Showing posts with label අපේ උරුමය.... Show all posts
Showing posts with label අපේ උරුමය.... Show all posts

Oct 4, 2014

image
This image has been resized to fit in the page. Click to enlarge.


මහසෙන් අජතුමා විසින් කරවන ලද ජේතවනාරාම දාගැබ පිළිබඳව ඔබ අසා ඇතුවාට සැක නැත. මහා විහාරයට අයත් ප‍්‍රදේශයහි ජෝතිවන නම් උද්‍යානයෙහි ඉදි කළ නිසා මේ දාගැබ ජේතවනය යන නාමය යෙදුනි. ඒ කාලයේදී ජේතවනාරාමය දාගැබේ උස අඩි 400 කි. (මීටර්110 කි) මෙම දාගැබ අක්කර අටක ප‍්‍රදේශයක ඉදි කර තිබේ. මෙම දාගැබ ගීසා පිරමීඩ දෙකකට පමණක් උසින් වූවක් සේ සැළකේ. පිලිස්සූ ගඩොල් 93,300,000 ක් මේ දාගැබ සෑදීම සඳහා යොදාගෙන ඇත. මෙම දාගැබ සාදා ඇත්තේ පොළොව මට්ටමේ සිට මීටර් අඩි 28 පමණ යටට ගඩොලින් සාදන ලද පදනමක් මතය. එය ඕඡ්ච් අර්‍ණඛ්ම් මාතෘ පාෂාණය මත ඉදිකර තිබේ. මේ නිසාම මෙම දාගැබ කිසිදු ගිලා බැදීමක් හෝ ඉරිතැලීමක් දක්නට නැත. මේ දාගැබ පමණක් නොව අනුරාධපුරයේ ඇති අනෙකුත් විශාල දාගැබ් ද සාදා ඇත්තේ එසේය. ඒ සියලුම දාගැබ් වලට වඩා මේ දාගැබ විශාලත්වයෙන් යුක්තය.මෙම දාගැබ සෑදීම සඳහා ඒ වන විට එනම් කි‍්‍රස්තු වර්ෂ හතර වන සියවස වන විට අපේ රටේ සිංහල වාස්තු විද්‍යාඥයින්ට සිංහල ඉන්ජිනේරුවන්ට තිබූ දක්ෂතාවය කොපමණද යන්න ඔබට ද අවබෝධ වනු ඇත. මෙම ජේතවනාරාම දාගැබ සඳහා අනෙකුත් විශාල දාගැබ් සඳහා මෙන්ම සලපතල මළුවක්ද සාදා ඇත. ජේතවනාරාම දාගැබේ සලපතල මළුව, විශේෂ එකකි. සළපතල මළුව යනු ගල් පුවරු අතුරන ලද දාගැබේ ඇති මළුවකි. මේ සළපතල මළුවේ අතුරන ලද සමහර ගල්පුවරු වල එම ගල්පුවරු අතුරන ලද්දේ කාගේ අනුග‍්‍රහයෙන්ද කවුරුන් ඊට දායක වූයේද යන්න පවා ලියා ඇති බව ඔබට එහි ගිය විට දී අද පවා දැක ගත හැකිය.
ජේතවනාරාමය වැඳ පුදා ගැනීමට අනුරාධපුරයට ගිය විටදී මෙවැනි දේවල්ද දැකගැනීමට හා විමසීමට අමතක නොකරන්න. ජේතවනාරාමය මහසෙන් රජතුමා විසින් ඉදි කිරීමට පෙර ඒ පුදබිම දේවානම්පියතිස්ස රාජයුගයේදී හඳුන්වා ඇත්තේ නන්දන වනය යන නාමයෙනි. මිහිඳුමහ රහතන්වහන්සේ ලංකාවට වැඩම කළේ දේවානම් පියතිස්ස රාජ යුගයේදී බැව් අපි දනිමු. මිහිදුමහ රහතන්වහන්සේ දින හතරක්ම මෙම නන්දන වනයෙහි වැඩ වාසය කර ධර්මය දේශනා කළ සේක. බුදු දහම මෙසේ දේශනා කිරීමෙන් ජනතාවට අවබෝධයක් ලබාදිමට උපකාරී වූ මේ ස්ථානය ආලෝකය විහිදුවන ස්ථානය යන අර්ථය දේන්නා වූ ජොතිය වනය නමින් ප‍්‍රසිද්ධියට පත්වූයේය. මේ පිළිබඳව තවත් මත දක්නට ලැබේ. ජේතවනාරාමය ගොඩනගන කාලයේදී අනුරාධපුරයේ තවත් දාගැබ් හයක් තිබුණි. ඒවා නම් ථූපාරාමය, මිරිසවැටිය, දක්ෂිණ විහාරයේ තිස්සමහා ස්තූපය, රුවන්වැලිසෑය, අභයගිරිය, සහ ඛනිසෝමාරාම දාගැබය. ජේතවනාරාමය සෙල්ලිපි වල හඳුන්වන්නේ දෙනා වෙහෙර, යනුවෙනි. මහසෙන් රජතුමා විසින් රටවැසි ජනතාවගෙන්ද සිංහල දක්ෂ වාස්තු විද්‍යාඥයින් හා ඉංජිනේරුවන් ගේ සහයෙන් මෙම ජේතවනාරාමය ඉදිකර සාගලික නිකායේ භික්ෂූන් වහන්සේලාට පූජා කරන ලදී. ඉන් පසුව බොහෝ සිංහල රජවරු මේ දාගැබ ප‍්‍රතිසංස්කරණය කළහ. මෙම දාගැබට අයත් ප‍්‍රධාන දොරටු වලට මුහුණ පා සිටින ලෙසින් දාගැබට සම්බන්ධ කර සාදන ලද වාහල්කඩ සතරක් තිබී ඇත. එහි නටබඹුන් ඒ අසළ ඔබට දැකගත හැකිය. අපි ඉදිරි කාලයේ දී වාහල්කඩ යනු මොනවා ද යන්න ගැන විස්තර කරන්නෙමු.මේ දාගැබ අවට වූ භූමියෙහි ඉතා විශාල වූ බුදු පිළිමගෙයක නටඹුන් ද දැකගත හැකිය. එහි උළුවස්ස අනුව හා ඒ බුදු පිළිමයේ පාද ඇති නෙළුම් මල අනුව එම බුදු පිළිමය කොපමණ විශාලද යන්න ඔබට දාකගත හැකිය. මීට අමතරව මෙම ජේතවනාරාම පුදබිමට අයත් වූ බෝධීන් වහන්සේ සඳහා සාදන ලද බෝධිඝරය ද භික්ෂූන් වහන්සේලා සඳහා වූ පොහොය ගෙය සන්නිපාත ශාලාව ආදී තවත් බොහෝ ආගමික ගොඩනැඟිලි මෙම ජේතවනාරාම පුදබිමේ දැක ගත හැකිය.මෙම ජේතවනාරාම පුදබිම මෙකල අයත් වන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලටය. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවනාරාම ව්‍යාපෘතිය මඟින් මෙහි සංරක්ෂණ කටයුතු කරගෙන යනු ලැබේ.

