කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කනිෂ්ඨ මලල කී‍්‍රඩා උලෙල යොදාගත් පරිදි කොළඹදී පැවැත්වීමට ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ අනුමැතිය නැවතත් හිමිවී තිබෙන බව ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතා අගහරුවාදා (22 වැනිදා) පැවසීය.
ඒ අනුව තරගාවලිය ලබන මස 9 වැනිදා සිට 12 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. තරගාවලිය කොළඹදී පැවැත්වීම අත්හිටවූ බව ආසියානු මලල කී‍්‍රඩා සංගමය විසින් ඊයේ (21 වැනිදා) ශී‍්‍ර ලංකාව ඇතුළු ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ සාමාජික රටවලට දන්වා යවන ලදි. ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ හිටපු නිලධාරියකු විසින් යවන ලද ලිපියක් සහ තවත් හේතු කිහිපයක් නිසා මෙම තත්ත්වය ඇතිවූයේ යයි කී‍්‍රඩා ඇමතිවරයා සඳුදා පැවසීය.
කෙසේ වෙතත් මෙම තීරණය ගන්නා ලද සඳුදා දිනයේදීම, ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ මහලේකම්, මොරිස් නිකලස් මහතාට, ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩාවේ නවතම තත්ත්වය පහදා දීමට කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා මැදිහත් වීම නිසා තරගාවලිය සංවිධානය කිරීමේ වගකීම නැවතත් ශී‍්‍ර ලංකාවට හිමිවූ බව දැනගන්නට ඇත.
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.