Jul 28, 2014
10:03 PM
HamademaTips
ක්ෂණික පුවත්
No comments
තමන් දැනට භාවිතා කරන ජංගම දුරකතනයට අදාළ සිම් පත තම නමින්ම වහා ලියා පදිචි කරගන්නා ලෙස විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව දන්වා සිටි.මේ පිලිබදව අදාළ සියලු දුරකථන සමාගම් පුවත්පත් නිවේදන මගින් ද දැනුවත් කර ඇත.ලංකාවේ විවිධ වංචනික පුද්ගලයන් වෙනත් අයගේ නමට ලබා ගන්නා සිම් කාඩ් හරහා මහා පරිමාන වංචා හා අපරාධ සිදු කිරීම මෙයට
හේතුවයි.අනුන්ගේ සිම් භාවිතා කිරීම නිසා අපරාධ වලට කිසිත් සම්බන්ද නැති පුද්ගලයන් ට ද උසාවි ගානේ රස්තියාදු වීමට මේ නිසා සිදුවේ.එමෙන්ම එය අපරාධයක සුල මුල සෙවීමට මහත් බධාවකි.තම දුරකත්නේ ඇති සිම් පත තාමාගේ නමින් ඇත්දැයි බැලීමට #132# දුරකතනයේ සදහන් කර ඩයල් කිරීමෙන් එම සිම්පතේ අයිතිකරුගේ නම ලබා ගත හැක.එය තමා ගේ නමට නොවේ නම් හැකි ඉක්මනින් ලංගම ඇති තමන්ගේ දුරකතන ජාලයට අදාළ පාරිභෝගික සේවා මද්‍යස්තානයට ගොස් එය තම නමින් ලියා පදිංචි කරගන්නා ලෙස එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.එසේ නොකරන සිම් කාඩ පත් විසන්දි කිරීමට පියවර ගන්නා බව දන්වා සිටී.
Subscribe to:
Post Comments (Atom)

0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.