දෙරණ ඩ්රීම් ස්ටාර් පස් වැනි අදියරේ සුපිරි තරුව ලෙසින් ජයග්‍රහණය කළ ඇඹිලිපිටියේ එම්.ජී. ධනුෂ්ක ගායනා කළ "හිස් ටින් එකක් වාගෙයි" ගීතය අතිශය ජනාදරයට පත්වූයේය.
මේ ගීතය අඩංගු "දැන් මතකද" චිත්‍රපටයේ වත්මන් අයිතිකරු වන තිස්ස නාගොඩවිතාන මහතා "හිස් ටින් එකක්" ගීතය දෙරණ නාළිකාවට ඊයේ පැවරුවේය.
"හිස් ටින් එකක්" ගීතය ධනුෂ්ක ගායනා කිරීම නිසා ජනප්‍රියත්වයට පත්වුණා. ඒ නිසා ඒ ගීතය තවදුරටත් ජනප්රිය කරවීමේ
අරමුණින් එම ගීතය "දෙරණ"ට භාර දුන්නා" යැයි තිස්ස නාගොඩවිතාන මහතා පැවැසුවේය.
1970 මාර්තු 13 වැනි දින රිදී තිරයට පැමිණි "දැන් මතකද?" චිත්‍රපටය එදා නිෂ්පාදනය, අධයක්ෂණය කෙළේ නීල් රූපසිංහය. මේ ගීතයට රඟපෑමෙන් එක් වූයේ සේනාධීර රූපසිංහ, ඇන්තනි සී. පෙරේරා සහ බන්දු මුණසිංහ නළුවන්ය.
අල්හාජ් මොහිදින් බෙග්, එච්.ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා "හිස් ටින් එකක්" ගීතය ගායනා කළ අතර සංගීතඥ පී.එල්.ඒ. සෝමපාල සංගීතවත් කෙළේය. ගීතය රචනා කෙළේ සිරිල් ඒ. සීලවිමල සූරීන්ය.

0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.