http://www.danuma.lk/
සිරිසමන් විජේතුංග

Jul 15, 2014

විචිත්‍ර දර්ම කථික දෙරණ රුපවාහිනී හා FM දෙරණ ධර්ම උපදේශක පුජ්‍ය කඩිහිංගල විනීත ස්වාමින් වහන්සේ මෙහෙයවනු ලබන ජාතික ඉද්දමල් පුජාව  දස දහස් බොදු බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් 11 වන වරටත් මෙවරත් හිනිදුම නගරයේදී පැවැත්විණි.

මෙවරත් ප්‍රධාන පුජාව මෙහෙයවනු ලැබුවේ රුපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්ම කථික ජාතික ඉද්දමල් පුජාවේ නිර්මාතෘ පුජ්‍ය කඩිහිංගල විනීත ස්වාමින් වහන්සේ විසිනි.

මෙම උතුම් බොදු මංගල්‍යයේ සුන්දර දසුන් රැසක් ඔබට hiniduma.com වෙතින් පහතින් නැරබිය හැක.







Jun 22, 2012

රටක ජාතියක අභිමානය ඔදවඩවන සාධක අතරින් අතීත උරුමයන්ට හිමිවනුයේ සුවිශේෂී ස්‌ථානයකි. ලොව වෙනත් කිසිදු රටකට, ජාතියකට දෙවැනි නොවන අභිමානවත් ඉතිහාසයක්‌, ලොවක්‌ වසඟ කළ විශ්මිත වූ අතීත උරුමයක්‌ අපට හිමිය. බුදුදහම සමඟ බැඳුනු සිංහල ජනතාවගේ ආධ්‍යාත්මයේ පෙළහර කියාපාන එවැනි නිර්මාණ අදත් ලොවම මවිතයට පත්කරයි.

එහෙත් එම දායාදයන් කෙළෙසන්නට මෙරට ක්‍රියාත්මක
අන්තවාදී මූලධර්මවාදී කණ්‌ඩායම් ක්‍රියා කරන්නේ නම් එය කෙසේ නම් ඉවසමුද? අප ඔබට පවසන්නේ එවැනි අවසනාවන්ත වූ සිදුවීමකි.


