Mar 11, 2014

ද කාලේ ෆොන් එකක් නැත්තේ කාටද? නොකියා කියයි.සැම්සුන් කියයි.අයි ෆෝන් කියයි.සෝනි  එරික්සන් කියයි.නැත්තම් චයිනිස් එක්  කියයි.මොන ෆෝන් එක තිබුණත් අපි ඇස් දෙකවගේ බලා ගන්න මේ ෆෝන් එකේ දිගු කාලීන පැවත්මට අප විසින් කලයුතු දෑ අද සාකච්චා කෙරේ.


පිළිවෙලින් මේ ගැන කතා කරමු.


01. හැකි සෑමවිටම ජංගම දුරකථනය ඝට්ටන වලින් ආරක්ෂා කරගන්න.

                   ජංගම දුරකථන වලට සිදුවන හානි වලින් 85%ක් ම පමණ මෙම ඝට්ටන මගින් සිදුවන ඒවාය.මෙම නිසා පෑස්සුම් බුරුල් වීම, ඩිස්ප්ලේ ආදී සංවේදී උපකරණ වලට හානි සිදුවීම,පාස්සා නොමැති එකට යාවීම මගින් සම්බන්ද වන උපකරණ ස්ථානගත වීම් වෙනස් වීම,ඇතැම් සියුම් පරිපථ කොටස් කැඩී යාම පවා සිදුවිය හැකිය.



02.හැකි සෑම විටම ජංගම දුකථනය ජලයෙන් ආරක්ෂා කරගන්න.

                    මෙහි ජලය යන්නෙන් අදහස් කරනුයේ ජංගම දුරකතනය වතුරට වැටීම නොව ජල වාෂ්ප, ජල බිඳිති , ආදියයි.මේවා මගින් ඔබට නොදැනෙන්න ජංගම දුරකතනයට හානි සිදුවේ.ඇතුලත සියුම් කොටස් මලකෑම, දියසෙවෙල් බැඳීම පවා සිදුවේ. මට හමුවී ඇති බොහෝ ජංගම දුරකථන මේ ආකාරයේ දියසෙවෙල් බැඳීම් වලට ලක්වී තිබී ඇත.
       කොහොම හරි වතුරට ෆෝන් එක වැ‍ටුනොත් එහෙම වහාම ෆෝන් එකේ බැට්‍රිය ගලවලා හාල් මුට්ටියක සතියක් පමන වියලෙන්න ඉඩ හරින්න.






03. ජංගම දුරකථනය සාක්කුවේ හෝ වෙනත් බෑගයක පොකට්ටුවක හෝ දමනවා නම් 

        එය කාසි , යතුරු , යතුරු කටු ආදී ලෝහ උපකරණ සමග දැමීමෙන් වලකින්න.බොහෝවිට සිරීම් ඇතිවේ.


04. ප්ලාස්ටික් රබර් හෝ මේ ආදී ඕනෑම කවරයක් භාවිතා කරනවානම්
         මසකට වරක්වත් එය ගලවා පිරිසිදු කරන්න.මන්දයත් දුවිලි අංශු සහ සියුම් වැලි කැට මගින් එය සිරීම් වලට ලක්විය හැකිය.



05. මාස 8 කට වරක් වත් ජංගම දුරකථන අලුත් වැඩියා සැලකට දී ජංගම දුරකථනය සර්විස් කරගන්න. 
           මේ සමගම ඔබට අලුත් වැඩියා කරගත යුතු යමක් තිබේ නම් එයද ඔවුනට පවසන්න.මෙලෙස සර්විස් කලයුතු කාලසීමාව ඔබගේ පාවිච්චිය අනුව තීරණය වේ.තවද මෙමගින් ජංගම දුරකතනයේ  ඔබට පිරිසිදු කල නොහැකි ස්ථාන පිරිසිදු කරගත හැකිය.

06. හැකි සෑම විටම ජංගම දුරකථනය ක්‍රියා විරහිත කර චාර්ජ් කරන්න.

                    ගොඩක් දෙනා මේකනම් කරන්නේ නැහැ.ඔන් කරගෙනම තමයි චාර්ජ් කරන්නේ මේක බැට්රි එකට හොඳ නැහැ.අනවශ්‍ය විදියට බැට්රි එක රත් වෙන්න බලනවා.අනිත් එක තමයි ඔන් කරලා චාර්ජ් කරනවට වැඩිය සැලකියයුතු වෙලාවක් බැට්රි එක ඕෆ් කරලා චාර්ජ් කරහම පාවිච්චි කරන්න පුළුවන්.ඔන් කරලා චාර්ජ් කරනකොට ඒ ආරෝපණය වෙන ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ෆෝන් එකේ වෙන වෙන වැඩ වලට වැය වෙනවා නමුත් ඕෆ් කරහම එහෙම නෑ.එක බැට්රි එකේ ආයුකාලයටත් හොඳයි. 

