අද බොහෝ දෙනෙක් කතා කරන දෙයක් තමා ස්මාර්ට්ෆෝන් කියන්නේ. කුමන හෝ ජාතියේ ස්මාර්ට්ෆෝන් එකක් ඇති නැති, පාවිච්චි කරපු හෝ නොකරපු ඕනෑම කෙනෙක් ස්මාර්ට්ෆෝන් ගැන කතා කරනවමයි. මේ මොන ස්මාර්ට්ෆෝන් එකත් "ස්මාර්ට්" ද යන්න හෙවත් එය කෙතරම් නවීන ජීවිතයට ගැලපේද යන්න තීරණය කෙරෙන්නේ එහි තිබෙන මොබයිල් ඕඑස් එක විසින්ය. වෙළඳ නාම සිය ගණනනක් යටතේ ආවත්, දුරකථන සේවා සපයන සමාගම් දහස් ගණනක් යටතේ සේවය ලබා ගත්තත්, මේ ස්මාර්ට්ෆෝන් වල එකිනෙකට වෙනස් ක්‍රියාකාරිත්ව තිබෙන්නේ අතලොස්සකි.ඊට හේතුව මොබයිල් ඕඑස් තිබෙන්නේ කීපයක් නිසාය.
දැනට තිබෙන ඕඑස් ලැයිස්තුව පහසුවෙන් ලිවිය හැක්කකි. ගූගල් ඇන්ඩ්රොයිඩ්, නොකිය සිම්බියන්, ඇපල් අයිඕඑස්, රිම් බ්ලැක්බෙරි, මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් ෆෝන්, එච්පී වෙබ් ඕඑස් සහ ලිනක්ස් මීගෝ ඉන් වඩාත් ප්‍රකට ඒවාය. මීට අමතර වශයෙන් සැම්සුන්ග් බාඩා, නොකියා මීමෝ යනාදියද තිබේ. චීනයේ වැඩිපුරම බාවිතා වන්නේ ලිනක්ස්ය. ඒ නොයෙක් වෙනස්කම් සහිත මෙහෙයුම් පද්දති වශයෙනි. එසේ නොමැතිව කෙලින්ම ලිනක්ස් මොබයිල් ඕඑස් බාවිතා වන්නේ අඩුවෙනි.
එක මොබයිල් ෆෝන් ඕඑස් එකකක් තවත් එකකින් වෙනස් වන කරුණු කීපයකි. ඉන්ටෆෙස් එක හෙවත් පෙනුම (visual panache) ප්‍රධාන කොට වැඩි දෙන සලකයි. දෙවැන්න එය කෙතරම් පහසුද යන්නයි . එමගින් කරගත හැකි විවිද කටයුතු තවත් කාරණයකි. (capabilities) උදාහරණයක් විදිහට සිම්බියන් මෙහෙයුම් පද්ධතියේ බලපුලුවන් කාරකමකි පයිතන් කෝඩ් කිරීමට හැකි වීම. එය පරිගණකයක් හා සමානව කල හැකිය. එමෙන්ම අනිත් වැදගත්ම කාරණය වන්නේ එයින් නොයෙකුත් වැඩ ගන්නට උපකාරී වන අවශේෂ මෘදුකාංග කෙතරම් හොඳද යන්නය. මෙයට උදාහරණයක් ලෙස Android Market, apple app-store දැක්විය හැකිය.
මේ සියල්ල එක්ව ගෙන ප්‍රධාන මොබයිල් ඕඑස් ගැන සසඳා බලන්නට පුළුවන. දැන් ඔයාල හැමෝටම පුළුවන් මොන ඕඑස් එකද හොඳ කියල තීරණයක් ගන්න. මතක තියාගන්න මේ කතා කරන්නේ මෘදුකාංගමය පැත්ත මිසක් කිසිම වෙළඳ නාමයක් යටතේ එන ස්මාර්ට්ෆෝන් වල දෘඩාංග වල ගුණාත්මක බාවය නෙමෙයි.
(ඇපල් අයිෆෝන් ඕඑස් හෙවත් අයිඕඑස් (iOS))
ස්මාර්ට්ෆෝන් අතර ප්‍රසිද්ධම අයිෆෝනයයි. එනිසාම අයිඕඑස් මෙහෙයුම් පද්දතිය මොබයිල් ඕඑස් අතර පුරෝගාමියාය. 2007 ජුනි 29 වැනිදා අයිඕඑස් එලි දුටුවේ, Mac OSX හි මොබයිල් සංස්කරණය හැටියටය. 2010 ජුනි මාසයේදී එහි නම iOS කියා වෙනස් කෙරුණි. මෙහි 4.3 සංස්කරණය 2011 මාර්තු 09 වැනිදා ප්‍රසිද්ද කළේය.
