The Sixth Sense (1999)
ඔන්න එහෙනම් කාලෙකින් තවත් කතාවක් අරගෙන මම ආවා. imdb වල 8.2 ගානක රේටින්ග්ස් තියෙන, ඒ වගේම ලෝකෙ හොඳම චිත්‍රපටි 250 ඇතුලෙ 143 තියෙන the sixth sense කියන චිත්‍රපටය තමයි අද මම ඔයාලට දෙන්න යන්නෙ. අපි කවුරුත් දන්න Bruss Willis තමයි ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ. මේ කතාව හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලු ඔස්කාර් සම්මාන 6කටම නිර්දේශ වෙච්ච චිත්‍රපටයක්. ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ කතාවෙ විශිෂ්ටත්වය ගැන.
හොඳයි කෙටියෙන් කතාව මෙහෙමයි. මැල්කම් ක්‍රෝ කියලා ළමා මානසික වෛද්‍යවරයෙක් ඉන්නවා. දවසක් මෙයා බෙහෙත් කරලා සනීප නොවිච්ච ළමයෙක් මෙයාගෙ ගෙදරදි, නෝනා ඉස්සරහදිම මෙයාට වෙඩි තියනවා. ඉතින් ඒ සිද්ධියෙන් අවුරුදු ගානකට පස්සෙ මේ මැල්කම්, හැමෝගෙන්ම කොන්වෙලා, හැම තිස්සෙම බයෙන් වගේ ඉන්න කෝල් කියන තවත් පුන්චි ළමයෙක්ට මානසික වෛද්‍ය ප්‍රතිකාර කරන්න හදනවා. එයාට ඕන මේ පුන්චි කෝල්ව අනිත් පොඩි ළමයි ඉන්නවා වගේ සාමාන්‍ය තත්ත්වයට පත් කරන්න. ඉතින් මෙයා ටික ටික කෝල් එක්ක යාලු වෙනවා. කාලයක් ගියාම කෝල්, ජීවිත කාලෙදි කාටවත් නොකිව්ව රහසක් මැල්කම්ට හෙළිකරනවා. ඒ තමයි එයාට මැරිච්ච මිනිස්සුන්ව, ඒ කියන්නෙ හොල්මන් පේනවා කියන එක. මේ කියන කාරණාව උඩ තමයි ඉතින් කතාව එතනින් එහාට ගලාගෙන යන්නෙ. අන්තිමේදි වෙන්නෙ හිතන්නෙවත් නැති, කතාව බලන කට්ටියව කරකවලා අතාරිනවා වගේ වැඩක්. ඒක දැනගන්න නම් ඉතින් චිත්‍රපටිය බාගෙනම බලමු. හැබැයි ඉතින් පුලුවන් නම් මේ කතාව එකදිගට බලන්න. එතකොට තමයි නියම රසය විඳින්න හම්බවෙන්නේ…
මීට පෙර පළකල ලිපිය…
හෙලෝ යාලුවනෙ…..මේ මගේ පළමු ලිපිය, කියන්නේ යන්නේ 1999 වසරේ පිට වුනු ලස්සන චිත්‍රපටියක් ගැන. මේ movie එක බයිස්කෝප් එකේ නෑ කියනකොටත් පුදුමයි. IMDb වල 8.2 ක රේටින් එකකුත් අරන් තියනවා. මම දන්න තරමින් Mystery,Thriller ෆිල්ම් එකකට හම්බවෙලා තියෙන ඉහලම රේනින්ග්ස් තමා ඒ. සාමන්‍යයෙන් Mystery,Thriller ෆිල්ම්ස් මෙහෙම රේටින්ග්ස් ගන් නෑ. මේක සම්මාන බොහොමයකට නිර්දේශ වෙලා තියෙනවා. ඒ අතරින් Academy Awards වල විතරක් සම්මාන හයකට නිර්දේශ වෙලා තියෙනවා. කලාත්මක අතින් පමනක් නෙමේ, වානිජ අතිනුත් අති සාර්ථක ෆිල්ම් එකක්. හිතාගන්න පුලුවන්ද ආදායම…. ඇ.ඩොලර් මිලියන 672 වඩා හොයගෙන තියෙනවා. ඒ එදා මෙදා තුර Thriller ෆිල්ම් එකක් හම්බකර තිබෙන ඉහළම ආදායම කියලා තමයි කියන්නේ. මම ෆිල්ම් එක ගැන මෙහෙම විස්තරයක් දුන්නෙ ෆිල්ම් එකේ quality එක ගැන යම් අදහසක් ඔයගොල්ලන්ට දෙන්න.
හරි කතාව මේකයි. පොඩි ලමයෙකු වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ. ඔහුට අද්භූත බලයක් තියෙනවා. මොහු ඒ ගැන කාටවත් කියන්නෙ නෑ. ඒත් දොස්තර කෙනෙක් මොහුත් එක්ක යාලු වෙනවා. අන්තිමට මොහුගෙ රහස ඔහුට කියනවා. මුලින් එය විශ්වාස නොකරන ඔහු පසුව ඇතිවෙන සිදුවීම් නිසා එය විශ්වාස කරන්න සිදුවෙනවා. ඒ රහස මොකක්ද? මොහුට එයින් ගැලවෙන්න පුලුවන්ද? ඒ විතරක් නෙමේ යාලුවනෙ මේකෙ අවසාන කැල්ල නම් සුපිරි. කව්රුවත් නොසිතන දෙයක් තමා සිදු වෙන්නෙ. කොහොමද කියනවානම් ඒ කොටසේ දි මාවනම් ඉබේටම පුටුවෙන් නැගිට්ටුනා. කතාව කිව්වාම වැඩක් නැති වෙනවා… මෙක අපි හැමදාම දකින විදියේ එකක් නෙමේ. වෙනස් ම විදියේ එකක්. මේකේ ඉන්නෙත් සුපිරි තරු ටිකක්… පොඩි ලමයාගෙ චරිතෙට ඉන්නෙ A.I.එකේ එහෙමත් නැත්තම් Steven Spielberg ගේ Artificial Intelligence එකේ හිටපු Haley Joel Osment. දොස්තරගේ චරිතෙට ඉන්නෙ අපි කවුරුත් දන්න සුපිරි නලු Bruce Willis [Die hard movie දැකලා ඇති නේ]. ඔයගොල්ලෝ බාගෙනම බලන්න. මේ movie එකනම් ගොඩක් අය බලලා ඇති. නොබලපු අය බලන්නකෝ.
මේ මාගෙ පලමු ලිපිය නිසා අඩුපාඩු ඇති. එවාට සමාවෙලා comment එකක් දාලා යන්න හොඳේ.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “සංදීප” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..





උපුටා ගැනීම www.baiscope.lk වෙබ් අඩවිය.  සියලුම  www.baiscope.lk  හිමිකම් වෙබ් අඩවිය සතුය.