Showing posts with label ශ්‍රී ලංකාවේ සොදුරුතම ස්ථාන. Show all posts
Showing posts with label ශ්‍රී ලංකාවේ සොදුරුතම ස්ථාන. Show all posts
Mar 11, 2014
ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනාන්තර
ලෝකයේ ඇති වනාන්තර වර්ග අතරින් වඩාත්ම වැදගත් වනාන්තර වර්ගය ලෙස
සැලකෙන්නේ නිවර්තන වැසි වනාන්තරය. ජෛව විවිධත්වය අධිකවීම, ජෛව ඝනත්වය
වැඩිවීම මෙන්ම අනෙක් වනාන්තරවලට සාපේක්ෂව පාංශු හා ජල සංරක්ෂණයට වැඩි
දායකත්වක් ලබාදීම මෙම වනාන්තරවල ඇති සුවිශේෂ ලක්ෂණ ලෙස හැඳින්විය හැක.
එමෙන්ම පෘථිවි ගොඩබිමෙහි ජීවීන් පැවතුන කාලයේ සිටම පැවත එන මිනිසා අතින්
කිසිදා නොකෙලසුන වනාන්තර ලෙස ද සැලකෙන බැවින් මෙම වනාන්තර ප්‍රාථමික හෙවත්
නොඉඳුල් වනාන්තර ලෙස ද හැඳින්වේ.ලොක උරුමයක් ලෙස නම්කර ඇති සිංහරාජ
වනාන්තරයත්, කන්නලිය, දෙදියගල හා නාකියාදෙණිය වන සංකීර්ණත් කොට්ටව
වනාන්තරයත් නිවර්තන වැසි වනාන්තරවලට උදාහරණ ලෙස දැක්විය හැක.මෙම වනාන්තර
මුහුදු මට්ටමේ සිට මීටර් 1200 දක්වා උස්බිම්වල දක්නට ලැබේ. වාර්ෂික
වර්ෂාපතනය මිලි මීටර් 3000 සිට 5000 දක්වා වේ. නිරිතදිග හා ඊසානදිග මෝසම්
සුළං මගින් වර්ෂාව ලැබෙන මෙම ප්‍රදේශවල වියළි කාලයක් නොමැති තරම්ය.
උෂ්ණත්වය 200C සිට280C දක්වා වන අතර සාපේක්ෂ ආර්ද්‍රතාවය 75% සිට 85% දක්වා
අතර අගයක් ගනී.හියුමස් වලින් ගහන මතුපිට පස තෙතමනයෙන් යුක්තය. අධික ශාක ඝනත්වය මගින් පෝෂක කොටස් උරාගැනීම නිසා පසේ සරු ගතිය අඩුය. ක්ෂුද්රජීවීන් අධිකව සිටින බැවින් පසට එකතුවන ජීව ද්‍රව්‍ය මැනවින් ප‍්‍රතිචකී‍්‍රකරණය වෙයි. ශාක ඝනත්වය වැඩිවීම නිසා ද ඒවා ස්තර කීපයක් ලෙස පිහිටීම නිසා ද වනාන්තර ඇතුළත අඳුරුය.හොර, බූ හා දොරන වැනි ශාක මීටර් 45 ක් පමණ උසට වැඩි නෙරු ශාක බවට පත්වී ඇත. ඊට යටින් ඇති වියන් ස්තරයේ නා, දුන්, ඇටඹ, යකහලුවා, වැලිපැන්න, කිරි හැඹිලිය, පෙලත්, කීන, වල්දෙල්, කොකුම් හා ආරිද්ද වැනි ශාක දක්නට ඇත. මේ ශාක මීටර් 30 සිට 45 දක්වා වූ උසකින් යුක්තය. මේ ශාකවල අතු එකිනෙකට යා වී ඇත.වියන් ස්තරයට යටින් ඇත්තේ මීටර් 15 - 30 දක්වා වූ උසකින් යුක්ත උපවියන් ස්තරයයි. මෙම ස්තරය හල්, වල්මොර, වලුකීන, කටමොද, උබ්බේරිය, තම්මැන්නා හා බදුල්ල වැනි ශාක වලින් යුක්තය. මේ අතර පහතින්ම පිහිටා ඇති යටි හා බිම් ස්තරවල පින්න, මඩොල්, බට, බේරු වැනි ශාක ද, කැකිල්ල හා තෘණ වර්ග ද දක්නට ලැබේ. මීට අමතරින් වෙනත් ශාක ආධාරයෙන් වැඩෙන ආරෝහක ශාක වර්ග ද, ශාක මත වැඩෙන බේඳුරු, කුඩා හැඩ, මහ හැඩ, ඕකිඩ් වර්ග වැනි අපිශාක වර්ග ද, පළිල වැනි පරපෝෂිත ශාක ද බහුලව පිහිටා ඇත.නිවර්තන වැසි වනාන්තරවල සත්ව විවිධත්වය ද අධිකය. පෘෂ්ඨ වංශි හා අපෘෂ්ඨ වංශි සත්ව විශේෂ 400 ක් පමණ ජීවත්වෙන අතර ඉන් විශේෂ 110 ක් පමණ ලංකාවට ආවේනික සතුන් වේ. ගෝනා, වල් ඌරා, මීමින්නා, වඳුරා, රිලවා, දඬුලේනා, හිවලා හා අඳුන් දිවියා මෙහි දක්නට ඇති ක්ෂීරපායින් ලෙස සැලකිය හැක. දිවයිනේ ප්‍රධාන ගංගා කීපයක හා ඇල දොළ රාශියකම ජල පෝෂිත ප්‍රදේශ වන්නේද නිවර්තන වැසි වනාන්තරය.
