Jul 16, 2014

මම ජීවිතය පුළුවන්තරම් සැහැල්ලුවෙන් සතුටින් ගතකරන්න ආසයි. ඒත් පොඩි කාලේ ඉඳලම තිබුණ ගැටලු එක්ක සැහැල්ලුව ඇතිකරගන්න හුඟක් අමාරු වුණා. ඉස්කෝලෙ යන කාලෙ වුණත් මම ගොඩක් කැපීපෙනෙන චරිතයක් නෙවෙයි. නමුත් කලාවට තිබුණ ආසාව නිසා කලාවට සම්බන්ධ වුණානේ. එතැනදී විතරක් මාව ඉස්මතු වුණා. ගොඩක් වෙලාවට මම හරි නිහඬයි. වැඩිය සමාජයේ ගැවසෙන්න ආස නෑ. විවිධත්වයට ආස නෑ කියන එක නෙවෙයි. ටි්‍රප් යනවා. යාළුවෝ ඉක්ක ඉන්නවා. ඒත් වැඩිපුරම කැමැති ගෙදරට වෙලා ඉන්න.
තැනේ හැටියට ඇණේ ගහනවා කියන එක පොඩි කාලේ ඉඳලම අම්මා මගේ ඇඟට දාලා තියෙනවා. ඕනෑම තරාතිරමක පුද්ගලයෙක්ව ආශ්‍රය කරන්න ඕන විදිය මම දන්නවා. ඒ නිසා ඉහළම පැළැන්තියේ කෙනත් පහළම පැළැන්තියේ කෙනත් මට එකම විදියට ප්‍රතිචාර දක්වනවා.
මට කේන්ති යනවා. අනිවාර්යයෙන්ම කේන්ති යනවා. මොකද මට කොහොමටත් බොරුව උහුලන්න බෑ. කුඩුකාරයෙක් වුණත් ඇත්ත කියනවා නම් මට පුළුවන් සමාව දෙන්න. ඕනම කෙනෙක් ඇත්ත කියනවා නම් මට පුළුවන් හරි වැරැද්ද තේරුම් ගන්න. මම කවදාවත් කිසිම මනුස්සයෙක්ව කොන් කරන්නේ නෑ. අනිත් එක විනය කියන එකත් මට ලොකු ප්‍රශ්නයක්. ගරු කළ යුතු කෙනාට ගරු කරන්නේ නැත්නම් මට කේන්ති යනවා. හැබැයි දැන් මම පිට අය වෙනුවෙන් නම් කේන්ති ගන්නේ නෑ. හැබැයි මට මොනවා හරි කිව්වොත් නම් ඒක මගේ ගරුත්වයට ප්‍රශ්නයක් නම් මම කතා කරනවා.
ප්‍රශ්නයක් ආවම මට කතා කරන්නම ඕන. මට කිසිම ප්‍රශ්නයක් හිතේ තියාගෙන ඉන්න බෑ. ඕනම ප්‍රශ්නයක් මට කතා කරලා විසඳ ගන්න පුළුවන්. එතැනදි අනිත් පාර්ශ්වය බොරු කරනවා කියලා දැනුණොත් මම අයින් වෙනවා. ඇයි මම හරියට අඬනවා. අනිවාර්යයෙන්ම අඬනවා. අඬන එක තමයි එක පැත්තකින් මට තියෙන ලොකුම සහනය. සමහර අය දුකක් දැනුණම කොහේ හරි ගිහින් ඉන්නවා. ඇවිදින්න යනවා. යාළුවෝ එක්ක කතා කරනවා. ඒත් මට ඒ කිසිම දෙයක් හරියන්නේ නෑ. 
මට අඬන්න ඕන. ෆෝන් එකත් ධටට කරගෙන කාමරයට වෙලා හුදකලා වෙන්න තමයි කැමැති. එහෙම තනියම අඬන අවස්ථා අනන්තයි.
