
මෙය සූරියවැව ප්‍රදේශයේ හත්පෝරුව ගම්මානයේ සිදුවූ සත්‍ය සිදුවීමකි. හත්පෝරුවේ අමිල වැසි සහිත දිනක සූර්යවැව නගරය දෙසට ගමන් කරේ තම මිතුරා වූ සුමේධ අයියා මුණ ගැසීමටය නමුත් සුමේධ එදින නිවසින් බැහැරව ගොස් තිබුණි එබැවිණ් ඔහු අරුණ ගේ ගෙවල් පැත්තට යන්නට තිරණය කළේ තරමක කම්මැලි කමක් දැනුන බැවිණි අරුණලාගේ නිවසට ගිය අමිල අරුණ සහ තවත් යාලුවන් දෙදෙනෙකුද සමඟ කැරම් ගැසීමට පටන් ගත්තේය දන්නෙම නැතුව රෑ බෝ විය වැහි අඳුර නිසා එදින කලින්ම කළුවර වැටී තිබිණ යාළුවන්ට සමුදුන් අමිල හත්පෝරුවේ ඇති පාළුවට ගිය ඔවුන්ගේ ඉඩම දෙසට ගියේ කාටත් හොරා සිගරට් එකක් දල්වන්නටය�
නමුත් ඉඩමට ඇතුවත්ම තමන්ට යම් අමුතු ඳුගන්දයක් හමන්නට විය විපරම් කර බැළුවද කිසිදු හෝඩුවාවක් සොයා ගන්නට නොහැකි විය එකවරම ගැඩොල් මඩුව අසල කවුරුන් හෝ තදින් හුස්ම ගන්නවා මොන් ඇසෙන්නට විය ඒ සමඟ ගැහැණු අයෙකුගේ කැස්සක් ද ඒ අසලින් ඇසේනනට විය අමිල ද තරමක් තිගැස්මකට ලක්විය ඔහු කුණුහරුපයක්ද කියා ගෙන කවුද යකෝ කියමින් ගැඩොල්මඩුව දෙසට යන්නට විය තමාගේ දුරකතනයේ බල්බයද දල්වා ගත් ඔහු ගැඩොල්මඬුව වටේම එබ්කම් කරන්නට විය එකවරම දුර්ගන්ධය සහිත දැඩි සීතල සුළං පහරක් තම ගතේ දැවටෙන්නට විය එවිට ඔහුගේ පපුව ප්‍රදේශයට යම් කිසිතෙරපුමක් ඇති වනු ද දැනී ඇත එය ඔහු අපට විස්තර කලේ �ඒක හරියට මියුසිකල් ෂෝ එකක බෆල් ඉස්සරහ ඉන්න කොට බේස් නිසා පපුවට දැනෙන ගැස්ම වගේ� කියාය.
ඔහු වහාම තම පාපැදියේ නැඟී නිවස බලා පිටත් වූයේ තරමක භීතියද සමගින්ය. කෙසේ වුවත් ගොදර ගොස් ඔහු මෙම සිද්ධිය කිසිකෙනෙකු සමඟ නොපැවසූ අතර පපුව ප්‍රදේශය තම කමිසය ඉවත් කර බැළුවිට තැනින් තැන බිබිලි මතුවී තිබූ අතර ඊට ටික වේලාවකට පසු අසන්නට ලැබුණේ තමාගේ ලොකු අම්මා මීට මොහොතකට පෙර වියෝවූ බවකි තමා ගිය ඉඩමේ මීට පෙර ජීවත් වූයේ තමාගේ ලොකු අම්මා බවත් එම ගැඩොල් මඩුව ඇති ස්ථානයේ ඇය ජීවත් වූ කුඩා නිවස තිබූ බවත් අමිල පැවසුවේය එසේම තම ලොකු අම්මාට දරුවන් නොමැති අතර තමාට දරුවකුට මෙන් ඇය ආදරේ බවත් අමිල අපසමඟ පැවසුවේය ඇයගේ ස්වාමියාද සුනාමි දිනයේ හම්බන්තොට පොළේදී සුනාමියට හසුව මිය ගොස් කෙසේ වුවත් තමාට සිදුවූ සිදුවීම සමග බලන විට ඒ තමාගේ ලොකු අම්මාගේ ආත්මය යැයි අමිල අදටත් විශ්වාස කරන අතර හොල්මන් තිබිය හැකිය යන්න ඔහුගේ මතය
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.