Jun 11, 2012

  අභිරහස් හා අරුම පුදුම විස්මිත දේවල් ගැන දැනගන්න ඔයාලා හැමෝම කැමතියි නේද ? ඒකට උත්තරේ ඔව් කියලා මම හොඳින් දන්නවා. ඉතින් කාලෙකින් ඒ ජාතියේ ලිපියක් පළ නොකරපු හින්දා මම හිතුවා අද ටිකක් බලලා පුදුම වෙන්න දෙයක් දෙන්න. මේ පළවෙන්නේ ලෝකයේ එක් එක් ස්ථාන වල සොභාදහම විසින්ම නිර්මාණය කරන ලද අපූරු පිහිටීම් කීපයක්. ස්වභාවික සෑදී ඇති මේ නිර්මාණ මිනිස් අතකින් හදන්න ගියා නම් කොහොම වෙයිද කියලා පින්තූර ටික බලලම හිතාගන්නකෝ...

  
පිලිපීනයේ චොකලට් නිම්නය

Chocolate Hills
කේතු හැඩැති කුඩා කඳුගැට වැනි වස්තූන් 1,770   පමණ මේ නිම්නයේ අඩංගුවේ. මේ අසාමාන්‍ය භූ පිහිටීමට හේතුව තාමත් භූ විද්‍යාඥයන්ට නම් අභිරහසක්. මේ අපුරු කේතු වර්ග කිලෝමීටර 50 ක් පුරා විහිදී පවතිනවා.
නවසීලන්තයේ මොවුරකි කළුගල් පර්වත

 Moeraki Boulders 1
නවසීලන්තයේ දර්ශණිය කොයිකොහේවෙරළ පුරා විසිරී ඇති මේ කළුගල් බෝල සංචාරකයන්ගේ නොමඳ අවධානයට පාත්‍ර වන දසුනක්. මේවා දුර්ලභ ඛනිජයකින් තැනී ඇති බවයි පැවසෙන්නේ. ඒ මීට අවුරුදු මිලියන 26 කට පමණ පෙරයි.
ඕස්ට්‍රේලියාවේ කොත් කනු කාන්තාරය

 Pinnacle Desert
හුණුගල් හා වැලිගල් කණු දහස් ගණනක් මේ කාන්තාරය පුරා විසිරී තිබේ. මේ කණු සමහරක් මීටර් හතරක් පමණ උස්වේ. මේ ආකාරයේ තවත් අමුතු ආකාරයේ පර්වත පිහිටීම් ඕස්ට්‍රේලියාව පුරාම පිහිටා ඇති අතර ඒ අපූරු පිහිටීම් ජනප්‍රිය සංචාරක ස්ථාන බවට පත්වී තිබේ.
චීනයේ පාෂාණ වනාන්තරය

 Stone Forest
දකුණු චීනයේ වර්ග කිලෝමීටර 500,000 ක් පුරා පැතිරුනු භූ ලක්ෂණ අඩංගු මේ භූමිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර තිබේ. මේ පාෂාණ කණු වල හැඩතල හා වර්ණ සංකල්නය එකිනෙකට වෙනස් වන අතර සොභාදහමේ තවත් විස්මිත නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකියි.
ඇමරිකාවේ ඇන්ටිලෝප කැනියම

 Antelope Canyon
ඉතා විශ්මයජනක පර්වත පිහිටීම් ඇති ස්ථානයකි. මේ කැනියම ඉහල හා පහල ලෙස කොටස් දෙකකට ඛෙදේ. මේ පර්වත අතරින් ජලය ගලායෑම නිසා මේ අමුතු හැඩය ගෙන ඇතැයි පැවසෙන අතර ඉහල කොටසට වඩා පහළ කොටස ගැඹුරු වන අතර වඩාත් චමත්කාරජනක වේ.

තව පින්තූර නම් තිබුණා. ඒත් දාන්න වෙලාව මදි... ඒ නිසා දැනට මේ ටික බලලා සැනසෙන්නකෝ... මදි වගේ නම් සමාවෙන්න හොඳේ...

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.