
එදා නන්දිකන්ඩාල් හිදී ප්‍රභාකරන් ඝාතනය වීමෙන් පසුව නිල වශයෙන් රුදුරු ත්‍රස්තවාදී යුද්ධය අවසන් විය. රටපුරා රතිඥ්ඤා හඬ ඇසෙන්නට විය. කිරිබත් උයා මහපාරේ යන අයට බෙදන්නට විය. මේ සියල්ල ජනතාව විසින් දුටුයේ යහපත් දේ ලෙසය. ඒ යහපත්ද අයහපත්ද යන්න පෙන්වා දීමට කිසිදු කෙනෙක් හෝ ආගමික යතිවරයෙක් අප රට තුල නොසිටියා සේය.
ප්‍රභාකරන්ගේ මරණයත් සමගම රුදුරු ත්‍රස්තවාදය අවසන් වු බැව් සැබෑය. නමුත් ඒ වනවිටත් අපට කළ යුතු බොහෝ දේ තිබුණි. ඒ උතුරේ දමිල ජනතාවගේ හදවත් දිනා ගැනීමේ සංග්‍රාමයයි. ඒ වන විටත් බොහෝ දෙනෙක් සිටියේ අවතැන් වු කඳවුරු වලය. අවතැන් කඳවුරු වල සිටීම යනු සාමාන්‍ය නිවසක සිටිනවාක් මෙන් නොවන බව අප වටහා ගත යුතුය. ඒ අවස්ථාවේ ඔවුන්ගේ දුකසැප බෙදා ගන්නට එහේ ගියේ කවුද? අප කළේ අපේ පාරේ යන කෙනාට කිරිබත් කැවීම නොවේද? මෙසේ දමිල ජනතාවගේ හදවත් දිනා ගැනීමට හොඳම අවස්ථාවක් අපට මග හැරුණි.
ඒ නිසා ඉන් පසුව පැවැත්වුණු සියළුම මැතිවරණ වලදී එම පලාත් ජයගත්තේ එදා කොටින්ට උඩගෙඩි දෙන දේශපාලනයක් කළ ද්‍රවිඩ ජාතික සංධානයම නොවේද? එදා පමණක් නොව හෙට දවසේද එහි මැතිවරණයක් පැවැත් වුවහොත් ජයගන්නේ කවුද?
මගේ අදහස නම් බොරු උජාරු පෙන්වීමට උත්සව තබනවාට වඩා අපට කළ හැකි සහ කළ යුතු බොහෝ දේ ඇත. එනම්
- උතුරේ ජනතාවට අප දිනා විසින් දිනා දුන් නිදහස ඔවුන්ට වටහා ගනු පිණිස ඔවුන්ගේ ජීවිත සුඛිත මුදිත කිරීමට වැඩි ධනයක් සහ සම්පත් කැප කළ යුතුය.
- යුද්ධය නිසා අකාලේ මියගිය සිංහල සහ දමිල ජනතාවගේ පවුල් වල අයගේ සුභ සාධනය කෙලෙස ඉටුවනවාදැයි සොයා බැලිය යුතුය.
- නැවත එවන් කුරිරු යුද්ධයක් ඇති නොවන ලෙස සර්වාගමික වැඩසටහන් රටපුරා දියත් කළ යුතුය.
එසේ නොකර පවත්වන බොරු පුරාජේරු උත්සව වලින් විජයග්‍රහණයක් සමරන්නේ ජනතාව නොව ඒ සංවිධානය කලවුන්මය. එයින් ජනතාවට ඇති වැඩක් නැත.
මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත. මෙයට (කතෘ සජිත් දිල්හාන්)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.