑ කතාව කිව්වේ නෑ..කතාව කියද්දී අර කොල්ලා ඇහුවා කාටද සෙට් උනේ කියලා..සම්පත් ඉති0 කිව්වා මට තමයි සෙට් උනේ කියලා.කෝමහරි ගෙදර අයයි ත් ඇවිල්ලා හිටපු අයයි අර කොල්ලයි කිව්වා කෙල්ල ඉන්නවා බලන්න හිමීට යමු කියලා..කෝමහරි දවල් 3ට විතර ගියා..යන ගමන් සොහොනක් මැදින් තමා ගියේ..ම0 හිතුවා මේ කෙල්ලගේ ගෙදරට යන පාර වෙන්න ඇති කියලා..ගිහිල්ලා සොහොනක් ලග නතර වෙලා කිව්වා මේ ඉන්නේ ඒ කෙල්ල කියලා(අපිට කෙල්ලගේ පොටෝ එකකුත් පෙන්නුවා ඒ ගෙදරදී)මොනාද ඉති0 අරූ මුකුත් නෑ හූ තියාගෙන ඇදගෙන වැටුනා..මගෙත් කකුල් පන නෑ.කෙල්ල දැක්කේ නැති උනාට සිටෝරිය දන්නවානේ.ඊට පස්සේ අර ගෙදරට එද්දී ගෙදර අය ගමේ කට්ටෙක් ගෙනල්ලා..මූට සිහිය අරන් නූලක් එහෙම දැම්මා..ඊට පස්සේ තමා ගෙදර අය විස්තරේ කීවේ..අර කෙල්ලගේ නම ඉරේශා..අව්රුදු 17 දී පන්ති ගිහිල්ලා එද්දී කොල්ලෝ සෙට් එකක් මේ කෙල්ලව උස්සලා දූශනය කරලා අපේ ගමේ ගෙදරදී..ඊට පස්සේ මේ කෙල්ලව දාලා ගිහින්..මේකි ඒ ගෙදර මැරිලා..කෝමහරි මූව ගෙදර ගෙනාවා..ඒ ගෙදර අයයි කොල්ලෝ ටිකකුයි ආවා..ඇවිල්ලා ගෙදරත සීන් එක කිව්වා.(දන්නවානේ ගෙදර දෙහි කැපිල්ල) ඔහොම ඉදලා අපේ ගමේ කට්ටෙක් ගෙනල්ලා සීන් එක බැලුවා.කට්ටා කිව්වා අර ගෙදරට යන්න ඕනේ කියලා..ඔහොම සෙට් වෙලා අපි ගියා..ගෙදරට ගියා විතරයි මූ හූ තියන්න පටන් ගත්තා..හිටපු උන්ගෙන් බාගයක් මාරු වෙලා බයටම...මූව අරන් ගියා අර ගොරකා ගහ ලගට..ගිහිල්ලා මතුරනකොට මූ දගලන්න පටන් ගත්තා..ගහට තියලා බැදලා විස්තරේ අහනකොට මේ කෙල්ල මූට වැහිලා.මොනාද සීන් එකා..අර කෙල්ලව ගොරකා ගහට හේත්තු කරන් ඉද්දී මූ ගෙදර යන ගමන් මේ ගේ වත්තෙන් පැනලා ගිහින්.යනකොට කෙල්ල මූව දැකලා..ඒකත තමා මේකි මුව හොයන් ඇවිත් තියෙන්නේ..

කෝමහරි තොවිලයක් කරලා එකිව ඇරියා.අරින්න තමා අර කුකුලයි.එලුවයි, ඕනේ කියලා පෙන්නුවේ...
කෝමහරි සම්පත් ඒ හොල්මන එක්ක මාසයක් විතර ආතල් අරන්..කෝමද හොල්මනක් එක්ක එහෙම ඉද්දී සැප නේද..(උගේ මූන දම් වෙලා තියෙන්නේ අර හොල්මන අත ගාලා)

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.