මෙය සම්පුර්ණයෙන්ම මල්ටි ටච් පහසුකමට වැඩකළ හැකි ඕඑස් එකකි. ඉන්ටෆෙස් එක ගත්විට මනරම් අයිකන සමුහයකින් යුක්තය. වැඩ කටයුතු වඩාත් පහසු වී තිබෙන්නේ නොයෙක් ඇප්ස් සමග වැඩ කරන්නට පුළුවන නිසාය. මේ වන විටත් අයිෆෝන් සඳහා ඇප්ස් ලක්ෂ තුන ඉක්මවා තිබේ. ඇප්ස්ටොර් තුලින් ඒවා තෝරාගෙන ඩව්න්ලෝඩ් කරගන්නට පුළුවන.
අයිඕඑස් බොහෝ දුරට බාවිතා කරන්නාට යම් යම් සීමා පනවා තිබේ. උදාහරණ ලෙස අයි ටියුන් සහ ඇප්ස්ටෝ දැක්විය හැකිය. එනම් අයි ෆෝන් බාවිත කරන්නන්ගෙන් බහුතරයකට මෙම සේවාව ලබාගත යුතුව ඇත. අනික් අතට අයිඕඑස් නිර්මාණය කර තිබෙන්නේ ටච් ඉන්ටෙෆෙස් එකක් උදෙසාම වීමත් මෙහි ප්‍රබල අඩුපාඩුවකි.
ඇන්ඩ්රෝයිඩ්
මෙය ඕපන්සෝස් වර්ගයේ වැඩසටහනකි. 2008 ඔක්තෝබර් 21 වෙනිදා මුලිකව නිකුත් කල ඇන්ඩ්රෝයිඩ් මෙහෙයුම් පද්ධතිය හැම අතින්ම වගේ පහසු වේගවත් මෙහෙයුම් පද්ධතිය ලෙස සැලකේ. අයිඔඑස්හි තිබෙන ගති ලක්ෂණ මෙන්ම බ්ලැක්බෙරි ඕඑස් එකේද තිබෙන ගති ලක්ෂණ අලුත් තාලයකට මෙහිදී එක කොට තිබේ. මෙහි HoneyComb සංස්කරණය 2011 පෙබරවාරි 24 වැනිදා එලි දැක්විණ. ඉන්පසුව icecream sandwich සංස්කරණයද නිකුත් වූ අතර මෙම වසරේ දෙවන් කාර්තුවේදී පමණ එහි අලුත්ම සංස්කරණය වන ජෙලි බීන් නිකුත් වීමට නියමිතය. ටච් ස්ක්‍රීනයට මෙන්ම ට්‍රැක්බෝල් ක්‍රමයටද ගැලපෙන පරිදි මෙය යොදාගත හැක. ඇන්ඩ්රෝයිඩ් සඳහා ගැලපෙන නොයෙක් ඇප්ස් ඇන්ඩ්රෝයිඩ් මාර්කට් වෙබ් අඩවියෙන් ඩවුන්ලෝඩ් කරගත හැක. ඇන්ඩ්රෝයිඩ්හි විශේෂත්වය වන්නේ එය දියුණු කරනු ලබන්නේ Open Handset Alliance කියා හඳුන්වන විවිද තාක්ෂණික සහ සන්නිවේදන සමාගම් 80කින් සැදී මණ්ඩලයක් විසින් වීමය. එනිසා මෙය අන කවර මොබයිල් ඕඑස් එකකකටත් වඩා නවීන වෙමින් තිබේ. එසේම බාවිතයට පහසු වී තිබේ.
සිම්බියන්
නොකියා සමාගමේ ස්මාර්ට්ෆෝන් සඳහා වැඩිපුරම යොදාගන්නේ සිම්බියන් යන ඕපන්සෝස් වැඩසටහනයි. සිම්බියන් ඉන්ටෆෙස් එක ගත් විට එය අලුත් ගුණාංග සියල්ල ඇති නමුත් පැරණි පෙනුමේ එකකි. සිම්බියන් මොබයිල් ඕඑස් එකෙහි තිබෙන විශේෂත්වය වන්නේ එයට වින්ඩෝස්, ලිනක්ස් සහ අයිඕඑස් සමග සහයෝගයෙන් වැඩ කල හැකි වීමයි. සිම්බියන් ඕඑස් එකෙහි මෙම බලපුළුවන්කාරකම පෙන්වන කදිම උදාහරණය නම් මෙහි තුන්වන සංස්කරණය තුල වින්ඩෝස් 98 ධාවනය කල හැකි වීමයි. කලින් රහස් කෙතයක්ව තිබු සිම්බියන් ඕඑස් එකෙහි කේතය නොකියා සමාගම විසින් ප්‍රසිද්ද කරන ලද්දේ ඉදිරි දෙවසර තුල සිම්බියන් සහිත ස්මාර්ට්ෆෝන් ගණන අඩුකිරීමටය. මෙය ලෝකයේ සිදු වූ දැවැන්තම ඔපෙන්සොස් දානය ලෙසද සැලකෙයි. වර්තමානයේ නොකියා සමාගම විසින් තම ස්මාර්ට්ෆෝන් සඳහා වින්ඩෝස් ඕඑස් යොදා ගනී. ඊට හේතුව සිම්බියන් මොබයිල් ඕඑස් එකෙහි ගැටළු නොවේ., නොකිය සමාගම ඊට ධනය යෙදවීමට අකමැති වීමයි.
