කොහොමද විශ්මිත?
හොඳින් ඉන්නවා. මගේම ගීතයක් කරන්න මේ දවස්වල සූදානම් වෙනවා.
ඔබට Dreem Star අනුශූරතාව ලැබිලා ධනුෂ්කටDreem Star කිරුළ ලැබෙන කොට මොකද හිතුණේ?
ඔබට Dreem Star අනුශූරතාව ලැබිලා ධනුෂ්කටDreem Star කිරුළ ලැබෙන කොට මොකද හිතුණේ?
මගේ හිතේ පොඩි දුකක් ඇති වුණා. ප්‍රවීණයන් පවා මට කිව්වා ජනප්‍රියත්වයයි දක්‍ෂතාවයි කියන්නේ දෙකක්. ඒ නිසා හිත
හදාගන්න කියලා. මම ඒ ගැන හිතලා හිත හදාගත්තා.
ඒ කියන්නෙ ඔබ දක්‍ෂතාවෙන් ඉදිරියෙන් ඉන්නවා කියන එකද?
ඒ කියන්නෙ ඔබ දක්‍ෂතාවෙන් ඉදිරියෙන් ඉන්නවා කියන එකද?
ඔව්. මම දක්‍ෂයි කියලා මට විශ්වාසයි. මම ගයන ගීත හොඳින් ගයනවා කියලා ප්‍රවීණ
සහ සාමාන්‍ය ජනතාවත් මට කියලා තියෙනවා. මම
"මාමෙනි දෙයියෝ" ගීතය කියපු වෙලාවෙ ඒ ගීතයේ සැබෑ ගායකයා මට කිව්වා ඔහුවත් එය
එච්චර ලස්සනට කිව්වේ නෑ කියලා. මට මෙතෙක් ලැබුණ ප්‍රතිචාරත් එක්ක මගේ දක්‍ෂතාව ගැන මට අවිශ්වාසයක්
තියාගන්න ඕන වුණේ නැහැ.
ඔබට කිරුළ අහිමි වුණේ ජනප්‍රියතාව අඩුකම නිසා කියලද හිතන්නේ?
ඔබට කිරුළ අහිමි වුණේ ජනප්‍රියතාව අඩුකම නිසා කියලද හිතන්නේ?
මට රසිකයෝ පිරිසක් ඉන්නවා. මම ගීත ගයනවා අහන්න ඔවුන් කැමැතියි. මට මේ
තරගයේ සෑම වටයකදීම වැඩිම ඵථඵ ලැබුණා. මට
හිතාගන්න බෑ අන්තිමට මොකද වුණේ කියලා. මම හිතන්නේ ජනප්‍රියත්වයේ පොඩි අඩුවක්
නිසා තමයි මට කිරුළ අහිමි වුණේ.
එදා ඔබට ජනතාව පිනවන්න බැරි වුණාද?
එදා ඔබට ජනතාව පිනවන්න බැරි වුණාද?
නෑ මම ජනතාව පිනෙව්වා. හැබැයි මම මේ තරගයේ ෆන් සින්දු කිව්වේ නෑ.
සංගීත
ක්‍ෂේත්‍රයේ රැඳෙන්න පුළුවන් ගීත තමයි මම කිව්වේ. මම දෙවැනියා වුණා කියලා නෑ. මට තාම ලංකාව වටින් ඇමතුම් එනවා. මගේ රසික රසිකාවියෝ තාම අඬනවා.
ඔබත් මේ තරගයේ රැඳුණේ අපහසුතා මැද්දේ. ඒ ආර්ථික අපහසුකම් මාර්කට් කරලා Dreem Starවෙන්න තිබුණා කියලා හිතුණේ නැද්ද?

මමත් මේ තරගයට සහභාගි වුණේ ආර්ථික අපහසුකම් මැද්දේ තමයි. මට මතකයි දෙසීය
පනස් දෙනාගෙන් අනූහය දෙනාට එන වටය තියෙද්දි
මට නවයට ඒ තරගයට සහභාගි වෙන්න තිබ්බා. ඒත් මට එදා එන්න ලැබුණෙ ෙදාළහට. එහෙම වුණේ මට තිබ්බ ආර්ථික අපහසුතාව නිසා. ඒත් මට ආර්ථික අපහසුකම්
කියලා ඉදිරියට එන්න ඕන වුණේ නැහැ.
