Showing posts with label අනම් මනං. Show all posts
Showing posts with label අනම් මනං. Show all posts

Oct 18, 2014

මේක නං ඉතින් software එකක් නෙවේ. අපි කවදත් දුන්නේ software උනාට අද ඔයාලට දෙන්නේ අමුතුම පොස්ට් එකක්. අද කාලේ 90% කොල්ලන්ට කෙල්ලෙක් ඉන්නවා.
මේකේ තියෙන්නේ කෙල්ලෝ වැඩිපුරම කැමති, එත් කවදාවත් වචනයෙන් ඉල්ලන් නැති දේවල් ගොඩක්.
කියවලම බලන්නකෝ එහෙනං.

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.
2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.
3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.
4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.
5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

මේ දේවල් අමතක කරන්නත් එපා . . .
6. ඇයව වැළඳගන්න.
7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.
8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.
9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.
10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.


නිදහස් තැන්වලදී . . .
11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.
12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.
13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.
14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.
15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?
16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.
17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.
18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.
19. ඇය ලස්සන බව ඇයට පවසන්න.
20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න
21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.
22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.
23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.
24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න
25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි. ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා
26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.
27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.
28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.
29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.
30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි. ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි
31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.
32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.
33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.
34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.
35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න
36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.
38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.
39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.
40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න. ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.
41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.
42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.
43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.
44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.
45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න....

Source by http://uvanet.blogspot.com/

Aug 23, 2014



මෙම සිදුවීම වාර්තා වුනේ පානදුර පින්වත්ත ප්‍රදේශයෙන්. නිවසේ සිටි කුඩා ලමයෙකු තම මවට පවසා ඇත්තේ "අම්මේ සමනලයෙක් ඉන්නවා...උගේ පිටේ බුදු හමුදුරුවන්ගේ රූපේ තියෙනවා" යනුවෙනුයි.මේ අවස්තාවේදී මව තම දරුවාට බැන වැදී තිබේ. මන්ද යත් මෙය කිසි සේත් විස්වාස කල හැක්කක් නොවන නිසාවෙනි.කෙසේ වෙතත් දරුවාගේ බලවත් ඉල්ලීම නිසා විපරම් කර බැලීමේදී ඇයටද පෙනුනේ දරුවා හරි තමා වැරදි බවයි.මේ අපුරූදර්ශනය දැක ගැනීමට විශාල ජනකායක් එම නිවසට පැමින තිබේ. සැබවින්ම මේ සත්වයා සමනලයෙකු නොව "සලබයෙකි".

මේ සලබයාගේ පිහාටු දෙසවිමසිල්ලෙන් බැලුවොත්, සිදුහත් තාපසතුමන් දුශ්කර ක්‍රියා කරන අවදිය සනිටුහන් වන රූපයට සමාන රුපයක් දැක ගත හැකිය.

image

image

Aug 9, 2014

පසුගිය දිනක අන්තර්ජාලය පරික්ෂා කරනවිට අමුතුම ආකාරයේ වීඩියෝවක් ලැබුනා. මේක මේ එකතරා රුපවාහිනී නාලිකාවක් විසින් පවත්වන ලබන වැඩසටහනක්. Gags නම් ඉතා ජනප්‍රිය මෙම වැඩසටහනේ විකාශය වූ අපූරු වීඩියෝව පහතින් නරබන්න.





Jul 29, 2014



ABC සමාගමේ CEO තමන්ගේ පෞද්ගලික ලේකම්ට : "සතියකට අපි දෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා,ඒ ටුවර් එක ලෑස්ති කරන්න."
පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා,ඔයාට ඒ සතියේ වැඩ තනියම කරගන්න වෙයි"
සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "වයිෆ් සතියකට රට යනවා,අපි දෙන්නා ඒ සතියේ කොහේ හරි ඇවිදින්න යමු."
අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මට සතියක දුර ගමනක් යන්න වෙනවා,ඔයා ඒ සතියේ පන්ති එන්න එපා."
පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... සතියක් මට පන්ති නෑ,ටීචර්ට ගමන් යන්න තියනවා කිව්වා,සීයා එන්න මාව බලන්න."
සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "මේ සතිය මම මගේ මුනුපුරාව බලන්න යනව,ඉන්දියාවේ ගමන කැන්සල් කරන්න"
පෞද්ගලික ලේකම් තමන්ගේ සැමියාට : "සුභ ආරංචියක් අනේ...අපේ ටුවර් එක කැන්සල් උනා"
සැමියා තමන්ගේ අනියම් පෙම්වතියට : "හරි වැඩේ, වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා,අපිට කොහෙවත් යන්න වෙන්නේ නෑ"
අනියම් පෙම්වතිය තමන් ටියුෂන් දෙන පොඩි පිරිමි ළමයට : "පුතේ මේ සතියේ පන්ති තියනවා...ඔයා වෙනදා වගේම එන්න"
පොඩි පිරිමි ළමයා තමන්ගේ සීයාට : "සීයා... මේ සතියේ පන්ති තියනවා...සීයා මාව බලන්න එන්න එපා"
සීයා (ABC සමාගමේ CEO ) තමන්ගේ පෞද්ගලික ලේකම්ට: "අපි ඉන්දියාවේ ටුවර් එක යනවා,ඒක ලෑස්ති කරන්න."


1. ABC සමාගමේ CEOට ඉන්දියාවේ යන්න පුලුවන් වෙයිද?
2. පෞද්ගලික ලේකම්ගේ සැමියාට අනියම් පෙම්වතිය එක්ක සතියක් පෙම් කෙලින්න පුලුවන් වෙයිද?
3. පොඩි පිරිමි ළමයට තමන් ගේ සීයා එක්ක සතියක් ගත කරන්න පුලුවන් වෙයිද?


උපුටා ගැනීම http://goo.gl/BPNpr0



Jul 28, 2014



ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ රියදුරෙකු විසින් තෙල් බවුසරයක් කුඩා ඉඩක එකතැන හරවන (U-turn) වීඩියෝවක් අන්තර්ජාලයේ මේ දිනවල ජනප‍්‍රිය වෙමින් තිබේ.
එම වීඩියෝව පහතින්



Jul 26, 2014

සිංහරාජ පාමුල සිට නීලාවේලියට

ගිය නඩේ මේන්න

ගොඩක් කාලයක් ගියා පොස්ට් එකක් දාන්න .ට්‍රින්කො ගිය ගමනට මාසයක්ම   ගෙවිල ගියා. අපේ දුප්පත් ලම්යි ටික ට්‍රින්කො යන්නයි නිලාවෙලිය නාන්න යන්න ඔනවෙලා තිබුනා.උසස් පෙල හදාරන  කොලු ගෑටව් ටික තම්යි මේක  සන්විදානය  කලේ වෑඩේ හොදට කරගන්න පුලුවන් උනා. හෑමොම සන්තොසයෙන් අපහු අවා. එකේ විස්තර ටිකක් ඔගොල්ලොත් එක්ක බෙද හදා ගන්නයි මේ සුදානම.  

