බ්‍රිතාන්‍යයන් විසින් සිය රටේ සමලිංගික විවාහය නීතිගත කළ පසුව කළේ අන් රටවල් වලත් සමලිංගික විවාහය නීතිගත කිරීමට බලපෑම් සිදුකිරීමයි. මේ සඳහා බ්‍රිතාන්‍ය අගමැති වරයා විසින් දිලිඳු රට වලට පුද්ගලිකවම බලපෑම් සිදුකරන ලදී. නමුත් තවමත් අන් රටවලින් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැත. මේ අතර ඇමරිකාව තුලද සමලිංගිකයන්ගේ විවාහය නීතිගත කිරීමට උත්සාහයන් රැසක් දරන ලදී. එම උත්සහයන් වලින් තවත් එකක් අසාර්ථක වු බැව් පසුගියදා වාර්තා විය.
එනම් කලින් හොලිවුඩ් නළු බ්‍රැඩ් පිට් සහ නිළි ඇන්ජලීනා ජොලී පෙම්වතුන් දෙදෙන කියා සිටියේ ඇමරිකාවේ සමලිංගික විවාහය නීතිගත කරන තුරු තමන් විවාහ නොවන බවයි. නමුත් රජයෙන් එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා දෝ ඔවුන් විවාහ ගිවිස ගෙන ඇත. එමෙන්ම විවාහ මංගල්‍යද තව නොබෝ දිනකින්ම සිදුවන බැව් වාර්තා වේ.
ඔවුන් දෙදෙනා විවාහ නොවී සිටියද එයින් ජනතාවට හෝ රජයට ප්‍රශ්නයක් නැත්තේ ඔවුන් විවාහ නොවී සිටියද තපස් නොරකින බැව් දන්නා නිසාය. කෙසේ වුවද මෙම දෙපලම විවාහයට ආධුනිකයන් නොවේ. දෙදෙනාම කලින් විවාහ වී සිට දික්කසාද වුවන්ය. මේ ඇන්ජලීනාගේ තෙවෙනි විවාහය වන අතර බ්‍රැඩ් පිට්ගේ දෙවැනි විවාහයයි. ඔවුන් දෙදෙනාගේ නම් කෙටි කර අමතන්නේ බ්‍රැන්ජලිනා ලෙසයි.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.