සමහර
කොඩිවින කපද්දි, කොඩිවිනය කපන්න වෙනමම තැනක් ඒක පටන් ගන්න කලින් හදනවලු.
ඒකට කියන්නේ "පුරාලය" (වගේ නමක්) කියලලු. ඒක කොහෙද හදන්නේ කියල යකදුරාට
කියන්නෙ නැතිලු. යකදුරා මතුරල ආවේස වෙලා පුරාලය තියන තැන හොයාගෙන එනවලු.
ඉතින් මේ වගෙ කොඩිවිනයක් කපන්න ලෑස්ති උන වෙලාවක පුරාලය හදන වැඩේ බාර
දුන්නලු කොල්ලො සෙට් එකකට. මෙතන හිටියලු වැඩිය ඕව ගැන විශ්වාස කරන්නෙ නැති
කොල්ලො කීපදෙනෙකුත්. ඉතින් මේ යකදුරා පුරාලය හොයාගෙන එන කථාව මුන් විශ්වාස
කරන්නෙම නැතිලු. මුන් කියන්නෙ යකදුරාට කවුරු හරි පුරාලය තැන කියනව කියලමලු.
මෙහෙම කට්ටය වාද කරන අතරෙ මෙතන හිටපු එකෙක් මරු අදහසක් දුන්නලු. මේ කට්ටිය
පුරාලය හදන්න ඉඳල් තියෙන්නෙ ගඟක් අයිනෙ. මෙ ගඟ මැද පොඩි දූපතක් තියනවලු.
මේ ගොල්ලො කාටවත් කියන්නෙ නැතුව පුරාලය දූපතෙ හදන්නතීරණය කරාලු. ඔන්න දැන්
පුරාලය හැදුවෙ දූපතේලු. මේ දුපතට ගං ඉවුර ඉඳල වැඩි දුරක් නැති උනාට පීනගෙන
යන්න වෙන තරම් පොඩ්ඩක් ගැඹුරුයිලු. පුරාලය ගඟ ලඟ හැදුව කියල ඔන්න දැන්
පනිවිඩයකුත් යැව්වලු.
යකදුරා ඔන්න
දැන් මතුරල ආවේස වෙලා පුරාලය හොයාගෙන එනවලු. යක්දුරාගෙ පස්සෙන් අනිත්
මිනිස්සුත් එනවලු. අර කොල්ලො ටික දැන් හැංගිලා මොකද වෙන්නෙ කියල බලාගෙන
ඉන්නවලු. ඔන්න දැන් යකදුරා ගඟ ලඟට ආවලු. වට පිට බැලුවලු. අර කොල්ලො ටික
දැන් කවටල් තදකරගෙන හිනාවෙනවලු. පස්සෙන් ආපු මිනිස්සු ටික දැන් අර
කොල්ලොන්ව හොය හොය උන්ගෙ පරම්පරාව මතක් කරනවලු.
පොඩ්ඩක් වටපිට බලපු යකදුරා අර දූපත් දිහා බලාගෙන ගඟ පැත්තට ඇවිදගෙන ගියාලු. ඔන්න දැන් ගං ඉවුරටම ආවලු.
මෙන්න ඒපාර අර යකදුරා නවතින්නෙ නැතුව වතුර උඩින් ඇවිදගෙන පුරාලෙට ගියාලු
හරියට පොළවෙ ඇවිදිනව වගේම. එතන හිටපු හැමොම මේක දැකල තියනවා.
කොහොම හරි අර කොල්ලො ටික එදා ඉඳල නම් ඔය යන්ත්‍ර මන්ත්‍ර ගැන විශ්වාස කරන්න ගත්තලු.
මට මේ කතාව කිව්වෙත් එතන හිටිය (ඒ කාලෙ ) කොල්ලෙක් තමයි. මටත් විශ්වාස
කරන්න නම් අමාරුයි. ඒත් ඒ කතාව ඇත්ත කියල මට මේ කතාව කියන වෙලාවෙ එතන හිටපු
තව කට්ටිය ස්ථිර කරා.....!!!
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.