මේ ගමනට මම සම්බන්ද උනේ මෑදදි කොහොමහරි යන එන තෑන් ටික නවාතෑන් ගන්න් තෑන් හොයාබලල සුදානම්  කරා.  කොට්ටාශතුමාගෙ අවසර ගන්න ගිහිල්ලා හරිම ඈබ්ද්දියකට මුහුනපාන්න උනානේ. අපේ විද්දියා මිස් පොඩියට හිටියට ඔක්කොම රොල් කරලා සමීරගේ ( අපෙ ඉන්ගිර්සි සර්} උදව් අරගෙන ගමන කඩාකප්පල් නොවෙන්න වග බලා ගත්තා කලින් දවසේ ඈවිල්ලා   ලමයි ටික අඩ්ගහාගෙන  බස් එකට බඩුටික පෑටව්වේ නෑතය












පාන්දර  4.00 ට තමයි ගමන ආරම්බ කලේ තිනියාවලින් තිනියාවල තියෙන්නෙ මතුගම සිට පෑලවත්ත ගිහිල්ලා පලවත්තේ  ඉදන් නෙලුව  පාරේ  කි. මි. 28 දුරින් .සින්හරාජ වනන්තරයේ දකුනු මායිමේ හරිම ලස්සන පලාතක්. මම ඉන්න කාමරයට  සින්හරාජයේ දකුනු මායිමේ කදු පන්තිය පේනවා බොහොම ලගින්.(ඒ ගෑන  විස්තරයක් පස්සේ)  



                                  Aththanagalla








 අපි ඉස්සෙල්ලම නතර උනේ අත්ත්නගල්ල විහාරස්තානයේ උදෙට කාලා  බීලා වන්දනාමාන කරලා නමො විත්තියෙන් ගමන ආරම්බ කලා.ඔගොල්ල දන්නවනෙ අත්තනගල්ලට ගියහම අහන්න ලෑබෙන පුරාවුර්තය.ඒ ගෙන නොයෙක් මතවාද තියෙනවා .එකේ අත්ත නෑත්ත   කොහොම උනත් . අත්තනගල්ල මටනම් වෑදගත් වෙන්නෙ .සම්පුර්න වටදාගෙයක් සහිත එකම විහාරය නිසයි.උදේ පාන්දර එතන ඉඩ නෑති වෙන්නනම සෙනග ගොඩක් හිටියෙ උදෙ කෑම කන්න තෑනක් සොයමින් .දර්මසාලාව තිබුනත් වාඩිවෙලා කාටවත් කෑම කන්න එතන බන්කු නෑහ. මේ ගෑන අත්තනගල්ල ප්‍රදේශිය සබාව හොයලාබලලා කටයුතු කොරත් ලොකු පිහක්.
                                
                        CIC FARM (palwehera)


                           අපි එට පස්සෙ ගියේ දබුල්ලේ  CIC FARM  එකට. වියලිගිය පලතක බොහොම හොදට සෑලසුම්  සහගත්ව වගා කටයුතු කරපු ගොවිපලක් . බස් එක ගොවිපල වටා රවුමක් ගියා . එතනදී දෑක්ක දේවල් ටික  ඔගොල්ලොත් බලන්නකො. අපෙ අනුශා මිස්ගෙ මල්ලිත් CIC පොහොර සමාගමෙනේ වෑඩ කරන්නේ. එයා එතනට කතා කරලා අපිට නොමිලේම යොගට් අරගෙන දුන්නනේ .බත් කෑවෙ එතන නිසා යොගට් එක ගානට ෆිට් උන    













රටලූනු බීජ වාගාවක්
                                               


පටක රොපනය කරන ලද කෙසෙල් පෑල
  cic දබුල්ල පෑල්වෙහෙර







ඊට පස්සෙ අපි කෙලින්ම  හබරන හරහා ට්‍රින්කො වලට යන්න පිටත් උනා . මෙ දව්ස්වල කන්තලේ ඉදලා පාර හදනවා  ට්‍රින්කොවලට . එක නිසා අපිට කන්තලේ හරහා තමයි යන්න උනේ. එකත් හොදට ගියා මොකද අපි නවතින්න හිටියෙ සේරුවිල විහාරයේ . අතරමගදි අලිත් දෑක්කා.රන්චුපිටින් පාර  ලගම ඉන්නවා රෑ පානෙ මේ පාරෙන් ගමන් ගන්න එකනම් එච්චර ඈගට  ගුන නෑහ

කන්තලේ - පාර දෙපත්තම පාලුයි
.කන්තලේ  නගරයේම  ඉන්නෙ ඔක්කොම සින්හල වෙලොන්දො යුද්දේ කාලෙ මේතනින් එහා කොටින්ගෙ  පාලනය  තමයි තිබිල තියෙන්නෙ


Jul 21, 2014

Fremont Arts Council ආයතනය මගින් වාර්ෂික ග්‍රීස්ම සෘතුව ආරම්භය සමරමින් පවත්වනු ලබන නිරුවත් පාපැදි සාවරියක් පසුගිය දිනක ඇමෙරිකාවේ සීට්ල් හිදි පැවැත්වුණා.
සංවිධායකයින් පවසන්නේ වාර්ෂිකව පැවැත්වෙන මම පාපැදි තරගය මෙවරද අතිසාර්ථක අන්දමින් පැවැති බවයි. මෙහිදී පාපැදිකරුවන් සම්පූර්ණයෙන්ම නිරුවත්ව විවිධ වර්ණවලින් සිය සිරුර පින්තාරු කරගෙන පාපැදිවලින් ගමන් කිරීම සිදුවනවා.
වාර්ෂිකව පැවැත්වෙන මම පාපැදි සවාරිය සඳහා අයදුම්කරුවන්ගේ අයදුම්පත් පාපැදි සවාරිය පැවැත්වෙන දිනට මාස කිහිපයකට පෙර සිට කැඳවනු ලබනවා. සෑම වර්ෂයකම ජුනි මාසයේදී ඇමෙරිකාවේදී මෙම පාපැදි සවාරිය පැවැත්වෙනවා.
මෙන්න ඒ ෆොටෝ සෙට් එක

