May 29, 2012


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අධිකරණය ඉදිරියේ පොල් ගැසීම නිසා දැන් පොල් කේස් එකක් වැටෙන්න ආසන්නය. ඒ නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා විසින් අධිකරණයට අපහාස කිරීම යටතේ නඩු පවරන බවට ප්‍රකාශ කිරීම නිසාය. ඇත්තටම කියන පරිදිම මේ ‍පොල් කේස් එක වැටුනොත් හිරුණිකාට එලොව පොල් පේන්නත් බැරි නැත.



පොල් යනු සිංහල අපගේ කුස්සියට නැතිවම බැරි දෙයකි. අපට පොල් නැතිවම බැරි වුනාට සමහර රටවල ආහාර සඳහා පොල් භාවිතා නොවේ. එවැනි රටවලට ගොස් සිටින ලංකාවේ අය පොල් කිරි සහිතව ආහාර සාදා ගැනීමට විඳින දුක ඒ පැතිවල ගිය අය දනියි. කෙසේ නමුත් අපේ රටේ දැන් පොල්වතු කොටස් වලට කඩා විකුනා ඒවායේ ගෙවල් හදන නිසා පොල් හිඟයක් ඇති වෙමින් පවතියි. සමහර දවස් වලට පොල් ගන්නට කඩේට යන අයට එලොව පොල් පේන්නේ ඒ නිසයි.

මිනිසුන් දේවාල වලට ගොස් පොල් ගසන්නේ පොල් කෙතරම් ගණන් වුවද දෙවියන්ගෙන් පිහිටක් ලබා ගන්නට වෙනත් ක්‍රමයක් නොදන්නා නිසා විය හැකියි. සමහරු කියන්නේ පොල් ගැසීමට හේතුව නම් නිදා සිටින දෙවියන් පොල් ගසන සද්දයෙන් අවදි කිරීමට බවයි. නමුත් ඒකට දැන් තියෙන හොඳ විසඳුම පොල් ගැසීම නොව රතිඥ්ඤා කරලක් පත්තු කිරීමයි. නැත්නම් ජයලත් ජයවර්ධන මහතාගෙන් සුනාමි සයිරන් නළාවක් ඉල්ලාගෙන ගොස් දේවාලය ඉස්සරහා පිඹීමෙන්ද දෙවියන් අවදි කළ හැක.



නමුත් අපේ හිරුණිකා බේබිට නම් පොල් වල ගානෙන් ප්‍රශ්නයක් ඇති වෙන එකක් නැතිව ඇති. ඒ එයාගේ තාත්තා හිටපු ජනාධිපති උපදේශක, අනෙක අම්මටත් දැන් පෝස්ට් එකක් ලැබිලා, නැන්දලා මාමලා පිටරට වැනි හේතු නිසාය. ඒ වගේ අයට රුපියල් 30 ක් 40 දී පොල් ගෙඩියක් ගන්න එකත් කජ්ජක්ද? ඒ නිසා තාත්තා මැරූ අයගෙන් ගන්න බැරි පලිය පොල් වලින් හෝ ගන්නට සිතුවා විය හැක. ඒත් හිරුණිකා පොල් ගසන විට සාමාන්‍ය ජනතාවට නම් හිතෙන්නේ “අපරාදේ පොල්!” කියායි. ඒ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ගැන කේන්තියක් නිසා නොව පොල් ගණන් නිසාය.



හිරුණිකා පාරේ පොල් ගැසු නිසා පොල් ටික නාස්ති වු නමුදු දේවාල වල එසේ නාස්ති කරන්නේ නැත. එයට හේතුව නම් දේවාල වල දේවගැති වරුන් විසින් එම බිඳුණු පොල් කිලෝ ගණනට කොප්පරා මුදළාලිලාට විකුණන බැවිනි. පොල් ගසන්නාට දෙවියන්ගෙන් පිහිට ලැබෙන අතර බිඳුණු පොල් වලින් දෙයියන්ට වැඩක් නැති නිසා දේවගැති වරු ඒ ටික විකුණා මුදල් ගනිති. ඇත්තටම දෙයියන්ට සල්ලිත් වැඩක් නැති නිසා ඒ සල්ලි ටික දේවගැති වරු පරිස්සමට ලඟ තබා ගත්තාට ප්‍රශ්නයක් නැත.



සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව පොල් සල්ලි වලට ගෙන පාරේ ගැසීම නිසා හිරුණිකා අමාරුවේ වැටුනේ එයාට කවුරුන් හෝ වැරදි උපදේශයක් දුන් නිසා බව මගේ අදහසයි. ඒ වෙනුවට එයා පොල් ලෝඩ් එකක් අරගෙන ගෙයින් ගෙට ගොස් පොල් ගෙඩිය ගෙඩිය බිඳ ගන්නට බෙදා දුන්නා නම් පොල් ගැසීම විමධ්‍යගත වීම නිසා පොලුත් ගසා නඩුත් නැතිව බේරෙන්නට තිබුණි. එවිට එය පොල් ගැසීමක් නොව පොල් ‍බෙදා දීමක් ලෙස අධිකරණයේ නිර්වචනය කළ හැක. අනෙක් අතින් ජනතාවට පොල් බෑ දෙක ගණනේ හිමි වන නිසා ඔවුන්ද සතුටු වනු ඇත.


මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.