අපේ සීයලාට බෝට්ටු තිබ්බා ඒ කාලේ සමහරදාට රෑ වෙලා බෝට්ටු එනවා මාලුත් එක්ක එතකොට අනිවා අපේ ආච්චිට වැඩ මොකද අපේ ආච්චිලාට ලැබෙන මාලු රෑ තිස්සෙ කපනවා....ඔන්න දවසක් අපේ ආච්චි ලැබිච්ච මාලු වගයක් කප කප ඉදලා තියනවා ඒ වෙලාවෙ ගෙදර පිරිමි කවුරුත් ඉදලා නැ අනිත් අය නිදිලු....ආච්චිට ඇහිලා දොරට ගහන සද්දයක් පලවෙනි පාර ඇහුනම ආච්චි සද්ද නැතිව හිටියත් දෙතුන් පාරක් ඇහෙද්දි ගිහින් බැලුවම.....:ඕ.....කවුරුත් නැ...ආච්චි හැරිලා ආපහු යන්න හදනකොට ආයෙමත් දොරට ගහනවලු ආච්චි ආපහු බැලුවලු කවුරුත් නෑ....ආච්චි ආපහු හැරිලා ගිහින් වැඩ කරන්න ගත්තලු.ඊලගට තමා මාර සිද්ධිය ඊලග පාර දොරට ගහලා විතරක් නෙවි ආච්චිගෙ නමත් කියලා....:ඕ.....ආච්චි එච්චර ඔව්වට බය කෙනෙක් නෙවි කෙලින්ම ගිහින් දොර ඇරලා බැලුවලු....දැක්කලු සර්පයෙක් දොර ගාව ඉදලා බැද්ද පැත්තට ගියවග....අනේ මන්දා ඒකට කවුරුත් කිව්වෙ දිෂ්ඨියක් කියලා මාලු පිලි ගදට හොයන් එන්නැති කියලා තමා හිතන්නෙ......
pissu hedenawa banz
ReplyDelete