ඔක්කොම Photos මෙතනින් බලන්න Click here




Jul 17, 2014

 
ලැගුම්හල් සම්බන්ධයෙන් පොලීසියට ක‍්‍රියාත්මක විය හැකි වපසරිය තීරණය වන්නේ ඒ සම්බන්ධයෙන් පවත්නා විවිධ නීතිරීති මගිනි. ඒ සම්බන්ධයෙන් වර්තමාන සමාජයේ පුරවැසියන්ට පමණක් නොව, ඇතැම් පොලිස් නිලධාරීන්ටද පැහැදිලි අවබෝධයක් නොපවතින බව සමාජ සිදුවීම් ආශ‍්‍රයෙන් ප‍්‍රත්‍යක්ෂ වේ. එබැවින් පොලීසියේ නිශ්චිත සීමාව කුමක්ද යන්න පිළිබඳව හරියාකාර අවබෝධයක් මහජනයාට ලැබිය යතුය. ප‍්‍රධාන වශයෙන්ම ගණිකාවාස පනත යටතේ ලැගුම්හල්වල සිටින්නන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙම පනතේ 02 වන වගන්තිය ප‍්‍රකාරව ගණිකාවාසයක් පවත්වාගෙන යාම, කළමනාකරණය කිරීම, කළමනාකරණය සඳහා ක‍්‍රියාකිරීම හෝ ආධාර කරන්නෙකු වරදකරු වන්නේය. ඒ අනුව මේ පනත යටතේ ලැගුම්හලක සිටින්නන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබෙන්නේ දෙදෙනාගෙන් කාන්තාව අදාළ ලැගුම්හලේ සේවයේ නියුතුව සිටින්නියක් නම් පමණි. යම් පුද්ගලයෙක් එම ලැගුම්හලට පරිබාහිරයෙන් කාන්තාවක රැගෙන ගොස් ඇය සමඟ ලිංගික කාර්යයේ යෙදේ නම් එයට බාධා කිරීමට පොලීසියට බලයක් නැත. සිරිනිමල් එදිරිව හලාවත පොලිස් පරීක්ෂක සහ තවත් අය නඩුවේ (2001 ශ‍්‍රී ලංකා නව නීති වාර්තා, පිටු අංක 29) මේ බව දක්වා ඇත. යම් පුද්ගලයෙකු ලැගුම්හලක බාලවයස්කරුවකු සමඟ රැඳී සිටින්නේ නම් ජාතික ළමාරක්ෂක අධිකාරී පනත යටතේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහිදී එම පුද්ගලයාට චෝදනා එල්ලවන්නේ බාලවයස්කරුවකු ලිංගික අපයෝජනයට ලක්කිරීම හේතුවෙනි. ඉහත කී පාසල් සිසු සිසුවියන් සම්බන්ධ තත්වය මෙම කාරණාව යටතට අයත් වේ. මෙම නීතියට ගරු කිරීමක් වශයෙන් බොහෝ ලැගුම්හල් වලට පුද්ගලයන් ඇතුළු කරගැනීමේදී හැඳුනුම්පත පරීක්ෂා කිරීමක් සිදුකරන අතර අවුරුදු 18 ට අඩු පුද්ගලයන් දෙමාපියන් හා තම පවුල සමඟ නොසිටින බව පෙනී යන්නේ නම් කාමර ලබාදීම ප‍්‍රතික්ෂේප කරන ලැගුම්හල් හිමියන් කොතෙකුත් සිටිති. එසේ වුවද ඉහත ලිපිවල දක්වා ඇති ආකාරයෙන්ම පටු ලාභ ප‍්‍රයෝජන හා වාසි අරභයා බාලවයස්කාරයින්ට ලැගුම්හල් සේවාව සපයන පුද්ගලයන්ද සිටින බව සත්‍යයකි. ඒ සම්බන්ධයෙන් ක‍්‍රියා කිරීමට ප‍්‍රමාණවත් නීතිරීති පවතී. යම් පුද්ගලයකු ලැගුම්හලක නොව වෙනත් ඕනෑම ස්ථානයක රැඳී සිටියදී සිදුකරනු ලබන පරීක්ෂා කිරීමකදී තමාගේ අනන්‍යතාවය තහවුරු කිරීමට අසමත් වේ නම් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. එහෙත් මෙසේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවක චෝදනා ගොනු කළ හැක්කේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් පමණක් වේ. ලැගුම්හල තුළ ලිංගික ක‍්‍රියාවක යෙදුණේද යන්න මෙහිදී අදාළ කරුණක් නොවේ. නමුත් බොහෝ අවස්ථාවලදී සිදුවන්නේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අසමත්වීම යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ලිංගික ක‍්‍රියාවක යෙදීම සම්බන්ධයෙන් සැකකරු වෙත දැඩි සේ අවවාද කොට මුදාහැරීමය. හදිසි නීතිය ක‍්‍රියාත්මක වූ පසුගිය සමයේ බොහෝ ලැගුම්හල් වැටලීම් කළේද, ඒවායේ රැඳී සිටි “ජෝඩු” අත්අඩංගුවට ගත්තේද පසුව “දැඩිසේ අවවාද කොට” මුදාහරින ලද්දේද මෙම න්‍යාය යටතේය. කෙසේ වෙතත් හදිසි නීතිය හෝ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලිංගික වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම නෛතික වශයෙන් ප‍්‍රශ්න කළ හැකි තත්වයකි. යම් අවස්ථාවක යම් කාන්තාවක් සමඟ ලැගුම්හලක හෝ වෙනයම් ස්ථානයකදී ලිංගික ක‍්‍රියාවේ යෙදෙන්නේ ඇගේ කැමැත්තට පටහැණිව නම් දණ්ඩ නීති සංග‍්‍රහයේ 363 වගන්තිය යටතේ එන ස්ත‍්‍රී දූෂණ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලය ඇත. මෙහිදී ප‍්‍රබලතම කාරණය වන්නේ අදාළ ස්ත‍්‍රියගේ කැමැත්තයි. ඇගේ කැමැත්ත ඇය කැමැත්ත දීමට හැකි අවස්ථාවක, එනම් හොඳ සිහිබුද්ධියෙන් පසුවන අවස්ථාවක ලබාගත්තක් විය යුතුය. අදාළ කාන්තාව බාලවයස්කාරියක් නම් මෙම කැමැත්ත පිළිබඳ කාරණය බල නොපායි. විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් තවත් විවාහක පුරුෂයෙකු හෝ ස්ත‍්‍රියක් සමඟ ලිංගික කාර්යයේ යෙදීම, එනම් අනාචාරය ශ‍්‍රී ලංකාවේ අපරාධ නීතිය යටතේ වරදක් නොවේ. අනාචාරය යනු දික්කසාදයේදී නඩු නිමිත්තක් සපයන්නාවූ කාරණයක් පමණක් වන අතර මෙවන් අවස්ථාවකදී පොලීසියට භූමිකාවක් නොමැති බව අවධාරණය කළ යුතුය. කිසිඳු අවස්ථාවක අනාචාරයේ හැසිරීම හෝ අනියම් ලිංගික සබඳතාවයක් නිසා පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එබැවින් යම් පුද්ගලයන් දෙදෙනෙකු, ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකු හෝ බාලවයස්කරුවකු නොවන අවස්ථාවකදී, අදාළ කටයුත්තට දෙදෙනාගේම කැමැත්ත ඇති අවස්ථාවකදී, දෙදෙනාගෙන් අයෙකු සේවයේ යෙදෙන ගණිකාවාසය තුළ ලිංගික කාර්යය සිදු නොකරන අවස්ථාවකදී කිසිම හේතුවක් නිසා ලිංගික වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලීසියට බලයක් නොමැත. එමෙන්ම තම අනන්‍යතාවය සනාථ කිරීමට සමත්වන, වරෙන්තු නොකරන ලද පුද්ගලයෙකුද එසේ අත්අඩංගුවට ගත නොහැක. එසේ අත්අඩංගුවට ගැනීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13(1) වන ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් වේ. වර්තමාන තරුණ පරපුර මෙසේ ලිංගික තෘප්තිය සොයා අහුමුලූ ගැන්නීමෙහි වගකීම භාරගත යුත්තාහු වැඩිහිටියෝමය. පෙම් යුවලක් ආසන්නයේ සිටින විට ඔවුන්ගේ සෑම අංග චලනයක් පාසා නිරීක්ෂණය කිරීමේ පුරුද්දක් අපේ වැඩිහිටියන්ට ඇත. අතින් අල්ලාගෙන සිටීම වැනි අහිංසක ක‍්‍රියාවක් දෙස පවා ඇතමුන් බලන්නේ වපරැසිනි. ප‍්‍රසිද්ධ සමාජයේ ප‍්‍රතික්ෂේප වන්නන්, ගැරහුමට ලක් වන්නන් තමන්ගේම ලෝක තුළ මුළුගැන්නීම ලිංගිකත්වය තුලදී පමණක් නොව අනෙකුත් සෑම සියලූ සමාජ ක‍්‍රියාවලියක් තුළදීම අත්දැකීමට ලැබෙන සමාජ සංසිද්ධියකි.

Jul 15, 2014

උණ රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වු පිලිපීනයේ අවුරෝරා නුවර තුන් හැවිරිදි දැරියක්  මිනී පෙට්ටියෙන් නැගිට ඇති බව වාර්තා වෙයි. 

