Jun 12, 2012



‘‘සිසිල ගිනි ගනී’’ චිත‍්‍රපටයේ එන ‘‘ඇනට්’’ ගේ භූමිකාව මගේ රංගන ජීවිතය ජයගත්, මතක හිටින රඟපෑමක් හැටියට කියන්නට පුළුවනි.

ඇත්තටම ‘‘ඇනට්’’ චරිතය මට අභියෝගයක් වුණා. ඒ අභියෝගය මං ජයගත්තා. ඉන්දියාවේ සාජේන් කරුන් නම් ජ්‍යෙෂ්ඨ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා, සිසිල ගිනි ගනී චිත‍්‍රපටය නරඹලා මගේ රඟපෑම ගැන පැහැදිලා මට දුන් සහතිකයෙන්ම එය තහවුරු වුණා. ඒ විතරක් නොවෙයි එම වසරේ හොඳම නිළියට පිදෙන ස්වර්ණ සංඛ සහ OCIC සම්මානයත් දිනාගන්නට මට පුළුවන් වුණා.

‘‘මතක පොත’’ වෙනුවෙන් නැවතත් සිය සිනමා මතකය අවදිකරන සබීතා පෙරේරා...

‘‘සිසිල ගනී ගනී’’ අධ්‍යක්ෂ ප‍්‍රසන්න විතානගේ. සහාය අධ්‍යක්ෂවරයා නිලේන්ද්‍ර දේශප‍්‍රිය. නිෂ්පාදක සනත් ගුණතිලක.

‘‘ඇනට්’’ ගේ චරිතයට මාව තෝරාගත්තා කියලා අධ්‍යක්ෂවරයා තිරපිටපත මට බාර දුන්නා කියවන්න. ප‍්‍රථම කියවීමෙන්ම මට තේරුනා ඇනට් චරිතය මහා අභියෝගයක් කියලා. මේ වෙනකොට මං රඟපාලා තිබුනේ පෙම්වතිය, සහෝදරිය වැනි සරල චරිත විතරයි. මං තිරපිටපත දහ වතාවකට වැඩියෙන් කියෙව්වා. එහෙම කියෙවුවාම මට තේරුම් ගියා ‘‘ඇනට්’’ චරිතය සුන්දර චරිතයක් නම් නොවෙයි කියලා. ඊට පස්සේ මං තීරණය කළා ‘‘ඇනට්’’ අභියෝගය බාර ගන්න. අභියෝගය බාර නොගත්තොත් සිංහල සිනමාවේ එකම තැන පල්වෙවී ඉන්නයි සිද්ධවෙන්නේ. මට එහෙම හිතුණා. මට එහෙම හිතිලා ප‍්‍රසන්න විතානගේට මං කැමැත්ත ප‍්‍රකාශ කළා ඇනට්ගේ චරිතය රඟපාන්න.

‘‘ඇනට්’’ සුදු චරිතයක් නොවෙයි... ප‍්‍රසන්න විතානගේ මට අවබෝධ කරලා දුන්නා. සිනමා විෂයෙහි විවිධ අංශයන් ගැන මනා ලෙස අධ්‍යක්ෂනය කළ ප‍්‍රසන්න විතානගේ තම කුළුදුල් නිර්මාණය සාර්ථක කරගන්න ගන්නා වෙහෙස කොතරම්ද කියා මට පෙනුනා.

ඇනට් බර්ගර් තරුණියක්. නිදහසේ ජීවත්වන තරුණියක්. සමාජ ශාලාවල නිතර ගැවසෙන කෙනෙක්. පිරිමින් නිතර ඇසුරු කරන කාන්තාවක්.