ඔබේ ගමෙන් තරග නොකර වැල්ලවත්තෙන් තරග කිරීම ඔබට අවාසියක් වුණාද?
ඔබේ ගමෙන් තරග නොකර වැල්ලවත්තෙන් තරග කිරීම ඔබට අවාසියක් වුණාද?
මගේ ගම අම්පාර. මම පාසල් ගියේ කොළඹ ඉසිපතනයට. මගේ අම්මා මෙහේ නිසා තමයි
මම මෙහෙන් තරග කළේ. මගේ තාත්තගේ ගමෙන්
නගරයට ගියා නම් හොඳයි කියලා මට හිතුණා. ඒත් මට වැල්ලවත්තේ සහ අම්පාරේ ජනතාවගෙනුත්
විශාල සහයෝගයක් ලැබුණා. ඩ්‍රීම් ස්ටාර් නොවුණට අද මම ඉන්න තැන ගැන මට සතුටුයි.
ඔබ උපරිමයෙන් මේ තරගයට කැප වුණාද?
ඔබ උපරිමයෙන් මේ තරගයට කැප වුණාද?
ඔව්. මට එක තරග වටයක ගීතයක් ලැබුණා දවස් දෙකක් ඇතුළත පුරුදු වෙන්න.
අනෙත් හැම තරගකරුවෙක්ම ප්‍රොජෙක්ටරය දිහා බලාගෙන තමයි ගීතය කිව්වේ. ඒත් මම මතකෙන් කිව්වේ.
මම පුහුණුවීම් වෙනුවෙන් කැපවුණා. මාර
විදියට නිදි වැරුවා. දෙරණේ අය වුණත් මට කියලා තියෙනවා මම තරම් මේ තරගයට මහන්සි වුණ
කෙනෙක් නෑ කියලා.
Dreem Star තරගය වෙනුවෙන් කොච්චර වියදම් කළාද විශ්මිත?
Dreem Star තරගය වෙනුවෙන් කොච්චර වියදම් කළාද විශ්මිත?
Dreem Star තරගයට වියදම් කළේ මම නෙවෙයි. මට ඒ
වෙනුවෙන් ආර්ථික පසුබිමක් තිබුණේ නැහැ. ඒ වුණාට මගේ ගමේ අය, මගේ ඥාතියෝ, රසික රසිකාවියෝ මට ගොඩක් උදවු කළා.
ඔබට මේ තරගය වෙනුවෙන් ණය වෙන්න වුණේ නෑ කියලද කියන්නේ?
ඔබට මේ තරගය වෙනුවෙන් ණය වෙන්න වුණේ නෑ කියලද කියන්නේ?
ඔව්. මම අම්මට තාත්තට කියලා තිබ්බෙ ණය වෙලා කිසි දෙයක් කරන්න එපා
කියලා. මට ඉදිරියට යන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් තිබුණා.
ඔබ Dreem Star තරගයට සහභාගි වුණ පළමු වතාවද මේ?
ඔබ Dreem Star තරගයට සහභාගි වුණ පළමු වතාවද මේ?
ඔව්. මම මීට කලින් කිසිම රියැලිටි වැඩසටහනකට සහභාගි වෙලා නෑ. ඒත් පාසලේදි ගායනයෙන්
සමස්ත ලංකා මට්ටම දක්වා ගිහින් තියෙනවා. පළමු
වතාවට ඩ්‍රීම් ස්ටාර් ඇවිත් මේතාක් ආපු එක ගැන පුදුම සතුටක් තියෙන්නෙ.
ඩ්‍රීම් ස්ටාර් මාවතට ඔබව ගේන්න ඕන වුණේ කාටද?
ඩ්‍රීම් ස්ටාර් මාවතට ඔබව ගේන්න ඕන වුණේ කාටද?
මගේ බාප්පා තමයි මේ තරගයට ඉල්ලුම් කරන්න කියලා මට කිව්වේ. ඒ ආවට
පස්සේ තරගය තුළ මගේ වුවමනාව වැඩි වුණා.