බ්ලැක්බෙරි ඕඑස්
ටච් ස්ක්‍රීන් ක්‍රමයට මෙන්ම ට්‍රැක්බෝලයකින් සහ මෙනු මතින්ද ක්‍රියාත්මක කල හැකි ක්‍රමයට බ්ලැක්බෙරි ඕඑස් සකසා තිබේ. එවිට අයිකන් අතර යා යුත්තේ යතුරු පුවරුවේ බොත්තම් පාවිච්චි කරමින් වුවත් එය පහසුය. විශේෂයෙන්ම පරිගණක යතුරු පුවරු බාවිතයෙන් වැඩ කරන අය අතර බ්ලැක්බෙරි ඕඑස් ජනප්‍රිය වීමට හේතුව මෙයයි. අයිඕඑස් මෙන් වර්ණ පසුබිම් සහ ත්‍රිමාන අයිකන් භාවිත කිරීම වෙනුවට මෙහි තිබෙන්නේ සාමාන්‍ය ජංගම දුරකථනවල තිබෙන අයිකනය. එනිසා ඉන්ටෆෙස් එක සරලය.
විවිද භාෂා වලින් තිබෙන බ්ලැක්බෙරි ඕඑස් එක ජාවා කේත සටහන් භාවිතා කරමින් තැනුවකි. blackberry torch 9800 බ්ලැක්බෙරි ඕඑස් එක 2010 අගොස්තු මාසයේදී නිකුත් කෙරින.
වින්ඩෝස් ෆෝන්
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිර්මාණය කරන ලද මොබයිල් ඕඑස් එක වෙන්නේ වින්ඩෝස් ෆෝන් 7ය. එය අනෙක හැම මොබයිල් ඕඑස් එකකකටම වැඩ වෙනස් ඉන්ටෆෙස් එකකින් යුක්තය. මෙහි තිර පෙනුම හඳුන්වන්නේ ස්ටාර්ට් ස්ක්‍රීන් කියාය. එහි තිබෙන්නේ වෙනත් ස්මාර්ට්ෆෝන් ඕඑස් වල මෙන් පසුබිමක තම ඇති මන බඳනා අයිකන් නොවේ. එකිනෙකට යාව ඇති ස්ක්‍රීන් කොටස්ය. ඒවා ටයිල්ස් කියා හඳුන්වයි. ටයිල්ස් කෙලින්ම සම්බන්ද වෙන්නේ විවිද ඇප්ලිකේෂන්ස් හා පන්ක්ෂන්ස් වෙතය. මෙ ටයිල් නිතර අප්ඩේට් වෙයි. එනම ඒවාට අදාළ ඇප්ලිකේෂන්ස් වලදී වෙන දේවල පෙන්වයි. ඉන්බොක්ස් එකට පැමිණි ඊමේල් එකක් ගැන අදාල ටයිල් එකේ පෙන්වීම උදාහරණයකි.
වින්ඩෝස් ෆෝන් 7 මුලික වශයෙන්ම වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියේ මොබයිල් ඕඑස් එකයි. එනිසා මෙය ඉන්ටනෙට් සමගින් හොඳින් එක්වී වැඩ කරයි. සියලුම ටයිල් ටච් ක්‍රමයට හැසිරවිය යුතු අතර, තිරය මත මතුවන යතුරු පුවරුවක් ඇත. වින්ඩෝස් 8 පරිගණක මෙහෙයුම් පද්ධතියේ මුලික ආකෘතිය ද මෙය බව හොඳින් බලන විට වැටහෙනු ඇත.
2011 වර්ෂයේ දෙවන කාර්තුව වන විට තිබු දත්ත ඇසුරෙන් සැකස කරන ලදී..... ඉහත ප්‍රස්ථාරයෙන් 2011 දෙවන කාර්තුව වන විට ස්මාර්ට්ෆෝන් අලෙවිය දැක්වෙයි. කෙසේ වෙතත් ඒ වන විට මොබයිල් ඕඑස් වල ජනප්‍රියතාවය පහත පරිදිය.
අයිඕඑස් (iOS) 16%
ඇන්ඩ්රෝයිඩ් 33%
සිම්බියන් 31%
බ්ලැක්බෙරි ඕඑස් 14%
වින්ඩෝස් ෆෝන් 3%
May 31, 2012
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment
අතන මෙතන ඇහෙන ගොසිප් එසැනින් දැනගන්න පිවිසෙන්න.