මේ අතරේදී තමයි ඇයට හැරිස් මාකලන්ද හමුවන්නේ. ඔහු නීතිඥයෙක්. විවාහකයෙක්. ඇය ඔහු සමග සමීප සබඳතාවක් ගොඩනගා ගන්නවා. සබඳතාවය කොතරම් දුරදිග ගියාද කිවහොත් වෙනම නිවසක් අරගෙන දෙදෙනා එකම වහලක් යට පදිංචි වෙනවා. හැරිස් මාකලන්දට බිරිඳක් සිටිනවා. පුතෙකුත් ඉන්නවා. ඔය අතරේ ඒ දරුවා මිය යනවා. හැමදෙනාගේම මතය වන්නේ ඇනට් ඒ ළමයාට මොනවා හෝ සිදු කලාය කියලයි.

ඉන්පසුව සිද්ධිය නීති මගට යනවා. ඇය රිමාන්ඞ් බාරයට පත්වෙනවා. මෙම නඩුව උසාවියට ගෙන ඒමට සම්බන්ධිකරණයෙන් සහය වන පොලිස් නිලධාරියා සමගත් ඇනට් අනිසි මිත‍්‍ර කමකට පෙළඹෙනවා.

ඇයට උවමනා වුණේ හැරිස් තමන්ගේම කරගෙන පවුල් ජීවිතයක් ගතරක්නයි. ඇත්තටම ඒ දරුවා මියගියේ ඇනට්ගේ අතින් නොවෙයි. නමුත් අධිකරණයේදී ඇනට් වැරදි කාරිය වෙනවා. ඇය හිරේට නියම වෙනවා.

මෙම චිත‍්‍රපට නිර්මාණය සාර්ථක කරගන්න සනත් ගුණතිලක, වීණා ජයකොඩි සහ ඇගේ පුංචි පුතා රංගනයෙන් දායක වෙනවා.

චිත‍්‍රපටයේ රූගත කිරීම් කළේ නුවරඑළිය ප‍්‍රදේශයේ. මෙවැනි පරිසරයක් තුළ ඇනට්ගේ චරිතයට පිවිසිලා සිටි මට එක් අවස්ථාවක තිබුණා මහා හයියෙන් කෑගහලා හඬන රූප රාමු පෙළකට පෙනී සිටින්න. මං ඒ වෙලාවේ රඟපෑමක් කලා නොවෙයි.... ඇත්තටම මං හඬා වැළපුණා.

‘‘සිසිල ගිනි ගනී’’ සම්පූර්ණයෙන්ම කලූ සුදු චිත‍්‍රපටියක්. ඇනට් ඇතුළු අනෙකුත් චරිත තුළින් කියැවෙන භාව ප‍්‍රකාශන උදුරාගෙන එය තවදුරටත් තීව‍්‍ර කරමින් තැන්පත් කළහැකි හොඳම මාධ්‍යය කලූ සුදු සැලෝලයිඞ් පටය බවයි ප‍්‍රසන්න තීරණය කර තිබුණේ.

‘‘සිසිල ගනි ගනී’’ චිත‍්‍රපටයේ වැඩකටයුතු නිමා කරන තුරුම මං වෙනත් චිත‍්‍රපටයක් බාරගත්තේ නැහැ. මං ඒ තරමටම ඒ වෙනුවෙන්ද කැපවීමක් කළා. මුදලට වඩා ඇනට්ගේ චරිතයට සාධාරණය ඉෂ්ඨ කරල සබීතා පෙරේරාගේ රංගන කුසලතාව ලෝකයටම ප‍්‍රදර්ශනය කරන්නයි මට උවමනා වුණේ. මෙහි සාර්ථකත්වය කොතරම්ද කිව්වොත් එම වසරේ හොඳම නිලියට පිදෙන OCIC සහ ස්වර්ණ සංඛ සම්මාන වලින් මා පිදුම් ලැබුවා. හැබැයි සරසවි සම්මානය මට හිමිවුණේ නැහැ. හොඳම නිළියට පිදෙන සරසවි සම්මානය එදා වෙනත් නිළියකට දෙන්නට වෙනත් කෙනෙකුගේ හිතේ තියෙන්න ඇති. ඉතින් එහෙම වුණා කියලයි මං හිතන්නේ. මේ වගේ අනුවණ කම්වලින් සබීතා පෙරේරා හඬවන්නවත් සොළවන්නවත් ආපසු හරවන්නවත් බැරි බව නම් කියන්නම ඕනෑ කාරණයක්.

