Jul 18, 2014




හැමෝගෙම කතා කියවන එකේ ඕන් ඉතින් මමත් හිතුව මගේ අත්දැකීමුත් එකතු කරන්න. මේක උනේ මීට අවුරුදු දෙකකට විතර කලින්. අපේ මල්ලි ගෙයක් කුලියට ගත්ත එයාගේ ගාර්මන්ට් ෆැක්ටරි එක දාන්ඩ කියල. ඕක ටිකක් පරණ පහේ ගෙයක්. මෙය වැඩේ පටන් ගන්නකම් මම කිව්වා මම එහෙ නවතින්නම් කියල. මොකොද එක මම අමතර පන්ති කරපු තැනට බොහොම ළඟ නිසා රෑට උනත් යන එන එක පහසු නිසා. මේ ගේ වත්ත ගැන ටිකක් කියන්න ඕනේ. ගේ පිටිපස්සේ වත්ත කෙලවරේම තමා ලිඳ තිබ්බේ. එතන තිබ්බ තව කෙසෙල් ගස් ගොන්නකුත්. ඉතින් ඔය ටික එකතු උනාම ගොම්මන් වෙලාවට ඔතන ටිකක් පාලු මුසල ගතියක් තිබ්බ. මම ගිහින් පලවෙනි දවසෙම මම හවස පන්ති ඇරිලා ඇවිත් කුස්සිය පැත්තේ දොර ඇරියම එක පාරට මහා අමුතු ගඳක් අවා. හරියට කුකුල් කොටුවක ගඳක් වගේ. මට අමුත්තක් දැනුන නිසා මම දොර වහල කාමරේට ගියා. මම හිටපු කාමරේට යන්න තියෙන්නේ කෑම කාමරේ පහු කරගෙන සාලය හරහා ගිහින්. මම කාමරේට යනකොට අර ගඳ කාමරේ. මට එක කෑම කමරේදී වත් සලේදී වත් අවේ නැහැ. පොඩ්ඩක් විතර හිතට අමුතු නිසා මම කෝකටත් කියල පිරිත් කියල පන්සිල් අරගෙන නිදා ගත්ත. පහු වෙනිදා නැගිටලා මගේ ඔ ලෙවල් පන්තිය උදෙන්ම තිබ්බ නිසා පන්ති ගිය. ආයේ ඕක මතක් උනේ නැහැ.එදා දවසෙම පන්ති. ඉවර වෙනකොට 7 විතර උන. ඉතින් හරිම මහන්සියෙන් ගෙදර ඇවිත් කලුවරේම දොරත් අරගෙන සාලේ ලයිට් දල කුස්සියට ගිහින් එකේ ලයිට් එකත් දැම්ම. දැම්ම ගමන් ලයිට් එක ගස්සෙන්න ගත්ත. හරිම අමුතු සද්දෙකුත් එක්ක. බලපු හොල්මන් ෆිල්ම් එකක් වගේ. මට තේරුණා ඉතින් වැඩේ. මේ කවුරු හරි අයිති කාරයෙක් ඉන්නවා කියල. ඉතින් මම කතාකරල කිව්වා මේ ගේ ඔයාගේ මට එපා. මම ඉන්නේ ටික කාලයයි. ඒ ඉන්න ටිකේ මට ඉන්න දෙන්න මම බන භාවනා කරන කෙනෙක් ඔයාට පින් දෙන්නම් කියල. එහෙම කියල ලයිට් එක ඔෆ් කරලා ආයේ දැම්ම. කිසි අවුලක් නැහැ. වැඩ. මම ඉතින් එදා ඉඳන් හැමදාම හවස කොයිතරම් මහන්සිවෙලා අවත පහන තියල මෛත්‍රී භාවනා කරලා පිරිත් කියල පින් දෙනවා. මට එයින් පස්සේ කිසිම කරදරයක් උනේ නැහැ. හැබැයි මම හවස ලිඳ පැත්තට යන එක නම් නැවැත්තුව. එකටත් හේතුවක් තියනවා. ඒකයි මගේ මලය ඔතන ෆැක්ටරිය පටන් ගන්න ගිහින් උන දේයි ආයේ දවසක කියන්නම්.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.