Jun 11, 2012

The eerie hotel suite accommodates two and is situated 155 meters (509 ft) below the earth...ලෝකයේ නොයෙකුත් ස්ථානයන්හි පිහිටි නොයෙකුත් ආකාරයේ හෝටල් සංකීර්ණ ගැන ඔබ අසා ඇති. මුහුදු වෙරළ, කඳු වැටි, හුදකලා දූපත්, තට්ටු ගණන් උස මහල් ගොඩනැගිලි මෙන්ම මුහුද යට ද තැනූ විවිධාකාරයේ හෝටල් සංකීර්ණ තිබුණත් මේ කියන්නට යන්නේ පොලොව යට පිහිටි අපූර්ව හෝටලයක් ගැනයි. මේ හෝටලය තියෙන්නේ පොළොව මතුපිට නම් නෙවෙයි. විශේෂත්වය නම් මෙය ලෝකයේ ගැඹුරුම හෝටලය ලෙස වාර්තා වීමයි.

ස්වීඩනයේ පිහිටි පැරණි රිදී ආකරයක, භූගත පතලක් නවීකරණය කර ඉදිකර ඇති මේ හෝටල් පද්ධතිය ඉතාම චමත්කාරජනක අත්දැකීමක්. අඳුරු ගුහා හා දෝනා වලින් පිරුණු අන්ධකාර පතලක් තුල රැය පහන් කිරීමේ දුර්ලභ අවස්ථාව මෙහි පැමිණෙන අමුත්තන්ට ලබා ගත හැකියි. ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර සිට කිලෝමීටර් 120 ක් ඈතින් පිහිටි මේ Sala රිදී පතලේ ඉතිහාසය මධ්‍යකාලීන යුගය දක්වාම ඈතට විහිදෙනවා. මේ රිදී පතල දීර්ඝ කාලයක් පුරාවටම ස්වීඩනයේ විශාලතම හා ප්‍රමුඛතම රිදී ආකරය බවට පත්ව තිබිණි. වර්තමානයේ එය ලෝකයේ ගැඹුරුතම හෝටල් සංකීර්ණය බවට පරිවර්තනය කර තිබේ.



 මේ පාතාල හෝටලය සතුව පොළොව යට පිහිටි හෝටල් කාමර, භෝජනාගාර, පතල් කෞතුකාගාරයක්කලාගාරයක් හා තවත් විස්මිත අත්දැකීම් රාශියක් සතුයි. පොළාව මතුපිට සිට මීටර 155 ක් ගැඹුරෙහි පිහිටි මේ හෝටල් සංකීර්ණය ආවෘති භීතිකාවෙන් පෙලෙන්නන්ට නම් සුදුසු තැනක් නොවන බව නම් සඳහන් කළ යුතුයි. නිදන කාමර ලෙස පතලේ අඳුරු කුහර යොදා ගෙන ඇති අතර එහි ඇති විශාල සයනය පාෂාන බිත්ති තුනකින් වටවී තිබේ. පෞරාණික සිරි ගෙන දීමට නිදන කාමර ආලෝකකරණය සඳහා විශාල ඉටිපන්දම් යොදා ගෙන තිබේ. නිදන කාමරය තුල ආසනයක් හැරුණු විට ඇත්තේ ඉතා සුළු භාණ්ඩ ප්‍රමාණයකි.


