Dec 24, 2015

ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා!

ජේසු සමිඳුන්ගේ උපත සමරන මේ නත්තල  ශ්‍රී ලාංකිකයින් සේම ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා! යි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නත්තල් පණිවුඩය
ජේසු සමිඳුන්ගේ උපත සමරන මේ නත්තල ශ්‍රී ලාංකිකයින් සේම ලෝ වැසි සැමට අසිරිමත් නත්තලක් වේවා! යි මම ප්‍රාර්ථනා කරමි. නත්තල සැමරී‍මෙන් අදහස් කරනුයේ සාමයේත්, දයාවේත් පණිවුඩය හදවත් තුළ තහවුරු කිරීම ය. විශේෂයෙන් දිළින්දන් වෙත කරුණාවත්, දයාවත් සියලු ජාතීන් අතර සාමයත් පැතිරවීම නත්තල සැමරීමෙන් සිදුවිය යුතු ය.පසුගිය වකවානුවේ ජාතීන් අතර සහෝදරත්වය තහවුරු කිරීමට අප කළ අති දැවැන්ත කැප කිරීම “අසල්වැසියාට ප්‍රේමකරන්න” යැයි ජේසු සමිඳුන් දෙසූ දහමට ද අනුකූල වන්නකි.
“ජේසු සමිඳුන් දේශනා කළේ මාගේ නාමයෙන් දරුවකු පිළිගන්නා තැනැත්තා මා පිළිගන්නේ ය”යනුවෙනි. ජේසු සමිඳුන් උපත ලැබූ මොහොතේ තරු එළියෙන් මග සොයමින් උන්වහන්සේ පිදීම සඳහා රජවරුන් තිදෙනෙකු පැමිණි පුවත කිතුණු ඉතිහාසයේ සඳහන් ය. එසේම මෙම නත්තලේදී ද සතුටේ සොම්නසේ පණිවුඩය කුඩා දරුවන්ගේ හදවත් වෙත අප ළංකළ යුතු ය. නත්තල සමරා ජේසු සමිඳුන්ගේ සාමය, දයාව වෙත අපට ළංවිය හැක්කේ එසේ කිරීමෙනි.
ඔබ සැමට සාමය, සතුට, සොම්නස සපිරි සුබ නත්තලක් වේවා! යි මම ප ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ (
හිටපු ජනාධිපති


0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.