ස්‌ථානය පොතුවිල් මුහුදු මහා විහාරයයි.
දිනය පසුගිය 08 වැනිදායි. වේලාව සවස 3.00 පමණ විය.
පොතුවිල් මුහුදු මහාවිහාරයට අයත් භූමියට ඩෝසර් රථයක්‌ පැමිණෙන්නේ විසි දෙනකුගෙන් පමණ යුත් කණ්‌ඩායමක්‌ සමගය. කිසිදු අවසරයකින් තොරව එසේ පැමිණි කණ්‌ඩායම පුදබිමට අයත්භූමිය ඩෝසර් කිරීමට පටන් ගනී. එම ශබ්දය ඇසුණු විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමි පැමිණ බලන විට සිදුවන්නේ කුමක්‌දැයි සිතාගත නොහැකිව
වික්‌ශිප්ත විය. මොහොතකින් උන්වහන්සේට සියල්ල පැහැදිලි විය. පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කර ඇති භූමිය මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායමක්‌ විසින් ඩෝසර් කරමින් තිබෙන බව උන්වහන්සේට අවබෝධ විය. වහා ක්‍රියාත්මක වූ ඉන්ද්‍රසිරි හිමියෝ විහාරස්‌ථානයේ ආරක්‌ෂාවට සිටි පොලිස්‌ නිලධාරියා සමග එම ක්‍රියාවට එරෙහිව තම විරෝධය පළ කළහ. එහෙත් ඒ වගක්‌ නොගත් පැමිණි පිරිස විහාරාධිපති හිමියන්ට සහ පොලිස්‌ නිලධාරියාට තර්ජනය කර ඔවුන්a ආ කාර්යය දිගටම කරගෙන ගියේ තමන්ට එම ඉඩම් සඳහා ඔප්පු තිබෙන බව ද පවසමිනි. පසුව පොලිසිය මැදිහත්වීමෙන් ඩෝසර් කිරීම නතර කිරීමට ක්‍රියා කළ අතර, අවසානයේ
විහාරස්‌ථානයට පොලිස්‌ ආරක්‌ෂාව යෙදීය.

සියල්ල එතැනින් අවසන් නැත. එමෙන්ම මෙය ආරම්භයද නොවේ. මීට පෙරද පොතුවිල් මුහුදු මහා විහාරය සහ එම විහාරස්‌ථානයේ වැඩවාසය කළ බෞද්ධ භික්‌ෂුන් වහන්සේලාට මෙවැනි අඩන්aතේට්‌ටම්වලට ලක්‌වීමට සිදුවිය.

පොතුවිල් මුහුදු මහ විහාරය නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමයේ සංකේතයකි. නැගෙනහිර පළාතේ අම්පාර දිස්‌ත්‍රික්‌කයේ, පානම්පත්තුවේ, පොතුවිල් ආසනයේ නැගෙනහිර වෙරළ තීරයේ මෙම පූජා භූමිය පිහිටා ඇත. ක්‍රි.පූ. 2 වැනි සියවසට අයත් යෑයි සැලකෙන මෙම විහාරස්‌ථානය එවක හැඳින්වූයේ රුහුණු මහා විහාරය නමිනි. සිංහලයේ 28 වැනි රජු වූ මහාදාඨික මහානාගරජු දවස මෙම විහාරස්‌ථානය ඉදිවී ඇත. මුහුද ආසන්නයේ පිහිටා ඇති නිසා පසුකාලීනව මෙය මුහුදු මහා විහාරය
බවට පත්වී ඇති බව ජනප්‍රවාදයේ පවතී. පොතුවිල් මුහුදු මහ විහාරයේ
ඓතිහාසිකත්වය වඩා තීව්‍ර කරනුයේ කාවන්තිස්‌ස රජ දවස මෙරට ඇතිවු මුහුද ගොඩගැලීමේදී මුහුදට පාකර හැරි විහාරමහා දේවිය මුහුදේ පාවී ඇවිත් ගොඩබැස්‌සේ මෙම ස්‌ථානයට බව සඳහන්වීමයි. එය වඩාත් තහවුරු කරන සාධක වනුයේ කාවන්තිස්‌ස රජු හා විහාරමහා දේවියගේ සරණ මංගල්‍යය වූ ස්‌ථානය වන ලාහුගල මඟුල් මහ විහාරය මේ ආසන්නයේ පිහිටා තිබීම සහ දේවි කුමරිය ගැන කාවන්තිස්‌ස රජු විසමූ “කෝ කුමරිය” – කෝමාරිය මෙම විහාරයට ආසන්නයේ පිහිටීම නිසාය.

