e-Bay ඔස්සේ අපට විකිණිය හැක්කේ කුමන ආකාරයේ එකතු කිරීම්ද?
පැරණි වාර්තා සහ පොත්, ඔබේ පැරණි ඇඳුම්, ඔබේ කුඩා කල මතක සටහන්, මුද්දර, කාසි, බෝනික්කන්, pez dispensers නම් වූ කුඩා සෙල්ලම් බඩු, හාස්‍යජනක දේ, සැමරුම් භාණ්ඩ සහ තවත් සෙවීමට අපහසු බොහෝ භාණ්ඩ එකතු කිරීම් වෙන්න පුළුවන්. පරණ විලාසිතාවල භාණ්ඩ ඉක්මන් හා කදිම මිලකට විකුණන්න පුළුවන්. පරණ විලාසිතාවල ඇඳුම්, දැන්වීම් කොළ, ආභරණ, ඔරලෝසු, සෙල්ලම් බඩු, ප්‍රචාරක භාණ්ඩ, පෑන්, හමුදාවට අදාළ භාණ්ඩ, පරණ රේඩියෝ, තැපැල්පත්, ආගමික භාණ්ඩ, අළු බඳුන්, පරණ මෙවලම් සහ තවත් බොහෝ දේ.
පරණ භාණ්ඩ ලෙස සුදුසුකම් ලබන්නේ මොනවද?
පරණ දේවල් මොනවාදැයි අර්ථ දැක්වීම ඉතා අපහසුයි. කෙසේ වුවත් ඔබ සතුව 80 ගණන්වල භාණ්ඩ ඇත්නම් (ඒවා 70 ගණන්වල, 60 ගණන්වල, 50 ගණන්වල හෝ ඊටත් පැරණි යැයි සඳහන් නොකරන්න) ඔබ හොඳ ආරම්භයක සිටිනවා.
භාණ්ඩ විකිණේවිද? ඒ කොපමණ මුදලකටද? කියා දැනගන්නේ කෙසේද?
ඇත්තෙන්ම ඒවා ලැයිස්තුගත කරන්න කලින් ඔබට ඒ ගැන නිසැකව දැනගන්න බෑ.
කෙසේ වුවත් ඔබට හොඳ අදහසක් දිය හැකි යමක් තිබෙනවා. එනම්, අපි සිතමු ඔබට පරණ රේඩියෝවක් තිබෙනවා, එසේම එය e-Bay ඔස්සේ විකුණන විට ඔබට ලැබෙන වාසි හා අවාසි,දන ගැනීමට අවශ්‍යයි කියල. ඔබ කල යුතු එකම දේ e-Bay හි රේඩියෝ වර්ගය වෙත ගොස් වටේටම ඉව ඇල්ලීමයි.
ඔබ යම්කිසි වර්ගයක් Brows කිරීමේදී පහත ප්‍රශ්න ඔබගෙන්ම අසන්න.
සැබෑ ගැනුම්කරුවන් ලංසු තබන භාණ්ඩ කොපමණ තිබේද?
සැබෑ ඉල්ලුමක් ඇත්තේ මේ මේ වර්ගයේ භාණ්ඩ වලට යැයි එයින් ඔබට දැනුමක් ලබා දෙනවා.
මෙවැනි බඩුවලින් ඉහල ගණන්වල ලංසු ඇති වෙනවාද?
ලංසු වැඩිවීම = ලාභය වැඩිවීම = ඉල්ලුම වැඩි වීම = ඉහල ශුද්ධ ලාභය
වෙන්දේසි කරන ලද භාණ්ඩවල මිල පරාසය කුමක්ද?
මෙමගීන් සමාන භාණ්ඩ ලැයිස්තුගත කරන විට,ඔබේ අපේක්‍ෂාව සම්බන්ධයෙන් ඔබට හොඳ අවබෝධයක් ලැබේවි.
එවැනි භාණ්ඩයකට ලබා ගත හැකි ඉහලම විභව මිල කුමක්ද?