දෙස් විදෙස් සම්මාන වලින් පිදුම් ලැබූ මා ඇත්තටම වාසනාවන්ත නිළියක්. පුද්ගලික ජීවිතයේදීත් මං භාග්‍යාවන්ත කාන්තාවක්. ඉරිසියාව සහ කැපිල්ල යන වචන මට නුහුරු නිසයි සබීතා පෙරේරාට එදා වගේම අදටත් රසික පිරිස අඩුවක් නැතිව සිටින්නේ. සිංහල සිනමාවට මගෙන් යම් මෙහෙවරක් ඉටුවුනාය කියන එකයි රසික ප‍්‍රතිචාරයේ නියම ඇරුත වන්නේ. රසිකයන්ගේ ප‍්‍රතිචාරයේ උච්චම අවස්ථාවක් ගැනත් මට මේ වෙලාවේ සිහිපත් වෙනවා.

මගේ ප‍්‍රථම චිත‍්‍රපටය ‘සබීතා’. ඊට පසුව මමයි රජා, නෝම්බර 17, ඡායා, සුජාතා, දෙවැනි ගමන ඇතුළු චිත‍්‍රපට රාශියක් තිරගතවූවායින් පසුවයි සිසිල ගිනි ගනී චිත‍්‍රපටය තිරයට ආවේ.

ඉතින් මේ චිත‍්‍රපට නැරඹූ මගේ එක් රසිකයෙක් එක දවසක් මාව සොයාගෙන ආවා අපේ ගෙදර. ඊට පස්සේ ඒ රසිකයා කියන්න පටන් ගත්තා සබීතා මං ඔයාට ආදරෙයි. මං ආයෙත් ගෙදර යන්නේ නැහැ කියලා. එදා මමයි අම්මයි ඒ ළමයාට හොඳට සංග‍්‍රහ කරලා හොඳින් කියලා ගෙදර යැව්වා.

ආයෙත් දවසක් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ ඉඳලා තවත් රසිකයෙක් අපේ ගෙදර හොයාගෙන ඇවිත් තියෙනවා. එදා මං ගෙදර සිටියේ නැහැ. ඉතින් ඒ රසිකයා ගේට්ටුව උඩින් වත්තට පැනලා ඇවිත් කෝ මගේ ආදරනීය සබීතා කියලා කෑගහන්න පටන් අරගෙන. මේ සද්දෙට අවට මිනිස්සු ඇවිත් එයාව සන්සුන් කරන්න උත්සාහ අරගෙන තියනවා. ඒත් හරිගිහින් නැහැ.

ඊට පස්සේ එයා අපේ ගෙදර මිදුලේ තිබුණු කාර් එකේ වහල උඩට නැගලා මේ තියෙන්නේ සබීතාාගේ කාර් එක. මං මේ කාර් එකෙන් බිමට බහින්නේ නැහැ කියලා අඬන්න ගත්තලූ. ඊට පස්සෙ අපේ අම්මා හොඳටම බයවෙලා පොලිසියට ටැලිෆොන් කරලා පොලිසිය ඇවිත් එයාව එක්කර ගිහින් කූඩුවේ දාලා උසාවියේ නඩුවකුත් දැම්මා... ජීවිතයේ ප‍්‍රථම වතාවට මට මේ සිද්ධිය නිසා උසාවි යන්නත් වුණා. මං ගරු අධිකරණයට කරුණු පහදලා දීලා ප‍්‍රශ්නය ගොඩින් බේරගත්තා. ඒ රසිකයාට යහතින් ගෙදර යන්න අවස්ථාව සලසලා දුන්නා. මෙන්න මේ වගේ අපේ රටේ රසිකයින් සබීතා පෙරේරාට තවමත් ආදරෙයි. සබීතා පෙරේරාත් ආදරෙයි.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.