මියගිය දැරියගේ දේහය අවසන් කටයුතු වලට පෙර  දේව මෙහෙයට දේවස්ථානයට රැගෙන ගිය අවස්ථාවේ මිනී පෙට්ටිය විවෘත කිරීමෙන් පසු දැරිය හිස දෙපසට සලන බව කිහිප දෙනෙක් දැකීමෙන් අනතුරුව ඇයව වහාම මිනී පෙට්ටියෙන් එලියට ගෙන රෝහල් ගතකොට තිබේ.


සම්පුර්ණ වීඩියෝව පහතින් නරබන්න මෙවැනි අරුම පුදුම පුවත් නිතරම දකින්න පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට






Jul 13, 2014




මේකයි අද කතාව. මේක මම හොයාගෙන දැන් ටික දවසක් වෙනවා hiniduma.com එක්ක ඉන්න මගේ යාළුවො ඔක්කොටම මේ ගැන කියන්න හිතුනා. මේක skype පාවිච්චි කරන අයට නියම ආරංචියක්. මේකෙන් වෙන්නේ අපේ skype name එක දීලා ලොග් උනාම male or female තෝරන්න තියෙනවා. වයසත් තෝරන්න පුළුවන්. ඊට පස්සේ අපි උදාහරණයක් විදියට කියමු

උදා

Female

Age 20-24 කියලා

මේ වෙලාවේ skype එකේ ලෝකෙම age 20-24 අතර දීලා රෙජිස්ටර් උණු ගැහැණු අය අපට පෙන්වනවා. ඒ මොහොතේම අපට ඔවුන්ට call කරන්නත් පුළුවන්

කොහොමද ඉතින් තවත් අහන්න දෙයක් නැනේ?

ඔන්න එහෙනම් කොල්ලනේ කෙල්ලනේ enjoy කරපල්ලා

මෙන්න සයිට් පොඩ්ඩ  Click here 

අවවාදයයි link එක click කිරීමෙන් පසු තත්පර 5 ක් වෙබ් අඩවිය load වන තුරු රැදී සිටින්න



අද අරගෙන ආවා අලුත් පොස්ට් එකක් මේක අතිශයින්ම hiniduma.com පාවිච්චි කරන කාන්තාවනට පමණයි. මේකට ගියාම කාන්තාවන් ගැන සියලුම දේ එක මොහොතකින් හොයාගන්න පුළුවන් තවත් මෙහි තියෙන විශේෂත්වය තමයි දවසකට විශාල කාන්තාවන් ප්‍රමාණයක් මෙම වෙබ් අඩවියේ online සිටීම. වෙබ් කැම් එක උපයෝගී කරගෙනත් මේකෙන් chat කරන්න පුළුවන්. කාන්තාවක් හොයාගන්න ඕනිනම් කාන්තාවක් එක්ක chat කරන්න ඕනිනම් ඔයාලත් මේ වෙබ් අඩවියට ගොඩවෙලාම බලන්න.

මෙන්න වෙබ් අඩවිය  Click Here

කරුණාකර වෙබ් අඩවිය load වන තුරු තත්පර 5ක් රැදී සිටින්න.

Jul 13, 2012

සෑම මිනිත්තුවක් තුල දී අන්තර් ජාලය තුල සිදුවන සිදුවිම් ප්‍රමානය අති මහත්ය. පෘතුවිය මතුපිට එකම යායක් කල මේ අපූරු නිමවුමේ ප්‍රබලත්වය වටහා ගන්නට පහත දැක්වෙන ගනනයන් කිහිපයම සෑහෙනු ඇති බවයි විස්වාසයවනේ.

සැම මිනිත්තුවක් තුලදීම ගුගල් සෙයුම් යන්ත්‍රය මත පමනක් සෙවුම් මිලියන 2ක් පමන සිදුවන බවයි පැවසෙන්නේ.

එම කාලය තුලදී නව වෙබ් අඩවි 571 අන්තර් ජාලය වෙත මුදාහරින බවටත් පැවසෙනවා.
විනාඩියක කාලය තුලදී ඇපල් ආයතනයෙන් පමනක් ඇප්ස් 47000ක් පමන බාගත කිරීම් සිදුවන බවටත්
සමස්ත අන්තර්ජාලය තුල ඊමේල 204,166,667 හුවමාරු වන බවටත් ඇමරිකානු ඩොලර් 272,070 පමන වෙළද කටයුතුසිදු වන බවටත් පැවසෙනවා.

Jul 8, 2012

1) Bill Gates සෑම තප්පරයකටම ඇමෙරිකානු ඩොලර් US$250ක් උපයයි.දවසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ත්, අවුරුද්දකට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8 ද වේ.

2) ඔහු අතින් ඩොලර් 1000ක නෝට්ටුවක් බිම වැටුනහොත් ඔහු එය අහිදීමට කරදර නොවේ, මොකද එයට ගත වන තප්පර 4 ක කාලය තුල ඔහු එය උපාය ගෙන ඇත.


3) ඇමෙරිකාවේ ජාතික ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 5.62 වේ, Bill Gates එය තමන් විසින්ම ගෙවන්නේ නම් අවුරුදු 10 ට වඩා අඩු කාලයකින් ඔහුට එය ගෙවා නිම කල හැක.

4) පෘතුවියේ සිටින සෑම පුද්ගලයෙකුටම ඇමෙරිකානු ඩොලර් 15 ගානේ ප්‍රධානය කරත් ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක මුදලක් ඉතිරි වේ.

5) Michael Jordan ඇමෙරිකාවේ වැඩිම ගෙවීමක් කරන ක්‍රීඩකයා වේ,ඔහු නොකා නොබී තම වාර්ෂික අදායම ඩොලර් මිලියන 30ක යයි සිතුවහොත්, Michael Jordan හට Bill Gates දැනට සිටින තරම් පොහොසත් වීමට තව අවුරුදු 227 බලා සිටීමට සිදුවේ.

6) ඔබට Bill Gates සතු සියලු මුදල් ඩොලර් එකේ නෝට්ටු කර ලබා දුන්නොත් ඔබට එම නෝට්ටු මගින් පෘතුවිය හා සද යාකරන දුරට 14 වරක් පිටවීමට හා ඒමට මාර්ගයක් සැදිය හැකි වේ, එහෙත් ඔබට එයට අවුරුදු 1,400 කාලයක් වැය වන අතර මුදල් රැගෙනයාමට BOEING 713 ගුවන් යානා 747 ක් ඔබට උපයෝගී කරගැනීමට සිදුවේ.

7) 56 වියේ පසුවන Bill Gates තව අවුරුදු 30 ක කාලයක් ජිවත් වෙයයයි අගය කලහොත් ඔහු මිය යන තෙක් ඔහු සතු සම්පුර්ණ මුදල් ඉවර කිරීම සදහා දවසකට ඩොලර් මිලියන 6.78 ක මුදලක් වියදම් කිරීමට සිදුවේ.

8) Bill Gates නම් නැමැත්තා රටක් ලෙස අනුමාන කළහොත් එම රට ලෝකයේ 37 වන පොහොසත්ම රට ලෙස නම් කල හැක.

9) Microsoft Windows පරිශීලනය කරන්නන් Microsoft Windows පාවිච්චි කරන සෑම විටකදීම ඇමෙරිකානු ඩොලර් 1ක මුදලක් අත්පත් කරගන්නේ නම් දවස් තුනක් ඇතුලත Bill Gates බංකලොත් විය හැක.