වර්ග පිටුවේ උඩටම යන්න.ලැයිස්තු වර්ග කිරීම සඳහා විවිධ පරාමිතීන් සහිත option එකක් ඔබට දකින්න ලැබේවි."මිල අනුව වර්ග කිරීම-ඉහලම මිල පළමුව" යන option එක තෝරාගන්න.ඉහලම මිලේ සිට අඩුම මිල දක්වා ඉදිරිපත් කරන භාණ්ඩ දකින්නට ලැබේවි.දැන් ඔබේ අපේක්‍ෂාව පිලිබඳ ඔබට හොඳ අවබෝධයක් තිබෙනවා.
පරණ බඩු විකීණීමෙන් පසු මොකද කරන්නේ?
නිවසේ ඕනෑම දෙයක් විකුණා අවසන් කිරීමෙන් පසුව ඔබේ අවධානය නිවසෙන් වෙනත් දිශාවකට යොමු කරන්න.ඔක්කොටම පස්සේ,නිවසින් තවදුරටත් භාණ්ඩ ලබාගත නොහැකි වුවත් ඔබේ e-Bay ක්‍රියාකාරකම් මගින් මුදල් ඉපයීම දිගටම පවත්වා ගෙන යන්න.වඩාත් වටිනා වටිනා භාණ්ඩ ලබා ගත හැකි තැන් කිහිපයකට උදාහරණ මෙන්න.
Garage sales - එකතු කල හැකි වටිනා ද්‍රව්‍ය අඩු මිලට ලබා ගැනීමට ඇති හොඳ ස්ථානයක්
කුඩා වෙළඳ පොළවල් - අමාරුවෙන් සොයා ගත හැකි භාණ්ඩ අඩුවට ලබා ගත හැකි හොඳ ස්ථානයක්
පාවිච්චි කරන ලද බඩු සහිත වෙළඳසැල් - සමහර පාවිච්චි කරන ලද බඩු සහිත වෙළඳසැල් ඉතා අඩු මිලට බඩු දෙනවා.
යහළුවන් හා පවුලේ සාමාජිකයින් - ඇයි ඔබේ යහළුවන් සහ පවුලේ සාමාජිකයින් මෙයට දායක කර නොගන්නේ? ඔබට පුළුවන් ඔවුන් සමග ආදායම 50/50 ගානේ බෙදා ගෙන ඔවුන්ව ඔබේ හවුල්කරුවන් ලෙස බඳවා ගන්න.
වැඩිමහල් අය සහ විශ්‍රාමිකයින් - බොහෝ වැඩිමහල් පුද්ගලයන් විශ්‍රාම ගැනීමෙන් පසුව අමතර ආදායම් මාර්ග පිළිබඳව ඉතා ආශාවෙන් සොයනවා.ගැටලුව වන්නේ,හොඳ ඉපයීම් විභවයක් සහ ඔවුන්ට අඩු අවදානමක් සහිත අවස්ථා ඉතා අඩු වීමයි. ඔබ,ඔබේ e-Bay ක්‍රියාකාරකම් මගින් ඔවුන්ට හොඳ මුදලක් උපයා ගැනීම සඳහා හොඳ අවස්ථාවක් සලසා දෙන්න.
මීට කලින් කාරණාවේ සාකච්ඡා කළ ආකාරයට ඔබට පුළුවන් 50/50 ගානේ ආදායම ඔවුන් සමග බෙදා ගනිමින් ඔවුන් ඉතා හිතවත් හවුල්කාරයන් බවට පත් කරගන්න.ඇත්තෙන්ම ඒක දෙගොල්ලන්ටම හිතකර අපූරු හවුල් ව්‍යාපාරයක් නෙවෙයිද?
ඈත්ව සිටිය යුතු ස්ථාන:-
පුරාවස්තු වෙළඳසල්
විශේෂ දේවල් විකුණන වෙළඳසල්
පෙර කාලවල විලාසිත අලුත් කර නිමවන ලද රෙදිපිළි සහිත වෙළඳසල්
ඇයි ඔබ මෙවැනි ස්ථානවලින් ඈත්ව සිටිය යුත්තේ?