මෙම විහාර භූමියේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්‌ ද, කාවන්තිස්‌ස හා විහාරමහා දේවියගේ යෑයි සැලකෙන ප්‍රතිමා දෙකක්‌ද, ඓතිහාසික වශයෙන් ඉතා වැදගත්වන්නා වූ පුරා වස්‌තූන් සමූහයකින්ද යුක්‌තය. එම පුරාවස්‌තු මෙම ස්‌ථානයේ ඓතිහාසිකත්වයේ සාධකය. අධිරාජ්‍යවාදී පාලන සමය තුළ මෙම භූමිය අක්‌කර දෙසිය හැටහතරක වපසරියක
විහිදී තිබී ඇත. මෙරට විසූ කීර්තිමත් පුරාවිද්‍යා කොමසාරිස්‌වරයකු වන
චාල්ස්‌ ගොඩකුඹුර මහතා ගැසට්‌ නිවේදනයකින් 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත මගින් අක්‌කර 30 රූට්‌ 3 යි පර්චස්‌ 2 ක භූමි ප්‍රමාණයක්‌
පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙස නම් කරන ලදී. එලෙස වෙන් කළ පුරාවිද්‍යා
රක්‌ෂිතයක අද ඉතිරිව ඇත්තේ අක්‌කර පහක පමණ ප්‍රමාණයකි. එසේ නම් ඉතිරි පුරාවිද්‍යා බිම් ප්‍රමාණය ගිලගත් බහිරවයෝ කවරහුද? පසුගියදා මෙම
පුරාවිද්‍යා රක්‌ෂිතයේ පිහිටි පුදබිම ඩෝසර් කිරීමට අවසර දුන්නෝ කවරහුද?

මේ පිළිබඳව මුහුදු මහා විහාරයේa විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ අදහස්‌ දක්‌වමින්,“පසුගිය 8 වැනිදා වූ මෙම සිදුවීම මෙම ප්‍රදේශයේ ජීවත්වන අන්තවාදී මුස්‌ලිම් කණ්‌ඩායමක්‌ විසින් සිදුකරන ලද ක්‍රියාවක්‌. අපි මේ ඓතිහාසික ස්‌ථානය රැකගෙන ඉන්නේ බොහෝ දුෂ්කරතා මැද. අන්තවාදී මුස්‌ලිම්වරුන්ගේ නොයෙකුත් අඩන්තේට්‌ටම් මැද. දානවේල් පවා නොලැබ ආරක්‌ෂක අංශයේ මහත්වරු දෙන දේ කාලා
බීලා තමයි මේ ස්‌ථානයේ ඉන්නේ. විහාර භූමියට එන්න හරි හැටි පාරක්‌ නෑ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව නිසි වැඩපිළිවෙළක්‌ නෑ. මුස්‌ලිම්
ජනතාව පුරාවිද්‍යා රක්‌ෂිතයේ බලෙන් පදිංචිවෙලා. ඒවට ඔප්පුත් හදාගෙන. මෙම පුරාවිද්‍යා රක්‌ෂිතය තුළ දැනට අනවසර ඉදිකිරීම් 44 ක්‌ තිබෙනවා. ඒවා අතර රජයේ ඉදිකිරීම් පවා තිබෙනවා. මුස්‌ලිම් ජනතාව සමග අපගේ කිසිදු තරහක්‌ නෑ. ඒත් අපි ඉල්ලා සිටින්නේ ඓතිහාසික මෙම පූජා භූමියේ සිංහල බෞද්ධයාගේ උරුමය ආරක්‌ෂා කරදෙන්න කියලා. මොනව වුණත් අපි මේවා දාලා යන්නේ නැහැ. දිවි පරදුවට තියලා හරි මෙම පූජා භූමිය රැක ගන්නවා” යෑයි පැවැසූහ.