අපි කැමැත්තෙන් ඉපදුනෙත් නෑ. කැමැත්තෙන් මැරෙන්නෙත් නෑ. කවදා කොහොම මැරෙනවද කියලා අපිට කියන්නත් බෑ. මම කවදාවත් හිතුවේ නෑ අවුරුදු 30දී අද මම මේ ඉන්න තැනට එයි කියලා. ජීවිතයට මොකක් හරි ගැටලුවක් ආවොත් මම කැමැතියි උපදෙස් ගන්න. බැරිම වුණොත් ගැටලුව කොළේක ලියලා වාසි අවාසි පෙළගස්සනවා.
මට ගොඩක් යාළුවෝ නෑ. ජීවිත කාලයටම ළඟින් ඉන්න යාළුවෝ කියලා කවුරුවත්ම මට නෑ. හැබැයි අවස්ථානුකූලව කිට්ටුවන පිරිසක් ඉන්නවා. එයාලා මං ගැන හිතනවා ඇත්තේ හරි සැහැල්ලු කෙනෙක් කියලා තමයි.
සැහැල්ලු වැඩිකමට සමහර වෙලාවට යාළුවන්ගේ හිත රිදිලා තියෙනවා. ඔන්න දවසක් ඉස්කෝලෙ කානිවල් එකක් තිබුණා. එදා නටන්න තියෙන ආසාවට මම යාළුවාව තනිකරලා ගිහින් නැටුවා. යාළුවට නටන්න බෑ. එයා කිව්වා මට එයා ළඟ ඉඳන් නටන්න කියලා. ඒත් මට ඕන වුණේ ච්බ් එක ළඟට වෙලා නටන්න. මම ගියා. මගේ සැහැල්ලුවට බාධා වන කිසිම දෙයක් මම වැඩිය ඇඟට ගන්නේ නෑ.
මම මගේ වීක් පොයින්ට් හරියට හොයන කෙනෙක්. අපි කවුරුත් උත්පත්තියෙන්ම හොඳ මිනිස්සු වෙලා ආවේ නෑ. හොඳ වෙන්න නම් උත්සාහය තියෙන්න ඕන. මම මගේ වීක් පොයින්ට් මොනවද කියලා කිට්ටුම අයගෙන් අහනවා. හරියට බැලුවොත් මගේ වීක් පොයින්ට් කීපයක්ම තියෙනවා. ආදරය කරන කෙනාට ගොඩක්ම කිට්ටු වීම ප්‍රධානම දුර්වලතාවක් කියලා කියන්න පුළුවන්. සමහර වෙලාවට මට මාවත් අමතක වෙලා ආදරය කරන කෙනාගේ ගති ලක්‍ෂණ මම ගන්නවා. කෑම කද්දි වුණත් එයා ආස නැති දෙයට මමත් කැමැති නෑ. මගේ ජීවිතයේ මට පාඩුවක් වෙන්නේ ආදරය නිසා විතරයි. මොකද මම පෙම්වතාව අපේ මුළු ලෝකයම කරගන්නවා. එයාලට කැමැති කැමැති විදියට අපි වෙනස් වෙනවා. ඒක තමයි මට තිබුණ ලොකුම දුර්වලකම.
වර්තමානයේ මම යාළුවෙලා ඉන්න කෙනාගේ කතා ශෛලිය හරි වෙනස්. මට වැඩිය හාත්පසින්ම වෙනස්. නමුත් මගේ කතා ශෛලිය දැන් ඔහුගේ විදියට වෙනස් වෙලා. ඒක නම් නරක දෙයක් නෙවෙයි. ඒත් අපේ අම්මටත් හරි පුදුමයි මම කතා කරනවා දැක්කම.මම නිදියගන්න නම් ගොඩක් ආසයි. මානසිකව ගොඩක් මහන්සි වෙනවානේ. රඟපාන්න ගියාම කායිකවත් මහන්සි වෙනවා. ඒ නිසා සමහර වෙලාවට ඇඟ හිරිවැටෙන තරමට මම නිදාගන්නවා.
වැඩ කරද්දි මට කේන්ති යනවානෙ. ඉතින් සමහර වෙලාවට මට හිතෙනවා අපරාදෙ මම එහෙම කෙන්ති ගත්තෙ සූක්‍ෂ්මව කපටිකමෙන් ඕන දේ කරගන්න තිබුණා කියලා. මේ ළඟදි මගේ ලේකම්ව මාරුකරන්න සිදුවුණා. ඒ සිද්ධිය වෙලාවෙත් අන්තිමට මට හිතුණේ ඒක.