07. Brightness,Contrast හැකි තරම් අඩුව ඔබට පැහැදිලිව තිරය පෙනෙන තරමට තබාගන්න.


                              මේක හින්දත් ඔයාලගේ ෆෝන් වල බැට්රි බහිනවා ගොඩක් ඉක්මනට.ඒ හින්ද මේ දෙක පුළුවන් තරම් අඩු මට්ටමක තියාගන්න.නමුත් දවල් කාලයට අව්ව තියෙන වෙලාවට වගේ තිරය පැහැදිලිව දකින්න නම් මේ දෙක ටිකක් වැඩි මට්ටමක තියෙන්න ඕන.ඒ නිසා පුළුවන් වෙලාවට මේක ඇජස්ට් කරගන්න.මහා අමාරු වැඩක් නෙමේ නේ.රෑට නම අඩුම කරලා තියාගත්තත් කමක් නැහැ.අවුලක් නැතුව පේනවා.

08. චාර්ජ් කිරීමට ජංගම දුරකථනය සම්පුර්නයෙන්ම ක්‍රියා විරහිත වන තුරු ඉන්න එපා.
                      ගොඩක් දෙනා කරන්නේ ෆෝන් එක බැට්රි ලෝ කියල වැටිලා වැටිලා අන්තිමට ෆෝන් එක ඕෆ් වෙනකන්ම පාවිච්චි කරන එක.මේකත් එච්චර හොඳ දෙයක් නෙමේ.පුළුවන් හැම වෙලාවකම දෙපාරක් විතරවත්  බැට්රි ලෝ කියල වැටුනට පස්සේ ෆෝන් එක ඕෆ් කරලා චාර්ජ් කරන්න.

09.ඇතුලතින් ක්‍රියාත්මක වන වැඩසටහන් ප්‍රමාණය හැකි තරම් අඩු කලයුතුය.

                        මේකත් කියන්න දෙයක් නැහැ නේ. ජාවා වලින් රන් වෙන ෆෝන් වලට නම මේ ගැටලුව ඒ තරම් බලපාන්නේ නැහැ. නමුත් Symbian , Android , IOS වගේ ෆෝන් වලටනම් මේක බලපානවා. ගොඩක් දෙනා Android ෆෝන් වල බැට්රි බහිනවා කියල කෑගහන්නේ මේක නිසා තමයි.මේ ෆෝන් එකක Running ඇප් ලිස්ට් එකට ගියහම ගොඩක් වෙලාවට ඇප් 10 ක් 15 ක් රන් වෙනවා මේ ගොඩක් ඒවා සමහර වෙලාවට OS එකෙන්ම රන් කරන ඒවා. නමුත් මේ එකක් දෙකක් වත වැඩක් නැති ඒවා බලල ක්ලෝස් කරන්න පුළුවන් නම් බැට්රි ඉතුරු කරගන්න පුළුවන් වෙයි සැලකිය යුතු ප්‍රමාණයක්.



0 comments:

Post a Comment

අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.

ආයුබෝවන් ඔබව අප සාදරයෙන් පිළිගනිමු

දැන් අපගේ වෙබ් අඩවියේ පලවන අලුත්ම තොරතුරු එසැනින් ඔබගේ ජංගම දුරකතනයට SMS මගින් ලබාගන්න Follow sajithdilhan3 ලෙස ටයිප් කර 40404 වෙත SMS කරන්න මේ සදහා මුදල් වැය නොවේ.
දිනකට විශාල පිරිසක් නරබන මෙම වෙබ් අඩවියේ ඔබේ දැන්වීමත් පළකර පුළුල් ප්‍රචාරයක් ලබාගැනීමට ඔබත් කැමතිද? වෙබ් අඩවි දැන්වීම් සදහා විශේෂ දීමනා අමතන්න සජිත් 0718500869.

ඕනෑම මැච් එකක් live බලන්න මෙතනින්

-

මේ මොහොතේ නරබන අය

ඔබේ කැමත්ත.

සජිත්ගේ ලෝකයට පෑමිනි ඔබව ඉතා සාදරයෙන් පිලිගනිමු...

කාරුණික නිවේදනයයි. මෙම වෙබ් අඩවිය දිනකට 500 පමණ පිරිසක් නරබයි. මෙම අඩවිය තුල කිසිදු අනවශ්‍ය දෙයක් නොමැත. ලොකු කුඩා කා හටත් නැරබීමට මෙම අඩවිය සකසා ඇත. එමනිසා මෙම අඩවිය තුල කමෙන්ට් කිරීමේදී අනවශ්‍ය කිසිවක් නොදමන්න. කතෘ. (සජිත්ගේ ලෝකය වෙබ් අඩවිය).

දැනට නිකුත්වූ අලුත්ම චිත්‍රපට චිත්‍රපට මෙතනින් ගන්න

මේ රටවල අයත් සජිත්ගේ ලෝකය බලන්න ආවා



Try Relay: the free SMS and picture text app for iPhone.