Showing posts with label විචාරාත්මක ලිපි. Show all posts
Showing posts with label විචාරාත්මක ලිපි. Show all posts

May 29, 2012


   රටක් දිනෙන් දින දියුණු වන විට ජනතාවගේ ආර්ථික මට්ටම යහපත් වේ. ජනතාවගේ ආර්ථිකය යහපත් වන විට ඔවුන් තමන්ගේ පහසුවට අවශ්‍ය කරන දේවල සපයා ගැනීමට පෙලඹීම සාමාන්‍ය දෙයකි. මෙහිදී බොහෝ දෙනෙක් තමන්ටම කියා ගෙයක් සාදා ගත් පසුව ඉන් අනතුරුව කරන්නේ වාහනයක් මිලට ගැනීමට උත්සාහ දැරීමයි. නමුත් එලෙස සියල්ලෝම වාහන මිලදී ගෙන ඒ සියල්ලම පාරට ගෙන එන විට මාර්ග වල තදබද ඇති වේ. මෙයට ඇති විකල්පය කුමක්ද?



මේ සඳහා ලොව බොහෝ රටවල් මෙන්ම අපේ රටත් අනුගමනය කරන්නේ ජනතාව පුද්ගලිකව වාහන ගැනීම අධෛර්යමත් කිරීමයි. ලංකාව තුලද රජය විසින් වාහන බදු වැඩිකිරීමෙන් උත්සාහ දරන්නේ රථවාහන වලට බදු වැඩිකර අළුතෙන් වාහන ගැනීම අධෛර්යමත් කිරීමයි. නමුත් එය හිතකර විසඳුමක් නොවේ. එසේ නම් මෙයට පිළියම කුමක්ද? මෙයට පිළියම් සෙවීමට ප්‍රථම ජනතාව විසින් තමන්ටම වාහනයක් ගෙන එයින් ගමන් කරන්නට උත්සාහ දරන්නේ මන්ද? යැයි අප තේරුම් ගත යුතුය. සමහරු හිතන්නේ ජනතාව වාහන මිලට ගන්නේ රථගාය හෙවත් වාහනයක් ගැනීමට ඇති ඇම්ම නිසා බවයි. එය අර්ධ සත්‍යයක් වන නමුදු සම්පුර්ණ ඇත්ත එය නොවේ.



පුද්ගලිකව මාද ගමන් බිමන් සඳහා වාහනයක් පාවිච්චි කරන නමුදු සැමවිටම එය පදවන්නේ කැමැත්තකින් නොවේ. බොහෝ විට මා පිටරටකට ගිය අවස්ථා වලදී, එය දියණු රටක් නම් භාවිතා කරන්නේ පොදු ප්‍රවාහන සේවයයි. එයට හේතුව එම රටවල පොදු ප්‍රවාහන සේවය ඉතාමත් කාර්යක්ෂම, මිල අඩු සහ සුව පහසු ඒවා වීමයි. සමහර රටවල තමන්ගේ පුද්ගලික වාහනයක ගමනක් යාමට වඩා වේගයෙන් පොදු ප්‍රවාහන සේවයකින් ගමනාන්තය දක්වා යාමට පහසු වන තරමට කාර්යක්ෂම සහ වේගවත් වී ඇත. ලංකාව තුලද මේ තත්වය ඇති වනවා නම් ජනතාව පොදු ප්‍රවාහන සේවය වෙත යනු ඇත.



කලක් ප්‍රවාහන අමාත්‍ය වරයාව සිටි ඩලස් අලහප්පෙරුම මහතා විසින් කොලඹ නගරයට සිටි ලයිනර් City liner නමින් ප්‍රවාහන සේවයක් ආරම්භ කර කොලඹට ආසන්නව වාහන නැවැත්වීමේ රථගාල්ද අරඹන ලදී. නමුත් ඒ සියල්ල ක්‍රියාත්මක වුයේ ඉතාමත් කෙටි කලකි. එය ලත් තැනම ලොප් වී අසාර්ථක විය. එයට හේතුව කුමක්ද? එයට හේතුව වුයේ එම බස් සේවාව ජනතාවට පහසු එකක් නොවීමයි. වාහන වල යන ජනතාව පොදු ප්‍රවාහන සේවයකට කැඳවා ගැනීමට නම් එම ප්‍රවාහන සේවාව ආකර්ශණීය එකක් විය යුතුය.