Jun 28, 2012

ඔන්න දෙන්න යන්නෙ ෆට්ට සයිට් 1කක් මෙක ඇවිල්ලා අපි කවුරුත් ස්කයිප් පවිචිචි කරනව නෙ එත් මෙ ස්කයිප් 1කෙ ඉන්න ඔක්කොම මෙම්බස්ල ඔන්ලයින් පෙන්නනෙ නැ නෙ මෙන්න මෙ සයිට් 1කට ගොඩ වෙල ඔයලගෙ සක්යිප් නම ගහල බලන්න මෙ වෙලවෙ ඔන්ලයින් ඉන්න මුලු ලොකයෙම අයව පෙන්නනවා හිහිහිහී මෙන්න එහෙනම් එ සයිට් පොඩ්ඩ,, 1ක 1ක උනට කොල් කරලා වැඩෙ අනා ගන්න එප ඔන්න
http://skypecontacts.com/logout.php

Jun 13, 2012

ජනප්‍රිය නිලි, පාර්ලිමේතු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට පහරදී තුවාල සිදු කරන ලදැයි අගේ සැමියාට එරෙහිව පවරා තිබු නඩුව සමතයකට පත්කර ගැනීමට දෙපාර්ශවය කැමැත්ත පලකොට තිබේ.

මෙම නඩුව සමථයකට පත්කරගැනීම සඳහා පැමිණිලිකාර පාර්ශවය විසින් කැමැත්ත පලකොට ඇති අතර විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විදුර මංචනායක මහතා පවසා ඇත්තේ සමථ කිරීමට අවශ්‍යය පැමිණිලිකාර පාර්ශ්වය ඉදිරිපත්කොට ඇති සමථ කොන්දේසි විමසා බලා තීරණයකට එළඹෙන බවත් එම කොන්දේසි ගැටළු සහගත නම් නඩුව දිගටම පවත්වාගෙන යන බවත්ය.

දෙපාර්ශවයේ කරුණු සලකා බලු මහේස්ත්‍රාත්වරයා විසින් එම නඩුව නැවතත් ජුලි 16 වනදා කැඳවා ඇත.



රොෂාන් රණවන, පූජා උමාශංකර් කියන්නේ අපිට නුහුරු නුපුරුදු ජෝඩුවක් නොවෙයි. අපි අනනත්වත් පහුගිය කාලේ පුරාවටම හුඟක් චිත්‍රපටවල මේ දෙන්නව පෙම්වතුන් විදියට දැක්කා. ඔන්න මේ දෙන්නා ගැනත් කට කතාවක් ආරංචි වුණා. රෙෂාන්ගේ ළඟම හිතවතුන් කීප දෙනෙක් අපිට කිව්වා පූජායි, රොෂානුයි මුණ ගැහුණම දෙන්නා කතා කරන්නෙ දෙන්නගෙ අනාගතේ ගැනලූ. අනික එක පාරක් රොෂාන් එයාගෙ යාලූවෙක්ට කියලා තියෙනවලූ. පූජා වගේ කෙනෙක්ව තමයි බඳින්න හොයන්නෙත් කියලා. වැදගත්ම කාරණය මොකක්ද දන්නවාද? අපි රොෂාන්ගෙන් ඇහුවාම පූජාව බැදලා ඉන්දියා යනවාද කියලා රොෂාන් ගත් කටටම කිව්වේ පුජාවත් ලංකාවේ නවත්ත ගන්නවා කියලා. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඕවට වෙන්නැති නේද? කොහොම උනත්, අනික් ප්‍රේමවන්තයින්ට වගේම මේ දෙන්නටත් බාධානං තියෙනවලූ. ආදරේට කොහෙද බාධා නැත්තේ. දෙන්නට තියෙන බාධා මොනාද කියලා අපි පූජාගෙනුත් ඇහුවා. ඒ කතාව පස්සේ අහන්න පුළුවන්. දැනට රොෂාන් කියන දේවල් අහන්නකෝ



ජනපි‍්‍රය ටෙලි හා සිනමා නිළියක් වන කාංචනා මෙන්ඩිස්ගේ සැමියා ලංකාවේ නොසිටීම සම්බන්ධයෙන් නොයෙක් ආකාරයේ කයි කතන්දර පසුගිය කාලයේදී වාර්තා විය.

මේ අතර, ඇගේ සැමියා වන රොෂාන්ගේ අධ්‍යාපනය හමාරවී ඇතත් ඔහු ලංකාවට නොපැමිණීම සම්බන්ධයෙන් ද ක්‍ෂේත‍්‍රයේ කතාබහක් තිබිණි.

කෙසේවුවද කාංචනා පවසන්නේ සිය සැමියා වන රොෂාන් වසර ගණනක් පිටරට සිටි කෙනෙක් නිසා ඔහුට ලංකාවට පැමිණීමෙන් විශාල අවසාසියක් සිදුවන බවයි.

ඔහු ලංකාවේ ජීවිතය මුල සිට පටන් ගත යුතු බවද ඇය පවසන්නීය.

එසේම තමාගේ ජීවිතය ඇත්තෙ මෙරට කලා කටයුතු සමග බවත් එය අත්හැර පිටරට යාමට නොහැකි බවත් ඇය සඳහන් කළාය.

ඔහු නැතිවීම ලොකු ගැටළුවක් නොවන බත් පවසන ඇය රොෂාන් පසුගිය වසරේ දෙවරක් ලංකාවට පැමිණි බවත් පවසන්නීය.

රොෂාන් ගිය වසරේ මාස හයක් පමණ සිටියේ ලංකාවේ බවත්, සඳහන් කළ ඇය ලබන මාසයේදී යලිත් රොෂාන් ලංකාවට පැමිණෙන බවත් සඳහන් කළාය.

කෙහොම වුණත් රොෂාන් දිගටම ලංකාවෙ ඉන්නවද පිටරට සිටිනාවද යන්න මෙතෙක් තීරණය කර නැතැයිද ඇය සඳහන් කළාය.



සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි මේ දිනවල නොසිතූ ලෙස මහත්වීම ඇගේ හිතට බරක් වී ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

සුදුවීමට හා සිය සුන්දරත්වය ආරක්ෂාකර ගැනීමට ලබාගත් විශේෂ එන්නතක් හේතුවෙන් නදීෂා මෙසේ ටිකක් තරබාරුවී ඇති බවට ඇගේ හිතේ මතයක් ඇතැයි ද පැවසේ.

කෙසේවුවද අදාල එන්නත ගෙන්වන්නේ ජනපි‍්‍රය ගායිකාවක වන කේ. සුජීවා බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.

සුජීවාට රූපලාවන්‍යාගාරයක් තිබෙන අතර, එහි කාන්තාවන්ට පවතින ප‍්‍රධාන ගැටලූ දෙකක් සම්බන්ධයෙන් ප‍්‍රතිකාර කරනු ලබයි.

සම පැහැපත් කිරීම හා ඇග කෙට්ටු කිරීම එම රූපලාවන්‍යාගාරයෙන් සිදු කරනු ලබන ප‍්‍රධානම ප‍්‍රතිකාර වේ.

සුජීවා, ඉන්දියාවේදී මනෝ විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය හදාරණ අතරවාරයේදී ලෝක ප‍්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පියකු වන ශනාස් හුසේන්ගෙන් හර්බල් ඩිප්ලෝමාවක් ලබාගෙන ඇතැයි ද පැවසේ.

ඇයට සංගීතය පිළිබඳව ද විශාරද උපාධියක් තිබෙන අතර ඇය ගායිකාවක් ලෙස ජනපි‍්‍රයත්වයට පත්වූයේ ‘ඉගිමරණ තරු රූන’ යන ගීතයත් සමගය.

