මාලයක් සොරකම් කළ බව පවසා තඹුත්තේගම පොලීසියට රැගෙන ගොස් අමානුෂික ලෙස පහර දී පසුව නිදහස් කළ තරුණයෙකු මේ වනවිට තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබති.
තුසිත රත්නායක වන ඔහු නිව්ස් ෆස්ට් වෙත පැවසුවේ තඹුත්තේගම පොලීසියේ නිලධාරීන් තමාගේ දෑත් දෙපා සහ දෑස් බැද එල්ලා පැය දෙකකට අධික කාලයක් පහර දුන් බවය.
පසුව තමාගේ වරදක් නොමැති බව පවසා නිදහස් කළ බව ද තුසිත රත්නායක පැවසීය.
අප මේ පිළිබද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් විමසීමක් කළේය.
ඔහු පැවසුවේ අදාළ නිලධාරීන්ගෙන් කරන ලද විමසීමකදී, එවැනි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව තමාට පැවසූ බවය.
එහෙත් චෝදනා සනාථ නොවීම හේතුවෙන් ඔහුව නිදහස් කර ඇති බව ද අජිත් රෝහණ මහතා සදහන් කළේය.
කෙසේ වෙතත් මේ පිළිබදව අදාළ පොලිස් නිලධාරීන්ගෙන් තව දුරටත් ලිඛිත තොරතුරු ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
May 29, 2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.