ඔබේ සාර්ථකත්වය රඳවා පවතිනුයේ "අඩුවෙන් මිලදී ගන්න-වැඩියෙන් විකුණන්න" යන පැරණි (නමුත් සත්‍ය) ආදර්ශ පාඨය මතයි. වෙළඳසල් හිමිකරුවන් හා පුරාවස්තු ගනුදෙනුකරුවන් යනු මෙම ක්‍ෂේත්‍රයේ මෝරුන්. ඔබ ඔවුන්ගෙන් මිලට ගැනීමට අපේක්ෂා කරන ඕනෑම දෙයක් ඔවුන් ඔබට කැමැත්තෙන් විකුනාවි,නමුත් නියම මිලට නොවේ.(ඊට වැඩියෙන්ය.)එය ඔවුන්ට හොඳ ගනුදෙනුවක් විය හැකි අතර ඔබට නරක ගනුදෙනුවක්.
නොමිලේ හෝ ඉතා අඩු මිලකට භාණ්ඩ ලබා ගත හැකි තැන් සමග ඔබ දිගටම සම්බන්ධතාවය පවත්වාගෙන යන්න. ඔවුන් තරමක් වැඩි මුදලට විකුණනවා යැයි සිතා මිල අධික භාණ්ඩ මිලදී ගැනීමට පෙලඹෙන්න එපා.
3 ඔබ නිර්මාණය කරන දේවල් විකිණීම
බොහෝ මිනිසුන් නිර්මාණ කරනවා.නැතහොත් ඔවුන්ට අත්කම් නිර්මාණ කිරීමේ හැකියාව හෝ කලාත්මක විනෝදාංශ තිබෙනවා.එම නිර්මාණ හොඳ මුදලකට විකුණා ගැනීම සඳහා e-Bay හොඳම ස්ථානයක් වෙන්න පුළුවන්.e-Bay ඔස්සේ විකිණිය හැකි භාණ්ඩ වලට උදාහරණ:-
කලා ශිල්ප - චිත්‍ර,පෝස්ටර්,අත් පිටපත්,digital arts,සිතුවම්,ඡායා පිටපත්,මූර්ති,වෙනත්.....
අත්කම් - පන්මලු,පබළු වැඩ,කාඩ්පත්,ඉටිපන්දම් හා සබන් සෑදීම,පිඟන් බඩු,වලං,ගෙත්තම්,දෑතේ මැහුම්,බෝනික්කෝ,මැහුම් සැරසිලි,රෙදිපිළි,මල් අත්කම්,වීදුරු,ඕනෑම අත්කම් භාණ්ඩයක්,අත් කැටයම්,ගෙත්තම්,රේන්ද ගෙත්තම්/රේන්ද,පලස,හම්,නූල් ගෙත්තම්,ලෝහ කර්මාන්ත,මොසයික් කලාකෘති,වූල් ගෙත්තම්,කඩදාසි අත්කම්,ඇතිරිලි,රූප අලවන ලද පොත්,මැහුම් ගෙතුම්,වියමන්,ලී වැඩ,නූල් රෑන් සහ තවත් බොහෝ දේ.....
ආභරණ - වළලු,ළමයින්ගේ ආභරණ,කරාබු,හිසේ පළදින ආභරණ සහ අත්කම් නිර්මාණ,ආභරණ බහාලන පෙට්ටි,කොණ්ඩ කටු,මුදු,පබළු,හාරිච්චි කටු සහ තවත් බොහෝ දේ.....
ඇඳුම් ආයිත්තම් - අතින් කරන ලද විලාසිතා ආම්පන්න,අත් බෑග්,පසුම්බි සහ තවත් බොහෝ දේ…..
නිවෙස් සහ ගෙවත්තට අදාළ දේ - නිවාස හා ගෙවතු අලංකරණ භාණ්ඩ,බිත්ති සැරසිලි,ඇඳ ඇතිරිලි,කොමු පිළි (ලිනන්),කොට්ට,බුමුතුරුණු,ගෘහ භාණ්ඩ,උළු සහ තවත් බොහෝ දේ.....
