May 16, 2013

මෙන් තව කතාවක්... මෙ කතාවත් කැගල්ල පැත්තේ සිද්ද වෙච්චි ඇත්ත කතාවක් අදටත් මෙ තැන මෙ වගේ දෙවල් සිද්ද වෙනවා.

ස්තානය කොළඹ නුවර පරේ අන්නාසිගල හන්දිය. මෙතන පොඩි තුම්මන් හන්දියක්. ප්‍රධාන පාරේන් විහිදිගිය අතුරු පාරක් තියනවා බොලගම පැත්තට යන්න. මෙ හන්දිය දවාලටනම් මිනිස්සු නිතරම යන එන ජනාකිර්න තැනක්. මෙතන තියෙනවා පෙඩි තේ කඩයක්, පාරේන් අනික් පැත්තේ එක ගොඩනැගිල්ලක තියෙනවා පොඩි සිල්ලර කඩයක් හා සමුපාකාර ප්‍රදේශිකයක්, එ වගේම තවත් පොඩි ගොඩනැගිල්ලක තියෙනවා දැල් ගහපු පොඩි සිල්ලර කඩයක්, එතන තමයි බස් හොල්ට් එක තියෙන්නේ එක පොඩියි. වැස්සට එහෙම ඉන්න බැ. අර දැල් ගහපු සිල්ලර කඩේ වහපු වෙලාවටත් එක ඉස්සරහා තියෙන ඉඩහි කිහිප දෙනෙකුට උනත් නොතෙමි ඉන්න පුලුවන්...

කතාව පටන් ගන්නේ මෙහෙමයි. මම අදුරන යහලුවෙක් දන්න කියන අන්කල් කෙනෙකුට තමයි මේ සිදුවිමට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙන්නේ. මේ අන්කල් දවසක්දා රැ පාන්දර 1ට විතර තමන්ගේ පුතාව ගමනක් පිටත් කරන්න තමන්ගේ මොටර් සයිකල් එකේන් අන්නාසිගල හන්දියට එක්කන් ඇවිදින් කොළඹට යන බස් එකක් අල්ලාගන්න. මේ වෙලාවෙ ටිකක් වැස්ස ගතියකුත් තිබිලා. ටික වෙලාවක් යනකොට බස් එකක් ඇවිදින් අර අන්කල් තමන්ගේ පුතාව බස් එකට නග්ගලා. එ නංගනකොටම බස් එකේ අනික් දොරේන් මනුස්සයෙක් බැහැලා. එ මනුස්සයා අන්කල් දිහා බලලා බස් එක ගියාට පස්සේ පාර මාරු වෙලා අර බොලගම පැත්තට යන්න තියෙන පාරේන් යන්න ගිහින්. එත් මේ අන්කල් වැස්ස අඩු වෙනකම් කියලා එතනටම වෙලා ඉදලා. මේ අන්කල්ට අර මනුස්සයා ගැන අමුත්තක් දැනිලා බලපු වෙලාවෙම.

මෙහෙම විනාඩි කිහිපයක් ඉන්නකොට අර මනුස්සයා අයෙත් අපහු ඇවිදින් හදිස්සියෙන් වගේ ඇවිදින් අන්කල්ට කිවාලු වැස්සට කලින් යන්න බැලුවෙ එක් වැස්ස වැඩි නිසා අපහු අවා කියලා. අන්කලුත් හිනාවෙලා ටිකක් කතා කර කරා ඉදලා ඔය අනම් මනන් ටිකක් රැ තනියෙන් ඉන්නවාට වඩා කවුරු හරි එක්ක ඉන්න එක හොදයිනේ කියලා. මේ කතාව අතර තමයි අන්කල් දැකලා තියෙන්නේ අර මනුස්සයා අත් දෙකට සුදු පාට අත් මෙස් දෙකක් දාගෙන කියලා. අන්කලුත් හිතලා. වැස්ස නිසා වෙන්න ඇති කියලා. ටික වෙලාවකින් අර මනුස්සයා අර අත් මෙස් දෙක ගලවලා අර දැල් කඩේ දැලක එල්ලලා. විනාඩි 20ක් විතර යනකොට වැස්ස පායලා. අන්කල් කඩ පිලෙන් එලියට ඇවිදින් බයික් එක ලගට ගිහිල්ලා අර මනුස්සයාවත් දාගෙන යන්න කියලා හිතලා අපහු හැරිලා බලලා එතකොට අර මනුස්සයා එතන ඉදලා නැ. කතාකර කර ඉදලා විනාඩියක් වත් යන්න කලින් අතුරුදහන් වෙලා. එච්චර වෙලාවක් අර දැලක එල්ලලා තිවුන අත් මෙස් දෙකත් නැහැ. අන්කල් ටිකක් බය වෙලා. එහෙම්ම බයික් එකේ නැගලා එක හුස්මට බයික් එකේ ගෙදර ඇවිදින්.
එකකොටත් දැනුනලු බයික් එකේ පිටිපස්සේ කවුරු හරි ඉන්නවා වගේ එත් නොබලාම ගෙදර ඇවිදින්. මගදි කනත්තක් හම්බ වෙලා එ කනත්ත ලගදි බයික්එකේ බර අඩු වුනාලු පස්සෙන් කවුරු හරි ඉදලා බැහැලා ගියා වගේ.

අන්කල් ගෙර යනකොට හොදටොම උන ගැනිලා. පස්සේ බොධිපුජාවක් එහෙම කරනකොට අන්කල්ට සනිප වෙලා. ටික දවසක් ගියපුවාහාම අන්කල් දවල් වරුවක අර දැල් කඩේ ගාවට ඇවිදින් එ කඩේ මුදලාලිට විස්තරේ කියලා. පස්සේ ඒ මුදලාලි කියුවාලු එ කඩේ ලග රැට ඔය වගේ දෙවල් වෙනවා. කඩේ හවසට පිරිත්වත් දාන්න බැ කියලා. පිරිත් සි ඩි එකක් දාලා ගියොත් එලි වෙනකොට එ සිඩි එක වෙන තැනක විසික්කරලා තියනවාලු. හැබැයි කාටවත් තාම කරදරයක් නම් වෙලා නැ. බය වෙන එක හැරෙන්න.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.