යුද්ධය අවසන් වෙමින් තිබූ කාල වකවානුවයි. නැගෙනහිර පලාතෙන් ඒවන විට එල්ටීටීඊ ක‍්‍රියාකාරකම් බොහෝදුරට තුරන් කර තිබුණි. ඇතැම් අවස්ථාවල තැනින් තැන සුලූ සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා විය. නැගෙනහිර පලාතේ ලාහුගල, කුමන කැලෑවේ එල්ටීටීඊ ක‍්‍රියාකාරින් කදවුරු බැද ඇතිබවට කතාබහ නම් අඩුවක් නැතිවිය.

කලකට ඉහතදී කතරගමටත්, යාල ජාතික වනෝද්‍යානයේ සංචාරක බංගලාවලටත් කොටි පහරදීම් සිදුවිය. ඉන්පසු යාල ජාතික වනෝද්‍යානය තුළ තිබු ඇතැම් සංචාරක බංගලා ආශ‍්‍රිතව ආරක්‍ෂක හමුදා කදවුරු ඉදිවිය. මේ තිබු බිය නිසා සංචාරකයන්ගේ පැමිණිමද බොහෝ සෙයින් අඩුවිය. කුමන ජාතික වනෝද්‍යානයද කලක් තිස්සේ මහජනයාට විවෘත නොකර වසා දැමුණේ ද ආරක්‍ෂක හේතූන් නිසාය.

කෙසේ වෙතත් සාමකතාවලින් පසු යළි කුමන ජාතික වනෝද්‍යානය මහජනතාවට විවෘත කෙරිණි. ඒවනවිට කුමන කැලේ කදවුරු බැදගෙන සිටි කොටි ත‍්‍රස්තවාදීහූ නැගෙනහිර කෝමාරි, ඇතුල් කැලෑ ප‍්‍රදේශ වලට සංක‍්‍රමණය වුහ. නමුත් සාමකතා බිද වැටීමත් සමගම කොටි යළි පෙරපරිදිම කුමන ජාතික වනෝද්‍යානයේ පෙර පැවති කොටි කදවුරුවලටම පැමිණ විවිධ ත‍්‍රස්ත ක‍්‍රියාවන් සිදුකළහ.

කොටි ත‍්‍රස්තයන්ට කුමන වනෝද්‍යානයට වැඩිපුරම පැමිණියේ මුහුදු මාර්ගයෙනි. විශේෂයෙන් ඔකද දේවාලය අසලත්, පැරණි කුමන ගම්මානය අසලත් වු මුහුදු තීරවලින් ඔවුන් කුමනට ඇතුල්වූයේ ධිවරයන්ගේ වෙස් ගැනීමෙනි. කොටි ත‍්‍රස්තයන් කුමන කැලෑවේ සිටියද එහි සිටින වනසතුන් ගැන හොයාබලන වනජිවී නිලධාරීන් කුමන හැර නොගියේය.

වරක් කුමන වනජිවි කාර්යාලය පිහිටි ඔකද පිවිසුම් මධ්‍යස්ථානයේ සේවය කළ වනජීවියට සම්බන්‍ධ සේවකයන් දෙදෙනකු ඔකද සිට පානමට බවුසරයකින් එද්දී ක්ලේමෝ බෝම්බයකට ගොදුරුවිය. වනජිවී ඉහළ නිලධාරීන් එහිසිටි සේවකයන්ට ඔකද පිවිසුම් මධ්‍යස්ථානය අතහැර එන ලෙස දැනුම් දුන්නේය. වනජීවි නිළධාරීන් නොමැතිවීම වනසතුන්ගේ ජිවිතවලට අවදානමක් ගෙනාවේය. ඒබව දත් වනජිවී දෙපාර්තමේන්තුවේ සහකාර අඩවි ආරක්‍ෂකවරයෙක්වු බී. ගුණසිංහ මහතා ඇතුළු පිරිසක් කුමනින් නොයාමට තීරණය කළේය.

‘‘කොටි ත‍්‍රස්තයන්ට වඩා කතරගම දෙවියන් ප‍්‍රබලයි. අපි ඉන්නේ වනසතුන් රකින්න. අපි මෙතනින් ගියොත් ඔවුන් දඩයක්කරුවන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ තුවක්කුවලට ගොදුවන්නට ඉඩ තියනවා. ඒ හින්දා අපි මෙහෙ ඉ`දිමු යැයි’’ ඔවුහු තීරණය කළහ.

මේ කාලය තරමක් නියංසමයකි. 2008 වර්ෂය නිසා යුද්ධයේ අවසන් කාල පරිච්ෙඡ්දයයි. කුමන වනොද්‍යානයේ වැව්වල ජලයත් සිදීයාමේ තර්ජනයක ලක්ව තිබුණේය. වැහිකාලයට කඩාගෙන යන වැව් කාලයකින් ප‍්‍රතිසංස්කරණය නොකිරිම නිසා ඒවා අබලන්ව තිබුණි. මේ නිසා වනසතුන්ගේ පිපාසය නිවීමට තිබූ අවස්ථාවන් අඩුව තිබුණි.

එහෙත් මේ කාලයේ රටේ විවිධ ප‍්‍රදේශවල සිටි පරිසර හිතකාමීන් කුමන කැලෑවේ වන සතුන්ගේ ප‍්‍රයෝජනයට අවශ්‍ය වැව් ආදිය ප‍්‍රතිසංස්කරණය කිරිමට පෞද්ගලික මුදලින් ආධාර උපකාර කළහ. විශ‍්‍රාමික වනජීවි අධ්‍යක්‍ෂවරයෙකුවූ ෂර්ලි පෙරේරා මහතා මේ කියන වකවානුවේ ඔක`ද කාර්යාලය ආසන්නයේ ඇති කිල්ලංවල වැව ප‍්‍රතිසංස්කරණය කිරිම ඔහුගේ මූලිකත්වයෙන් සිදුකෙරෙමින් පැවතුණි. ඩෝසර් යන්ත‍්‍රයක්ද ගෙනවිත් තිබුණි.

දිනක් ෂර්ලි පෙරේරා මහතා කුමනට පැමිණියේ එහි කටයුතු පිරික්සීමටය. ඔහු සමග එවකට එයාර්ලංකා ගුවන් සේවයේ රාජකාරී කළ ගුවන් නියමුවන් පිරිසක්ද පැමිණියේ සංවර්ධන කටයුතු සදහා ඔවුන්ගේද දායකත්වය දීමටය. මේ පැමිණි පිරිස වාහන පහකින් කොළඹ සිට පොතුවිල්, පානම, හරහා ඔකදට පැමිණි අතර ඔවුන් නවාතැන් ගත්තේ ඔක`ද සිට කිලෝමීටර් විස්සක් පමණ කුමන වනෝද්‍යානය ඇතුළට වන්නට පිහිටි ‘‘ඇදකුඹුක’’ ප‍්‍රදේශයයි.

එහි කදවුරුගෙන සිටි පිරිස දිවා කාලයේ ඔකදට පැමිණ වැවේ ඉදිකිරිම් නිරීක්‍ෂණය කළහ. වනජිවි නිලධාරින් කිහිප දෙනෙක් පමණක් මේ පිරිසගේ ආරක්‍ෂාවට සිටියහ. ‘‘ඇදකුඹුක’’ ලෙසින් හදුන්වන්නේ කුමන ජාතික වනෝද්‍යානයෙන් යාල ජාතික වනෝද්‍යනයේ අංක දෙක කලාපයට කුමන පැත්තෙන් ඇතුළුවිමට ඇති මාර්ගය පිහිට ප‍්‍රදේශයටය. කුඹුක්කන් ඔයෙන් එගොඩවන්නේ මෙතැනිනි. කුඩාකැබිලිත්ත හෙවත් මඩමෙතොට දේවාලය පිහිටා ඇත්තේද ඒ ආසන්නයේය.