මෙහි පැමිණෙන අමුත්තන් හට පතල තුල පරිසරයට හුරු කරවීම සඳහා විශේෂ මග පෙන්වන්නෙක් සමග පෙරහුරුවක් සිදු කෙරේ. එයින් පසුව අන්ධකාර රාත්‍රිය ගත කිරීම සඳහා ඔවුන් තනිවම පතල තුල ඇති නිදන කුටියට යා යුතුයි. එහිදී අමුත්තන් වෙත වෙනමම හෝටල් සේවකයෙක් වෙන් කරන අතර ඔහු පොලොව මතුපිට පිහිටි ප්‍රධාන හෝටල් සංකීර්ණයේ සිට ඉන්ටර්කොම් සම්බන්ධතාවය ඔස්සේ පතල තුල සිටිනා අමුත්තන් සමග පැය 24 පුරාවටම සම්බන්ධතාවය තබා ගනී. පතලේ ගැඹුර වැඩි නිසා සංඥා දුර්වල වීම හේතුවෙන් එය තුල ජංගම දුරකථන භාවිතය අපහසුයි. වැසිකිලි අවශ්‍යතා සඳහා අමුත්තන් පතලේ මැද හරියට පැමිණිය යුතුයි. පොළෝ මට්ටමෙන් මීටර 50 ක් පහත ස්ථානයක ඒ සඳහා පහසුකම් සපයා තිබේ. කෙසේ වුවත් සුවපහසු නාන කාමර පහසුකම් සඳහා නම් ඔවුන්ට පොලොව මතුපිට ඇති ප්‍රධාන හෝටල සංකීර්ණයට පැමිණීමට සිදුවෙනවා. මේ සඳහා කේබල් යෙදූ සෝපාන පද්ධතියක් ක්‍රියාත්මකයි.
Sala Silvermine is home to an underground hotel room, dining experience, museum, live thea...
මෙම හෝටල් සංකීර්ණයට අන්තර්-භෞම භෝජනාගාර දෙකකුත් අයත් වෙනවා. මේ හෝටලයට පමණක් ආවේනික වූ විශේෂ වටපිටාවක සිට රාජකීය භෝජනාගාරයක අසිරිය සමගින් සිය රාත්‍රී ආහාරය ලබාගන්නට මෙහි පැමිණෙන අමුත්තන්ට පහසුකම් සලසා දී තිබේ. එසේම වීර ක්‍රියා සඳහා කැමැත්තක් දක්වන්නන් හට විශේෂයෙන් සැකසූ වික්‍රමාන්විත ක්‍රියාදාම රැසක් පොලොව මතුපිට පිහිටි පතලේ දකුණු ප්‍රදේශයේදී අත්විඳින්නට පුළුවන්. එල්ලෙන පාලම් මතින් ගැඹුරු පතලට උඩින් ඇවිදීමට හෝ ලනු මතින් ඇවිද යාමට හා ගස් මත කෙරෙන විවිධ ක්‍රියාදාමයන් මීට අයත් වෙනවා.

In the southern area of the mine lies several thrilling high wire adventure tracks (image:...
පොළොව මතට වඩා පතලේ අඳුරු ගුහා වලටම කැමැත්තක් දක්වන අය සඳහාම සැකසූ විශේෂ සවාරි ද මෙහි සංවිධානය කර තිබෙනවා. ඒ යටතේ පතල යට පිහිටි අඳුරු දෝනා ගවේෂණය කිරීමත්, ඒ වගේම පොලොව යට පිහිටි ජලයෙන් පිරි ගුහා වල කිමිදීමත් දක්වන්නට පුළුවන්. සෙල්සියස් අංශක 2 ක් පමණ වන දැඩි ශීත ජලයේ පීඩාව ඉවසාගෙන කිමිදෙන්නට හැකි නම් දිය යට පරිසරයේ අපූර්ව චමත්කාරය විඳගන්නටත් පුළුවනි.
මේ අපූරු පහසුකම් සියල්ලම ඔබට ලැබෙන්නේ Sala රිදී පතලේ භූගත හෝටලයේදී පමණයි. ජීවිතයේ ලබන සොඳුරුතම අත්දැකීම් අතරට එකතුවන විශිෂ්ඨතම අත්දැකීමක් ලෙස මෙය හැඳින්විය හැකියි. මේ පාතාල හෝටලයේ අඳුරු නිදන කාමරයක රැය ගත කරන්නට ඇමරිකන් ඩොලර් 580 ක මුදලක් ගෙවිය යුතු වෙනවා.



0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.