May 29, 2012

මෑතකදී මා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරන විට ව්‍යාපාරිකයෙක් වශයෙන් එම රටෙහි අතිසාර්ථකත්වය ලබා සිටින ශ්‍රී ලාංකිකයෙක් හමු විය. ඔහු මා සමග බොහෝ කුළුපග වුණු අතර ඔහු මෙරට හැර ගියේ අසු අට අසූ නමය භීෂණ යුගයේ බැව්ද පැවසීය. එකල තරුණයෙක් වශයෙන් හිස් අතින් ඒ රටට පාතැබු ඔහු අද දහසින් බැඳි පියළි මත යන්නට තරම් ධනවතෙකි. ඔහුත් සමග බෙහෙවින් මිත්‍රවු මා ඔහුගෙන් නැවත ලංකාවට එන්න අදහසක් නැත්දැයි විමසුවෙමි. එවිට ඔහු පැවසුවේ මා තෘෂ්ණිම්භූත කරවන ආකාරයේ පිළිතුරකි. එනම්

ඔහු:    අපට මේ රටේ දී තියෙන නිදහස ලංකාවේ නැහැනේ!

මම:    ඒ ඇයි?

ඔහු:    ලංකාවේ පගාව නැතිව මොනවද කරන්න පුළුවන්? හැමදේටම පගා දෙන්න ඕන. මේ රටේ නම් අපට නීත්‍යානුකූලව කරන ඕන දෙයක් බාධාවක් නැතිව කරගන්න නිදහස තියෙනවා. ඒක ලංකාවේ නැහැ.

ඔහු මෙසේ කී පසු නැවතත් ඔහුට ලංකාවේ ජීවත් වන්න එන්න කියා ආරාධනා නොකළේ මටත් එවැනි අමිහිරි අත්දැකීම් ඕනෑ තරම් ඇති නිසාය.

එහිදී මට ආරංචි වු තවත් පුවතක් නම් ලංකාවේ නමගිය තේ අපනයන සමාගමක් වන අහමඩ් ටී සමාගම විසින් ලංකාවේ ආරම්භ කිරීමට නියමිතව තිබුණු තේ ඇසුරුම් ව්‍යාපෘතියක් දැන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ කරන්නට කටයුතු කරන බවයි. අහමඩ් ටී යනු ලංකාවේ පිටරටට අපනයන කරන්නන් අතර ප්‍රමුඛතම නාමයකි. ලංකාවේ පිටතට යන මෙම ව්‍යාපෘතිය ඩොලර් මිලියන 200 ක් පමණ වේ යැයි ආරංචි මාර්ග සඳහන් කරයි.  මීට කලින් ලංකාවේ දැවැන්ත තේ අපනයන සමාගමක් වන අක්බාර් තේ සමාගමද කිසියම් බලවේගයක් කප්පම් ඉල්ලීම නිසා තේ වෙන්දේසි වර්ජනයක යෙදුනි.

අහමඩ් ටී ව්‍යාපෘතිය වෙනතකට යාමට හේතුවද ඩොලර් මිලියන ගණනක අල්ලසක් බැව් මට ආරංචි විය. අහමඩ් ටී විසින් දැනටමත් ඔවුන්ගේ ඇසුරුම් කර්මාන්තශාලාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉදිකෙරෙමින් පවතියි. අන්තර්ජාලයේ සිටින ඊනියා දේශප්‍රේමීන්ගෙන් මා ඉල්ලා සිටින්නේ ඇත්තටම රටට ආදරය කරන අයවළුන් නම් මේ ක්‍රියාවන් වලට එරෙහිව හඬ නගන ලෙසයි.   


මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත. මෙයට (කතෘ සජිත් දිල්හාන්)

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.