Aug 8, 2014





රටේ විදේශ සංචිත ප්‍රමාණය අඩු වී ඇති බව පුවතක සඳහන් විය. දවසින් දවස රුපියල අවධානම කරා ලඟා වෙයි. කොටස් වෙලඳපොල කඩා වැටීමකට ලක්ව ඇත. දිනෙන් දිනම බඩු මිලද ඉහල යයි. රටට ආදරය කරන කෙනෙකුට මෙවැනි තොරතුරු ලැබෙන විට දැනෙන්නේ කුමක්ද? අපි මහා කාලකන්නියන් බව නොවේද?



නමුත් මේ කිසිවක් ගැන නලංගු නොවන සමහරු තමන් රටට ආගමට ආදරය බව කියමින් අනෙක් ආගමිකයන් සමග කළහ කරමින් ආගම්බේධය සහ ජාතිබේධ අවුළුවති. ඔවුන් සිතා සිටින්නේ එමගින් තමන් විසින් රටට කරන්නේ මාහැඟි සේවයක් බවයි. මෙලෙස ආගම්බේධ ඇවිළු සමහරුන් අද ඉතාමත් ඉහල තනතුරු වල පහස ලබති. නමුත් ජනතාවට උරුම වී ඇත්තේ කරුමය පමණි.



මා නොයෙකුත් රටවල සංචාරය කරන විට දකින දෙය නම් එම රටවල් ඉතා සීඝ්‍ර ලෙස සංවර්ධනය කරා යන ගමනයි. අතීතයේ එම රටවල් සිටි තත්වය හා සසඳමින් අද සිටින තත්වය ගැන ඒ රටවල ජනතාවද උදම් අනති. ඒවා අසන අපට අපේ රට ගැන කියන්න තියෙන්නේ කුමක්ද? වසර තිහක් පමණ අප එකිනෙකා සමග ඇනකොටා ගනිමින් මරා ගත්තා. දැන් එසේ මරා ගැනීමට තව වලියක් සොයමින් සිටින බව නොවේද?



මා සංචාරය කළ රටවල් සාපේක්ෂව ගත් කළ අපේ රටට ඇති සම්පත් සහ භූ විෂමතාවය ලොව බොහෝ රටවල නොමැත. අපේ රටේ වසරකට දින 365 ම සේවය කළ හැක. නමුත් ලොව බොහෝ රටවල එසේ බැරිය. එක්කෝ ශීතල අධිකව හිමපතන කාලයන් එයි. නැත්නම් ග්‍රීෂ්ම කාලය දැඩිව එයි. ලොව සම්පත් බහුලම රටක් ලෙස පවතින ලංකාවට දියුණු වෙන්නට බැරිව තිබෙන කොඩි විනය කුමක්ද? ඇත්තටම අප මේ ගැන මඳක් කල්පනා කළ යුතුය.



අද අප රටේ ඕනෑම තක්කඩියෙක්ට ඇමති කෙනෙක් විය හැක. ඒ තක්කඩියන් යහපත් චරිතවත් අයවළුන් බැව් යතිවරුන් විසින් චරිත සහතිකද දෙනු ඇත. (එසේ තක්කඩින්ට චරිත සහතික දෙන යතිවරුන්ගේ තරම ගැනද අපට සිතාගත හැක) දේශපාලනයේ ඉහල ඉන්න අයට අවශ්‍යද තක්කඩියන්ය. කොටින්ම ජනතාව වැඩියෙන් මනාප දෙ‍න්නේද තක්කඩින්ටමය. මෙහෙව් තක්කඩි රැළක් සහ උන්ට උඩගෙඩි දෙන ජනතාවක් සිටින රටක් කෙසේ දියුණු වේද?



රාජ්‍ය සේවය සම්පුර්ණයෙන්ම දේශපාලනික කරණය වී ඇති සෙයකි. දේශපාලකයන්ගේ ආශිර්වාදයෙන් තොරව රාජ්‍ය සේවකයාගේ පැවැත්මක් නොමැති තත්වයකට පත්ව ඇත. සෑම ආයතනයකම කෙරුම් කාරයෝ දේශපාලන හෙංචයියන්ය. එහි සිටින අනෙක් අය ඔවුන්ගේ හයිරංකාරකම් බලා නිහඬව සිටිය යුතුය. නැතහොත් දේශපාලකයන්ගේ ගිලටීනයට අසුවී ගෙදර යා හැක.



මේ සියළු දේ අද ඊයේ ඇති වු ‍ඒවා නොවේ. අපේ රට නිදහස ලැබුදා සිට ලැබු ප්‍රගමනයයි. මේ තත්වය වෙනස් කරලිය හැකි කිසිදු දේශපාලනික ව්‍යාපාරයක සේයාවක් වත් දක්නට නැත. විපක්ෂයේ සිටින්නේ අවස්ථාවාදී බංකොලොත් දේශපාලකයන්ය. මෙවැනි රටක සිටින ජනතාවට යන කලදසාව කුමක්ද?

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.