සැබැවින්ම තත්ත්වය ඉතා ෙ€දජනකය. බෞද්ධ රටක බෞද්ධ උරුමය රැක ගැනීමේ දුෂ්කරතාවේ ශෝචනීය ඉරණමට අප මුහුණදෙමින් සිටිමු. ඉන්ද්‍රසිරි හිමි පැවැසූ කතාවෙන් අපට පැහැදිලි වනුයේ එයයි. මීට පෙර මුහුදු මහ විහාරයේ වැඩ වාසය කළ කතරගම සිරිරතන හිමියෝද මෙම විහාරස්‌ථානය රක්‌ෂා කර ගැනීමට කළ මෙහෙවර උදාරය. උන්වහන්සේ වරක්‌ අප සමග පැවැසුයේ රාත්‍රී කාලයට අන්තවාදී මුස්‌ලිම්වරුන්
විහාරස්‌ථානයට ගල්වලින් පහරදෙන බවය. ඇතැම් අවස්‌ථාවල මුස්‌ලිම්වරුන්ගේ දරුවන් විහාර භූමියේ අවට තම ශරීර කෘත්‍යයන් පවා සිදුකරන බව උන්වහන්සේ පැවැසූහ.

2008 වසරේද මෙලෙස බලහත්කාරයෙන් විහාර භූමියේ ඉඩම් කොල්ලකෑමට සූදානම් වූ මුස්‌ලිම්වරුන්ට විරුද්ධ වූ නිසා ඔවුන්ගේ පහරකෑමට ලක්‌වූ සිරිරතන හිමියන්ට මොණරාගල, සිරිගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට සිදුවිය. මේ සියලු පීඩාවන්, වේදනාවන් මැද අපවත්වූ සීලරතන හිමියන්ට පින්සිදුවන්නට අද අපට මෙලෙස හෝ මුහුදු මහා විහාරයක්‌ ගැන කතා කිරීමේ අවස්‌ථාව ලැබී ඇත. එසේ නොවුණා නම් මුහුදු මහා විහාරයත් මුස්‌ලිම් මූලධර්මවාදයේ ඩෝසර් පහරින් පස්‌වී හමාරය. මුස්‌ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්‌ථානයේ බෝධීන් වහන්සේ පස්‌ වතාවක්‌ විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්‌ෂිතව ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක්‌ ලෙස තහනම් කර ඇත. බෞද්ධ පූජාභූමියක ධර්ම ශාලාවක්‌ ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම් කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද?

අන්තවාදීන් විහාරස්‌ථානයට යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස්‌ රථයකින් කෙළින්ම විහරස්‌ථානයට පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක්‌ තිබිණි.) එම නිසා විහාරස්‌ථානයට වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක්‌ පයින්
ගමන් කිරීමට සිදුවේ. මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම පුවරුව මුස්‌ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්‌ථානයට පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්‌ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක අවසානයේ පුරාවිද්‍යා ස්‌ථානය යනුවෙන් පමණක්‌ සටහන් කර ඇත. එහි මුහුදු මහා
විහාරය යනුවෙන් කිසිදු සටහනක්‌ නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත.
විහාර භූමියේ ඇති බුද්ධ ප්‍රතිමාවන් සොයාගත් මුල් වකවානුවේ සුරක්‌ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්‌ලිම් ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්‌ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය.

මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්‌තවාදී ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ ආරක්‌ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්‌ලිම්වරු විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්‌ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්‌ලිම් දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්‌ෂිතයක අන්තනෝමතික ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින්
සිටිති. දැන් අප මේ අවනඩුව කාට නම් කියමුද? චාල්ස්‌ ගොඩකුඹුර මහතා නම් කළ අක්‌කර 30 ක පුරාවිද්‍යා භූමිය කොල්ලකෑමට ඉඩදී වගකිවයුත්තන්ට මෙලෙස නිහඬව සිටිය හැකිද?

පසුගිය කාලය පුරාම නැගෙනහිර බෞද්ධ උරුමය අනතුරට වැටීමේ රතු එළිදැල් වෙමින් තිබිණි. යුද්ධය අවසන්වීම නිසා නැගෙනහිර වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තයට තෝතැන්නක්‌වී ඇත. එය සුබවාදී තත්aත්වයකි. එහෙත් එම සංචාරක ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වනුයේ මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්‌ථාන නම් එය කිසිසේත් සුබවාදී නොවේ. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලින් එය පැහැදිලි විය. එවැනි අමන කටයුතුවලින් ලබන සංවර්ධනයක්‌ නම්
මෙරටට අවශ්‍ය නැත. යුද්ධය අවසන්ව සාමයේ අරුණළු මේ දෙරණ පුරා විහිදෙද්දී මුස්‌ලිම් මූලධර්මවාදයේ භයංකාර සෙවනැලි නැගෙනහිර වෙළා ගනිමින් තිබේ. එම සෙවණැලිවල මුවාවෙන් මේ ඩෝසර් වනුයේ මෙරට ආධ්‍යාත්මයේ අක්‌මුල්ය.