අද මෙන් සන්නිවේදන පහසුකම් එදා නොතිබුනේය. පානම ගමටද ජංගම දුරකතන සංඥා ලැබුණේ නම් ඒ තැනින් තැනටය. හදිසි පණිවිඩයක්නම් කෙනෙකු ගිහිං කිවයුතුය. 2008 සැප්තැම්බර් මාසයේ දිනයක්වු එදින ෂර්ලි පෙරේරා මහතා ඇතුළු පිරිස ඔකද සිට ඇදකුඹුකට ගියේ රාත‍්‍රිය එහි ගත කරන්නටය.

මේ අතර අදුරු වැටෙත්ම ඔකද වනජිවී කාර්යාලයට ලැබුණු පණිවිඩයකින් කියවුනේ අසුබ ආරංචියකි. කුමන වනෝද්‍යානය හරහා පැමිණි කොටි ත‍්‍රස්තවාදීන් කණ්ඩායමක් යාල ජාතික වනෝද්‍යානයේ තල්ගස්මංකඩ පිහිටි යුද හමුදා කදවුරට දරුණු ප‍්‍රහාරයක් එල්ල කරන බව එම පණිවිඩයයි.

කුමන හරහා යාලට යන්නේ නම් ‘‘ඇදකුඹුකෙන්’’ කුඹුකන්ඔය තරණය කර පොත්තන, පිළින්නාව හරහා යාල කලාප අංක දෙක ඔස්සේ ගොස් මැණික් ගෙ`ගන් එගොඩවී යායුතුය. එසේ යද්දී මැණික් ගෙ`ගන් එගොඩව ටිකදුරක් යනවිට තල්ගස්මංකඩ කදවුර හමුවෙයි. එතැන පෙර තිබුණේ සංචාරක බංගලාවකි.

සවස පහයි තිහට පමණ ප‍්‍රහාරය ආරම්භව ඇතිබව ඔකදට ලැබුණු පණිවිඩයෙන් කියැවිණි. ඔකද කාර්යාලයේ සිටි ගුණසිංහ මහතා ඇතුලූ නිලධාරින් මහත් කලබලයට පත්විය. ඒ වනවිට වනජිවි ඇමතිවරයා වූයේ පාඨලි චම්පික රණවක මහතායි. වනජිවී ඉහළ නිලධාරින්ගේ උපදෙස වුයේ වහාම ඔක`ද කාර්යාලය අතහැර පසු බසින ලෙසයි. නමුත් එය හදිසියේ කළ හැකි දෙයක් නොවීය.

හේතුව කුමන වන සතුන්ගේ ප‍්‍රයෝජනයට වැවක් හදන්නට ආ පිරිසක් කුමන මහ කැලෑවේය. කිලෝමීටර් විස්සක් තරම් ඈත කැලෑවේ සිටි මේ කණ්ඩායම ආපසු ගෙන්වා ගන්නට පණිවිඩයක් යවන්නට ක‍්‍රමයක් ඇත්තේම නැත. තල්ගස්මංකඩට ප‍්‍රහාරය එල්ලකළ කොටි එහි යද්දී හෝ ආපසු කුමනට පසු බසිද්දී ‘‘ඇදකුඹුකේ’’ සිටින පිරිස නෙත ගැටුණොත් සිදුවන්නේ මහ විනාශයක් බව අඩවි සහකාර ගුණසිංහ මහතා ඇතුලූ වනජීවි නිලධාරින්ට අවබෝධ විය.

අවස්ථාවේ හැටියට කළ හැකි වෙනත් කිසිම දෙයක් නැත. කෙසේ හෝ ඇදකුඹුකට ගොස් පිරිස ගැන සොයා බැලිය යුතුය. ඒ යනමග කොටි ත‍්‍රස්තයන් සැගවී සිටිය හැක. එසේ වුවොත් ගමන දැඩි සේ අවදානම්ය. වෙනත් කළ හැකි කිසිදු විකල්පයක් නොවු නිසා ගුණසිංහ මහතා කතරගම දෙවියන් සිහිකරමින් වන සතුන්ගේ යහපතට පැමිණි පිරිසට අතුරු ආන්තරාවක් නොවී රැකදෙන්නැයිද ඔවුන් කැදවාගෙන එන්නට යන තමන්ට ද පිහිටාරක්‍ෂාව ලබාදෙන්නැයිද ඉල්ලා කාර්යාලයේ තිබු යතුරු පැදියට නැගුණේ තවත් නිලධාරියෙකු සමගය.

දසතින් අදුර දෝරේ ගලමින් තිබු ඒ මුසළ ගොම්මනේ ඔහුගේ යතුරු පැදිය ඔකද සිට කුමන මහ කැලැවේ ඇතුළට ඇදෙයි. ගුරුපාර දෙපස කැලෑවේ වන සතුන් ඒවනවිටත් ආහාර සොයා කැලෑවේ එහා මෙහා යන්නට පටන් ගෙනය. ඉදිරියේ පාර අද්දර වනඅලි රංචුවකි. යතුරු පැදියේ එළියෙන් ඉදිරියේ සිටින සතුන් පමණක් පෙනෙයි. වටපිටාව මහ කැලෑව නිසා කිසිවක් නොපෙනෙයි. ආරක්‍ෂාවට ඇත්තේ යතුරුපැදියේ පිටුපස සිටින වනජිවි නිලධාරියා අතැති ‘‘සොට්ගන්’’ වර්ගයට අයත් ගිනිඅවිය පමණි.

නමුත් ගිනිඅවියට වඩා ගුණසිංහ මහතාට ‘‘කතරගම දෙවියන්’’ විශ්වාසය. ඔහු යතුරු පැදියේ සිටම ඉදිරියේ සිටින වනඅලි රංචුව දැක කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ තමන් යන ගමනට වනසතුන්ගේ බාධා ඉවත්කර දෙන ලෙසය. විදුලි පන්දමක එලියක් හෝ විදුලි පහන් එළියක් දුටු විගස පන්නාගෙන එන වනඅලි පාරෙන් ඉවත්වූයේ ගුණසිංහ මහතා යන ගමනට සුලූ හෝ බාධා කිරිමක් මහා ව්‍යවසනයක මුලක් බවට ඉවෙන් මෙන් දැනගෙන දැයි සිතුණි.

ගුරුපාර ඔස්සේ කුඩා කැබිලිත්ත හෙවත් මඩමෙතොට දේවාලය අසලට යතුරු පැදියේ පැමිණි ගුණසිංහ මහතා හනික ඉන් බැස්සේය. කපුරුපෙත්තක් දල්වා පහනක් පත්තුකර කතරගම දෙවියන් සිහිකර ඉදිරියට ඇදුනේය. උපද්‍රවයකින් තොරව පිරිස සිටිනු දුටු ගුණසිංහ මහතාට ඇතිවුයේ නිමකළ නොහැකි සතුටකි. ඒවනවිටත් සිදුවන්නේ කුමක්දැයි නොදැන සිටි අමුත්තෝ ගුණසිංහ මහතා කීි පණිවිඩය අසා තුෂ්නිම්භූත වුහ.