මම ජේසුස් වහන්සේව දැඩි ලෙස අදහනවා. හැබැයි මට ගොඩක්ම හිතට වැදුණේ කුවේට්වල පල්ලිය තමයි. මෙහෙදිනම් නිතර පල්ලි යන්න ලැබෙන්නේ නෑ. පල්ලියකට පන්සලකට ගියත් දැන් පුරුදු නිදහසේ ඉන්න ලැබෙන්නේ නෑ. ජනප්‍රිය වීමේ අවාසිය තමයි ඒ.
ගෑනු ළමයෙක් නිසා මම ටික ටික ඉතිරි කරනවා. ලංකාවේ එහෙම ගොඩක් ඉතිරි කරන්න නම් අමාරුයි. පුළුවන් විදියට ඉතිරි කරනවා. රඟපාන්න හැමදාම බෑ වගේම දේශපාලනයත් අවිනිශ්චිතයි. කාටවත් අතපාන්නේ නැතිව ඉන්න ඕන නිසා දැනටත් ඉතිරි කරගත්ත සුළු මුදලක් තියෙනවා.කාලෙන් කාලෙට මට එක එක විනෝදාංශ තිබිලා තියෙනවා. ඒත් දිගටම තිබුණ එකම විනෝදාංශය තමයි චිත්‍ර ඇඳීමයි නර්තනයයි. දැන් නම් චිත්‍ර අඳින්න මානසික නිදහසක් නෑ. චිත්‍රපට බලන්නත් ගොඩක් ආසයි.
මේක මම බොහොම විශ්වාසයෙන් කියන්නේ. රංගන ශිල්පිනියක වෙනකොට මම හිතාගෙන හිටපු දෙයක් තමයි මම කවදාවත් දික්කසාද වෙන්නේ නෑ කියන එක. මම ආදරය කරද්දි මගේ අම්මා මතක නෑ. මගේ වෘත්තිය මතක නෑ. මටත් මාවත් වැඩක් නෑ. මගේ මුළු ලෝකයම එයා වෙනවා. ඒක වැරැදියි. සියයට සියයක්ම වැරැදියි. එහෙම වුණාම ඒ පාර්ශ්වයටත් මාව කරදරයක් වුණාද කියලා මට දැන් හිතෙනවා. මම එයා මත්තෙමයි. එයාටත් අගය නැතිව යනවා. මම හැම වෙලාවෙම ළඟ දැවටි දැවටි ඉන්න කැමැති ආදරයට හරි ලෝබ කෙනෙක්. ඒත් අද මම දික්කසාද වුණු කෙනෙක් හැටියට කියන්නේ. මට ඒ සම්බන්ධය තියාගන්න නම් තව කරන්න ඉතිරිවෙලා තිබුණේ සිය දිවි නසාගන්න එක විතරයි. ඒ තරම් කැපකිරීම් කරල ඉවරයි ඒ වෙද්දි. හැබැයි අද දවසේ නම් මම ආදරය වෙනුවෙන් ඒ තරම් කැපකිරීම් කරන්නේ නෑ. මම මගේ අම්මාට, වෘත්තියට, මට තැනක් දීලා තමයි ආදරය කරන්නේ.

අවුරුදු 9 මම ළමා නිවාසයකට ගියා. එදා මට කවදා හරි ළමා නිවාසයක් හදන්න ඕන කියලා හීනයක් ඇති වුණා. එච්චරයි හීනයක් විධියට තිබුණේ. ඒ හීනෙත් අතහැරියා. මොකද ළමා නිවාස නම් ඕනතරම් තියෙනවා. අලුතෙන් හදනවට වඩා හොඳයි ඒවට උපකාර කරන එක. අදටත් මට නිශ්චිත අරමුණක් නෑ. හොඳ මනුෂ්‍යයෙක් වීම තමයි මගේ සතුට. මේ ආත්මෙදි ඔක්කොම පව් ගෙවල ඊළඟ ආත්මෙට පින් එකතු කරගෙන යන එක තමයි මගේ එකම අරමුණ.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.