Jun 21, 2012


Sri Lanka's Top 5 Job Finding Sites - ඵ් කියන්නෙ ලංකාවෙ හොදම රැකියා වෙබ් අඩවි 5 පිළිබද පුංචි හදුන්වාදීමක් කරන්න තමා අද මං බලාපොරොත්තු වෙන්නෙ.රස්සාවල් හොයන ඵක අද කාලෙ ලෙහෙසි පහසු වැඩක් නෙමේනේ.කොච්චර ඉගෙනගත්තත් අවශ්‍ය සුදුසුකම් ඔක්කොම තිබ්බත් තමන්ගෙ සිතැගි පරිදි තමන්ට ගැලපෙන රස්සාවක් හොයාගන්න ඵක ඵතරම් ලෙහෙසි පහසු වැඩක් නෙමේ.නමුත් මෙයට පිළියමක් ලෙස ලොව පුරා මේ රැකියා වෙබ් අඩවි කියන සංකල්පය බිහිවුනා.ඵ් ඔස්සේ ලොව පුරා වෙසෙන දහස් සංඛ්‍යාත අන්තර්ජාල පරිශීලකයන්ට තම සිතැගි පරිදි විවිධ වූ රැකියා ඇබෑර්තු සදහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව උදාවුනා.මීට සාපේක්ෂව ලංකාව තුළද මෙම රැකියා වෙබ් අඩවි අති විශාල ප්‍රමාණයක් බිහිවී තිබෙනවා.ඵ් වගේම රැකියා අපේක්ෂයන්ටද මෙම වෙබ් අඩවි වෙත පිවිසීමට හා විවිධාකාරයේ රැකියා තනතුරැ සදහා ඉල්ලුම් කිරීමටත් වර්තමාන‍යේ ඇත්තේ විශාල උනන්දුවක්.ඵ් කියන්නෙ අද ඵ් අංශය ගොඩක් දියුණුයි.ඵමෙන්ම මහා පරිමාණයේ සිට සිල්ලර වෙළෙද ව්‍යාපාරය දක්වා සෑම අංශයකම ව්‍යාපාර මෙම වෙබ් අඩවි ඔස්සේ  තම සේවාස්ථාන වල රැකියා ඇබෑර්තු පිරවීම සදහා වඩාත් සුදුස්සා කවුදැයි සෙවීමට දැඩි තරගයක යෙදී සිටිනවා.ඇත්තෙන්ම කියනවා නම් මුද්‍රිත හා වෙනත් මාධ්‍යන්ට සාපේක්ෂව මෙම අන්තර්ජාල කියන මාධ්‍යය වඩාත් ප්‍රබලයි.ඵමෙන්ම ලෝකයේ ගත්තම මෙම රැකියා වෙබ් අඩවි සංකල්පය  අද සමාජ ජාල - සෙවුම් යන්ත්‍ර දක්වා පුළුල් පරාසයකින් ව්‍යාප්ත වෙලා තියෙනවා.ඉදිරි වසර 5 ගත්තොත් මේ තත්වය තවත් පුදුමාකාර විදිහට වෙනස් වේවි.කොහොම වෙතත් මං අද හදුන්වල දෙන්න යන්නෙ නම් ලංකාවෙ රැකියා අපේක්ෂකයන්ට සිය සේවා අවශ්‍යතා සලසා ගන්න තියෙන හොදම රැකියා වෙබ් අඩවි 5 පිළිබදවයි.පහතින්  දැක්වෙන්නේ ඵම පෙළගැස්මයි.


1.Topjobs

ලංකාවේ රැකියා සෙවීමේ විප්ලවය Topjobs.lk මේක තමා අද ලංකාවෙ තියෙන අතිශය ජනප්‍රියම රැකියා වෙබ් අඩවිය.දිනකට ලක්ෂයකට වැඩි පිරිසක් මෙම වෙබ් අඩවියට පිවිසෙනවා.ඵමෙන්ම විශාල රැකියා දැන්වීම් ප්‍රමාණයක්ද නිතිපතාම වාගේ මෙම වෙබ් අඩවියේ පළවෙනවා.‍මොවුන් මේ ආකාරයෙන් මිනිසුන් අතරට යාමට අනුගමනය කරන්නෙ හරි අපූරැ ප්‍රචාරණ උපක්‍රමයක්.ඵ් තමා බස් රථ පින්තාරෑ කිරීම.මෙය ඉතාම සාර්ථකයි.ලංකාවෙ බාල මහළු කුඩා මේ හැමෝම රැකියා හොයනව නම් පාවිච්චි කරන්නෙ ආයෙ ටොප් ජොබ්ස්ම තමා.අනික මේකෙ තියෙන්නෙ User-Friendly Interface ඵකක්.

