Jun 13, 2012

හිරු නොනඟින පැත්තේය. දෙවොලේ පිංපෙට්ටියෙන් අමුතු පඬුරක් මතුවිය. රුපියල් දහයේ කාසියක් එතූ ලියුමක් එහි විය. ලියුම කතරගම දෙවියන්ටය. කතක ඒ ලියුම ලියුවේ සැමියාගේ අවකල් ක‍්‍රියාව ඉවසා සිටීමට බැරිම තැන ය.

සැමියා හොර අඹුවක පසුපස යන බව ඈ දැන ගත්තාය. එයින් තමාට කෙසේ වෙතත් දරු දෙන්නාට යන කලදසාව සිහිවූ විට ඇගේ පපුව ‘හෝස්’ ගා දා ගිය වාර අනන්තය. ගෙදරදී දුන් අවවාද ඉමක් නැත. රණ්ඩු දබරද ඉමක් නැත. තවත් කියන්නටද කෙනකු නැත. අන්තිමේදී ඇය කතරගම දෙවියන්ගේ පිහිට පැතුවාය.

හොර අඹුව කඩකාරියකි. ඇහට කනට පෙනෙන ගැහැනියකි. ඔහුගේ තුන් රෝදයෙන්ද දෙන්නා හොර ගමන් යන්නට ඇති ලූ. දෙවියාට යැවූ ලියුම නරයකු අතට පත්විය. ඒ නරයා එය හොර අඹුවට දුන්නාය. ඉන්පසු අර පලහිලව්ව ගමපුරා ඇවිළ ගියේය.

ඒ ලියුමේ ඇති දෙය දෙවොල් අසන, බලන කෙනකුගේ හිත පපුව ඉබේම උණුවෙනවාලූ. සැබැයි දේව ලිපිය ලීක් කළ නරයාට දැන් එක් කතක් දෙස් දෙවොල් තබනවා ලූ.

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.