
මේ කථාව ටිකක් පරණ කථාවක්, අපේ මාම කෙනෙක් තමයි මේ කථාව මට කිව්වේ...
ඔන්න දවසක් මාමගෙ යාළුවො දෙන්නෙක් පාටි එකකට ගිහිල්ල රෑ 12ට විතර ආපහු
තමන්ගෙ නවාතැනට පයින් එමින් හිටියලු. ඒ දවස් වල රෑට වැඩිය වාහන නැතිලු. මේ
ගොල්ලො එච්චර හොල්මං විස්වාස කරන්නෙ නැති කට්ටියලු. මේ දෙන්න බොරැල්ල
කනත්ත කිට්ටුවෙන් යනකොට වයසක සීය කෙනෙක් මේ දෙන්නට ඉස්සරහට හම්බ වේලා මේ
දෙන්නගෙන් දැන් වෙලාව කීයද කියල අහල තියනවා. එක පොඩ්ඩක් වැඩි වෙලා හිටපු
එක්කෙනක් "දැන් 12 පහු උනා විතරයි" කිව්වලු. අනිත් කෙනා සැර බීම බොන්නෙ
නැති කෙනෙක්ලු. වෙලාව 12 කියපු ගමන් සීයාට පොඩ්ඩක් මළ පැන්න වගේ "මොනව 12
පහු වෙලා" කියල මේ දෙන්න දීහා කන්න වගෙ බලන්න ගත්තලු. අර හොඳ සිහියෙන්
හිටපු යාළුවා දැක්කලු මේ සීයාගෙ මූණ එහම මහ භයානක විදිහට වෙනස් වීගෙන යන
බව. ඒක නිසා ඒයා පැනපු ගමන් කිව්වලු. "මෙයාගෙ ඔරලෝසුවෙ වෙලාව වැරදියි 12ට
තව වෙලා තියනව" කියල. ඊට පස්සෙ ඒ සීයා බොහොම සාමාන්‍යය විදිටහ "ආ.. ඇත්තද"
කියල යන්න ගියාලු.
පස්සේ දවසක දවල් වෙලාව අර යාළුවො දෙන්න කනත්ත ලඟ කඩේකින් තැඹිලි බොන ගමන් එදා සිද්දිය ගැන ඒ දෙන්න කථා වෙලා තියනවා.
ඒ කථාව අහගෙන හිටිය තැඹිලි කාරය කිව්වලු "මහත්තයල මොළේ පාවිච්චි කරල වැඩ
කරල තියන නිසා නූලෙන් බේරිලා තියෙන්නෙ. මහත්තයලට ඔය හම්බ වෙලා තියෙන්නෙ
හොල්මනක්. ඒ හොල්මන රෑ 12 න් පස්සෙ හම්බවෙන හැමෝමව මරල දානවා. මීට කලින්
මිනිස්සු 5 දෙනෙක් ඔය හොල්මනට අහුවෙලා මැරිල තියනවා." කියල.
ඒක අහපු මේ
දෙන්න තැඹිලි බොන එක පැත්තක තියල එන්න ඇවිල්ල තියනවා, තැඹිලි කාරයට
සල්ලිත් දෙන්න අමතක වෙලා. තැඹිලි කාරය පස්සෙන් ඇවිල්ලලු සල්ලි ඉල්ලගෙන
තියෙන්නෙත්.
තව අහගත්ත කථා තියනවා හෙමිහිට ඒවත් දාන්නම්...
ඔයගොල්ලොත් දන්න කථා තියනවනම් දාන්න....
සිරා සීන් එකක්ද? අම්මා ඇඟේ මවිලුත් මෙව්වා වුනා!
ReplyDelete