Oct 2, 2014

image


ගොඩක් අය power supply එක ගන්න ගියාම බලන්නේ ගාන විතරයි . තවත් සමහරු තියෙන ලොකුම watt ගැන තියෙන power supply එක ගන්නවා. ඒත් ඇත්තටම power supply එකක් ගද්දි බලන්න ඕනේ මොනවාද?

පලවෙනි දේ තමයි තමන්ගේ PC එකට කොච්චර power ඕනෙද කියල බලන එක.


ගොඩක් අය අහපු නිසා පොඩි update ekak. CPU Socket තෝරන්නේ මෙහෙමයි.
Old dual core/Core 2 series - LGA775
1st Gen i7 X58 - LGA1366
1st Gen - LGA1156
2nd Gen/3rd Gen - LGA1155
2nd Gen/3rd Gen i7 X79 - LGA2011
4th Gen - LGA1150

Watt ගාන ගැන කිවයුත්තක්. watt වැඩිවුණා කියල performance වැඩි වෙන්නේ නැ. ඉතින් ලොකු power supply එකක් ගන්න එක සල්ලි අපරාදයක්. වැදගත්ම දේ තමයි watt ගාන මදි නොවෙන එක. ගොඩක් අය හිතන්නේ watt මදි වුනාම performance අඩු වෙනවා කියලා. එහෙම නෙමෙයි. හොඳ power supply එකක්නම් watt මදි වුනාම off වෙනවා. චාටර් එකක් නම් ඉතින් watt මදි වුනාම ගහල යනවා. ඒත් එක්කම VGA, motherboard, hard disk ඔක්කොම යන්න පුළුවන්.


PC එකට ඕනේ කරන watt ප්‍රමාණය හොයාගත්තා කියමු. Power supply එකේ ඇත්ත watt ප්‍රමාණය හොයාගන්නේ කොහොමද?

හැම power supply එකේම පැත්තක ගහල තියෙනවා මේ වගේ sticker එකක්.

image

ඔය sticker එකේ තියෙනවා නේද 12v maximum load value එකක්. ඒකෙන් තමයි power supply එකේ ඇත්ත usable watt ප්‍රමාණය පෙන්නනේ. අපි කලින් හොයාගත්ත ප්‍රමාණය ගැලපෙන්න ඕනේ ඔය value එකට, පෙට්ටියේ ගහල තියෙන watt ප්‍රමාණයට නෙමෙයි. මේකේ නම් 528W.

watt ප්‍රමාණය ගහල නැත්තන් grade 10 science ටිකක් භාවිතා කරලා 12V amp ප්‍රමානය 12න් වැඩි කලාම watt ප්‍රමානය ලබාගන්න පුළුවන්. මෙහෙම කලොත් මතක තියාගන්න, සමහර power supply වල 12V1, 12V2 වගේ 12V rails ගොඩක් තියෙනවා. ඒවාගේ එකතුවෙන් 80% විතර ගත්තා නම් ඇත්ත amp ප්‍රමාණයට ආසන්න ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්.

Eg: 12v1 - 20A, 12V2 - 18A
total wattage would roughly be 20A + 18A = 38A x 80% x 12V = 364.8W
(this is not an exact figure, but just a rule of thumb)


ඒත් ඇයි පෙට්ටියේ ගහල තියෙන watt ප්‍රමාණයයි ඇත්ත ප්‍රමාණයයි දෙකක්?

ඇත්ත්තම කියනවනම් marketing. හොඳ brands වල සාමාන්යෙන් ඇත්ත ප්‍රමානය ගහල තියෙනවා. ගොඩක් දුරට බාල brands වල තමයි ඇත්ත ප්‍රමාණයයි advertise කරන ප්‍රමාණයයි අතර ලොකු වෙනසක් තියෙන්නේ. නොදන්නා කමින් ගන්න කට්ටිය රවට්‌ටන්න.

Ex:
Corsair RM450 450W

image


Cooler Master Extreme Power 500W

image

එතකොට සමහර power supply වල real watt, maximum watt දෙකක් තියෙන්නේ මොනවද?

ඒ අර කියපු බොරුවේ ඊළඟ අවස්ථාව. Power supply එකක තියෙන්නේ එක watt ප්‍රමාණයයි. අනිත් ඔක්කොම වංචාව. සාමාන්යෙන් ඕක කරන්නේ ගොඩක්ම බාල brands . එහෙම ගහල තියෙන brands නොගන්න තරමට හොඳයි.


Gaming power supply, normal power supply කියන්නේ මොනවාද?

ඇත්තම කියනවනම් gaming power supply කියල දෙයක් නැහැ. ඒක අපේ කට්ටිය PCI -express connectors තියෙන power supply වලට දාගත්ත නමක්. ඕනෑම හොඳ 350W වලට වැඩි power supply වල PCI -express connectors තියෙනවා. ගොඩක් අය normal power supply කියන්නේ බොරුවට 450W කියල ගහපු බාල power supply වලට. ගොඩක් වෙලාවට මේවයින් 250W වත් අදින්න කලින් පිච්චෙනවා.


ඔක්කොම හරි, එතකොට හොඳ power supply එකක් බලන්නේ කොහොමද?

හොඳ power supply එකක අනිවාර්යෙන් efficiency rating එකක් දාලා තියෙනවා. ECOS ආයතනයෙන් certify කරපු එකක්නම් අනිවාර්යෙන් 80+ rating එකක් තියනවා

image image image image image image

සරලව කියනවනම් rating එක වැඩි වෙන තරමට efficiency එක වැඩි, efficiency වැඩි වෙන තරමට quality වැඩි වෙනවා. ඉතින් පුළුවන් හැම අවස්ථාවේම rating වැඩි එකක් ගන්න.


හොඳ power supply brands මොනවද?

දැනට අපේ market එකේ තියෙන brands වලින් හොඳම ඒවා වශයෙන් සලකන්න පුළුවන් මේ ටික. මේ brands වලින් එන power supply ඔක්කොම හොඳ quality කියන්න පුළුවන්. බය නැතුව ගන්න.

image

image

image

image

image

1 comment:

  1. ඇත්තටම වටින post එකක් ජයවේවා දිගටම කරගෙන යන්න

    ReplyDelete

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.