May 29, 2012


ප්‍රවීණ පන්දු යවන්නෙක් වන ලසිත් මාලිංග ක්‍රීඩකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කරන ලද ක්‍රිකට් කොන්ත්‍රාත්තුවේ මුදල සාමාන්‍ය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ලැබෙන මුදලින් 40% ක් නිසා ප්‍රතික්ෂේප කර ඇති බැව් ගොසිප් අඩවියක් වාර්තා කර ඇත. මට මේ ලිපිය ලියන්නට හිතුනේ ඒ අරබයාය.



අර්ජුන රණතුංග ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ඉතා හොඳ වාණිජ වටිනාකමක් තිබුණු ක්‍රීඩකයෙක් වුවද එම අනුග්‍රහ ප්‍රතික්ෂේප කරමින් තමන්ට ලැබෙන වැටුපෙන් රටට සේවය කර ‍නම්බු පිටින් ගෙදර ගිය පුද්ගලයෙකි. මා මෙහිදී අගය කරන්නේ අර්ජුන රණතුංග නම්වු ක්‍රීඩකයාගේ ප්‍රතිපත්ති මිස දේශපාලනඥයාගේ ප්‍රතිපත්ති නොවන බවද දන්වමි. මා එසේ ලියන්නේ මා ඔහුගේ දේශපාලන භාවිතය පිළිකුල් නිසා නොව සමස්ථ දේශපාලන ධාරාවම පිළිකුල් කරන කෙනෙක් නිසාය.



නමුත් අර්ජුනගේ කාලයේදීම සොසේජස් කරලක් මාර්කට් කිරීමට අරවින්ද ද සිල්වා ඉදිරිපත්වු අතර ඉන්පසුව එළඹියේ එක්වරම සමාගම් කිහිපයක වෙලඳ භාන්ඩයන් වු ක්‍රීඩක පරපුරක ආරම්භයයි. දැන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් යනු තරුවකි. ක්‍රිකට් තරුවක් පෑයු විගසම එම තරුවෙන් බැබලෙන්නට වෙලඳ සමාගම්ද දැන් පොරකමින් බලා සිටිති. ලසිත් මාලිංග නම් ක්‍රීඩකයා බිහිවන්නේ මෙම සංක්‍රාන්ති සමයේමය. ඔහුගේ විශේෂත්වයක් ඇත. එනම් ලංකා කන්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙක් නොකළ විලාසිතාවකට ඔහුගේ හිසකෙස් සකස් කර ගැනීමයි. මේ නිසා එක්තරා හිමි නමක් ප්‍රසිද්ධියේම ඔහුගේ කොන්ඩා විලාසිතාව විවේචනයට ලක් කළද ඔහු දිගටම එම විලාසිතාව භාවිතා කරන ලදී.



ලසිත් මාලිංග යනු කොන්ඩා විලාසිතාව අතින් වෙනස් අයෙකු වුවා සේම ක්‍රිකට් ආයතනය සමග තිබුණු සබඳතාවයෙන්ද අමුතු කෙනෙකි. ඔහු ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීමටද හේතු වුයේ ක්‍රිකට් ආයතනය සමග තිබුණු නෝක්කාඩුවක් බැව් නොරහසකි. නමුත් ඔහු කිව්වේ සෞඛ්‍යමය හේතූන් නිසා ඉවත් වන බවයි. එහිදී ඔහුට ප්‍රශ්නය වුයේ අයි.පී.එල් ගහනවාද? ටෙස්ට් ගහනවාද? යන ප්‍රශ්නයයි. ඔහු එදා අයි.පී.එල් තෝරා ගන්නා ලදී. ඒ සමගම ටෙස්ට් ක්‍රීඩාවෙන් සෞඛ්‍යමය හේතුන් මත යැයි කියා සමුගන්නා ලදී.



ටෙස්ට් ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය දැන් ඔහුට අනෙක් ප්‍රවීණ ක්‍රීඩකයන්ට ගෙවන මුදලට වඩා අඩු මුදලක් ක්‍රිකට් ආයතනය මගින් නියම කිරීමටද හේතු වී ඇත. එහිදීද ඔහුට හමුවුයේ මංසන්දියකි. එනම් ක්‍රිකට් ආයතන මුදල ගන්නවාද? අම්බානිගේ අයි.පී.එල් ඩොලර් මිලියනය ගන්නවාද? මෙහිදී මාලිංග නැවතත් වැඩි වාසියට යොමු වී ඇත. දැන් ඒ නිසා සමහරු මාලිංගට බණිති. නමුත් සියල්ලම මුදල් මත සියල්ල තීරණය වන සමාජයක ලසිත් මාලිංග මෙවැනි තීරණයක් ගැනීම හැර අන් කුමක් කරන්නද?

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.