May 12, 2013

කැම්පස් හොස්ටල් වල සාමාන්‍යයෙන් 3-4 ක් විතර එක රූම් එකක ඉන්නවා (ඕක කොයි හොස්ටල් එකෙත් එකයි මයෙ හිතේ ). ඉතින් මේ කියන හොස්ටල් රූම් එකෙත් හිටියා 3න් දෙනෙක්. කිව්වම කෙල්ලො තුන් දෙනෙක් තමා හිටියේ. තුන් දෙනාම කොලඹින් දුර බැහැර පදිංචි කට්ටිය. දැනට අපි මේ තුන් දෙනාට ගයනි, සඳුනි, අරුණි කියමු. සති අග දිග නිවාඩුවක් ලැබුනොත් කවුරුත් ආස ගෙදර දුවලා එන්න කොච්චර දුර උනත්. කොහොමත් කොහෙ උනත් හොස්ටල් ලයිෆ් එක ඒ හැටි රසවත් එකකුත් නෙමෙයිනෙ. ඒ නිසා නිවාඩුවක් ලැබුනොත් ටුක් ගාල ගෙදර දුවන එක ඒකෙ හැටි.

මේ කියන දවස් වෙනකොට කැලැන්ඩර් නිවාඩුවකුත් එක්ක ටිකක් සති අග දිග නිවාඩුවක් වැටිලා තිබ්බා. ගයනිට ගමේ යන්න හිතුනත් මුදල් ප්‍රශ්න නිසා අනිත් දෙන්න නිවාඩුව තිබ්බත් ගෙදර නොයා ඉන්න හිතුවා. යාලුවො දෙන්නත් නොයන නිසා ගයනි සිකුරාදා රෑම ගමේ යන්න පිටත් වුනා. රෑ 12ට පිටකොටුවෙන් පිටත් වෙන දුර ගමන් සේවා බස් රථයක් අල්ලගන්න බලාපොරොත්තුවෙන් ගයනි පිටත් වුනේ. අනිත් දෙන්න ගයනිව පිටකොටුවට යන්න බස් එකකට ඇරලවලා ආයෙත් හොස්ටල් රූම් එකට ගිහින් පාඩම් කටයුතු වල යෙදුනා.

එදා දවසෙ කාලය ගෙවිලා දෙන්නා නිදාගත්තටත් පස්සෙ පාන්දර එකට විතර හොස්ටල් රූම් එකෙ දොරට ගහන සද්දයක් ආවා. විෂේශයෙන්ම කාන්තා නේවාසිකාගාරයකට කාටවත් අනවසරයෙන් ඇතුල් වෙන්න ලේසි නැති නිසාත් තවත් අහල පහළ රූම් වල ඕන තරම් කට්ටිය ඉන්න නිසාත් සද්ද්දෙට ඇහරිච්ච අරුණි

“කවුද ඔය …”

කියලා අහගෙනම දොර ලඟට ගියා.

“මේ ගයනි… බස් එක මිස් වුනා බං.. මං ආයෙත් ආවා……”

මෙහෙම කියාගෙන ගයනි රූම් එක ඇතුලට ආවා. ඒත් මූන ටිකක් සුදුමැලි වෙලා තිබ්බා.

“ඕකනෙ උඹට කීවෙ හෙට පලයං කියලා.. හොඳටම මහන්සි පාටයි ඒ නිසා අපි තේ ටිකක් බොමු……..”

කියලා උනුවතුර බෝතලේට දාල තිබ්බ තේ ටිකක් කෝප්ප වලට වත් කරපු අනික් යාලුවා.. දෙන්නට දීලා කතාවට වැටුනා.

තේ ටික බොන ගමන් තවත් ටික වෙලාවක් තුන් දෙනා කතාවට වැටිලා හිටියා. රූම් එකේ පුටු කියලා ජාතියක් නැති නිසා කට්ටිය ඇඳවල් මත වාඩිවෙලා තමයි කතාව දාගෙන හිටියෙ. “දැන් ඉතින් හෙට උදේ ආයෙ යන්නත් ඕන නිසා නිදියගනින් බං ” කියලා තේ බීපු කෝප්ප තුන අරගෙන සෝදල තමන්ගෙ ඇඳට ආපු සඳුනි, නිදියන රෙද්ද පොරවගන්න ගමන් ගයනිට ලයිට් එක නිවාදාන්න කිව්වා.

මේත් එක්කම ගයනිගෙ ස්පරූපය වෙනස් වෙන්න ගත්තා. තවත් සුදුමැලි වෙච්ච ගයනි යාලුවො දෙන්න දිහා අමුතු විදියට බෙල්ල කරකවලා දෙතුන් විටක් බලලා එක පාරට ඇඳේ ඉඳන්ම ලයිට් එකේ ස්විච් එකට තමන්ගෙ දිව දික් කරලා නිවා දැම්මා… !

මේක දැක්ක දෙන්නා හූ තියාගෙන කලන්ත වෙලා වැටුනා. සද්දෙට දුවගෙන ආපු අහල පහල රූම් වල අයයි ආරක්ෂක නිලධාරියොයි දෙන්නව රූම් එකෙන් එලියට අරන් අවශ්‍ය ප්‍රතිකාර දුන්නා. ඒත් තුන් වෙනියෙක් රූම් එකේ හිටියෙ නෑ. මේ කටයුතු වෙද්දි කට්ටියට ආරංචිය ලැබුනා, රෑ ගෙදර ගිය ගයනි පාන්දර 1ට විතර ලොරියකට හැප්පිලා අන්තරා වුනු බව. අනතුරින් කම්පනයට පත් ගයනිගෙ දිව කටින් එලියට ඇවිල්ලා තිබුනලු !

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.