.අපේ කලින් හිටපු ගමෙ උන සිදුවිමක්.ගමෙ කෙනෙක් කාලේකට ඉස්සර කොලඹ පදිංචියට ගියා.මෙයා ගමට එන්නේ කාලෙකට වතාවක් අමිමා තාත්තා සහොදරයෝ එහෙම බලලා යන්න.එදා මෙ මනුස්සයා එනකොට ටිකක් රැ වෙලා තියනවා.ගමට එන පාරවල් දෙකක් තියනවා.මෙයා රැ උන හින්දා කෙටි පාරකින් ආවා.ඒ තමයි ජලාසයක් තියනවා එකේ පාලමෙන් ගොඩවෙලා මෙහා පැත්තේ ගමට එන්න ඔන.එදා මෙයා පාලමෙන් තමයි ආවෙ.ගමෙ ප්‍රසිද්ධ කතාවක් තියනවා මෙ ජලාසයට අවුරැද්දකට මනුස්ෂ්‍ය බිලි කීපයක් ගන්නවා කියලා.මෙ කියන කෙනාගේ එක කකුලක් නැ.මෙ මනුස්සයා පාලමෙන් ගොඩවෙලා ඉවර වෙලා ජලජසය අයිනෙන්ම ටිකක් දුර ඇවිත් මහන්සියට බිම වාඩි වෙලා ගමට ඇතුල්වෙන ජලාසය අයිනේ තියන පඩිපෙලක් පාමුල.ජලාසයට මිටර් 20 වගේ දුර.වතුර පිරිලා තිබුන කාලේ.වාඩිවෙලා ඉන්න මනුෂ්‍යාට හද එලියට පඩිපෙල දුරට පෙනිලා තියනවා.ඒ දිහා බලාගෙන ඉන්නකොට එක වරම පෙනිලා තියනවා පොලවෙන් කවුදෝ මතු වෙනවා.ඉස්සල්ලම ඔලුව පෙනිලා.ටික ටික උස ගිහින් අඩි 6 ක් විතර වෙනකමිම.ආයෙත් ටික ටික පොලවටම බහිනවා.මෙහෙම තුන් හතර වතාවක්ම වෙලා.ඊ්ට පස්සේ ටික ටික ඔන්න උස වෙවි ලගට එනවලු.දුරට යන්තමි අතේ සුදුපාට මොකක්ද එල්ලගෙන ඉන්නවා දැකලා.ලගට එනකොට ලාවට වගේ දැකලා තියනවා ඒක මිනි ඔලුවක් කියලා.මෙයාට එක වරම මතක් වුනා වෙලාව 12 ට ලගයි.ඒ මදිවට ලගදි ජලාසයට කවුරැවක් බිලිවෙලත් නැ.මෙයා බුදු අමිමො යකෙක් බෙර ගනියෝ කියලා කැ ගහලා සිහිය නැති වෙලා වැටිලා.දැන් මොකක්ද මෙතන උනෙ කියලා දන්නවද.මෙයා වාඩිවෙලා හිටිය පඩිපෙලපාර අයිනේ අලුතින් එලවලු කොටුවක් දාලා තිබිනේ.මෙයා ඒ මොනවත් දන්නැ.අයිතිකාරයා ගෙදර ගිහින් කෑම එහෙම කාලා ලබුකැටයකට කිතුල් රා ටිකක් එහෙම අරගෙන රැ වෙනකොට කොටුවට එනවා.කොටු අයිතිකාරයා එදත් පුරැදු විදියටම ආවා.කොටුවට හැරෙන පාර ලග ටිකක් කිටිටුව ලබු කැටෙ බිම තියලා කෝප්පයකට රා අරගෙන බොනවා.කොප්පයට වතකර ගන්නේ බිම ඉදගෙන.ඊට පස්සේ ටිකක් ඇවිද ඇවිද බිලා.රා ටික ඉවර උනාට පස්සේ ලබු කැටෙ අතට අරන් කොටුවට එන්න ආවා.මෙයාට එක වරම ඇහිලා ලගින්ම කවුදො බෙරිහන් දිලා කැ ගහනවා.බලනකොට අර මනුස්සයා සෙම දාගෙන වැටිලා ඉදලා.ඒ වෙලාවෙම ගෙදර උස්සන් ඇවිත්.මිනි ඔලුවක් වගේ දැකලා තියෙන්නේ අර ලබු කැටෙ.යකා තමයි කොටු අයිතිකාරයා.මම මෙකෙන් කියන්නේ මෙ වගේ දේවල් නැ කියලා නෙවෙයි.සමහර වෙලාවට මෙ වගේ වැඩත් වෙනවා කියන එක.මොකද මම හොල්මන් තියන ගෙදරක හිටියා.මම හැරැනම අනිත් හැමෝම යමි යමි දේවල් දැකලා තිබුනා.ඒක පස්සේ වෙලාවක ලියන්නමි.
:)
ReplyDelete