මේ සීමිත ලැයිස්තුවකි.ඉහත සඳහන් ද්‍රව්‍ය ඔබ නිර්මාණය කරනවා නම්,ඇයි e-Bay ඔබේ අත්කම් වෙළඳ පොළ ලෙස පාවිච්චි නොකරන්නේ?
ලොව වට සිටින 1,300,000 ක් මිනිස්සු e-Bay ඔවුන්ගේ සාමාන්‍ය ආදායම් මාර්ගය ලෙස භාවිතා කරන බවට AC-Nielsen වාර්තාව සාක්ෂි දරනවා.සාමාන්‍යයෙන් අර්ධ කාලීන පදනම මත වෙළඳ කටයුතු කරන්නන් මෙමෙ වාර්තාවට අන්තර්ගත නොවන අතර ඔවුන්ගේ ප්‍රමාණය ඉතා ඉහළය.මිනිසුන් විශාල ගණනක් e-Bay ව්‍යාපාර වලින් හොඳ ලාභ ලබනවා.විකිණිය හැකි භාණ්ඩ සොයා ගැනීම තනිකරම ඔබේ හැකියාව මත රඳවා පවතිනවා. ඔබේ හොඳ බඩු වලට නොකඩවාම ලාභ ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට විශාල මුදලක් ලැබෙනවා. සංඛ්‍යා 3-5 ත් අතර මුදලක් ඔබට මසකදී උපයන්න පුළුවන්.
සමහර බලවත් වෘත්තීය වෙළෙන්දන් මසකට සංඛ්‍යා 6-7 ත් අතර මුදලක් උපයනවා,සෑම මසකම එලෙස උපයනවා.නමුත් ඍජුවම මෙම ක්‍රමය මගින් එසේ උපයන්නේ 1% ක් වන අතර ඉතිරි 99% ක් දෙනා එසේ උපයන්නේ නෑ.
නිවසේ සිට e-Bay ඔස්සේ ව්‍යාපාර කරන මිනිස්ය්න් දහසකින් සිය ගණනක්,ඔවුන්ගේ දහවල් රැකියාව අතහැර e-Bay ව්‍යාපාරයෙන් පමණක් සතුටින් ජීවත් වෙනවා.තවත් බොහෝ දෙනෙක් ඔවුන්ගේ ප්‍රධාන රැකියාව කරගෙන යන අතරතුර මෙය ද්විතීයික ආදායම් මාර්ගයක් ලෙස පවත්වා ගෙන යනවා.
මුදල් ලබා ගන්නේ කෙසේද?
ඔබේ විකිණුම් සඳහා ගෙවීම් කරන ඉතා සාමාන්‍ය ආකාරය paypal ගිණුම හරහා ගෙවීමයි.කෙසේ වුවත් credit card හරහා,බැංකු හුවමාරු,තැපැල් ඇනවුම් හෝ පරණ තාලෙටම අත්පිට මුදලට ගැනුම්කරුවන්ගෙන් මුදල් ලබා ගන්න පුළුවන්.
ඇත්තෙන්ම කළ යුතු හෝ නොකළයුතු ගෙවීම් ක්‍රමය කුමක්දැයි ඔබ තීරණය කළ යුතුයි.
වියදම් වෙනවද?
පහත දැක්වෙන ඒවා සඳහා e-Bay වෙත ගාස්තුවක් ගෙවීම අත්‍යවශ්‍යයි.
ඇතුළු වීමේ ගාස්තු - විකිණීම සඳහා භාණ්ඩයක් තැපැල් කිරීමට.(භාණ්ඩයකට ඩොලර් 0.1 සිට පටන් ගනී.)
අවසන් වටිනාකම් ගාස්තුව - ඔබ ප්‍රචාරය කරන ලද භාණ්ඩය විකිණී ඇත්නම් පමණක් ගෙවනු ලබන ගාස්තුවක් (නිමි අගයෙන් 8.75% සිට ආරම්භ වෙනවා.)
කොහොමද පටන් ගන්නේ?
ඉතා සරලයි. e-Bay වෙත ගොස්, ඔබම ලියාපදිංචි වී විකිණීම සඳහා භාණ්ඩ ලැයිස්තුගත කරන්න.
***********************
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.