2.Lankatopjobs

Lankatopjobs තාම ගත කරන්නෙ ළාබාල අවධිය.ඵ්  කියන්නෙ බිහිවෙලා තාම කෙටි කාලයයි.මේකෙ තියෙන විශේෂත්වය තමා මේක Opensource මාදිලියෙ ඵකක් වීම.ඵ් කියන්නෙ මේ වෙබ් අඩවියෙ වෙනස්කම් කරන්නෙ මේක බලන ඔයාලම තමා.වෙබ් අඩවියට රැකියා  දැන්වීම් දාන්නෙ ඵ් රැකියා සදහා ඉල්ලුම් කරන්නෙ විශේෂ අවසරයකින් තොරවයි.ඵ් කියන්නෙ 100%ක් නොමිලේ.මේ වෙබ් අඩවි පවත්වාගෙන යාම පමණක් අදාළ ආයතනය විසින් සිදුකරනවා.මෙයද වර්තමානයේ අන්තර්ජාල රැකියා වෙළෙදපොල තුළ අතිශය ජනප්‍රිය වෙමින් තිබෙනවා.මෙහි ඇති  තවත් විශේෂත්වයන් ලෙසට සදහන් කළ හැක්කේ රැකියා අයදුම් පත්‍ර සදහා විවිධාකාරයේ ආකෘතීන් රැසක් ඔබගේ අවශ්‍යතාවය අනුව සලසා දී තිබීමයි.තවද සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දිය යුතු ආකාරය පිළිබදව විශේෂ ලිපි පෙළකින්ද මෙය සමන්විත වී තිබෙනවා.

3.Lankacareers

මෙම වෙබ් අඩවිය මගින් තමන් සිටින ප්‍රදේශය හා අපේක්ෂා කරන රැකියා ක්ෂේත්‍රයට අදාළව පහසුවෙන් රැකියා සොයාගැනීමට අවශ්‍ය පහසුකම් සලසයි.ඵමෙන්ම මෙම වෙබ් අඩවියේ Newsletter පහසුකම සමග සම්බන්ධ වීමෙන් තමන්ට අවශ්‍ය රැකියා ක්ෂේත්‍රයන් වල පවතින ඇබෑර්තු පිළිබද සාරාංශ කථනයක් තමාගේ ඊමේල් ලිපිනයට නිතිපතා ලබාගැනීමට අවශ්‍ය පහසුකමද  සලසා දෙයි.

4.Jobsjobs

Jobsjobs වෙබ් අඩවියද රැකියා අපේක්ෂකයන් හා ව්‍යාපාරික භවතුන් අතර අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක්.මෙමගින් Etisalat හා Mobitel ග්‍රාහකයන්ට අදාළ මුදල්ගෙවා ලියාපදිංචි වීමෙන්  කෙටි පණිවුඩ මාර්ගයෙන් ‍Jobalerts මාර්ගයෙන් රැකියා ඇබෑර්තු පිළිබද දැනුවත් වීමේ සේවාවට සම්බන්ධ විය හැකියි.

5.Lionjobs

මේකත් තාම ළාබාල අවධිය තාම පසුකරන්නෙ.ඵ් කියන්නෙ ඇරඹිලා ටික දවසයි.විශේෂත්වයකට තියෙන්නෙ භාවිතකරන්නාට ගොඩක් පහසුවෙන් අදාළ දැන්වීම වෙත ළගාවෙන්නෙ පුළුවන්.ඵ් වගේම Location-Based සම්ප්‍රදායට මෙන්ම රැකියා ක්ෂේත්‍රයන්ට අනුවද මෙහි රැකියාවන් වර්ග කර තිබෙනවා.තවම අලුත් හින්ද මේ ගැන පුර්ව අර්ථකථනයක් දෙන්න බෑ.නමුත් අතිවිශිෂ්ඨ නිර්මාණයක් ලෙසට නිරවද්‍යයෙන් ප්‍රකාශ කළ හැකියි.


2 comments:

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.