Jun 21, 2012

  Facebook විසින් opera වෙබ් බ්‍රවුසරය මිලට ගැනීමට යන කථා පුවත සැලවීමත් සමග ලොව පුරා මේ පිළිබදව  කථාබස් කිරීමට පටන්ගෙන තිබේ.කෙසේ හෝ ඔවුන් වර්තමානයේ දිගින් දිගටම විශාල ගනුදෙනු මත සිදුකරන මෙවැනි ආකාරයේ මිලටගැනීම් නිසා ඉදිරි වසර කිහිපය තුළදී අන්තර්ජාලය තුළ මෙතෙක් සිය ආධිපත්‍යය රැකගත් පතාක යෝධයා ලෙසින් සැලකෙන Google සමාගමට ප්‍රබල තර්ජනයක් ඵල්ලවනු ඇති බවට සහසුදක් සේ ප්‍රකාශ කළ හැකිය.

  කෙසේ වෙතත් ඩොලර් බිලියන ගණනින් සිදුවන්නා වූ මෙම මිලදීගැනීම් හරහා Facebook හි වර්තමාන මූල්‍ය ස්ථාවරත්වය කෙතරම්ද යන්න අනුමානය කළ හැකිවෙයි.මේවන විට මිලියන 900 ඉක්මවන ලොව පුරා සාමාජිකයන් පිරිසක් සිටින ෆේස්බුක් සමාජ ජාලය වසර 2004 දී අරඹන ලද්දක්.ඵ් ඵවකට හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් ශිෂ්‍යයෙකු ලෙසින් සිට වර්තමානයේ ලොව ලාබාලතම ධන කුවේරයෙකු බවට පත්ව සිටින මාර්ක් සකර්බර්ග් නම් තරැණයා විසිනි.කෙසේ හෝ ෆේස්බුක් ඇමෙරිකානු කොටස් වෙළෙදපොලේ ලැයිස්තුගත කිරීමත් සමග විශාල මුදල් සම්භාරයක් ද ඵ් වෙත ගලා ඵ්මට ඉඩප්‍රස්ථාව සැලසුනා.නමුත් ඔවුන් විසින් සිදුකරන මෙම තාක්ෂණික ආයතන මිලදී ගැනීම ඇරඹුනේ නම් අද ඊයෙක සිට නොවේ.ඔවුන් විසින් සිදුකළ මුල්ම මිලට ගැනීම සිදුවුනේ වසර 2007 දී.ඵ් Parakey ලෙසින් සැලකෙන වෙබ් අඩවිය මිලට ගැනීමයි.මෙය වෙබ් ජාල මත පදනම් වූ මෙහෙයුම් පද්ධතියක් ලෙසට හැදින්විය හැකියි.ඉන්පසුව 2008 වසරේදී Friendfeed සමාජ ජාලය මිලදීගැනීමට ඔවුන් සමත්වෙනවා.මේ ආකාරයෙන් විවිධ තාක්ෂණික ආයතන මිලදීගැනීමට සමත්වෙන ඔවුන්ගේ මෙම මිලට ගැනීම් නැවතත් ආන්දෝලනයට තුඩුදෙන්නේ Gowalla ආයතනය මිලටගැනීමත් සමගයි.ඵ් පසුගිය 2011 වසරේදීයි.ඉන්පසු දිගින් දිගටම ආන්දෝලනාත්මක මිලටගැනීම් සිදුකළ ඔවුන් මෑතකාලීනව සිදුකළ විශාලතම වෙළෙද ගනුදෙනුව වූයේ ලොව ජනප්‍රියතම ඇප්ලිකේෂණයක් වූ Instagram ආයතනය මිලටගැනීමයි.මේ සදහා ඔවුන් වැයකළ මුද ඩොලර් බිලියන 1.1ක්.ඉන්පසුව Tagtile,Glancee,Face.com ඇතුළු Mobile Application මිලදී ගැනීමට ඔවුන් කටයුතු කරන ලදී.ඉන්පසුව තවත් ආන්දෝලනාත්මක කථාබහක් ඇතිවිය.ඵ් Facebook විසින් Bing සර්ච් ඵන්ජිම Microsoft ආයතනයෙන් මිලදීගැනීමට යන බවයි.කෙසේ හෝ මෙම වෙළෙද ගනුදෙනුවද නුදුරැ කාලයේදීම සිදුවනු ඇති බවට බටහිර විශ්ලේෂකයන්ගේ මතය වී තිබෙයි.ඵ් අනුව පැහැදිලි වී ඇති ඵකම කරැණ වන්නේ Google හි අන්තර්ජාල ආධිපත්‍යය නුදුරැ අනාගතයේදීම ෆේස්බුක් මත රැදෙනු ඇති බවයි.

  මේ අතර ඉදිරි වසරේදී Facebook වෙළෙද ලාංජනය සහිත ජංගම දුරකථනයක්ද වෙළෙදපොලට ඉදිරිපත් කිරීමට සැලසුම්කරමින් සිටින බවද ප්‍රධාන පෙළේ බටහිර මාධය කිහිපයක්ම වාර්තා කර තිබුනා.මේ සියලු කථා බහ අතරේ ඉදිරි වසර කිහිපය ෆේස්බුක්ට වඩා සුභදායක වනු ඇති බවට ප්‍රකාශ කළ හැකිය.තවත් පැත්තකින් ගතහොත් මෙය සමාජ මාධ්‍ය (Social Media) ක්ෂේත්‍රයේ කැපීපෙනෙන වර්ධනයක් සිදුවිය හැකි වකවානුවක් ලෙසටද ප්‍රකාශ කළ හැකියි.


0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.