සිංහල ජාතියේ සැබෑ උරුමයයි. මේ අනතුර පිළිබඳ පසුගිය දිනවල බෞද්ධ සංවිධානවල යම් අවදිවීමක්‌ තිබුණු බව අප දුටුවෙමු. බෞද්ධාරක්‌ෂක පදනම, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර පළාතේ සිදුවෙමින් පවතින බෞද්ධ උරුමය විනාශ කිරීමට එරෙහිව විරෝධතා දැක්‌වූහ. එහෙත් බලධාරීන් සිටිනුයේ මර නින්දකය. උදේ හවා ශ්‍රී මහ බෝධිය, දන්ත ධාතූන් වහන්සේ දොහොත් මුදුන් තබා වන්දනා කරන ජනාධිපතිවරයකු සිටින රටක්‌, බුදුදහම ව්‍යවස්‌ථාවෙන් සුරැකීමට කැපවී ඇති
රජයක්‌ බෞද්ධ උරුමය සුරකින අයුරුයි නම් අපූරුය.

පුරාවිද්‍යා කොමසාරිස්‌තුමනි, මුහුදු මහා විහාර භූමියේ අයිතිය
තහවුරුකරන 1965 අංක 773 පීපී 1450 දරණ පිඹුරු පත පිළිබඳ ඔබ දැනුවත් යෑයි අප විශ්වාස කරමු. එසේ නොමැති නම් ඒ පිළිබඳ ඔබ දැනුවත් වනු ඇතැයි අප සිතමු. ඒ අනුව විහාර භූමියට අයත් ප්‍රදේශය සංරක්‌ෂණය නව නීති අවශ්‍ය නොවන බව පැහැදිලිය. ඔබ ඒ පිළිබඳවද ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිතුමිය දැනුවත් කරනු ඇතැයි අප සිතමු. අප අවධාරණයෙන් පවසා සිටිනුයේ මෙම ඓතිහාසික භූමියට නීතියෙන් උරුමකර දී ඇති අයිතිය පමණක්‌ බෞද්ධයන්ට ලබාදෙන ලෙස පමණකි. මුහුදු මහ
විහාරයේ උරුමය රැක ගැනීම වෙනුවෙන් අපි නිරතුරුව අවදියෙන් සිටින බව සටහන්
කරන්නෙමු.


May 23, 2012

ඉර අවරගිරේ සැඟව යන්නට සූදානමින් සිටි හැන්දෑවක අනුරපුර පුදබිමේදී දුටු දසුනක් දැනුදු මගේ මතකයට නැගෙයි. එක් පසෙකින් ශ්වේත පැහැයෙන් දිලෙන රුවන්මැලි මහා සෑයත් තවත් අතෙකින් ගඩොල් පැහැගත් ජේතවනාරාමය සහ අභයගිරියත් මගේ නෙතට හසුවෙමින් තිබුණි. මහ සෑරදුන් අතීත ශ්‍රී විභූතියක මහිමය කියා පාමින් නිසලව වැඩ සිටියේ නිහඬ අතීතයක අනිගිභවනීය උරුමය වදනින් නොකියන උරුමයක් විලසිනි.

සිත නිසල කළ ඒ දසුන යළිඳු මගේ මතකයට පිවිසියේ ක‍්‍රි.පු 250, ක‍්‍රි.පු 200 තරම් ඈතට දිව යන ස්තූප දෙකක පුරාවත නැවත අනාවරණය වෙමින් පවතින පසුබිමකය.

ක‍්‍රි.පු 250 තරම් ඉපැරැණි අතීතයක් දරා හිඳින වගට කාලනීර්ණය කළ රඹුක්කන දැලිවල කොටවෙහෙරත් කි‍්‍ර.පු 200 තරම් අතීතයකට නෑකම් කියන තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයත් අපේ ස්තූප කලාවේ ආරම්භය ඉතිහාසඥයන් මෙතෙක් නොසිතූ රාජයුගයක් කරා විහිද යන බවට අද සාක්‍ෂි දරයි.

අපේ ඉතිහාසයේ පළමුවැනි වරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බෞද්ධ සතූප දෙකක අතීතය ක‍්‍රි.පු 250 කි‍්‍ර.පු 200 තරම් ඈත යුගවලට අයත් වෙන බව තහවුරු කර ඇත.

ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යංශයේ නව වැඩපිළිවෙළකට අනුව දැන් මෙවැනි කාර්යයන් සිදු කරන අතර පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරල් ආචාර්ය නිමල් පෙරේරා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ මේ කාර්යයන් සිදු කෙරීගෙන යයි. තිස්සමහාරාමයේ පිහිටි සඳගිරි සෑයේ කැණීමේ කටයුතු ආරම්භ කරන ලද්දේ 2000 වසරේදීය. 1986 දී රණසිංහ පේ‍්‍රමදාස මහතා කතරගම ගම්උදාව කරගෙන යන කාලයේදී සඳගිරි සෑය ප‍්‍රතිසංස්කරණය කරන්නට කටයුතු කළත් වසර 2000 වෙද්දී සඳගිරි සෑය කඩා වැටීමකට ලක්විය.

දාගැබ සංරක්ෂණයට පෙර විධිමත් පරීක්‍ෂණ කැණීමක් කිරීම පිළිබඳ අවධානය යොමුවූයේ මේ අනුවය.

මහා පරිමාණ බෞද්ධ ස්ථූපවලට ප‍්‍රතිසංස්කරණ අවධි කිහිපයක්ම ඇත. මහරජ කෙනකු මූලින් ගොඩනංවන ස්තූපය ඉන් පසු යුග යුගයන්හි රජවරු විසින් විවිධ ප‍්‍රතිසංස්කරණවලට බදුන් කරනු ලැබේ. ස්තූපය සංරක්‍ෂණය කරන්නට පෙර එම ස්තූපය අවසන් වරට ප‍්‍රතිසංස්කරණයකට බදුන් වූයේ කවර යුගයකදී දැයි යන්න විධිමත් පරීක්‍ෂණ කැණීමක් ඔස්සේ තහවුරු කරගනු ලැබේ. මුල් දාගැබේ සැලසුම හඳුනා ගැනීමත් ප‍්‍රතිසංස්කරණ අවධි හඳුනා ගැනීමත් සංරක්‍ෂණ කාර්යයට පෙර වැදගත් වෙයි.

2000 වසරේදී එවකට පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස කටයුතු කළ ඩබ්ලිව්.එච්. විජේපාල මහතාගේ අධීක්‍ෂණය යටතේ ආචාර්ය නිමල් පෙරේරා ප‍්‍රධාන අධීක්‍ෂණ නිලධාරීයා ලෙස මෙම විධිමත් පරීක්‍ෂණ කැණීමට දායත්වය සැපයූවේය.

දාගැබේ අවධි ගණනාවක් පිළිබඳ තොරතුරු සම්භවූයේ එම විධිමත් පරීක්‍ෂණ කැණීමේදීය.

එම ස්තූපය ගොඩනැංවීමට පෙර එම භූමියේ ප‍්‍රාග් ඓතිහාසික ජනාවාසයක් පැවැති බවට තොරතුරු හෙළිදරව් විය. ඒ එහි පළමු අවධිය වුවත් එම අවධිය පිළිබඳව තවදුරටත් සොයා බලා කාලනීර්ණය කරන්නට තරම් ප‍්‍රමාණවත් නියැදි සම්භ වූයේ නැත. එහෙයින් එම පළමු අවධිය පිළිබඳව කාල නිර්ණය කිරීමක් සිදු වූයේ නැත.

ඉනික්බිති එම අවධියෙන් පසු අවධිය යකඩ යුගයට අයත් ජනාවාසයක ලකුණුවලින් යුක්තවිය. කාලනිර්ණය කරන්නට තරම් නියැදී එම අවධියෙන් සොයාගත් නිසා එම අවධිය පිළිබඳව කාලනිර්ණයක් කළ අතර ඒ අනුව එම ජනාවාසය කි‍්‍ර.පු. 900 තෙක් ඈත අතීතයකට දිවෙන බව තහවුරු විය. පූර්ව ඓතිහාසික යකඩ යුගයට අයත් එම ජනාවාසයෙන් කාල - රක්ත මැටි බඳුන් ආදී ඓතිහාසිකත්වය විවරණය කරන සාක්‍ෂි හමුවිණි.

ක‍්‍රි.පූ. 200ට අයත් යැයි සැලකෙන සඳගිරි සෑය මුල්වරට ඉදිකර ඇත්තේ පොළොව යට තැනු ගල්වරි 47ක වේඳිකාවක් මතය. ඒ ගල්වරි නිර්මාණය කර ඇත්තේ ශක්තිමත් ගඩොලිනි.

ඇමරිකාවේ බීටා ඇනලටික් පරීක්‍ෂණාගාරයේදී මෙම කාලනිර්ණ පරීක්‍ෂණ පවත්වා තිබේ. දැලිවල කොටවෙහෙර සහ සඳගිරි සෑය යන ස්ථානවල පාදමෙන් සොයාගත් අගුරු කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමුකිරීමෙන් මෙම කාලනිර්ණ තහවුරු කරගෙන ඇත.

