May 29, 2012
8:36 AM
HamademaTips
අලුත්ම ලිපි..
No comments
මුස්ලිම් නංගියෙක් විසින් සිංහල භාෂාව ගැන වැඩිදුර හදාරන්න විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා. එයාලාට භාෂාවේ ඉතිහාසය පිළිබඳව හැදෑරීමට බොහෝ මුලාශ්‍ර තිබෙන්නේ අනුරාධපුරය ආශ්‍රිතවයි. මේ නිසා සිංහල සිසු සිසුවියන් කන්ඩායමකට මැදිව මේ නංගිත් අනුරාධපුරයේ අධ්‍යාපනික ගවේෂනයකට ගිහිල්ලා.
අධ්‍යන කාර්යයන්ගෙන් ඉසිඹුවක් ලැබුණු කට්ටිය ඉන්පස්සේ ගිහිල්ලා තියෙන්නේ රුවන් වැලි මහාසෑය බලන්නයි. මේ මුස්ලිම් නංගිත් සිංහල යහළුවන් සහ යෙහෙළියන්ගේ ඉල්ලීම මැද්දේ එතනට ගිහිල්ලා තියෙන්නේ චකිතයක්ද ඇතුවයි. ඒත් මේ සිංහල යාළුවන් යෙහෙළියන්ගේ සුහද ඉල්ලීම අහක දාන්න බැරි නිසා එයත් ගිහිල්ලා. සතුටින් ගිය ගමනට දුකක් ඇති වන්න ගත වුණේ ටික වෙලාවයි.
පලමුවෙන්ම රුවන් මහ සෑයට ආධාර එකතු කරන්නට ටිකට් විකුණන අය බකට් එකක් ඇදලා මෙයා හිජාබ් හිස් වැස්ම දාගෙන ඉන්නවා කියා. ඕන නම් ෆර්දාව ගලවලා ඇතුල් වෙන්න කියලා කියලා තියෙනවා. ඇත්තටම මේ අය මොන බුද්ධාගම අදහනවද දන්නේ නැහැ. මම දන්න තරමින් බුදු දහමේ ඔළුව අරින්න හෝ වහන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා නැහැ. අඩුම තරමේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ කුලීණ කාන්තාවන් සිටියේ උඩුකය වැස්මක් නොමැතිවයි. ඒ අයට උඩුකය වසන්නටවත් බුදුරජාණන් වහන්සේ වදාරා නැහැ.
සෙට් එකේ ඉන්නේ කැම්පස් කොල්ලෝ කෙල්ලෝ නිසා ඔවුන් ඒ අයත් එක්ක තර්ක කරලා පස්සේ ඒ අයට කථා කරන්න බැරිව ඉවත් වෙලා. නමුත් සිද්ධිය යට ගියේ ටික වෙලාවකටයි. රුවන් වැලි මහා සෑය වඳින්නට මල් සහ තෙල් රැගෙන පැමිණි කට්ටියක් ඇයව දුටුවා. ඇයව දුටු ගමන් ඔවුන්ට තමන් ආකාරණයද අමතකවී අතේ ඇති මල් වෙනුවට හිත ඇතුලේ මලපැන්නා. අවසානයේ සිද්ධිය මැඩ පවත්වන්නට සිදුවුණේ පොලීසියටයි. ෆර්දාව ඇඳ සිටි නංගිට එතැනින් ඉවත් වෙන්න සිදුවුණා. එතකොට කට්ටියටම බුද්ධාලම්බන ප්‍රීතියක් එන්න ඇති.
මම මේ ටික කියන්නේ අර මුස්ලිම් නංගියාටයි! ඉස්ලාම් ආගමට අනුව ඔබ කිසියම් දෙයක් කරන්නට පෙර ඔබ ඔබගේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා ඇසිය යුතුයි. එහෙම අවවාද ඇහුවා නම් ඔයාට මේ වගේ යන්න ඒ අය ඉඩ දෙන එකක් නැහැ. ඔබ දන්නා තරමට වඩා නොදන්නා දේ බොහෝයි. බුදුරජාණන් වහන්සේ කරුණාවන්ත වුණාට උන්වහන්සේව වන්දනාමාන කරන්න යන අයගෙන් අපට ඒ කරුණාව බලාපොරොත්තු වෙන්න බැහැ. ඒ අය බුද්ධ දර්ශනයක් දන්නේ නැහැ. ඒ අය දන්නේ ඒ අයට බණ කියන අය කියන දේවල් පමණයි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.