කොලඹ නගරය තුල පොදු ප්‍රවාහන සේවය ප්‍රචලිත කිරීමට නම් පලමුව ප්‍රධාන පාරවල් වල එක අතට ගමන් කරන මං තීරු Track තුනක් ඇති කර එහි අයිනේම තීරුව බස් ධාවනයට පමණක් වෙන් කළ යුතුය. අනෙක් වාහන මෙම තීරුවේ ගමන් කරන්නේ නම් ඒවාට දඩ ගැසීමෙන් ඔවුන් මෙම තීරුවේ යාම වැලැක්විය හැක. එවිට මාර්ග තදබද ඇති අවස්ථා වලදීද ‍බස් රථ වල යන මගියාට තමන්ගේ ගමන ඉතාමත් ඉක්මණින් යා හැකි අතර පුද්ගලික වාහනයක ගමන් ගන්නාවු අයට මාර්ග තදබදය නිසා තම ගමනට යන කාලය දිර්ඝ වනු ඇත. පොදු ප්‍රවාහන සේවය තුල තම ගමන ඉක්මණින් යා හැකි වීමෙන් ජනතාව එක්තරා දුරකට පොදු ප්‍රවාහන සේවය වෙත ආකර්ශනය වනු ඇත.



බස් වලට වෙනම මං තීරු යොදවා බස් ගමන වේගවත් කළ පසු සිදුකළ යුත්තේ කොලඹ නගරය තුල අධිසුඛෝපබෝගී බස් සේවාවක් ආරම්භ කිරීමයි. වර්තමානයේ සමහර මාර්ග වල ලංගම විසින් මෙය ක්‍රියාත්මක කළද එම බස් ප්‍රමාණය සීමිතය. එමෙන්ම එසේ බස් ගමන් කරන්නේ මාර්ග කිහිපයක පමණි. අනෙක් කරුණ නම් මේ බස් සේවාව තුලින් රජය ආරම්භයේ සිටම ලාභයක් බලාපොරොත්තු නොවිය යුතුය. කිසියම් කාලයක් මෙය පාඩු පිට හෝ පවත්වාගෙන ගියේ නම් ජනතාව මෙම බස් සේවාවට ආකර්ෂනය වනු ඇත. රජය විසින් මේ යෝජනාවද ක්‍රියාත්මක කළ හොත් ජනතාවට ඉතාමත් වේගවත් සහ පහසු ප්‍රවාහන සේවයක් ඉන් ලැබෙනු ඇත. එවිට කොලඹ නගරයේ සිටින සාමාන්‍ය ජනතාව තමන්ගේ එදිනෙදා කටයුතු වලට පොදු ප්‍රවාහන සේවය යොදා ගනු ඇත.



තෙවෙනි යෝජනාව නම් කොලඹ නගරයට ඉහලින් විදුලි දුම්රිය සේවයක් ක්‍රියාත්මක කිරීමයි. කිසිදු මාර්ගයක් ඉන් අවහිර නොවන අතර මෙම දුම්රිය මගීන්ටද කිසිදු අපහසුතාවයකින් තොරව තම ගමනාන්තය දක්වා වේගයෙන් සහ සුව පහසුව යාමට මග සැලසෙනු ඇත. මා විසින් ඉහත කරන ලද යෝජනාවන්ට වඩා මෙම යෝජනාව වියදම් අධිකය. නමුත් රජයට ඒ සඳහා විදෙස් ආයෝජකයෙක්ගේ සහය ලබා ගත හැකිය. මිලියන ගණනක් ගැවසෙන කොලඹ නගරයට ප්‍රවාහන පහසුකම් සැපයීමට ඕනෑම ආයෝජකයෙක් මැලි නොවනු ඇත.

මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත. මෙයට (කතෘ සජිත් දිල්හාන්)

මෑතකදී මා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරන විට ව්‍යාපාරිකයෙක් වශයෙන් එම රටෙහි අතිසාර්ථකත්වය ලබා සිටින ශ්‍රී ලාංකිකයෙක් හමු විය. ඔහු මා සමග බොහෝ කුළුපග වුණු අතර ඔහු මෙරට හැර ගියේ අසු අට අසූ නමය භීෂණ යුගයේ බැව්ද පැවසීය. එකල තරුණයෙක් වශයෙන් හිස් අතින් ඒ රටට පාතැබු ඔහු අද දහසින් බැඳි පියළි මත යන්නට තරම් ධනවතෙකි. ඔහුත් සමග බෙහෙවින් මිත්‍රවු මා ඔහුගෙන් නැවත ලංකාවට එන්න අදහසක් නැත්දැයි විමසුවෙමි. එවිට ඔහු පැවසුවේ මා තෘෂ්ණිම්භූත කරවන ආකාරයේ පිළිතුරකි. එනම්

ඔහු:    අපට මේ රටේ දී තියෙන නිදහස ලංකාවේ නැහැනේ!

මම:    ඒ ඇයි?

ඔහු:    ලංකාවේ පගාව නැතිව මොනවද කරන්න පුළුවන්? හැමදේටම පගා දෙන්න ඕන. මේ රටේ නම් අපට නීත්‍යානුකූලව කරන ඕන දෙයක් බාධාවක් නැතිව කරගන්න නිදහස තියෙනවා. ඒක ලංකාවේ නැහැ.

ඔහු මෙසේ කී පසු නැවතත් ඔහුට ලංකාවේ ජීවත් වන්න එන්න කියා ආරාධනා නොකළේ මටත් එවැනි අමිහිරි අත්දැකීම් ඕනෑ තරම් ඇති නිසාය.

එහිදී මට ආරංචි වු තවත් පුවතක් නම් ලංකාවේ නමගිය තේ අපනයන සමාගමක් වන අහමඩ් ටී සමාගම විසින් ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබුණු තේ ඇසුරුම් ව්‍යාපෘතියක් දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ කරන්නට කටයුතු කරන බවයි. අහමඩ් ටී යනු ලංකාවේ පිටරටට අපනයන කරන්නන් අතර ප්‍රමුඛතම නාමයකි. ලංකාවේ පිටතට යන මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 200 ක් පමණ වේ යැයි ආරංචි මාර්ග සඳහන් කරයි.  මීට කලින් ලංකාවේ දැවැන්ත තේ අපනයන සමාගමක් වන අක්බාර් තේ සමාගමද කිසියම් බලවේගයක් කප්පම් ඉල්ලීම නිසා තේ වෙන්දේසි වර්ජනයක යෙදුනි.

අහමඩ් ටී ව්‍යාපෘතිය වෙනතකට යාමට හේතුවද ඩොලර් මිලියන ගණනක අල්ලසක් බැව් මට ආරංචි විය. අහමඩ් ටී විසින් දැනටමත් ඔවුන්ගේ ඇසුරුම් කර්මාන්තශාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදිකෙරෙමින් පවතියි. අන්තර්ජාලයේ සිටින ඊනියා දේශප්‍රේමීන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඇත්තටම රටට ආදරය කරන අයවළුන් නම් මේ ක්‍රියාවන් වලට එරෙහිව හඬ නගන ලෙසයි.   


මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත. මෙයට (කතෘ සජිත් දිල්හාන්)

      රට ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීම නිමිත්තෙන් අද දින විජයග්‍රහණය සමරන දිනයයි. අද පැවැත්වෙන සැමරුම් උත්සවය වෙනුවෙන් වසා දැමෙන කොලඹ පාරවල් සංඛ්‍යාවද මේ වන විට මාධ්‍ය වලින් දක්වා හමාරය. මෙවර සැමරුම ඉතා උත්කර්ෂවත් අයුරින් සිදු කෙරෙන්නට නියමිතය. නමුත් අප විසින් කළයුත්තේ මෙයද? නැත්නම් අප විසින් කළයුතුම දේ අපට අමතක වුවාද? මේ ලිපිය ඒ ගැනයි.

එදා නන්දිකන්ඩාල් හිදී ප්‍රභාකරන් ඝාතනය වීමෙන් පසුව නිල වශයෙන් රුදුරු ත්‍රස්තවාදී යුද්ධය අවසන් විය. රටපුරා රතිඥ්ඤා හඬ ඇසෙන්නට විය. කිරිබත් උයා මහපාරේ යන අයට බෙදන්නට විය. මේ සියල්ල ජනතාව විසින් දුටුයේ යහපත් දේ ලෙසය. ඒ යහපත්ද අයහපත්ද යන්න පෙන්වා දීමට කිසිදු කෙනෙක් හෝ ආගමික යතිවරයෙක් අප රට තුල නොසිටියා සේය.

ප්‍රභාකරන්ගේ මරණයත් සමගම රුදුරු ත්‍රස්තවාදය අවසන් වු බැව් සැබෑය. නමුත් ඒ වනවිටත් අපට කළ යුතු බොහෝ දේ තිබුණි. ඒ උතුරේ දමිල ජනතාවගේ හදවත් දිනා ගැනීමේ සංග්‍රාමයයි. ඒ වන විටත් බොහෝ දෙනෙක් සිටියේ අවතැන් වු කඳවුරු වලය. අවතැන් කඳවුරු වල සිටීම යනු සාමාන්‍ය නිවසක සිටිනවාක් මෙන් නොවන බව අප වටහා ගත යුතුය. ඒ අවස්ථාවේ ඔවුන්ගේ දුකසැප බෙදා ගන්නට එහේ ගියේ කවුද? අප කළේ අපේ පාරේ යන කෙනාට කිරිබත් කැවීම නොවේද? මෙසේ දමිල ජනතාවගේ හදවත් දිනා ගැනීමට හොඳම අවස්ථාවක් අපට මග හැරුණි.

ඒ නිසා ඉන් පසුව පැවැත්වුණු සියළුම මැතිවරණ වලදී එම පලාත් ජයගත්තේ එදා කොටින්ට උඩගෙඩි දෙන දේශපාලනයක් කළ ද්‍රවිඩ ජාතික සංධානයම නොවේද? එදා පමණක් නොව හෙට දවසේද එහි මැතිවරණයක් පැවැත් වුවහොත් ජයගන්නේ කවුද?

මගේ අදහස නම් බොරු උජාරු පෙන්වීමට උත්සව තබනවාට වඩා අපට කළ හැකි සහ කළ යුතු බොහෝ දේ ඇත. එනම්

  • උතුරේ ජනතාවට අප දිනා විසින් දිනා දුන් නිදහස ඔවුන්ට වටහා ගනු පිණිස ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට වැඩි ධනයක් සහ සම්පත් කැප කළ යුතුය.

  • යුද්ධය නිසා අකාලේ මියගිය සිංහල සහ දමිල ජනතාවගේ පවුල් වල අයගේ සුභ සාධනය කෙලෙස ඉටුවනවාදැයි සොයා බැලිය යුතුය.

  • නැවත එවන් කුරිරු යුද්ධයක් ඇති නොවන ලෙස සර්වාගමික වැඩසටහන් රටපුරා දියත් කළ යුතුය.

එසේ නොකර පවත්වන බොරු පුරාජේරු උත්සව වලින් විජයග්‍රහණයක් සමරන්නේ ජනතාව නොව ඒ සංවිධානය කලවුන්මය. එයින් ජනතාවට ඇති වැඩක් නැත.

 මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත. මෙයට (කතෘ සජිත් දිල්හාන්)

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.