Jun 22, 2012



මා කොලබ රැකියාව කරන සමයෙ ගමට එන්නෙ සිකුරාදාය නැවත සදුදා උදැසන රැකියවට පිටත් වෙනව.සෙනසුරාද සහ ඉරිදා නිවාඩු.කොලබින් 6ට බස් එකට නැග්ගහම 10.30 වෙනව ගෙවල් ලගට එනකොට.එතන ඉදලා 1.5 කිලො මිටර් පයින් යන්න ඔනි ගෙදරට.සුපුරුදු විදිහට ඉතින් (2004 අවුරුද්දේ ) වැඩ ඇරිල සිකුරාදා හවස ඇපල් ගෙඩි දක තුනකුත් අරගෙන ගෙදර එන්න බස් එකට නැග්ග කොටුවෙන්.පොඩි නින්දකුත් දාගෙන ආවෙ.ගෙවල් පාර ලගින් බහින කොට 11 වෙලාව.හැම සිකුරාදම එන නිසා ගෙදරින් කවුරුත් එන්නෙත් නෑ එක්කගෙන යන්න.වෙනද වගේම පයින් එනකොට පොඩි සීතලකුත් දැනුන
ගෙවල් පාරේ 250 මීටර් එනකට තියනව වල් දෙල් ගහක්.ඔය වල්දෙල් ගහේ "මට්ටකොල්ල" කියල අවුරුදු 7ක පමන පිරිමි ලමයෙක් නිරුවතින් බෙල්ලෙ වැල දාගෙන එල්ලිලා ඉන්නව කියල කතාවක් තිබුනා.සමහර දවස් වලට එ කොල්ල ගෙවල් වටෙට හෙලුවෙන් ඇවිදිනවලු.මෙව ඉතින් මමනම් එක දවසක් වත් දැකල තිබුනෙ නෑ.හැබයි අපේ ගෙවල් පැතිවල බොහෝ අය බයවෙලා තිබුනා.ඉතින් ඔය ගහ හරියෙන් එනකොට පොඩි බයකුත් දැනුන.එතනදි මට ඇහුන බයිසිකලයක් කවුරු හරි පැදගෙන එනව.හැරිල බැලුවහම එහා ගමේ සිරිපාල අයියා.හරි හොද මිනිහ.වැඩිය කතා නෑ.කොහෙගියත් බයිසිකලෙන් තමයි ගමන.

දැන් ඉතින් ඉතුරු ටික යන්න බය නෑ මොකද සිරිපල අයිය ඉන්නවනේ මිනිහ අපෙ ගෙවල් පහු කරගෙන යන්න ඔනි.සිරිපාල අයියගේ බයිසිකලේ ඩබල් දාල යන්න බෑ.ඉතින් සිරිපාල අයියා මා ලගට ඇවිත් බයිසි කලෙන් බැස්ස.මමත් ඉතින් කරේ තිබ්බ බෑක් එක පිටුපස ලැගේජ් එක උඩින් තියල ඇපල් ගෙඩි තිබ්බ මල්ල හැඩල් එකෙ එල්ලුව. දැන් සිරිපාල අයියත් එක්ක හැල්ල දගෙන ඉස්සරහට යනව.සිරිපාල අයිය ඉතින් රැ ගමන් යන්නෙ නෙද ?
සිරිපාල අයි.. :- හ්ම්ම්..
මිනිහ ඉතින් වැඩි කතා නෑ නෙ.හැම එකටම හ්ම්ම් හ්ම්ම් තමයි ඉතින් කොහොම හරි ගෙවල් ලගටත් ආව.
සිරිපාල අයියට යන්නම් කියාගෙන බෑක් එකත් අරගෙන මම ගේට්ටුව ඇරගෙන ඇතුලට ආව.සිරිපාල අයිය බයිසිකලෙන් යන්න ගියා.එතකොටම අම්ම දෙර ඇරගෙන "තනියමද ආවේ කියගෙන එලියට ආව."
මම කිව්ව නෑ සිරිපාල අයිය හම්බුනා කයියක් දාගෙන ආව කියල
අපෙ අම්මගෙ ඇස් උඩ ගියා... මම ගේ ඇතුලට යනගමන් දැක්ක.
පස්සෙ වොස් එකක් එහෙම දාගෙන රැ බත කෙලින කොට අම්මයි තාත්තයි ලගට ආව.තාත්ත ඇහුව සිරිපාල අයිය කොහෙදිද පුතේ හම්බුනේ..? මම කිව්ව වල්දෙල් ගහ හරියෙදි කියල

තාත්ත ටිකක් වෙල මා දිහා බලාගෙන ඉදල කිව්ව.පුතා මෙක අහල කලබල වෙන්න එපා. ගිය සතියෙ ඔය වල්දෙල් ගහ ලගදි සිරිපල අයිය බයිසිකලෙන් එනකොට කවුද කට්ටියක් සිරිපාල අයියගේ බෙල්ල කපල මරල දාල තියනව කියල.මට හීන් දාඅඩිය දැම්ම.පහුවදා උදේ ඇපල් මල්ල ගේට්ටුවෙ එල්ලලා තිබිබ.
1. තාත්වික හොල්මන් (මම බැගය බයිසිකලෙන් තිබ්බ )
2.හොල්මන් කතා කිරීම.
3.ඇපල් මල්ල ගේට්ටුවෙ තිබීම
මේක මට උන සතය කතාවක්.එදා ඉදලා මාව එක්කගෙන යන්න කවුරු හරි ගෙදරින් මගට එනව.පසුව කීප දෙනකුම සිරිපාල අයියව දැකල තියනව වල්දෙල් ගහ ලගදි.... හොල්මන් නැත්තන් මෙව වෙන්න කොහොමද...?

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.