ඩ්‍රීම් ස්ටාර් වෙච්ච සමහරු පේන්න නෑ. එහෙම වෙන්නේ දෙරණ මතුකරලා අතහරින නිසාද නැත්නම් එයාලට පාර හොයා ගන්න බැරි නිසාද?
ඩ්‍රීම් ස්ටාර් වෙච්ච සමහරු පේන්න නෑ. එහෙම වෙන්නේ දෙරණ මතුකරලා අතහරින නිසාද නැත්නම් එයාලට පාර හොයා ගන්න බැරි නිසාද?
දෙරණ කවදාවත් අපිව අතහරින්නේ නෑ. ඔය පේන්න නැති අය දෙරණ එක්ක නැහැ.
දෙරණට එයාලව
හොයා ගෙන යන්න බෑනේ.
දෙරණෙන් මතුවුණ ඔබට පාර වරදින එකක් නැද්ද?
හොයා ගෙන යන්න බෑනේ.
දෙරණෙන් මතුවුණ ඔබට පාර වරදින එකක් නැද්ද?
නෑ. මට පාර වරදින්නේ නෑ.
ඔබේ සහෝදරයත් මේ තරගයට ඇවිත් මඟදී හැලුණා. නේද?
ඔබේ සහෝදරයත් මේ තරගයට ඇවිත් මඟදී හැලුණා. නේද?
ඔව්. එයත් දක්‍ෂයි. විනිශ්චය මණ්ඩලයට තාම එයාව මතකයි. ඊළඟ සීසන්
එකේදි මල්ලිවත් ඉස්සරහට ගේනවා.
ප්‍රසිද්ධ වේදිකාවේ දැන් හොඳ ඉල්ලුමක් ඇති නේද?
ප්‍රසිද්ධ වේදිකාවේ දැන් හොඳ ඉල්ලුමක් ඇති නේද?
තාම නම් නැහැ. මම ප්‍රසිද්ධ වේදිකාවේ වෙනමම චරිතයක්. මගේ ඒ අනන්‍යතාවට
ඉදිරියට හොඳ ඉල්ලුමක් හැදෙයි කියලා හිතනවා.
ඔබට විශ්වවිද්‍යාල වරම් ලැබිලා තියෙනවා නේද?
ඔබට විශ්වවිද්‍යාල වරම් ලැබිලා තියෙනවා නේද?
ඔව්. මම ගිය වසරේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කළා. ඉදිරියේදී
කෘෂිකර්ම අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න හිතාගෙන ඉන්නේ.
අධ්‍යාපනයෙන් ඉදිරියට එද්දී විශ්මිත කියන ගායකයව මඟහැරෙන එකක් නැද්ද?
අධ්‍යාපනයෙන් ඉදිරියට එද්දී විශ්මිත කියන ගායකයව මඟහැරෙන එකක් නැද්ද?
කොහෙත්ම නෑ. මම කෘෂිකර්ම අංශය තෝරා ගත්තෙත්
ගායනයටත් නිදහස හදාගන්න. මාමෙනි දෙයියො ගීතය ලියපු
ආර්. පෙට්ල් මහත්තයාගේ දුව ඉගෙන ගන්න රටට එන්න උදවු කරන්නම් කිව්වා. ඒත් මම හරියට උත්තරයක් දුන්නේ නෑ තාම.
කවද්ද අලුත් ගීතය රසිකයන්ට දෙන්නෙ?
ගායනයටත් නිදහස හදාගන්න. මාමෙනි දෙයියො ගීතය ලියපු
ආර්. පෙට්ල් මහත්තයාගේ දුව ඉගෙන ගන්න රටට එන්න උදවු කරන්නම් කිව්වා. ඒත් මම හරියට උත්තරයක් දුන්නේ නෑ තාම.
කවද්ද අලුත් ගීතය රසිකයන්ට දෙන්නෙ?
සති දෙකක් ඇතුළත ගීත කරලා ඉවර කරනවා.
ස්තුති කරන්නත් පිරිසක් ඇති?
ස්තුති කරන්නත් පිරිසක් ඇති?
මගේ අම්මා, තාත්තා, බාප්පලා මගේ සියලු ඥාතියෝ, පාසල් මිත්‍රයෝ ගමේ සහ රට පුරා සිටින
මට උදවු කළ සියලු දෙනාට ස්තුතියි
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.