May 12, 2013


මිනුවන්ගොඩ වේයන්ගොඩ පාරේ තියනවා යක්කල කියල ගමක් ඒ ගමේ කනත්ත තියෙන්නේ මේ පාර අයිනෙමයි. ඒ කනත්තේ හොල්මන් තියනවා කියන එක ඒ පැත්තේ කව්රුත් දන්න දෙයක්. මම දන්න කීප දෙනෙකුට එක් එක් අවස්ථාවල වෙච්ච දේවල් තමයි මම කියන්න යන්නේ...

අපේ ගමේම අයියල දෙන්නෙක් දවසක් රැක... රෑ කියන්නේ 1 ට 2 ට විතර යාලුවෙකුත් එක්ක ඒ පාරේ වේයන්ගොඩ පැත්තේ ඉදල මිනුවන්ගොඩ පැත්තට බයික් එකෙන් එනකොට ඔය කියන කනත්ත හරියේදී මග කව්රුහරි ඉන්නාව දැකල බියික් එක නතර කරලා { හරියටම උනේ මොකක්ද කියල දන්නේ නෑ } මේ දෙන්න හොදටම බයවෙලා සිහිය නැතිවෙන විදියට...
කොහොමහරි පාරේ යන වැන් එකක් දැකල දාගන ඇවිල්ල තිබබා {දෙන්නටම කල්පනාව නැති හින්ද වැඩි දෙයක් දන්නේ නෑ}

මේ වගේම තව දවසක වයස 40ක් විතර වෙන නොනයි මහත්තයයි රෑ දොළහට එකට විතර හෝම් කමින් එකකට ගිහින් බයික් එකෙන් අපහු එනකොට මේ කනත්ත හරියේදී දැකල {එතන කනත්තක් තියනවා කියල මෙයාල දැනගන නෑ} තියනවා ගැණු ළමයෙක් ඉන්නාව. කොහොම හරි එතන දීම බයික් එක නතරවෙලා... ඒ මහත්තය බයික් එක ස්ටාර්ට් කරන්න ට්‍රයි කරලා... {එතන හිටපු ගැණු ළමයා ගැන එචර අවදානය යොමු කරලා නෑ } කොහොමහරි එතනින් බස් එකක් ගිහිල්ල... ඒ එක්කම අර ගැණු ළමයා හිටපු තැන නෑ... මේ නෝනා වට පිට බැලුවත් දකින්න ලැබිල නෑ... ඒ වගේම එතනින් යන්න තරං වෙලාවකුත් තිබිල නෑ... බයික් එක ස්ටාර්ට් කරගන සාමාන්‍ය විදියට ගෙදර ඇවිල්ල නිදාගන... පහුවදා අනිත් යට මේ විස්තරේ කිවම තමයි දැනගන තියෙන්නේ එතන හොල්මන් තියනවා කියල

අනිත් කතාව කිව්වේ හයර් යන වැන් ඩ්‍රයිවර් කෙනෙක්... දවසක් මිනුවන්ගොඩ ඉදල නුවරට කෙනෙක්ව ඇරලලා අපහු එනකොට මේක වෙලා තියෙන්නේ. රෑ 2 ට විතර එනකොට පාර අයිනේ ඉස්සරහ ගැණු ළමයෙක් ඉන්නවා දැකල මෙයත් කොල්ලෙක් හින්ද වාහනේ වේගේත් අඩුකරලා හොරු ද කියන සැකේට නතර කරන්නද නොකරන්නද කියල හිත හිත මේ ගැණු ළමයා ලගටම ඇවිල්ල ... වාහනේ අඩි 15 ක් විතර ඒ ගැණු ළමයට ලං වෙනකන් ම හොදට බලගන ඉදලා. ඒ ගැණු ලමයව ලගටම දැක්ක හින්ද විස්තරේ මෙහෙම කිවා.... සුදු පාට හැම් බග් එකක් එල්ලගන, ක්රීම් පාට ඇදුමක් ඇදගන ඉදල තියෙන්නේ... කරාබු දල නැති ක්‍රේල් කොණ්ඩයක් තියන කළු කෙල්ලෙක් ලු... මේ ඩ්‍රයිවර්ට අමුත්තක් තේරිලා වහනේ වේගේ වැඩිකරලා වේගෙන් ඇවිල්ල... පහුවදා අනිත් අයට කිවම දැනගන තියෙන්නේ ඒ කනත්ත ගාව කියල අනික එතන හොල්මන් ගැනත්.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.