පහතරට තෙත් කලාපයේ පිහිටි කන්නෙලිය රක්ෂිත වනය | Kanneliya Forest Reserve
| කන්නෙලිය මංපෙතට පිවිසෙන පිවිසුම් මාර්ගය ආරම්භයේ හමුවන ප්‍රධාන නානතොටුපල සෑදී ඇත්තේ කන්නෙලිය වනය තුලින් ගලන නන්නිකිත ඇලෙනි. |
අප දන්නා පරිදි ලංකාවට ආවේනික වූ ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකින්,
අතිබහුතරයක්ම වාර්තා වන්නේ තෙත් කලාපයේ පිහිටි වැසි වනාන්තරවලින්. ජෛව
විවිධත්වයෙන් අනූනවූ මෙකී ස්වභාවික වැසි වනාන්තර ගැන කතා කිරීමේදී, අපේ
මතකයට නිරතුරුවම නැගෙන්නේ, මධ්‍යම කදුකරයේ නිරිත දිග පැත්තට වන්නට පිහිටා
ඇති හේක්ටයාර එකලොස්දහස් දෙසිය පනහක පමණ භුමිභාගයකින් යුතු ජාතික
වනෝද්‍යානයක් වූ සිංහරාජ වනාන්තරයයි. යුනෙස්කෝ සංවිධානය විසින් ජෛවගෝල රක්ෂිතයක් ලෙස නම් කොට ඇති සිංහරාජ වනාන්තරය
හැරුණු කොට තවත් ඒහා සමානම ජෛව විවිධත්වයන්ගෙන් අනුනවූ තෙත්බිම් සමුහයක්
මේ සුන්දර ලංකාදීපයේ තිබේ. මේ සමුහය අතරින් කන්නෙලිය වන රක්ෂිතයට
හිමිවන්නේත් සුවිශේෂී ස්ථානයක්.
| දියඅල්ලේ අසිරිය විදීමෙන් පසු ප්‍රධාන මංපෙතට පිවිස ටිකදුරක් යනවිට හමුවන යෝධ පුස්වැල අක්කරයක පමණ භුමි ප්‍රදේශයක් පුරා පැතිර ඇතිබව පැවසේ. |
ඔබත් පහතරට වැසි වනාන්තරයක සිරි නැරබීමට බලාපොරොත්තුවෙන් සිටිනවානම්, අප විදි සුන්දරත්වය විදගැනීමට මේ තොරතුරු යම් පිටුවහලක් වේවි.
![]() |
| සුපිරිසිදු ජලදහරාවන්ගෙන් සපිරි ගල්ගොඩකන්ද දොළ. මෙවැනි කුඩාදිය පහරවල් රාශියක් එකතුවී සෑදෙන නන්නිකිත ඇළ, කන්නෙලිය ඇළ ගිංගගේ හා වලවේ ගගේ ප්‍රධාන ජලපෝෂක ප්‍රදේශ බව පැවසේ. |
ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණලංකා අධ්වේගී මාර්ගයෙන් ගමන්කොට ගාල්ල දෙසට වන්නට පිහිටි බද්දේගම පිවිසුමෙන් පිටවී නාගොඩ මාර්ගය ඔස්සේ උඩුගම නගරය හරහා කන්නෙලියට අප ගමන්ගත් මාර්ගය, කන්නෙලියට නොගිය ඔබට වඩාත් පහසු මගවන්නට පිළිවන්.
![]() |
| සුහදශීලී, ලෙන්ගතුබවින්, උපරිම විනෝදාස්වාදයක් ලබාදුන් සුහද හමුව පැවැත්වූ අපගේ සොදුරු නවාතැන වූ කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට්හි බාහිර පෙනුම. |
![]() |
| කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට් අසළින් ගලා බස්නා නන්නිකිත ඇලේ සොදුරු දියදහර . |
![]() |
| කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට් අසළින් ගලා බස්නා නන්නිකිත ඇලේ සොදුරු දියදහර . |
![]() |
| සහෝදර විධායක නිලධාරීන්ගේ එකමුතුවෙන් පැවති වාර්ෂික සුහද හමුව. |
![]() |
| බද්දේගම පිටවුමෙන් පිටවී නාගොඩ දෙසට හැරෙන මාවත අභියස .. අපේ කස්ටිය ..... |
![]() |
| අපේ කස්ටිය ..... බද්දේගම අධිවේගී මාර්ග පිටවුම නාගොඩ හන්දිය අසලදී ... |
| අපේ කස්ටිය ..... කන්නෙලිය ෆොරෙස්ට් රිසෝර්ට් ඉදිරිපිට .. |
Subscribe to:
Posts (Atom)





















