Jun 7, 2012

දශක හයකට පමණ පෙර කඩවත - ගනේමුල්ල පාරේ (දැනට අංක 223 දරන බස්‌ මාර්ගය) හතරේ කණුවට යාබද පාර දෙපැත්තේම ඇති ඉඩම් අක්‌කර ගණනාවක්‌ම මහ කැලෑවෙන් වැසී ගොස්‌ තිබිණි. ඒ ස්‌ථානයට පේනතෙක්‌ මානයේ ගෙයක්‌ දොරක්‌ ද නොවීය. පාරේ වංගුව ද 'හතරේ කණුව' පෙදෙසටම හසු වී ඇත.

පාරේ විදුලි එළිය ද නොතිබූ ඒ අවදියේ හොල්මන්වලට බියෙන් 'හතරේ කණුව' ළඟින් ගමන් යැමට බොහෝ දෙනෙක්‌ අදිමදි කළහ. රාත්‍රි කාලයේ හතරේ කණුව පෙදෙසේදී බොහෝ දෙනකු හොල්මන්වලට බිය වූ බවට කටකතා ගම් පළාත හතරවටේ පැතිරුණේය.

ගනේමුල්ල දුම්රිය ස්‌ථානයට හතරේ කණුවේ සිට කිලෝමීටර් දෙකක්‌වත් නැත. සතියකට දෙවතාවක්‌ පැවැත්වුණු ගමේ වෙළෙ¹ම් පොළට හතරේ කණුවේ සිට ඇත්තේ කිලෝමීටරයකටත් වඩා අඩු දුරකි. 'උළු කඩේ හන්දියේ පොළ' නමින් හැඳින්වුණු ඒ පොළ බුලත් වෙළෙ¹ම ගැන ද ප්‍රසිද්ධය. ගම්පහ නගරයේ තොග මධ්‍යස්‌ථානයට බුලත් සැපයෙන 'උප මධ්‍යස්‌ථානයක්‌' වශයෙන් ද 'උළුකඩේ පොළ' දැක්‌විය හැකිය.

මගේ තාත්තා කී හතරෙ කණුව හොල්මන් කතාව මට තාම මතකය. කලින් දින සැන්දැවේ පොළට යන කරත්තයකට විකිණීමට ඇති බුලත් තොගය භාර දුන් තාත්තා පසු දින පාන්දර තුනට පමණ පොළට යැමට පිටත් විය. හුළු එළ§යෙන් ගමන් යන තාත්තාට මඟදී කිසිවකු හමු වී නැත. ගෙදර සිට හතරේ කණුව පෙදෙසට ඒමට පැය භාගයක්‌වත් ගත නොවේ.

හතරේ කණුව පෙදෙසේදී කැලෑවේ සිට බල්ලෙක්‌ තාත්තා දෙසට දිව ගෙන එයි. පාර ළඟටම ආ බල්ලා දෙසට තාත්තා හුළුඑළිය අල්ලයි. එවිට ඌ වේගයෙන් කැලය දෙසට ආපසු දුවයි. නැවතත් ආපසු හැරෙන බල්ලා වේගයෙන් දිව එන්නේ තාත්තා දෙසටය. හුළුඑළිය වනමින් මඳක්‌ නැවතුනු තාත්තා ඌ දෙස බලයි. යළිත් ආපසු හැරුණු බල්ලා කැලයේ ඈතටම යයි. බල්ලා නැවතත් පාර දෙසට දිව එන්නේ කැලය ද කඩා බිඳගෙන බව තාත්තා දකියි. හුළුඑළියෙන් ම ඌට දමා ගැසීමේ අදහසින් තාත්තා පාරේ නැවතී බලා සිටියි. ඒ වතාවේත් පාර ළඟමට ආ බල්ලා සැඟවී ගියේය. පොළට ගිය පසු තාත්තා මේ සිද්ධිය කිහිපදෙනකුට කියා ඇත. 'හතරේ කණුව හොල්මන' බල්ලන් වැනි සතුන් හැටියට ද දිස්‌වෙන බව තාත්තා දැනගත්තේ එදාය. හොල්මන ගැන නොදැනුවත්කම නිසා තාත්තා දිනුවේය. පැරදුනේ හොල්මනයි.

