ඔහු ප්‍රේක්‍ෂකයාගේ පුංචි තිරයේ ආදරණීය රසවතෙකු විය. සිනහ උපදවන චරිතවලට පණ පෙවුවද ඔහුගේ රූපකාය තුළ අතිශය සරල හා ගැඹුරු බවක් දකින්නට තිබිණි. සැබෑ දිවියේදී හේ ඇසුරු කළ කවරකු වුවද ඔහුගේ සරල බව අත්විඳ ඇති බවට සැක නැත. පැරණි ටෙලිනාට්‍යයක නැවත විකාශයක් දුටු පමණින් ඔහු ගැන බොහෝ දෙනෙක් විපරම් කරන්නේය. එහෙත් ඉතා දිගු කාලයක් පුරා ඔහු සිටියේ කලා ලොවින් ඈත්වය.
ඔහු සුනිල් හෙට්‌ටිආරච්චිය. සුනිල් හෙට්‌ටිආරච්චි පසුගිය දිනවල රෝගාතුර
වීම නිසා රෝහල්ගත කර තිබුණේය. එහෙත් මෙසේ රෝගී වීමට පෙරාතුව සුනිල් ඉතා
දිගු කලක් එනම් වසර හතරකට ආසන්න කාලයක් පාකින්සන් රෝගී තත්ත්වයෙන් පෙළුණු
බව ඔහුගේ දූ දරුවන් කියන්නෝය.
බෙහෙවින්ම මතකය අඩු මට්‌ටමක සිටින සුනිල්ට පෙර මෙන් අතීතය ගැන බොහෝ දේ ආවර්ජනය කිරීමට හෝ එය වචනවලට පෙරැළීමේ හැකියාවක් නැත. ඒ පාකින්සන් රෝගයේ ස්‌වභාවයයි. එහෙත් සුනිල්ගේ රංගනයට සිත් බැඳි බොහෝ දෙනෙක් ඔහුට ඉක්‌මන් සුවය ප්‍රාර්ථනා කරන බව අප දනිමු.
සුනිල් කලකට ඉහතදී ඇනස්‌ලි, සැමුවෙල්, බර්ටි සමඟ එක්‌ව "විනෝද සමය" වැඩසටහනේ පවා ශිල්පියකු ලෙස කටයුතු කළේය. වර්තමානයේදීත් ඔහු කෙරේ එසේ භේදයකින් තොරව ප්‍රේක්‍ෂක රසික සමූහයක් බැඳී සිටින්නේ ඔහුගේ ඒ රංගන ප්‍රතිභාව කෙරෙහි දැක්‌වූ ඇල්ම හේතුවෙනි.
එහෙත් එවැනි සොඳුරු කලාකරුවකු කිසි විටෙකත් හුදකලා වන්නේ නැත. දරු මුණුපුරු මිණිබිරියන්ගේ පමණක් නොව ප්‍රේක්‍ෂක රසිකයන්ගේ සහෘද කලාකරුවන්ගේ නොමඳ ආදරය ඔහුට හිමිවන්නේය. එහෙයින්ම අපිදු ඔහුට ඉක්‌මන් සුවය ප්‍රාර්ථනය කරමු.

0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.