විනාඩි කිහිපයක් ඇතුළත් පිරිස තමන් පැමිණි වාහන පහට නැග ආපසු ඔකද බලා පිටත්වුහ. ආපසු එද්දිද මඩමේතොට දේවාලයට ගොඩවී පහනක් දැල්වූ ගුණසිංහ මහතා කණ්ඩායමට රාත‍්‍රියේ උපද්‍රවයකින් තොරව ඔක`දට යන්නට පිහිට ආරක්‍ෂාව දෙන්නැයි කතරගම දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.

‘‘මේවනවිට තල්ගස්මංකඩ ප‍්‍රහාරය සිදුවී අවසන් වන්නට බොහෝ සෙයින් ඉඩතිබුණි. එසේ වූවානම් ප‍්‍රහාරයට සම්බන්‍ධ ත‍්‍රස්තයන් පසු බසින්නේ මේ ඉසව්වටය. ඒ නිසා වහාම මේ ප‍්‍රදේශයෙන් ඉවත්විය යුතුය. කුමන කැලෑවේ කොටි ත‍්‍රස්තයන් ගැවසෙන නිසා පසුබසින කොටි ත‍්‍රස්තයන් සොයා ආරක්‍ෂක අංශ ඒවනවිට කුමනට ඇතුළුවන්නේදැයි ඔත්තු බලන්නට කොටි ත‍්‍රස්තයන් මේ යන මග වුවද රැුකවල් ලා සිටිය හැකිය.

දැන් ඒගැන හිතන්නට වෙලාවක් නොවේ ගුණසිංහ මහතාගේ යතුරු පැදිය පෙරටු කරගත් වාහන පහ ගුවන් නියමුවන්ද නංවාගෙන ඔකදට ආවේ අතුරු ආන්තරාවක් නැතිවය. ඒවනවිට රාත‍්‍රී 09.30 පමණව තිබුණි. ඔක`ද කාර්යාලයට නුදුරින් කැලේට වන්නට වාහන නැවැත්වුයේ වැව කපන ඩෝසර රැුකගන්නට එන වනඅලි කිහිපදෙනාටද එහි ආරක්‍ෂාව බාර දෙමිනි.

කතරගම දෙවියන්ගේ පිහිටෙන් පිරිසේ කිසිවෙකුටත් අතුරු ආන්ත‍්‍රාවක් නොවී ඒ බියකරු රාත‍්‍රිය පහන්විය. පසුදා උදෑසනම යුදහමුදා විශේෂ බලකා කණ්ඩායමක් හෙලිකොප්ටර් දෙකකින් ඔකදට පැමිණියේ ඒවනවිට කුමන වනෝද්‍යානයට ගිය එයාර්ලංකා ගුවන් නියමුවන් ගැන විපරම් කරන්නටය. ඔවුන්ගේ ඥාතීන් හිතවතුන් ඒවනවිට ගුවන් නියමුවන් ගැන කිසිදු තොරතුරක් නොලද නිසාත් තල්ගස්මංකඩ ප‍්‍රහාරය සිදුකළ කොටි ත‍්‍රස්තයන් කුමන වනෝද්‍යානයට පසුබැස ඇතිබවට ලද ආරංචි නිසා මහත් බියට පත්ව සිටියේය.

කෙසේ වෙතත් ඔකද සිට පානම දක්වා මාර්ගය නැගෙනහිර පළාතේ එවකට ආරක්‍ෂාවට සිටි පොලිස් විශේෂ කාර්ය බලකායේ (එස්.ටී.එෆ්) පරීක්‍ෂාවකින් පසු ෂර්ලි පෙරේරා මහතා ඇතුළු ඔහුගේ හිතවත් ගුවන් නියමුවන් පානම පොතුවිල හරහා ආපසු පිටත්ව ආවේය.

ඒවනවිට කිල්ලංවල වැවේ වැඩ අවසන් කිරිමට තිබුණේ සුලූ කොටසකි. වැව ප‍්‍රතිසංස්කරණය කරනවිට වනඅලියෙක් එහි නිතරම ආ ගියේය. ඉක්මනින් වැව හදාදෙන්නැයි මෙන් ඒ වනඅලියා ඉල්ලන සේයාවක් පෙන්නුම් කළේය. කිසිවෙකුට කරදරයක් නොකළ මේ වනඅලියා වැව ප‍්‍රතිසංස්කරණය කරන්නන්ට වෙස්වලා ගත් ආශ්ර්වාදයක් විය.

තල්ගස්මංකඩ ප‍්‍රහාරයෙන් කලබලවු වනජිවී දෙපාර්තමේන්තුව ඔකද අතහැර එන්නයි නිලධාරින්ට උපදෙස් දුන්නේය. වැව හදන්නට ගෙනා ඩෝසරයත් රැගෙන ආපසු පිටත්විය යුතුවිය. නමුත් එළඹෙන වියළි කාලයේ තම කැලෑසගයන්ට දියපොදක් බොන්නට ඇති එකම ස්වාභාවික උල්පතෙන් ගලන දිය බිදු කිහිපය රැස්කර කිල්ලංවල වැව තනා නොයන්නැයි නිහඩව ආයාචනා කළ වනඅලියාගේ හැගීම් අවබෝධකරගත් වනජිවි නිලධාරීන් කතරගම දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව පැතුවේ වැවේ වැඩටික අවසන් කරන්නටය.

ලක්‍ෂ දෙකහමාරක පමණවු පෞද්ගලික මුදලක් වැය කර සතුන්ට වතුර බොන්නට හැකිවන පරිදි වැව ප‍්‍රතිසංස්කරණය කළ වනජිවි නිලධාරීන් ඔකදින් මාස තුනකට ඉවත්වූයේ ආරක්‍ෂක අංශවලට එහි ඉදිරිකටයුතු බාර දෙමිනි. ජිවිත පරදුවට තබා තම වර්ගයාගේ පවස නිවන්නට වෙහෙස ගත් මේ මිනිස් පුත‍්‍රයන් තමන්ගෙන් ඈත්වන බව දැනගෙනදෝ මෙතෙක් දිනක් සමීපව සිටි වනඅලියා ඔකද හැරයන තම ආරක්‍ෂකයන් දෙස බලා සිටියේ නිසොල්මන්වය.

මෙතතරම් විශල ව්‍යවසනයක් සිදුවුවද අබඇටයක තරම් උපද්‍රවයක් මේ පිරිසට නොවුණේ කතරගම දෙවියන්ගේ පිහිටාරක්‍ෂාව තමන්ට ලැබුණු නිසායැයි පිරිස විශ්වාස කළහ. ඊට හේතුවක්ද තිබුණි. ගුවන් නියමුවන් රැදීසිටි ‘‘ඇදකුඹුක’’ ආසන්නයේ ගසක අට්ටාලයක් තනා කොටි ත‍්‍රස්තයන් ඔත්තුබලා තිබූ බව පසුව එහි කළ සෝදිසි මෙහෙයුම්වලදි දැක ගන්නට ලැබුණි. යම් හෙයකින් තල්ගස්මංකට ප‍්‍රහාරයෙන් කොටි ත‍්‍රස්තයන් පසුබසින විටත් ගුවන් නියමුවන් ඇදකුඹුකේ සිටියානම් ඔවුනද ප‍්‍රහාරයකට ලක්වන්නට ඉඩතිබුණි.

එහෙත් එසේ නොවුනේ ඔවුන්ට කතරගම දේවියන්ගේ පිහිට ලැබුණු නිසාවෙනි. තල්ගස්මංකඩට ප‍්‍රහාර එල්ලකළ කොටි ත‍්‍රස්තයන්ට පසු කාලයක සිය ජිවිතවලින් වන්දි ගෙවන්නට සිදුවිය.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.