කඩවත - ගණේමුල්ල පාරේ පොකුණෙ හන්දියට කිට්‌ටු නිවාසයක වූ 'හොල්මන් සිද්ධිය' වසර සියයකටත් වඩා අතීතයට දිවෙන කතාවකි. මහලු වියේදී ඇය ජීවත් වී ඇත්තේ තනිවමය. අගහිඟකම් නැති ජීවිතයක්‌ ඇය ගත කළාය. හදිසියේ රෝගාතුර වූ ඕ දින කිහිපයක්‌ ඇවෑමෙන් මිය ගියාය. සතියකට පමණ පසු ඇය ජීවත් වූ ගෙදරට ආ හොල්මන ගැන පුවත ගම් ප්‍රදේශයේ පැතිර ගියේය. සන්ධ්‍යා භාගයේදී ගෙමිදුළට රැස්‌වන ගැමියෝ හොල්මන එනතුරු බලා සිටිති. බල්ලා බුරාගෙන වත්තේ වැට පැත්තට දුවයි. හොල්මන වත්තට ඇතුළු වූ බව බල්ලාගේ හැසිරීමෙන් කවුරුත් දැන ගනිති. බළලා 'C¹ව්' කියාගෙන කුස්‌සිය පැත්තට යයි. හොල්මන කුස්‌සියේ ඉහුම් පිහුම් වැඩ අරඹයි. පොල්ගාන ශබ්දය හා මිරිස්‌ අඹරන ශබ්දය ද මිදුලේ සිටින අයට ඇසෙයි. දර මිටිය බිමට දමන ශබ්දය පවා කුස්‌සිය පැත්තෙන් එයි. වළං සේදීමද හොල්මනට පැවරී ඇති කාර්යයක්‌ බැව් මිදුලේ සිටින ගැමියන් දන්නා කාරණයකි. ශබ්ද මිසක්‌ කුස්‌සියේ කිසිවකු පෙනෙන්නට නැති බව ද ඔවුහු දනිති. කටහඬ ද ඇසුණි නම් මෙදා ගුවන් විදුලි නාට්‍යයකින් ලැබිය හැකි විනෝදස්‌වාදය විඳින්නට එදා ගැමියන්ට ද හැකිවනු ඇත. කෙසේ වෙත් පාළු ගෙදරට ආ 'හොල්මනේ' සේවය කෙටි කාලයකට සීමා වූයේ මියගිය තැනැත්තියගේ ඥාති පවුලක්‌ ඒ ගෙදර පදිංචි වූ නිසා ය.

අද බොහෝ දෙනෙක්‌ 'ග්‍රීස්‌ යකුන්' ගැන කතා කරති. ග්‍රීස්‌ යකුන් ගැන කියද්දී මට මතක්‌ වන්නේ කැන්දලියද්ද පාළුව ගමේ වැලිපිල්ලෑව කඩමණ්‌ඩිය පැත්තේ ගැමි ගෙදරට ආ යකකු පිළිබඳ මා ඇසූ කතාවයි.

මැදියම් රැයේ ගැමි ගෙදරට විත් ගෙහිමියාගේ පිටට තට්‌ටු කරන යකා ග්‍රීස්‌ යකා මෙන් බියකරු යකෙකු නොව ගුණ යහපත් යකෙකු විය හැකිය.

එදා බොහෝ ගෙවල්වල ඉස්‌තෝප්පුව තිබේ. ඉස්‌තෝප්පු කාමර තිබෙන ගෙවල් ද ඇත. ඉස්‌තෝප්පුවට ගොඩවීමට දොරක්‌ ද නැත. ඉස්‌තෝප්පුවේ නිදා සිටින ගෙහිමියා ඇහැරවා ගන්නට දොරට තට්‌ටු කරන්නට ද අවශ්‍ය නොවන්නේය. ගැමි ගෙදර බොහෝ තාත්තලා ඉස්‌තෝප්පුවේ නිදා ගත්හ.

මැදියම් රැයේ ඒ යකා ගැමි ගෙදරට එන්නේ ගෙහිමියාගේ වැඩපළ කර දී උදව් පදව් කරන්නටය. වත්තෙ පිටියෙ හා කුඹුරේ වැඩ මිස යකකු ලවා කරවා ගන්නට තරම් බර වැඩ ගෙහිමියාට නැත. තම 'සේවය' නොමිලේ ලබා දෙන්නට සැරසෙන මේ 'අරුම පුදුම යකාගේ' 'සේවය' ලබා ගැනීමට හැකි දැනුම, අවබෝධය හා උපාය ගැමියා තුළ නොතිබුණා ද විය හැකිය. ගැමියා යකාගේ සේවය ලබා නොතිබුණා ද විය හැකිය. ගැමියා යකාගේ සේවය ලබා නොගන්නා නිසා යකා ගැමියා ද කඳවාගෙන ගමේ වතුවලට යයි. ගස්‌ නැග පොල් කඩන යකා ඒ පොල් ගොඩවල් ද ගැමියාගේ වත්තටම ඇද දෙයි. ගැමියා තුෂ්ණිම්භූතව බලා සිටිද්දී යකා දිගටම කරගෙන ගියේ 'සොරකම්' වැඩය.

මැදියම් රැයේදී එන 'පුද්ගලයා' පිළිබඳ රහස රහසක්‌ වශයෙන් ම තබා ගත යුතු බවට යකා මුල් දිනදීම ගැමියාගෙන් පොරොන්දුවක්‌ ගෙන තිබිණි. රහස රැකගන්නට ගැමියා අපොහොසත් විය. ගෙදර ඇත්තෝ ද 'රහස්‌ දැන ගත්හ. යකා ඒ පැත්ත පළාතේවත් නොඑන රහස ගැමියාට නම් රහසක්‌ නොවීය.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.