Jul 30, 2014



මෙම සිදුවීම 1998 වසරේ සිදුවූවකි! සිදුවූයේ වෙනදා මෙන්ම මගේ බාප්පා කෙනෙකුටය. කණගාටුවට කරැන නම් මේ ගැන වැඩිදුර අසා දැනගැනීමට නන්දලාල් බාප්පා අද ජීවතුන් අතර නැති වීමයි. මේ කතාව මට කියන්නෙ උවිඳු මල්ලී බවද මතක් කල යුතුමය.

සිදුවීම සිදුව ඇත්තේ 1998 වසරේ දෙසැම්බර් මසය.කළුතර නගරයේය. එදින පවුලේ සියලු දෙනාම විනෝද චාරිකාවක් ගොස් නිවසට පැමිනෙන විට රාත්‍රී දොලහද පසුවී තිබුනි. උවිඳු මල්ලිව නංගිව සහ පුන්චි අම්මාව පැමිණි වෑන් රියේම නිවසට පිටත් කර හැරි බාප්පා මගින් රියෙන් බැස ඇත්තේ සිය සහෝදරයාගේ නිවසෙහි දමා ආ යතුරැ පැදිය ගෙන යාමේ අදහසිනි. යතුරැපැදිය ගෙන ආපසු එන විට රාත්‍රී එකද පසුවී තිබුණි එන මග වැටී තිබුනේ  කියු පරිදි නම් හිමිදිරියාව කනත්ත ඉදිරිපිටිනි.

හිමිදිරියාව සොහොන් බිම දිවා කාලයේ මනරම් දසුනකි එක් පසෙක වෙල්යායත් ඉහලට දිවෙන රබර් වතුයායත් නිසාවෙන් එහි කුඩා ගුප්ත බවක්ද නැතුවාම නොවේ. බාප්පා කනත්ත ඉදිරියට එනවාත් සමගම වාගේ කනත්තයේ තාප්පයෙන් පිටට පැනගත් මිනිසෙකු පාර හරහා දිව යනු දැක ඇත. ඔහු තිගැස්සී ඇත්තේ මෙම මිනිසා යතුරැපැදි ලාම්පු එලියට හසුවූ විගස අතුරැදන්ව ගොස් නැවත ලාම්පු එලිය නැති පාරේ අනෙක් කොනින් මතුවී සිටි බැවිනි එතැනින්ද නොනැවතී මේ මිනිසා අනෙක් පස වූ වෙල් යායට පැන ඒ දිගේ ද දිවයන්නට විය. දුටු දෙයින් බාප්පා තවත් බියට පත්වී ඇත. වෙල්යාය හරහා දිව යන මිනිසාගේ පය වදින තැන ගොයම් ගසක්වත් නොසෙල්වෙයි. කොටින්ම මිනිසාට තවදුරටත් පාද ඇති බවක් වත් නොපෙනෙයි. එපමනක්ද නොව තවත් පුදුමයක් නම් මිනිසා කෙතරම් ඈතට දිව ගියද ඔහුගේ සිරැරේ ප්‍රමානය කුඩා වී නොපෙනීමයි .

කෙසේ හෝ වෙල් යාය හරහා රබර් වතු දෙසට දිව යන මිනිසා දෙස කෙලින් බැලීමට පවා බියවූ බාප්පා ඒ දෙස හොරැහින බලමින් කෙලින්ම ගොස් ඇත්තෙ සිය මහ ගෙදර වෙතය.
එහිදී සීයා හමුවේ සිදුවූ සියල්ල හෙලිකර නැවත සීයාවද යතුරැපැදියේ නංවාගත් බාප්පා වැඩිදුර පරිකෂාකර බැලීමට නැවතත් කනත්ත වෙත හා උඩහ රබර් වතු වෙතද ගොස් සොයා ඇත නමුත් මිනිසෙකු ගැන කිසිඳු හෝඩුවාවක් නොවූ බැවින් ඔවුන් නැවත නිවසට එන විට උදෑසන දෙකද පසුවී තිබුනිලු.

ඒවගේම කියවල කොමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා ............!

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.