Apr 5, 2016




රුපියල් තුන් දහසක් පමණක් උත්සවයට වියදම් කරමින් දිවුරුම් දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද දිනයේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය විසින් අද (06 දා) බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන සමුළුවක්‌ සඳහා වියදම රුපියල් තුන්කෝටි අසූලක්‍ෂයක්‌ ලෙස ඇස්‌තමේන්තු ගත කර ඇත.
"වස විෂ නැති ජාතියක්‌ සහ වකුගඩු රෝග නිවාරණය" යන තේමාව ඔස්‌සේ පවත්වන මෙම සමුළුවට වැයවන ඉහත මුදල අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අනුමත කර තිබේ.

ඒ අනුව අද පවත්වන මෙම සමුළුවේ ප්‍රවාහන කටයුතු සඳහා රුපියල් ලක්‍ෂ 75 ක්‌, ආලෝකය, ශබ්ද විකාශන හා පසුබිම් නිර්මාණයට රුපියල් ලක්‍ෂ 80 ක්‌, සමරු කලඹට රුපියල් ලක්‍ෂ 40 ක්‌, පෝස්‌ටර්, බැනර්, කටවුට්‌ වෙනුවෙන් ලක්‍ෂ 5 ක්‌, ආරාධනා පත්‍ර සඳහා රුපියල් ලක්‍ෂ 2 ක්‌, ගොවීන් අටදහසකට හැඳුනුම්පත් ලබාදීමට රුපියල් ලක්‍ෂ 4 ක්‌, සැරසිලි සඳහා රුපියල් ලක්‍ෂ 5 ක්‌, අතිරේක කඩදාසි වියදම් සඳහා රුපියල් ලක්‍ෂ 10 ක්‌, වතුර බෝතල් සඳහා රුපියල් හාරලක්‍ෂ අසූදහසක්‌ ඇස්‌තමේන්තු ගත කර තිබේ.
මෙහි සංග්‍රහ කටයුතු ආහාර වට්‌ටෝරු (මෙනු) තුනක්‌ යටතේ සපයන අතර සහභාගී වන ගොවීන් සඳහා සංග්‍රහ කටයුතු වලට රුපියල් ලක්‍ෂ 60 ක්‌ වෙන්කර තිබේ. සංවිධායක කමිටුවේ ආහාර සඳහා රුපියල් ලක්‍ෂ 2 ක්‌ සහ විශේෂ ආරාධිතයන්ගේ ආහාර සඳහා රුපියල් ලක්‍ෂ 2 ක්‌ ඇස්‌තමේන්තු ගත කර තිබේ.
මීට අමතරව සහභාගී වන සියලු දෙනාට ආහාර බෙදා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව යෙදූ පිඟන්ද සකස්‌ කර ඇතැයි වාරිමාර්ග අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එහෙත් මෙම පිඟන් අද සමුළුවේදී බෙදාදීම අත්හිටුවා ඇති අතර ඊට හේතුව ලෙස දක්‌වා ඇත්තේ ජනපතිගේ රුව යෙදූ පිඟන්වල මස්‌ මාළු බෙදාගෙන කෑම නුසුදුසු වීමයි.
කෙසේ වෙතත් මෙම සමුළුවට සමාන තේමාවක්‌ යටතේ පසුගිය මාසයේද බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ප්‍රදර්ශනයක්‌ පැවැත්වූ අතර ඒ සඳහා වියදම රුපියල් කෝටි අටක්‌ බව සමස්‌ත ලංකා ගොවිජන සමමේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා කර සිටී.
"ඇයි මේ එක හා සමාන ව්‍යාපෘති දෙකක්‌ අමාත්‍යාංශ දෙකකින්. මේ වැඩසටහන් දෙකටම රුපියල් එකොළොස්‌ කෝටි අසූ ලක්‍ෂයක්‌. මේ ජනාධිපතිවරයාගේත්, මැති ඇමැතිවරුන්ගේත්, අගමැතිවරයාගේත්, පෞද්ගලික මුදල් නොවේ. ජනතාවගේ බදු මුදල්.
මේ මුදලින් කුඩා වැව් 236 ක්‌ ප්‍රතිසංස්‌කරණය කරන්න පුළුවන්. ආර්ථික මධ්‍යස්‌ථානවල එළවළු පලතුරු නරක්‌වෙලා විසි කරනවා. මේ ආර්ථික මධ්‍යස්‌ථානවලට එළවළු පලතුරු කල් තබා ගන්න කිසිම පහසුකමක්‌ නෑ. අඩුම ගානේ අධිශීතාගාර පහසුකම් හෝ මේවාට ලබා දෙන්න ආණ්‌ඩුව කටයුතු කර නෑ.
එසේ තිබියදී ආණ්‌ඩුවේ ඇමැතිවරු විවිධ ව්‍යාපෘතිවලට කෝටි ගණන් වැය කරමින් ප්‍රතිරූපය නංවා ගන්නවා යෑයි නාමල් කරුණාරත්න මහතා පවසයි

උපුටා ගැනීම http://helabima.lk/read.php?as=15377

0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.