Jul 25, 2014
5:29 AM
HamademaTips
කාළීන තොරතුරු
No comments
මහින්ද රාජපක්ෂ යනු අද ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම රටක පුද්ගලයෙකුගෙන් ඇසුවහොත් අදුරන තරමට ප්‍රසිද්ද චරිතයකි.
එසේ වුයේ කෙසේද?
මහින්ද රාජපක්ෂ මහතා මෙතරම් ජනප්‍රිය වුයේ යුද්දය නිම කල නිසාමද?
මාගේ අදහස නැත යන්නයි.
මන්ද දැන් මිනිසුන්ට යුද්දය ගැන හාන්කවිසියක්වත් මතක නැති බැවිනි.
ශ්‍රී ලංකාවේ මෙතෙක් පහලවූ සියලුම ජනපතිවරුන්ට වඩා මෙතුමාට මිනිසුන් මෙච්චර ආදරේ දක්වන්නේ ඇයි?
මෙයට හේතුව සොයාගෙන යාමේදී කරුණු කිහිපයක් වෙත අවදානය යොමුකළ යුතු වෙයි.
ලොව වෙසෙන සියලුම ජනයා මහින්ද රාජපක්ෂ නමැති ගාම්භීර චරිතය ඇදුනා ගත්තේ එදා අවසන් මෙහෙයුම අවසන් කර ශ්‍රී ලංකා හමුදාව යුද්දය අවසන් කිරීමෙන් පසුව එවකට එම විශිෂ්ට හමුදාවට නායකත්වය දුන් නායකයා ලෙසිනි.
මහින්ද රාජපක්ෂ යනු හුදෙක්ම ගැමි ජිවිතයකට පන පොවන ගමේ හැදී වැඩි මහා මන්දිරයට ගිය දුප්පත් මිනිසෙකි. එමනිසා ඔහු පොඩි මිනිහා නිතරම අදුරන්නේය. පොඩි මිනිහාගේ දුක දන්නේය. ඕනෑම තැනකදී ගැලවෙන්න දන්නේය. කාටවත් බය නැතුව ජිවත් වෙන්න දන්නේය. තැනේ හැටියට ඇනේ ගහන්න දන්නේය.
ජාතික ඇදුම නිතර අදින මේ විශිෂ්ට මිනිසා ගමකට ගියත් අහල ගම් හතක මිනිසුන් මොහු බලන්න එන්නේ මොහු ගැන ඇති ලෙන්ගතුකමටය. මෙවැනි පින්වත් දේශපාලකයෙක් මෙතෙක් ලංකාවේ බිහි නොවී ඇතැයි මම කියන්නේ ඔහු තුල ඇති මෙම ගුණාංග හේතුවෙනි
ඔහු තැනකට ගියොත් මුලින් යන්නේ එතන ඉන්න මහා සංගරත්නය මුණගැහිමටය.
ඔහු ගමක පන්සලකට ගියොත් කෙසේ හෝ එම ගමේ ඇති පල්ලියකටත් ගොසින් එන්නේ ඔහු තුල ඇති ආගමික සහජීවනය මනාව පිලිබිබු කරමිනි.
කොතන රැස්වීමකට ගියත් පොඩි එකෙක් දුටුවොත් අතට අරන් සුරතල් කරන්නේ අන් කිසිම රාජ්‍ය නායකයෙකුට නැති ගුණාංග පෙන්වමිනි.
මොහුට ලොක්කෝ නැත. කියන දේ මුනට කියන්නෙකි. ඔහුගේම රජයේම ඇමති කෙනෙකුට එක්තරා රැස්වීමකදී මුනටම කියූ දේවල් මේ වෙලාවේ සිහිපත් වේ.
කවදාකවත් කිසිම නායකෙයෙකුට නැති මේ ගුණාංග නිසා මොහු කවදාවත් පරාජය කල නොහැක. පරාජය කරන්න යමෙක් උත්සාහ කරනවානම් ඔහුත් ප්ලාස්ටික් සැත්කමක් කර හෝ මොහුගේම පෙනුම ගෙන චන්දයට ඉදිරිපත් විය යුතුය මා එසේ කියන්නේ මොහුගේ ඇති පින්වත් පෙනුම නිසා චන්දය වෙන පක්ෂයකට දෙන්නට යන පුද්ගලයා පවා අවසානය චන්දය දී එන්නේ මහින්ද රාජපක්ෂ නමැති පින්වත් පුද්ගලයාටය.
ඒ තරම් පිනක් මොහුට ලැබුනේ කෙසේද?
ලොව කිසිම ජගතෙකුට මොහු බය නැත.
දිනෙක ලොව බලවත්ම රාජ්‍ය ඇමරිකාවෙන් ලංකාවේ පරීක්ෂණ පැවැත්වීමට ලංකාවේ සහය ඉල්ලු විට එයට සහය නොදෙන බව කොන්ද පන ඇතිව කීමට තරම් නිර්භය පුද්ගලයා අන් කිසිවෙකු නොව ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාය.
මා මොහු ගැන වර්ණනා කරන්නේ පුද්ගලයෙකු පමණක් මිස රජයේ අනෙත් ගෝල බාලයන් ගැන නොවේ. මොන තරම් දේශපාලුවන්ට පස්සෙන් ගියත් මේ රජයෙන් අඩුම තරමේ මට කම්කරු රැකියාවක් හෝ ලබා දී නොමැත.
ඉතින් ලොව ඉහත කී කරුණු කාරණා වලින් සනාථ වන්නේ
ලොව එතෙක් මෙතෙක් බිහිවූ ශේෂ්ටතම නායකයා
ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ නැමැත්තා නොවන්නේද?
මා මේ ලිපිය ලියන විටත් ගුවන් විදුලියේ නිවුස් වලට සවන්දුන්නේය
එහි කියවුනේ "ළමයින්ට සමාව දෙන්න සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිට ජනපති කියයි" යන්නයි. හෙට දිනයේ එම ළමයින්ද මෙම ලිපියේ කොටස්කරුවන් වනු නොඅනුමානය.
කතෘ අයිතිය
සජිත් දිල්හාන්
ගාල්ල
නිර්මාතෘ හිනිදුම.කොම් වෙබ් අඩවිය
අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.