Showing posts with label මගේ අදහස්. Show all posts
Showing posts with label මගේ අදහස්. Show all posts

May 29, 2012


   සමහරු Internet එකේ නිදියගෙන ඉන්නවද මන්දා. හැම තිස්සෙම Chat හෝ Comment කරගත්තු ගමන්. මේකත් එක්තරා මානසික ව්‍යාධියක්. නමුත් බේත් ගන්න තවම Dispensary යක් ලෝකේ කොහේවත් හදලා නැහැ. මම හිතන්නේ මේ Dispensary ය හදන්න ඕනත් Internet එක ඇතුලෙමයි. නැත්නම් එලියේ හැදුවොත් මුන් එකෙක්වත් බෙහෙත් ගන්න යන එකකුත් නැහැ. ඇයි එලියේ යන්න වෙලාවක් නැහැනේ? පිස්සො අල්ලලා පිස්සන් කොටුවට දාන හෝ පිස්සු බල්ලන් අල්ලලා බලු වෑන් වලට දානවා වගේ වැඩක් Internet එකෙත් පටන් ගත්ත නම් ඊටත් වඩා හොඳයි.  

පහුගිය කාලේ පුරාම face book ගිය මම දැක්ක දෙයක් නම් මුස්ලිම් විරෝධී පින්තූර පලකිරීමයි. මුස්ලිම්  වරුන්ට එරෙහිව ඡායාරූප කිහිපයක් එක්කර Graphic වලින් ඒවා පූට්ටු කර ඒ මත ආගම්වාදී මුස්ලිම් විරෝධී අදහස් ලියා ඔවුන් face book මත මුදා හරිති. සමහර විට මෙය තමන් විසින් රට ජාතියට කරන මහාලොකු වීර ක්‍රියාවක් කියා මොවුන් හිතනවා ඇති. නමුත් ඇත්තටම මෙය රට ජාතිය බේධ බින්න කරවන නිහීන ක්‍රියාවක්. තමන්ට තියෙන ඔල්මාදය තමන්ට කැමති නම් දිගටම තියාගන්න එක තමන්ට ඇති අයිතියක්. නමුත් ඒ ඔල්මාදය අනුන්ටත් බෝකරන්න හදන එක සමාජ විරෝධී ක්‍රියාවක්. මේ අය ඒක තේරුම් ගන්නවා නම් ලොකු දෙයක්.

මම දවසක් face book එකේ දැක්කා ලංකාවේ නොවන ඡායාරූප යොදාගෙන හදපු මුස්ලිම් විරෝධී පින්තූරයක්. ඒක සිය face book ගිණුමේ දමා ප්‍රචාරය කර තිබුනේ බෞද්ධ භික්ෂුවක් විසිනුයි. එයාගේ නම කුසල හිමි. මම ඒකට ගිහින් Comment එකක් දැම්මා නම කුසල වුනාට මේ කරන්නේ අකුසල් කියා. ඇත්තටම මෙවැනි ක්‍රියාවන් “මාළු වලේ කුසල්හාමි මාළු බාන්නා” වගේ වැඩ. මේ අයට මෙය අසත්පුරුෂ ක්‍රියාවන් බව නොතේරෙන්නේ මොවුන් දේවදත්ත නිකායේ අයවළුන් නිසා වෙන්න පුළුවන්. කෙසේ වුවත් භික්ෂූන් අතර සිටින මෙවැනි දේවදත්ත නිකායේ අයවළුන් හඳුනා ගැනීම ජනතාවගේ යුතුකමක්.

තවත් කෙනෙක් මගේ Video කථාවක මගේ Voice එක අරන් දාලා මුස්ලිම් විරෝධී අදහස් මම කියන විදිහට ඔහුගේ හඬ කවලා. මේක තවත් දේවදත්ත නිකායේ භික්ෂූන් කිහිප දෙනෙක් විසින් Share කිරීම තවත් ඔවුන්ගේ දුසිල්වත් බව පෙන්වන කදිම නිදසුනක් වෙලා. සිව්පසය නිකම්ම ලඟට ලැබෙන නිසා මේ වගේ අසත් පුරුෂ ක්‍රියාවන් කරන්න ගොඩාක් වෙලා තියෙනවා ඇති. මම මේ Video ව ගැන face book එකට පැමිණිලි කළේ නැහැ. තව තවත් Share කරන්න. සිවුරු ඇන්දට ඔවුන්ගේ දුසිල්වතේ නිරුවත එතකොට තවදුරටත් ජනතාවට බලා ගත්තැහැකි. මාව අපවාදයට ලක් කරන්න කරන මේ විගඩම් වලින් සිදුවන්නේ මාව තව තවත් ජනප්‍රිය කරවීම බව මොවුන්ට තේරෙන කොට පෙරහැර ගිහිල්ලා ඇති.