එදා අතීත රජුන් දවස ස්තූප ඉදි කිරීමේදී පාදම ඉදිකිරීම පිණිස කණින බිම පිළිස්සීමකට ලක්කර ඇත. පුරා විද්‍යා කැණීම්වලදී එම ස්ථර වලින් ඒ අඟුරු හමුවේ. අදාළ කාලනිර්ණ පරීක්‍ෂණවලට යොමු කරන්නේ කැණීම්වලදී සොයාගත් ඒ අඟුරුය.

මහාවංශය ප‍්‍රධාන කොටගත් වංශ කතා කියන පරිදි කි‍්‍ර.පු 250-210 යුගය අනුරාධපුර රජකම් කළ දේවානම් පියතිස්ස රාජ යුගයයි. ඇමෙරිකාවේ බීටා ඇනලටික් පර්යේණාගාරය ලබාදුන් කාල නිර්ණ දත්තය මහාවංශයේ එන එම ඉතිහාස කතාන්දරයෙ ද ඉඳුරාම තහවුරු කරන තවත් සාක්‍ෂියක් වැන්න. වංශ කතාවල කියැවෙන පරිදි දේවානම් පියතිස්ස රජු දවස මෙම නිර්මාණය කරවනු ලැබ ඇත්තේ මහානාග නම් කුමරු විසිනි.

සඳගිරි සෑයේ ගර්භය මුදුනේ ද කැණීමක් කර ඇති අතර ගඩොලින් කළ ගල්වරි 47 වේදිකාවෙන් පසු ප‍්‍රතිසංස්කරණ අවධි සඳහා ඊට වෙනස් ගඩොල් භාවිත කර ඇත.

සඳගිරි සෑයටත් වඩා ඉපැරැණි රඹුක්කන දැලිවල කොටවෙහෙර (ක‍්‍රි.පූ. 250) ආසියාවේ මෙතෙක් හමු වූ පරැණිම සේද රෙදිකඩ තම සන්තකයේ දරා සිටි ඉපැරණි ස්ථූපයකි. පබලූ මුතු ඇල්ලූ සේද රෙදිකඩකින් ඔතන ලද රත්තරන් කරඬුවක් දැලිවල කොටවෙහෙරින් හමුවී ඇත.

සාමාන්‍යයෙන් පුරා විද්‍යා සන්දර්භවල රෙදිකඩ රැඳී තිබෙන්නේ නැත. එහෙයින් මෙය විරල හමුවීමකි. ධාතූන් වහන්සේලා නිධන් කරද්දී සේද රෙද්දෙන් ආවරණය කර ඇත. සේද රෙද්දෙන් එතූ කරඬුව හමුවද්දී එම සේද රෙදිකඩ තිබුණේ කරඬුවටම ඇලී ගිය ස්වභාවයකිනි. සේද රෙදි කඩ ආරක්ෂාවී තිබුණේ ද එහෙයින්මය. එය අද දෑසට හසුවන්නේ අවර්ණවත් රෙදිකඩක් ලෙසය.

ඔස්ටේ‍්‍රලියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ සේවය කරන පෞරාණික රෙදිපිළි පිළිබඳ විශෙෂඥවරියක වන මහාචාර්ය ජූඞීන් කැමරන් විසින් කොටවෙහෙරින් හමු වූ සේද රෙදිකඩ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන ලදී. එම සේද රෙදි කඩ කවර දේශයක කවර තැනක නිපදවූවේද යන්න පිළිබඳව සොයා බලන්නට සාධක නැති වුණත් මේ කාලය වෙද්දී සේද මාවත ඔස්සේ පැමිණෙන සබඳකම් පැවති බවට ඉතිහාසය දෙස් දෙයි.

එහෙයින් මෙම සේද රෙදිකඩ සේද මාවත ඔස්සේ මෙරටට ගෙන එන ලද්දක් විය හැකි බව අපට විශ්වාස කළ හැකිය.

ඉතිහාසයේ විචිත‍්‍රවත් කඩඉම් පොළෝ තලයේ මහ ගැඹුරේ මෙන්ම නටඹුන් තුළ ද ශේෂව පවතියි. මේ ඒ බොහෝ වූ සැඟවුණු අතීත තොරතුරු කදම්බයක් අතරින් මතු වූ එක් අතීත පරිච්ෙඡ්දයක සලකුණු පමණි.

(තොරතුරු ලබා ගැනීමේ දී සහාය දුන් පුරාවිද්‍යා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතාට අපගේ ස්තූතිය)

සටහන - සංජීවිකා සමරතුංග

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.