May 29, 2012
10:12 PM
HamademaTips
ක්ෂණික පුවත්
No comments
ස්පාඤ්ඤයේදී රියදුරන් නොමැතිව මෝටර් රථ පෙලක් කිලෝ මීටර් 200ක දුරක් ධාවනය කරවීමට ප්‍රකට යුරෝපීය විදේශීය සමාගමක් සමත්ව තිබේ.
එම සමාගම පවසන්නේ ඉදිරියෙන්ම ගමන් කළ මෝටර් රථය වෘත්තීය රියදුරෙකු විසින් ධාවනය කර ඇති අතර රියදුරන් නොමැති ඉතිරි රථ රැහැන් රහිත සන්නිවේදන ක්‍රමවලින් එකිනෙක සම්බන්ධ කර තිබූ බවය.
සැහැල්ලුවෙන් මෝටර් රථ ධාවනය කළ හැකි යුගයක් නිර්මාණය කිරිම ව්‍යාපාරයේ අරමුණ වේ.
මේ අත්හදා බැලීම සදහා මෝටර් කාර් 3ක් සහ ලොරියක් යොදාගෙන ඇති අතර රථ පෙල එකිනෙකට මීටර් 6කත් තරම් ආසන්නයෙන් ධාවනය කරවා තිබේ.
අත්හදා බැලීම කළ සමාගම පවසන්නේ පැයට කිලෝමීටර් 85ක වේගයෙන් ධාවනය වූ රථ පෙල පෙර ගමන් රථයේ සියලු ක්‍රියා අනුකරණය කරමින් ආරක්ෂා සහිතව ගමන් කළ බවය.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.