සමහරුන්ට තමන්ගේ අදහස් හරියට ලියා ගන්න බැහැ. කියාගන්නත් බැහැ. මේ අය Internet එකෙන්ම මොනවා හරි බාගෙන තමන්ගේ වගේ නැවත මුදා හරින්නේ නොහැකියාව වහගන්නයි. මේ Copy paste කාරයන්ට අනාගතයක් නැහැ. ඔවුන් තමන්ගේ ජීවිතයේ හොඳම කාලය අන්තර්ජාලය තුල අපතේ හරින නිසා දිගටම ඉන්න වෙන්නේ අපතයෙක් ලෙසයි. මම මේ අයගෙන් ඉල්ලා සිටින්නේ සමාජයට හිතකර නිර්මානශීලී යමක් කරන්න උත්සාහ දරන්න. ඒක කරන්න හැකියාවක් නැත්නම් Internet එකෙන් එලියට ගිහින් ප්‍රයෝජනවත් දේකට තමන්ගේ වටිනා කාලය යොදවන්න. ඒක මෙලොව හා එලොව දෙකටම හොඳ වෙන්න පුළුවන්.

මම අන්වර් මනතුංග බ්ලොග් එකෙන් අනෙකුත් හොඳ අදහස් ඇති බ්ලොග් කරුවන්ටත් Views ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒත් හැම ලිපියකටම ගොස් Comment කර තමන්ගේ Views වැඩි කරගන්න හදන එක නම් එච්චර ලස්සන දෙයක් නෙමෙයි. මම එවැනි Comment අනුමත කරන්නේ සතුටින් නම් නොවේ. නමුත් මා හට එවැනි අවකාශයක් අනෙක් වෙබ් අඩවි වලින් ලබා දුන්නේ නැහැ. පස්සේ මම ස්වෝත්සාහයෙන්ම මගේ Views වැඩි කරගත්තා. මම ඒකට Tricks පාවිච්චි කළේ නැහැ. මා ඇත්තටම ප්‍රයෝග වලට කැමති කෙනෙක් නෙමෙයි. මා කලේ මගේ ලිවීමේ වේගය වැඩි කිරීමයි.

අද බොහෝ දෙනෙක් අන්තර්ජාලය තුල අන්වර් මනතුංග බ්ලොග් අඩවිය ප්‍රචාරය කරනවා. ජාතිආගම් බේධයෙන් තොරව ඔවුන් විසින් මේ කරන සත්ක්‍රියාවට මම ඔවුන්ට මගේ ප්‍රණාමය පලකිරීමට මෙය අවස්ථාවක් කරගන්නවා. අප විසින් කරන මේ යහක්‍රියාවට කුසලක් හිමිවේද? ඉන් ඔවුන්ටද කොටසක් හිමි වේවි. ඔබට ලියන්න හැකියාවක් නැත්නම් ඔබ විසින් තවත් කෙනෙකුගේ යහක්‍රියාවකට දායක වීම ඉතාමත් හොඳ දෙයක්. තවදුරටත් ඒ එලෙසම ඉටුකරන්න. ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය දිවි ඇතිතෙක් සුරකින්නට පොරොන්දු වෙමි. එසේ කරන්නට මා හට දෙවිඳුන්ගේ අනුග්‍රහය හිමිවේවා!

සමහර මුස්ලිම් අය සිංහල නම් වලින් බ්ලොග් පවත්වා ගෙන යනවා. සමහර බෞද්ධයන් මුස්ලිම් නම් වලින් බ්ලොග් පවත්වා ගෙන යනවා. සමහරු Comment කරන්න ගියත් එහෙමමයි. මේ ආරූඪ නාමික සහ නිර්නාමික වැඩේ කිසිම වගකීමක් නැති එකක්. අන්‍ය ආගමිකයෙක් සේ වෙස් වලාගෙන මේ කරන ක්‍රියාව සමාජය රැවටීමක්. මේ තුලින් හොඳ දෙයක් කළත් නරක දෙයක් කළත් බොරුව බොරුවමයි. තමන්ගේ අදහස් තමන්ගේ නමින් පලකරන්න කොන්දක් නැති අයට සමාජයක් හදන්න පුළුවන්ද? ඒ නිසා මම ඉල්ලන්නේ කොන්දක් තියෙන අය ඉන්නවා නම් තමන්ගේ නමින්ම පෙනී සිටින්න. තමන්ගේ නම පලකරන්න අකමැති අය ඉන්නවා නම් අඩුම ගණනේ අප ගැන About us තීරුවේ හරි තමන්ගේ අනන්‍යතාවය ගැන හෙළිකරන්න. එවිට ඔබ ලියන දෙය ගැන ඔබටත් වගකීමක් ඇති වනු ඇත.  

මම ඉල්ලා සිටින්නේ බ්ලොග් කරුවන් වාණිජ පරමාර්ථ වලට යන්න එපා. හම්බ කරන්න ඕන නම් වෙන දෙයක් කරන්න. බ්ලොග් වලින් හම්බ කරන්න ගිය විට තමන් විසින් කළ යුතු සමාජ සත්කාරය අමතක වී මුදල් පසුපස හඹායාමට සිදුවෙනවා. අද බ්ලොග් එකක් පවත්වා ගෙන යන්න සල්ලි අවශ්‍යම නැහැ. එසේ තිබියදී අපි වාණිජ පරමාර්ථ වලට යන්නේ ඇයි? අන්තර්ජාලය විශුද්ධ කරමින් ඒ තුල යහපත් වාතාවරණයක් ගොඩ නැංවීමට අපි අපගේ උපරිම දායකත්වය ලබා දෙමු.

 මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත. මෙයට (කතෘ සජිත් දිල්හාන්)


       මෙවර වෙසක් පෝය නිමිත්තෙන් 2012 මැයි මස 03 වෙන දින සිට මැයි 09 දින දක්වා අමද්‍යප සතියක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඒ මතින් තොර නිවහනක් යන තේමාව යටතේයි. මෙමගින් වෙසක් දිනයන් තුල ජනතාව මත්පැනින් ඈත් කිරීම රජයේ අරමුණ වන්නට ඇත. මා මේ ලිපිය ලියන්නේ ඒ අරමුණ සාක්ෂාත් කරගැනීමට ගතයුතු පියවරයන් මොනවාද? යන්න සාකච්ඡා කිරීමටයි.

පලමුවෙන්ම කිව යුත්තේ රජය මගින් මෙවැනි වැඩ පිළිවෙලවල් සතියකට පමණක් ක්‍රියාත්මක කිරීම මගින් ලංකාවේ මත්පැන් භාවිතා කරන්නන් සුමගට ගැනීමට උත්සාහ දරනවා නම් එම ප්‍රයත්නය අසාර්ථක බවයි. සිදුකළ යුත්තේ අඛන්ඩවම මත්පැන් භාවිතාව අඩුකරවන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කිරීමයි. නමුත් රජය විසින් කරන්නාවු මේ කර්තව්‍යත් ඒ සඳහා කිසියම් මුලාරම්භයක් නිසා අප එය අගය කරමු.

බොහෝ විට මත්පැන් විකුණන්නට තහනම් දිනයන්ට පෙරදිනයන් හි සිදුවන්නේ මත්පැන් හල් වල අලෙවිය කිහිප ගුණයකින් වැඩි වීමයි. ජනතාව මත්පැනින් වලක්වා ගැනීමට රජයට පැහැදිලිවම උවමනාවක් තිබෙනවා නම් වෙසක් සතියට කලින් සතියේ මත්පැන් අලෙවියට සීමා පැනවිය යුතුය. එමෙන්ම අප රට තුල නීතිවිරෝධීව මත්පැන් සිල්ලරට නිවෙසේ සිට විකුණන බොහෝ දෙනෙක් ඇත. මේ අය වෙසක් සතියට කලින් සතියේ බඩු ගබඩා හෙවත් Stock කර ගනිති. මත්පැන් හල් වල පොලිස් නිලධාරීන් යොදවා මේ දිනවල වැඩියෙන් මත්පැන් බෝතල් මිලට ගන්නන්ව වැලැක්විය යුතුය.

සමහර විට ඔවුන් විසින් තමන්ගේ නිවසේ සාදයක් තිබෙන නිසා මත්පැන් අවශ්‍ය යැයි කියන්නට පුළුවන. මෙහිදී රජය මගින් වෙසක් සතිය තුල මත්පැන් සාද තහනම් කළ යුතුය. දෙදෙනෙකු තුන්දෙනෙක් රැස්ව නිවෙස් වල තිබෙන මත්පැන් සමග සාමීචි තහනම් කළ යුතුය. එවිට නීති විරෝධී සිල්ලර වෙලඳුන්ට එමගින් වැට බැ‍දෙනු ඇත. එමෙන්ම මෙම නීති නිසිලෙස ක්‍රියාත්මක වේදැයි සතිය තුල පොලීසිය විසින් විශේෂ වැටලීම් ක්‍රියාත්මක කළ යුතුය. මෙහිදී කිව යුතු තවත් කරුණක් නම් නීති විරෝධී සිල්ලර අලෙවි කරුවන්ට සහය දක්වන්නේ මත්පැන් හල් අලෙවි කරුවන්මය. මෙම සතිය තුලදී මත්පැන් හල් වලින් රහසිගතව පිට නොවන ලෙස සීල් තැබීම වඩාත් සුදුසුය.  

එමෙන්ම වෙසක් බලන්නට කියමින් රාත්‍රී කාලයේ මත්පැන් බී පාරේ විවිධ අකටයුතුකම් කරන්නන් අල්ලා වෙසක් සතිය තුල ඔවුන් රිමාන්ඩ් භාරයේ තබන්නේ නම් එය ඔවුන්ගේ ජීවිත වල අමතක නොවන සිදුවීමක් වනු ඇති සේම යළිත් කිසි දිනෙක ඔවුන් එලෙස ක්‍රියා නොකරනු ඇති.

මෙම ලිපිය කියවීම ගැන මාගේ ස්තුතිය ප්‍රකාශ කරන අතරම මේ ලිපිය සම්බන්දව ඔබට සිතෙන දේ පහත ප්‍රකාශ කරන මෙන් ඉතා කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් මම ඉතා අගය කොට සලකන අතර ඉදිරි ලිපි වලට එය මට මහත් රුකුලක් වනු ඇත. මෙයට (කතෘ සජිත් දිල්හාන්)

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.